පාලකයන්ගේ සංවර්ධන ව්‍යාපෘති වී තිබෙන්නේ මිනිසුන්ට ජීවත්වීමට ඇති කැලෑ කැපීමයි
සවනි ශේශාධි
මෙරට පාලකයන් සංවර්ධන ව්‍යාපෘතීන් යැයි ක්‍රියාවට නංවන්නේ මිනිසුන්ට ජීවත්වීමට ඇති කැලෑ කපා විනාශ කිරීමේ ව්‍යාපෘතීන් බව වෙනසකට තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර පවසයි.
පිටරැටියන් පැමිණ මෙරට ජාන සම්පත් කොල්ලකද්දී, ගස් කපා භූමිය විනාශ කරද්දී ඒ පිළිබඳව නොදන්නා සේ සිටින මෙරට පාලකයන් වේදිකා උඩට නැඟ පරිසරය රැක ගැනීමට සම්බන්ධයෙන් සංවේදී කතා සිදු කරන බවද හෙතෙම පවසයි.
වසර කෝටි පහළොවක් පමණ තිස්සේ පටන් මෙරට නොඉඳුල් වනයක් ලෙසත්, ජෛව ගෝල රක්ෂිතයක් ලෙසත් සැලකෙන සිංහරාජය ඇතුළු මෙරට තවත් රක්ෂිත කිහිපයක් විනාශ කිරීමේ ලෝක මට්ටමේ ජාවාරමක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව පවසන හෙතෙම තවදුරටත් පෙන්වා දෙනුයේ මේ වන විනාශය හරහා සිදුවනුයේ මෙරට ජනතාවට හුස්ම ගැනීමේ හා පිරිසුදු පානීය ජලය ලබා ගැනීමේ අවස්ථාව අවාසනාවන්ත ලෙස අහිමි වී යෑම බවයි.
සිංහරාජයේ කුඩව පිවිසුමේ සංචාරකයන්ට වඩා පහසුවෙන් ඇවිදගෙන යා හැකි අයුරේ මාර්ගයක් ඉදිකරන බව වන සංරක්ෂණය
දෙපාර්තමේන්තුව පැවැසුවද ඇවිද ගෙන යන මාර්ගයටත් වඩා මේ මාර්ගය විශාල බවත්, බැකෝ යන්ත්‍ර යොදාගෙන මහා පරිමාණයෙන් පාරේ ඉදිකිරීමේ කටයුතු සිදුකරන බවත් හෙතෙම පවසයි. මේ සිදු කරනුයේ විනාශකාරී ක්‍රියාවක් නොවේ නම් ඒ පිළිබඳ සොයා බැලීමටවත් පරිසරයට ආදරය කරන කිසිවකුටත් අවසර නොදෙන්නේ ඇයි දැයි ළහිරු වීරසේකර ප්‍රශ්න කරයි.
සාමාන්‍ය මනුස්සයකුට දර කැබැල්ලක්වත් කඩා ගැනීමටවත් සිංහරාජයට ඇතුළු වීමට අවසර නොමැති වටපිටාවක ස්ලෝවැකියානු ජාතිකයන් පස්දෙනකු සිංහරාජය තුළ මෙරටට ආවේණික වූ සතුන් සහ සත්ත්ව කොටස් විශාල ප්‍රමාණයක් ඔවුන් සන්තක කරගත්තේ කෙසේදැයි හෙතෙම විමසයි.
මෙරට පරිසර ප්‍රශ්න සම්බන්ධයෙන් සියලු දෙනා ඒකරාශී වෙමින් පවතින බවත්, යන්න අවසර නොදුන්නත් යන්න අවශ්‍ය තැන්වලට ගොස් විරෝධය දැක්වීමට තමන් සූදානම් බවට පවසන හෙතෙම මේ කාරණය සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදිය යුතු යැයිද රතු එළි දල්වන බවද අවධාරණය කරයි.
අද මව්බිමෙන්
- ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට උතුරේ වැසියන්ගෙන් ලක්ෂයක පෙත්සමක් 🕔2019-02-19
- ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කර පූජා කෙරේ 🕔2019-02-19
- මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා 🕔2019-02-19
- දඹුල්ලෙන් ගුවන් ගත කළ බැලුනයක් ගල්කිරියාගම වගා බිමකට ගොඩබස්වයි 🕔2019-02-19
- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමයි 🕔2019-02-19
- එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් දෙකක් හෙට සහ අනිද්දා 🕔2019-02-19
- ජර්මනියේ සිට මත්ද්‍රව්‍ය පාර්සලයක් තැපෑලෙන් එවලා 🕔2019-02-19
- සිංහරාජයෙන් පන්නන්න හැදූ සතුන්ගේ සිරුරු සංඛ්‍යාව 1173ක් 🕔2019-02-19
- අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා බලන ඥාතීන්ගේ සංගමය යාපනයේ එ.ජා. සංවිධානයට පෙත්සමක් භාර දෙයි 🕔2019-02-19
- ටෙන්ඩර් ක්රමයේ විනිවිදභාවයක් නෑ ශ්‍රී ලංකාව ආයෝජනයට නුසුදුසුයි 🕔2019-02-19
- රනිල් - මෛත්‍රි කඹ ඇදිල්ලෙන් වී මෝල් හිමියන්ට මිලියන 1000ක සහන ණය මුදල අහිමි වෙයි 🕔2019-02-19
- අලුගෝසු තනතුරට අයැදුම් කරන්න අධ්‍යාපන සුදුසුකම් මදි 🕔2019-02-19
- සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ හිමිවීම් කොට උඩ 🕔2019-02-19
- රනිල් ප්රමුඛ එජාපය ඡන්ද කල්දාන්නේ සල්ලි හොරකම් කරන න්‍යාය පත්‍රය නිසයි 🕔2019-02-19
- රණවිරු දඩයම නවතා දමන්න 🕔2019-02-19
- ආයෝජන මෙරටට ගෙන ඒමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා 🕔2019-02-19
- අපනයන ගම්මාන 5000 ව්‍යාපෘතිය යටතේ ගම්මාන 250ක් 🕔2019-02-19
- ඇමැති රන්ජන්ගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න 🕔2019-02-19
- ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් අඩුලුහුඬුකම් නිසයි 🕔2019-02-19
- රුපියල් මිලියන 12,000ක් වෙන් වෙයි 🕔2019-02-19