31

කොළඹ

සැමරුම් වග වලසුන් රෑනක් මැද සුමුදු අමුතු මනුස්සයෙක්

පාරදිගේ

එකිනෙකට ගැළපීමක් නැති මෙන්න මේකයි කියල කියන්න බැරි දෙයකට “ආදරය කියනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනියේ. නමුත් මම මුණගැසෙන මේ සම්බන්ධයට එහෙම එකිනෙකට සම්බන්ධයක් තිබ්බේ නැහැ. නමක් තිබ්බා. (ක්‍රිකට්, යුද්ධය, ඡායාරූප) එකම මිනිසෙක් ඒ විසින් ඒ එකිනෙකට විරුද්ධ ක්‍ෂේත්‍රයන් හෝ විෂයන් තුනක් එකට ගොනු කරලා තිබ්බා. කිසි දිනක දැක නැති නමකින්වත් අසා නැති ඔහු වජිර. වජිර ජයසංඛ වික්‍රමගේ. මම නම නොකියා කොහොමද කියලා ඇහැව්වා මිසක් වෙන කිසිවක් අහන්න ගියෙත් නැහැ. මොකද මට අවශ්‍ය වුණා ඔහු තුළින් ඔහු සොයා ගන්න. පිළිවෙළකට ඔහු ඔහුගේ විමානය සකස් කරලා තිබ්බා. පැරැණි රදල නිවාස උරුවක් නිවෙස පුරා තිබ්බා. 


ඔහු හා ඔහුගේ පවුල හැට ගණන්වලට පෙර සුපිරි පැලැන්තිය නියෝජනය කරා කියලයි මගේ විශ්වාසය. දෙමටගොඩ පොදු වෙළෙඳසල අසලින් කොළොන්නාව පැත්තට පොඩි දුරක ප්‍රධාන පාර අයිනක තිබ්බ මේ පැරණි නිවෙසේ ඔහු තනිවම ඉන්නවා. තනිකඩයෙක් කියල කිව්වාට ඔහු තනියම ඉන්නවා කියන එක වැරදියි. ඔහු ආදරයෙන් වැලඳගත්ත විශේෂ ක්ෂේත්‍ර කීපයක් තියෙනවා. මම හිතන්නෑ ඒක පිස්සුවක්. ආදරයත් කැමැත්තත් ලංකාවේ වෙන කෙනෙක්ට වැලඳිලා නැතැයි කියලා කිසිදු ලාභ ප්‍රයෝජනයක් නැතිව කාගෙන්වත් උත්ප්‍රේරකයක් නැතිව තනියම වෙසෙන මිනිහෙක් මෙහෙම දෙයකට යොමු වුණේ ඇයි කියලා මං හිතනවා. එතකොටම ඔහු කියන්නේ ඒක හිතලුවක් කියල. තලතුනා වයසක ඉන්න ඔහුගේ තැනින් තැන ඉදුණු කෙස් ගස් තිබ්බා විතරක් නෙවෙයි පිළිවෙළට කොණ්ඩේ පීරලා තිබ්බා.

 සිදත් වෙත්තමුණි වගේ පෙනුමක් තිබ්බා. අෑත අතීතයේ දිනක ඔහු මේ ආදරයට ඇබ්බැහිය පුරුදු වුණා කියලත් කිව්වා. මිනිහෙක්ට පවතින්න නම්, එහෙම නැතිනම් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තිබිය යුතුයි. නැත්නම් කුමක් හෝ කාර්යයක් තිබිය යුතුයි. ඒක ආදරයක්. ඔහුට අනුව ඔහු මේ ආදරය විසුරුවා හරින්න ක්‍රිකට්, යුද්ධය හා ඡායාරූප ශිල්පයම රැකියාව වර්ණ රසායනාගාරයක වැඩ කිරීම. නමුත් හිත තිබ්බ මෙන්න මේ මතක සැමරුම් හා ඒ පිළිබඳ ලිපි ලේඛන පත්තර පිටු හා  සඟරාවල, ඒ පිළිබඳව තොරතුරු රැස් කිරීම හා බෙදා හැරීම ඔහුගේ අදහස. ඔහු එහෙම සිතීමම මරු අදහසක්. අපි ගරු කළ යුත්තේ පුස්තකාලයත් වගේ වීම.

 ඊට වටිනාකමක් ඔහු විසින් ලබා දී තිබුණද ඔහුට ඒ පිළිබඳව ඇගයීමක් ලැබී නැතැයි මම හිතුවා. ඔහු මේ සියලුම තොරතුරු එක්ක ප්‍රදර්ශන පවා තියලා තියෙනවා. ඒ ඉතා මෑතක. අවුරුදු දෙකකට කලින්. කලා භවන තුළ මහජන පුස්තකාලය තුළ හා ඔහු ඉගෙන ගත් පාසල වන ආනන්ද විද්‍යාලයේ. ඔහුගේ මෙම ප්‍රදර්ශනවල  අරමුණ ජනතාවට දැනුම ලබාදීම මිස වෙනත් අරමුණක් නොවන බවත් ඔහු පුන පුනා කිව්වා. අනෙක් දේ තමයි ඒ තොරතුරු ඕනෑම වෙලාවක ලබා දෙන්න ඉතා කැමති බව මට කිව්වා. ඕනෑම කෙනෙක්ට කැම්පස් ළමයින්ට නෙවෙයි ඕනෑම ලියන්නෙක්ට හැට ගණන්වල ඉපදුණු ඔහු පළමු ක්‍රිකට් තරග නරඹලා තියෙන්නේ 1972 ආනන්ද නාලන්ද ක්‍රිකට් ගැටුම. 

හය වසර පුංචි කොල්ලෙක් වූ වජිර 96 ලෝක කුසලානය වනතෙක් අවුරුදු  23ක් මේ  ආනන්ද- නාලන්ද ක්‍රිකට් ගැටුම බලනවා. පස්සේ ලෝක කුසලානය බලන්න ඕන වුණු නිසා. ඒ වගේම තමයි ඒ පිළිබඳව පත්තරවල සඟරාවල පළ වුණ ලිපි ලේඛන මතක සැමරුම් පිරිලා. ලංකාව පළමු වරට ජයග්‍රහණය කළ තරගය වගේම පළමු නිල ටෙස්ට් ක්‍රිකට් තරගය 1982  වර්ෂයේ නරඹා ඇති බවට සියලු සාක්ෂි පෙන්නනවා. ඒ තමා ආදරයෙන් එකතු කළ එක අංශයක්. තමුන් අනෙක් අංශය තමයි තිස් වසරක යුද්ධයේ මතක සටහන්. ක්‍රීඩාව සහ යුද්ධය කියන්නේ එක තැනක තිබිය හැකි කාරණා දෙකක් නෙවෙයි ගැළපීමක් නැහැ. නමුත් ඊළඟට ඔහුගේ 

දීර්ඝකාලීන එකතුවේ තිබ්බේ හමුදාව හා එල්.ටී.ටී.ඊ. යුද්ධයේ මතක සටහන්. 1958 ඉඳලා සිදු වූ සියලු කෝලාහලවල එකතුවක් ඔස්සේ 1983 ජූලි කලබල 1985 සිට ඇවිළුණු උතුර දකුණ යුද්ධයේ අඳුරු මතක. ඒ වගේම ඒ පිළිබඳව තොරතුරු සියල්ලක්ම තියෙනවා. එහෙම මනුස්සයෙක්ට හිතෙන එකත් පුදුමයක්. මේ සියල්ලටම පස්සේ වජිර මට ඡායාරූප පෙන්වන්න ගන්නවා. මම හිතුවා ඒත් මේ මොකද කියලා. 1981 ලාල් හෑගොඩගෙන් ඉගෙනගත් දා ඉඳලා අද වන තෙක් මතක සටහන් පිරිලා තිබ්බා. ඊට අමතරව ඡායාරූප ශිල්පය පිළිබඳව හා එහි ඊට අදාළ මිනිසුන්ගේ තොරතුරුත් පෙන්නනවා. එතැන් සිට මම කෞතුකාගාරයක් වගේ තැනක යට වුණා කියලා හිතනවා.

 මම ලියන්න කොහොම පටන් ගන්නද හිතුවා. නමුත් දැන් මං ලියන්න පටන් අරන් ඉවරයි. අවසන් කරන්නත් ළඟයි. කිසිම හේතුවකට අද මා අත්විඳි අත්දැකීම එකිනෙකට සම්බන්ධ නැහැ. යුද්ධය, ක්‍රිකට් හා ඡායාරූප ශිල්පය පිළිබඳව උපත විපත තෙක් තොරතුරු රැස්කරලා ඒ දිහා බලාගෙන සැනසෙන ඔහු පිළිබඳව ජාතික හැඟීමක් එනවා. මේ තොරතුරු ඇත්තටම රජයට පවරා නොගන්නේ ඇයි කියලා හිතෙනවා. ඔහු එතකොට කියනවා. නැහැ මම තොරතුරු ආනන්ද විද්‍යාලයට දෙන බව. ඔහු මේ ක්‍ෂේත්‍ර තුනට වගේම ආනන්දයට ආදරෙයි. අනෙක් කරුණ තමයි ළඟදී පැවැත්වෙන ලෝක කුසලානයට තවත් ප්‍රදර්ශනයක් ක්‍රිකට් තොරතුරු පාදක කරගෙන තියන්න අදහස් කරන වගත් ඔහු කියනවා. ඉතින් ඔහුගේ යහපත් හැඟීම රටට අවශ්‍ය බව මම හිතනවා. ඉතින් මෙහෙම මිනිසුන් රටකට ඉඳීම රටකට වගේම 

ක්‍රිකට්වලට වටිනාකමත් යුද්ධයකට අගයක්. ඡායාරූපයකට ලස්සනක්. 


කතාව - නුවන් හෙට්ටිආරච්චි

ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට ඉල්ලා අස්වන ලෙසට ජනපති දැනුම්දෙයි

වැල්ලවත්තේ සැකකටයුතු බයිසිකලයක් පුපුරුවා හැරේ

බෝම්බ පුපුරන්න පැය කීපයකට කලිනුත් ඉන්දියාවෙන් ලංකාවට අනතුරු ඇඟවීම් කරලා

කොළඹට ආපු සැකකටයුතු වෑන් රථය පොලීසියෙන් අල්ලයි

ප්‍රශ්නකිරීමෙන් පසු අමල් නිදහස් කෙරේ

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක්

Final අවොත් තෑග්ග ඩොලර් ලක්ෂ 52ක්

රටවල් 10ක සහභාගිත්වය ඇතිව එංගලන්තය හා වේල්සය කේන්ද්‍ර කරගනිම

07:35 AM Apr 24 2019

මිතුරන් ප්‍රහාරවලින් මියයද්දී විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

07:21 AM Apr 24 2019

නායක දෝනි හයේ පහර 200ක්

08:04 AM Apr 23 2019

අගමැති මෝදී ඡන්දය පල කරයි

ලොව වැඩිම ජනතාවක් සහභාගි වන මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණයේ

12:04 PM Apr 24 2019

බෝම්බ පුපුරන්න පැය කීපයකට කලිනුත් ඉන්දියාවෙන් ලංකාවට අනතුරු ඇඟවීම් කරලා

10:12 AM Apr 24 2019

ට්‍රම්ප්ගේ සහය ලංකාවට

08:37 AM Apr 23 2019

ආණ්ඩුවේ මට වඩා ආරක්ෂාව ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවනවා

නාමල් කුමාරගේ හඬ පටයට දුන් අවධානමවත් මෙම උවදුර සම්බන්ධව ලබා

05:28 PM Apr 24 2019

ජනපති ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ස්වර්ව පාක්ෂික සමුළුවක්

04:51 PM Apr 24 2019

නිහඬව සිටි බදියුදීන් ප්‍රහාර ගැන කතා කරයි

07:42 AM Apr 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-04-22
CARTOON ::: 2019-04-21
CARTOON ::: 2019-04-19

මහත්වරුනි, ලැජ්ජ නැත්ද?

සේරම රෙදි එක ඇණයේ එල්ලීමට අපි කැමැති නැත. එහෙත් පාස්කු ඉරිදා ස්ථාන හතක පුපුරා ගිය මිනිස් බෝම්බවල වගකීම පැවැරිය යුත්තේ ආණ්ඩුවට මිස අනෙකකුට නොවේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොච්චිකඩේදී විදෙස් මාධ්‍යවේදියකුට පවසා තිබුණේ දිවයිනේ ස්ථාන කිහිපයකට මෙවැනි ප්‍රහාර එල්ල වනු ඇති බවට තොරතුරු වාර්තා වුවද මේ ආකාරයේ බරපතළ ප්‍රහාර මාලාවක් කිසි විටෙක බලාපොරොත්තු නොවූ බවය. හේමසිරි ප්‍රනාන්දු මහතා මේ ප්‍රකාශය කළේ රෙදි ඇඳගෙනදැයි කුකුසක් මතු වුවද ප්‍රහාරවල වගකීම ගැන ඇතිව තිබූ ව්‍යාකූල තත්ත්වය නම් ඉන් පහව ගියේය. ජනාධිපතිවරයා නිල බලයෙන් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා වේ. එනම් සේනාධිනායකයාය.ආරක්ෂක ඇමැති ධුරය දරන්නේද ජනාධිපතිවරයා වන අතර පොලිස් දෙපාර්තමේන්තුව ඇත්තේද එතුමාගේ භාරයේය. එවැනි පසුබිමක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවැරෙන වගකීම සුවිශේෂීය. අන් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට නැති සුවිශේෂී වැඩ කොටසක් මේ ලේකම්වරයාට පැවරේ. තෙවැනි ඊළාම් යුද සමයේ ඇරඹෙන  මේ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සිය භූමිකාව පිළිබඳ අවබෝධයකින් යුතුව රාජකාරිය අකුරට ඉටු කළ බව විවාදයකින් තොරව පිළිගත යුතුය. පසු කාලීනව ඔහුට විවිධ චෝදනා එල්ල වුවද යුද ජයග්‍රහණය වෙනුවෙන් කළ කාර්යභාරය පැසසුම් කටයුතු වේ.ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකුගේ රාජකාරිය සාමකාමී වාතාවරණයක් තුළ වඩා නිදහස් වුවද ධුරයේ ඇති භාරධූරකම ඉන් අඩු වන්නේ නැත. එහෙත් ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා ප්‍රමුඛ බලධාරීන් ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ මේ අනතුරු ඇඟවීම් භාරගෙන ඇත්තේ ඉතා සැහැල්ලුවෙනි. ආරක්ෂක අමාත්‍යාංශයේ මෑත කාලයේ හිටපු ලේකම්වරුන්ටද වගකීමෙන් ඇඟ බේරාගත නොහැකිය.පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින තවුහීත් ජමාත් නම් අන්තවාදී සංවිධානයට සම්බන්ධ පවුල් හතරක තිස් දෙදෙනකු ධ්ඉධ්ඉ සංවිධානයේ පුහුණුව සඳහා ගොස් ඇති බවත් මෙරට ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වන බවත් 2016 නොවැම්බර් 18 වැනිදා ඇමැති විජයදාස රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී හෙළි කළත් ඒ පිළිබඳ ආරක්‍ෂක බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීම ඊට හේතුවය. ආණ්ඩු පක්‍ෂයේ ඇතැම් මැති - ඇමැතිවරු මේ තොරතුරු පදනම් විරහිත බව කියමින් රාජපක්‍ෂ මහතාට චෝදනා කළහ. ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ රැස්වීමේදී ද විජයදාස මන්ත්‍රිවරයා ඒ බව සිහිපත් කළේ මේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඒ චෝදනා කළ මැති ඇමැතිවරුන් භාරගත යුතු බව පවසමිනි.  ඉන්දීය රජයේ බුද්ධි අංශ ඉතා පැහැදිලිව ශ්‍රී ලංකා රජයට ත්‍රස්ත ප්‍රහාරයන් ගැන අනතුරු අඟවා තිබියදී මෙරට බුද්ධි අංශ වාර්තාවල ද ඒ බව පැහැදිලිව සඳහන් කර තිබියදී ආරක්‍ෂක බලධාරීන්ට “අනතුර” වළක්වා ගැනීමට හෝ පාලනය කර ගැනීමට හෝ නොහැකි වීම බරපතළ කාරණයකි. එකිනෙකාට “බෝලය” පාස් කරමින් වගකීමෙන් ලිස්සා යෑමට කිසිවකුට ඉඩදිය නොහැකිය. ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් විපක්‍ෂයේ පිරිස් දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන සමහරක් ඉල්ලා ඇත්තේ 300 කට අධික ජීවිත විනාශ කර 500කට අධික පිරිසකට තුවාල සිදුකළ මේ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හා පොලිස්පතිවරයා ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවය. මොවුන් ධුරවලින් අස්වූ පමණින් සිදුවූ විනාශය යථා තත්ත්වයට පත් වන්නේ නැත. එහෙත් බලධාරීන්ගේ වගකීම් විරහිතභාවය ඉන් සංකේතවත් වනු ඇත. ඊළාම් යුද්ධය හේතුවෙන් තිස් වසරක් පුරා ලංකාව දුක් වින්දේය. යළි එවැනි යුද්ධයකට රට ගෙන යෑමට ඉඩ නොදෙන බව අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. විපක්‍ෂ නායකවරයා කියා සිටියේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරය විහිළුවට ගත යුතු නැති බවය. “එකම ගලේ දෙවරක් පය හප්පා ගැනීම ගලේ වැරැද්දද පයේ වැරැද්දද යන්න තේරුම් ගැනීම පයට පමණක් නොව සර්වාංගයටම ගුණදායක බව“ පක්‍ෂ විපක්‍ෂ සියලු නායකකාරකාදීන්ට අප අවධාරණය කරමු.
වීඩියෝ