පසුගිය වසරේ විදුලි හොරු 2522 මාට්ටු

  👤  2517 readers have read this article !
By mawbima 2019-02-11

හර්ෂනී අර්සකුලරත්න

ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් පසුගිය වසරේදී සිදු කළ වැටලීම් අනුව විදුලිය නීති විරෝධී අයුරින් ලබාගත් පුද්ගලයන් 2522ක් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වූ බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එසේ හසුකරගත් විදුලි හොරුන්ගෙන් අයකරගත් මුදල්වලට අනුව ලංවීමට රුපියල් 130,285,824.83 (දහතුන් කෝටි දෙලක්ෂ අසූ පන්දහස් අටසිය විසිහතරයි ශත අසූ තුනක) ආදායමක් හිමි වී තිබේ.

විදුලි හොරුන්ගෙන් උසාවි ගාස්තු වශයෙන් රුපියල් 100,151,500ක (දහකෝටි එක්ලක්ෂ පනස් එක් දහස් පන්සියය) මුදලක් අය කරගෙන ඇති අතර අලාභය වශයෙන් රුපියල් 120,134,324.83ක් (‍ෙදාළොස් කෝටි එක් ලක්ෂ තිස් හතර දහස් තුන්සිය විසිහතරයි ශත අසූ තුනක්) වාර්තා වී ඇතැයි අමාත්‍යාංශය පැවැසීය.

විදුලි මීටර් වෙනස් කොට විදුලිය ලබා ගැනීමේ සිද්ධි 2,269ක්ද, කොකු යොදා අනවසර ආකාරයට විදුලිය ලබා ගැනීමේ සිද්ධීන් 253ක් ද මේ වැටලීම්වලදී වාර්තා වී ඇත. මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ජාතික ආර්ථිකයට සිදුවන අයහපත් බලපෑම සලකා බලමින් ලංවිම විමර්ශන ඒකකයේ වැටලීම් තීව්‍ර කරමින් විමර්ශන කණ්ඩායම් මේ වන විට රට පුරා විමර්ශන කටයුතු අරඹා ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළේය. වංචනික විදුලි පරිහරණයක් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0112422259ට හෝ 1901 සහ 1987 ක්ෂණික දුරකථන අංක අමතා හෝ දැනුම් දීම් සිදු කරන ලෙසද අමාත්‍යාංශය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon