යොවුන් දහම් සක්මනට තරුණ තරුණියෝ දහසක්

  👤  2523 readers have read this article !
By mawbima 2019-02-11

දෙනගම ධම්මික රණවීර

ඡායාරූප - අනුරුද්ධ මැදවත්තේගෙදර

අද්‍යතන තාරුණ්‍යයට මිහිරි අරුතක් සඳහා වූ 'යොවුන් දහම් සක්මන' වැඩසටහන ඊයේ (10දා) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

යොවුන් දහම් සක්මන වැඩසටහන මෙවර පවත්වන ලද්දේ සිවුවැනි වරටයි. ඒ සඳහා මාධ්‍ය අනුග්‍රහය සපයන ලද්දේ 'මව්බිම' පුවත්පත විසිනි.

මහමෙවුනා භාවනා අසපු සංචිතය, ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්විරු ගුවන් විදුලිය එක්ව සංවිධාන කළ එම වැඩසටහන කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබූහ. විශේෂ ධර්ම දේශනාව පවත්වන ලද්දේ වැලිමඩ ශ්‍රද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින්ය.

පෙබරවාරි 14 දිනට යෙදෙන ආදරවන්තයන්ගේ දිනය නිමිති කරගෙන යොවුන් දහම් සක්මන වැඩසටහන සංවිධාන කොට තිබුණේ තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින්ය. අවුරුදු 17-35 අතර වයස්වල පසුවන තරුණ තරුණියෝ දහස් ගණනක් ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සහභාගි වී සිටියහ.

නිවැරැදි යහපත් දැකීම තුළින් ශ්‍රද්ධාව ඇති කර ගැනීම පිළිබඳ කරුණු දක්වමින් මෙහිදී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ අනුශාසනා කළහ. එමෙන්ම රට තුළ අද වන විට
තාක්ෂණික මෙවලම් භාවිතය ආදී හේතු කොටගෙන ඇතිවන සමාජ පරිහානිය වළක්වාලීමට බුදුන් වහන්සේගේ අනුශාසනා ඉවහල් කර ගැනීමේ වැදගත්කම වැලිමඩ ශ්‍රද්ධාසීල හිමියෝද අවධාරණය කර සිටියහ.

මහා සංඝරත්නය, සාමණේර භික්ෂුන් වහන්සේ මෙන්ම තරුණ තරුණියෝ දහස් ගණනක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon