31

කොළඹ

දෙහිවල බෝම්බකරුව හෝටලයට එක්කරගෙන ගිය ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

පසුගිය ඉරිදා දෙහිවල ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම් හලේ කාමරයක ම

05:23 PM Apr 23 2019

අද රෑ 9 සිට යළි ඇඳිරි නීතිය

04:59 PM Apr 23 2019

බුර්කාව තහනම් වන ලකුණු

04:48 PM Apr 23 2019

මෙතෙක් වූ සියලු ප්‍රහාරවල වගකීම ISIS භාරගනී

04:33 PM Apr 23 2019

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මුස්ලිම් ජාතිකයෙකු සහ ඔහුගේ බිරිඳ සැකපිට අත්අඩංගුවට

04:27 PM Apr 23 2019

ජල සැපයුමට වස මිශ්‍ර වී ඇති බවට අසත්‍ය ප්‍රචාර සිදු කළ 2ක් අත්අඩංගුවට

04:27 PM Apr 23 2019

නිවැරදි කිරීමයි : කිරුලපන පුපුරුවා නිෂ්ක්‍රීය කලේ බෝම්බයක් නොවන බවට පවසයි (UPDATE)

03:45 PM Apr 23 2019

කින්ග්ස්බරි හෝටලය අසල මාර්ග වැසේ

03:33 PM Apr 23 2019
පාරදිගේ
නියඟයට මුවාවී ජල බවුසර් පෙන්නා ජනතාව රවටන දේශපාලන උප්පරවැට්ට...

මේ දිනවල ලංකාව පුරාම ඇත්තේ නියං කාලගුණ තත්ත්වයකි. වැසි බලාපොරොත්තු විය හැක්කේ ලබන මැයි මාසයේ මැද භාග

02:00 AM Apr 20 2019
කුරුටු ගී මඟින් මැවෙනා සරසවි සිසුවියන්ගේ ප්‍රේම පුරාණ...

නූතන සරසවි පරපුර ප්‍රේමය ප්‍රකාශ කරන ආකාරය ගැන සමීක්ෂණයක් පවත්වන්නට ගිය මහාචාර්ය ධම්මික ගංගනාත් දිස

02:00 AM Apr 20 2019
රාත්තල් 300ක් බර ලොකු කෑලි බෑලි තියෙන ගෑනු නරකද මචං...

නොසිදුවීම් සහ සිදුවීම් ගොන්නක් මැද සිටින අසන්ධිමිත්තා සහ විකී එකිනෙකාට මුණගැසෙන්නේ බස් රථයකදී. අසන්ධ

02:00 AM Apr 20 2019
කුසට හරි හැටි කෑමක් නැතිව වැලි ගොඩදමන මොනරතැන්නේ දිරිය කාන්ත...

ජීවත්වීමට බොහෝ දේ කළ යුතුය. මොන දේ කළත් මූලික වන්නේ මුදල්ය. එම නිසා ජීවත්වීමට යැයි කියා මුදල් හම්බ ක

02:00 AM Apr 20 2019
බුද්ධංගල ධාතූන් ගැන පරණවිතාන සූරීන් සොයා බැලුවේ මෙහෙමයි...

බුද්ධංගල සෙනසුන කරා 1964 වර්ෂයේදී කළුතර ධම්මානන්ද හිමියෝ නොවැඩියා නම් අද වනවිට මෙම සෙනසුන කුමන මුහුණ

02:00 AM Apr 20 2019
සීවලී යන්ත්‍ර විකුණන මුවාවෙන් මුදල් ගරන ජාවාරම් කල්ලියක්...

මුදල් හම්බ කිරීමට බොහෝ දෙනා විවිධ දේ කරති. හොර බොරු වංචාවෙන් පමණක් නොව තමන් අදහන ආගම දහමද විකුණාගෙන

02:00 AM Apr 20 2019
ආදරයට භාෂාව බාධාවක්ද?...

භාෂාව පාවිච්චි වෙන්නේ අදහස් සන්නිවේදනය කර ගන්න. ඒ තමයි භාෂාව පිළිබඳව තියෙන සම්මත අදහස. ඒත් කෙනකු කිය

02:00 AM Apr 20 2019
කැත බරට ආසනවලින් තිත...

ඔහු නමින් රෝහන් ජනකය. ජනක යෝග විද්‍යාව පිළිබඳව උපදේශකවරයෙකි. ඔහු සමඟ යෝග විද්‍යාවේ එන ආසන ක්‍රම ඇසුර

02:00 AM Apr 20 2019
හේරත් මුදියන්සේ පරපුරට අඳුන් පොත සහ කළුනික ලැබුණු හැටි සොයා ...

වඩුවාව කෙරවල වන්නට පිහිටි ලීල් විජේබණ්ඩාර ඇදුරු නිවෙස වනාහි කොයි කාට වුවත් ආදර්ශයක් සපයන..... එහෙම ක

02:00 AM Apr 20 2019
එදාමෙන් අදත් පිපාසය නිවන වටද්දර පින්තාලිය...

මෙරට බොහෝ දේවලට මිලක් ඇත. එහෙත් ගැටලුව වන්නේ එම මිල සම්බන්ධව කිසිදු පාලනයක් නැති වීමයි. විශේෂයෙන්ම එ

02:00 AM Apr 20 2019
මතක වළලු සෙනසුරාදා...

හිනාවෙන්න අර අෑත.... ඒ වුණාට මූද අත ළඟ වගේ. මොනවද හිතන්නේ. හිනාවෙන්න. ලංකාවේ ලෝක වෙළෙඳපළේ. තිස්වැනි

02:00 AM Apr 20 2019
බර ගිනි අවි ගෙන යෑමට කරත්තයක් හැදූ කොටි කටේ යකඩ බාස්...

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත. මේ අපේ පැරැණි කියමනකි. ලබන අධ්‍යාපනය අනුව මෙය එහේ මෙහේ විය හැකිය. ස

02:00 AM Apr 20 2019
ගල්ඔයට මුලින්ම ආපු මැලේවරුන් මෙන්න...

ගල්ඔය නව ශිෂ්ටාචාරයේ සැබෑ කතාව ලියන්නකු අමතක නොකළ යුතු සහ අමතක කළ නොහැකි ජන කොටසකි මැලේවරු. ශ්‍රී ලං

02:00 AM Apr 20 2019
ගල් ඔය වන අලි ඇල්ලූ අලි පනික්කයන්ගේ අන්තිම පුරුක ස...

වල් අලි ඇල්ලීම කියන තරම් පහසු දෙයක් නොවේ. සිංහල රජ දවස කන්ද උඩරට රාජධානියේදී වල් අලි අල්ලා මෙල්ල කර

02:00 AM Apr 13 2019
සැමරුම් වග වලසුන් රෑනක් මැද සුමුදු අමුතු මනුස්සයෙක්...

එකිනෙකට ගැළපීමක් නැති මෙන්න මේකයි කියල කියන්න බැරි දෙයකට “ආදරය කියනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්

02:00 AM Apr 13 2019
ඔබත් නොදන්න තුන්වෙනි ඇස...

කඩේ යෑමට විවිධ අර්ථකථන හා ටීකා තිබිය හැකිය. ඉන් සමහරක් සමාජ හෝ දේශපාලන අර්ථයන් ගණනක් විය හැකිය. එහෙත

02:00 AM Apr 13 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවි යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM Apr 13 2019
නිල් තල්මසුන්ගේ අවනඩුව සොයා මිරිස්සෙන් දියඹට ගිය ගමන...

රෑ කළුවර කීතු කීතු කරගෙන උදෑසන එළැඹෙන්න අරගෙන. රාත්‍රියෙන් එක් අර්ධයක් නිදි වර්ජිතව මධු බඳුන් එක්කම

02:00 AM Apr 13 2019

ඩිජිටල් ෂටර් සර්වර් යන්ත්‍රය පළමවෙන් ලෝකයට හඳුන්වා දුන් ශ්‍රී ලාංකිකයා

පාරදිගේ

ලෝකයේ සෑම අයකුම මොනයම් හෝ දෙයකට දක්ෂය. මේ දක්ෂතාව නිසාම අලුත් අලුත් දේ නිපදවීමට දක්ෂයෝ උත්සාහ කරති.

ලංකාව තුළද එවැනි දක්ෂතා ඇති පිරිස් වෙති. නමුත් අද අප කියන්නට යන්නේ ලෝකයට අලුත් දෙයක් හඳුන්වා දුන් අයකු ගැනය. ඔහු නමින් මහේෂ් විජේගුණවර්ධනය.

පස්දුන් කෝරලයේ, මතුගම, ඕවිටිගල ගමේ ඉපදුණු මහේෂ් විජේගුණවර්ධන ද දක්ෂ බැට්මින්ටන් ක්‍රීඩකයෙකි. මතුගම ඕවිටිගල පදිංචි රිච්මන්ඩ් ඇල්බට් විජේගුණවර්ධන මහතාගේ සහ චිත්‍රා විජේගුණවර්ධන මහත්මියගේ පුතණුවන් වූ මහේෂ් විජේගුණවර්ධන මහතා දක්ෂ පරිගණක තාක්ෂණ දැනුම ලත් අයෙකි. 

මහේෂ් විජේගුණවර්ධනගේ මෑණියන් ද දක්ෂ බැට්මින්ටන් ක්‍රීඩිකාවකි. එතුමිය පාදුක්ක මිල්ලෑව ගමෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණ අධ්‍යාපනය ලැබූ ප්‍රථම ගැහැනු දරුවා විය. ඇයට බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගෞරව උපාධියක් ද තිබේ.

මහේෂ් විජේගුණවර්ධන මහතාගේ පියාණන් වූ රිච්මන්ඩ් ඇල්බට් විජේගුණවර්ධන මහතා ද මෙරටට නවෝත්පාදන හඳුන්වා දුන් විද්වතෙකි. ඒ අතර දේශීය රබර් හා කොහු භාවිතයෙන් සපත්තු අඩි නිර්මාණය, ලංකාවේ ප්‍රථම වරට දේශීය රබර් සපත්තු නිෂ්පාදනයට දායකත්වය දීම, 1946 යුද සමයේදී අබලන් වූ ගුවන්යානාවල ඇලුමිනියම් තහඩු ලබාගෙන ඩියුරෝ නමින් ඇලුමිනියම් භාණ්ඩ තැනීම අරඹන ලදී. මේ ආදී විශාල වැඩ කොටසක් මහේෂ් විජේගුණවර්ධන මහතාගේ පියාණන් ද මෙරටට කර ඇත.

එවැනි දක්ෂ පරපුරකින් පැවැත එන මහේෂ් විජේගුණවර්ධන මහතා බැට්මින්ටන් ක්‍රීඩාවට අලුත් තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ ලෝකයෙන්ම එවැනි විස්මිත නිර්මාණයක් කළ පළමුවැනියා වෙමිනි. එතුමන් කළේ බැට්මින්ටන් ක්‍රීඩාව පුහුණු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ස්වයංක්‍රියව ක්‍රියාකරන ඩිජිටල් ලේසර් තාක්ෂණයෙන් යුත් පුහුණු යන්ත්‍රයක් ලොවට හඳුන්වා දීමය. මෙම යන්ත්‍රය ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන අතර ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන ප්‍රථම යන්ත්‍රය ලෙසද ඉතිහාසගත වෙයි.

බැට්මින්ටන් ක්‍රීඩාව පුහුණුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විධිමත්ව, ප්‍රමිතිගතව පුහුණුවීම් කිරීමට මෙම ඩිජිටල් ලේසර් තාක්ෂණයෙන් යුත් බැට්මින්ටන් ෂටල් සර්වර් යන්ත්‍රය උපකාරි වෙයි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මහේෂ් විජේගුණවර්ධන මහතා මතුගම  සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබා තිබේ. පරිගණක තාක්ෂණවේදයට වැඩි කැමැත්තක් දැක්වූ මහේෂ් විජේගුණවර්ධන මහතාට මෙරට විශ්වවිද්‍යාලවලින් තම අභිප්‍රාය ඉෂ්ට කර ගැනීමට නොහැකි විය. ඒ එවකට ලංකාවේ විශ්වවිද්‍යාලවල පරිගණක තාක්ෂණවේදය ඉගැන්වීම නොකළ හෙයිනි. මේ නිසා ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔනායෝ විශ්වවිද්‍යාලයට ඇතුළු විය. එහි ලැබූ අධ්‍යාපනය මත බැට්මින්ටන් ෂටර් සර්වර් යන්ත්‍රය නිපදවා තිබේ. 

පළමු දේශීය සපත්තු සහ රබර් සෙරෙප්පු නිෂ්පාදනය කළ විජේගුණවර්ධන පවුලෙන් ක්‍රීඩා ක්‍ෂේත්‍රයට උදාකර දුන්  විද්‍යුත් උපකරණය නිසා රටටම ආඩම්බරයක් කීර්තියක් අත්කර දුන්නේය. සිය පියාණන් ලද තාක්ෂණික ආභාසය මත අලුත් දෙයක් ලෝකයට දායාද කරදීම මහේෂ් විජේගුණවර්ධනගේ ඉලක්කය විය.

ඇ.එ.ජ. ඔනායෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපනය ලබන අතරතුර මහේෂ් විජේගුණවර්ධන මහතා පරිගණක ආශ්‍රිත රැකියාවක් ද ලබාගත්තේය. බැට්මින්ටන් ක්‍රීඩකයකු නිසා සිය මවගේ මඟ පෙන්වීම මත බැට්මින්ටන් ක්‍රීඩාවේ දියුණුවට ඔහු බොහෝ දායකත්වයක් සපයා තිබේ.

බැට්මින්ටන් ක්‍රීඩකයන්ට පුහුණු වීමේදී විධිමත් පුහුණුවීම් යන්ත්‍රයක් ලොව කිසිදු රටකින් නිපදවා තිබුණේ නැත. මේ නිසා තමන් සතු පරිගණක තාක්ෂණික දැනුම උපයෝගි කරගෙන 3ච් තාක්ෂණය ද උපයෝගි කරගනිමින් මෙම නිර්මාණය කිරීමට ඔහු සමත් වී තිබේ. අලුත් දෙයක් හඳුන්වාදීම එතරම් පහසු නැත. එය අභියෝගයකි. මේ අභියෝගය ජය ගැනීම පහසු නැත. මේ සඳහා විජේගුණවර්ධන මහතාට වසර දහයක් පමණ ගතවී තිබේ. වසර දහයක පර්යේෂණ ප්‍රතිඵල සාර්ථක කර ගනිමින් ලොව ප්‍රථම ඩිජිටල් ලේසර් තාක්ෂණයෙන් යුත් බැට්මින්ටන් ෂටල් සර්වර් යන්ත්‍රය නිපදවා තිබේ.

මෙම යන්ත්‍රය උපයෝගි කරගනිමින් බැට්මින්ටන් ක්‍රීඩාවේ යෙදෙන ඔලිම්පික් මට්ටමේ අයටද තනිව පුහුණුවීමේ හැකියාව තිබේ. එම පුහුණුව තනිව ලැබූවත් එය විධිමත් ක්‍රමවත් පුහුණුවක් බවට විචාරක මත පළ වී තිබේ. මෙම ෂටර් සර්වර් යන්ත්‍රය සඳහා ඇ.එ.ජ. පේටන්ට් බලපත්‍රය ද මහේෂ් විජේගුණවර්ධන මහතා හිමිකර ගෙන තිබේ. නව යන්ත්‍රය අලුතින් බැට්මින්ටන් ක්‍රීඩාව පුහුණු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මහත් සේ උපකාරී වෙයි. ලෝකයේ වෙනත් රටකට නිපදවීමේ හැකියාව තිබුණත් ඊට පෙර බැට්මින්ටන් ක්‍රීඩාව සඳහා ෂටර් සර්වර් යන්ත්‍රය ලොවට හඳුන්වා දුන්නේ ලාංකිකයනටද ලොවට අලුත් දේ ලබාදීමේ දක්ෂතාව ඇතැයි පෙන්වමිනි.


ප්‍රගීත් සම්පත්