29

කොළඹ

වැටිලා හිටපු අවස්ථාවක ආපු ‘සහෝදරයා’ නිසා උදයන්තිට ජයක්

හදගැස්ම

රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම සහාය නිළිය වීමට ඔබට අවස්ථාව ලැබුණා. මොකද හිතෙන්නෙ?

ලොකු තරගයක් තිබුණු වෙලාවක මේ සම්මානය ලැබුණු එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. මම ගොඩක් නිර්මාණවලට දායක වුණෙත් නැහැ ගිය අවුරුද්දෙ. සහෝදරයා ටෙලි නාට්‍යයට මේ සම්මානය ලැබුණු එක ගැන මට ගොඩක් ලොකු සතුටක් තියෙනවා.

මෙය ඔබ බලාපොරොත්තුවෙන් හිටපු සම්මානයක්ද?

නැහැ. හැබැයි සහෝදරයා නාට්‍යයේ රඟපාන්න ලැබුණාම මම දැනගත්තා මේ නාට්‍ය නම් කොහොමත් සම්මාන ලබන නාට්‍යයක් වෙනවා කියලා. මොකද දක්ෂ පිරිසක් එකතු වෙලා කරපු නිර්මාණයක් නිසා එහි රඟපාන්න චරිතයක් ලැබුණු එක ගැනම මම සතුටින් හිටියේ. 

නමුත් සහෝදරයා ටෙලි නාට්‍යයෙහි ඔබේ රංගනය වෙනුවෙන් මොනයම් හෝ ඇගයීමක් ලැබෙයි කියලා අනෙක් අය ඔබට විශ්වාසයක් ඇති කරන්න ඇති?

නැහැ. මම එහෙම හිතුවෙ නැහැ. මම කළේ සෙකන්ඩ් රෝල් එකක්. ඒත් මම කරපු සීන් ටික හොඳට කළා. ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. අධ්‍යක්ෂතුමාත් කිව්වා චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා කියලා. ඒත් සම්මානයක් ලැබෙයි කියලා හිතුණේ නැහැ. 

උදයන්ති කාලයක් සරල චරිතවලට කොටුවෙලා හිටියා කිව්වොත්?

කොටු වෙලාම නෙවෙයි. අපිට හොඳ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබෙනවා අඩුයි. සීමිත ප්‍රමාණයක් තමයි හොඳ පිටපත් ලියන අයත් ඉන්නෙ. ඒ නිසා තෝර තෝර නිර්මාණවලට යන්නත් අමාරුයි. ලැබෙන නිර්මාණ මම භාර අරගෙන කළා. අපිට හොඳ නිර්මාණයක චරිතයක් ලැබෙන්නෙත් වාසනාවකට. එහෙම හොඳ චරිත ලැබුණොත් උපරිමයෙන් රඟපාන්න පුළුවන් කියලා විශ්වාසයක් මට තියෙනවා. 

ශ්‍රී  ලාංකේය සම්මාන උළෙලවලදී සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා කියලා ඔබ හිතනවාද?

සමහර තැන්වලදී අවස්ථා ගිලිහී යනවා වෙන්න පුළුවන්. මම හිතනවා  සම්මානයකට නිර්දේශ වෙනවා කියන එකම දක්ෂකමක්. ඒ නිර්දේශ වෙන අය හැමෝම දක්ෂයි. එතැන නම් කිසි වැරැද්දක් නැහැ කියලා මම හිතනවා. මොකද විශාල පිරිසක් රංගන ශිල්පීන්, කැමරා ශිල්පීන්, අධ්‍යක්ෂවරු ඉන්නවනෙ මේ රටේ. එතකොට ඒ නිර්දේශ වෙන අය අති දක්ෂයි. එක්කෙනෙක් සමහර වෙලාවට තෝරන්න බැරි තැනකදී කෙනෙක්ට සම්මාන දෙනවා වගේ අවස්ථාත් දැක්කා මම. පොඩි වාසනාවකුත් මේකත් එක්ක යනවා ඇති. 

උදයන්ති කියන්නෙ ජනප්‍රිය ලකුණක් වුණු කාලයක් තිබුණා. අදටත් ඒ ජනප්‍රියත්වය එහෙමම තියෙනවාද?

මිනිස්සුන්ගේ ආදරය නම් කොතැන ගියත් තියෙනවා. මම  ක්‍ෂේත්‍රයට ආපු කාලෙ ඉඳලම ජනප්‍රියත්වය පස්සෙ ගිය කෙනෙක් නෙවෙයි. මම ගොඩක් නාට්‍යවලට දායක වෙලා තියෙනවා. යම් ජනප්‍රියත්වයක් තියෙනවා. නමුත් ජනප්‍රියත්වය පස්සෙ නම් මම යන්නෙ නැහැ. 

උදයන්ති කියන්නෙ වැඩි සද්ද බද්දයක් නැතිව හෙමින් ගමනක් යන කෙනෙක් වගේ?

ඔව්. මම හිතනවා එහෙම. මම කලබල වෙන්නෙ නෑ ලෝකෙ පෙරළුණත්. 

මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණ ගැනත් කියමු?

මේ දවස්වල ක්‍රිස්ටි ෂෙල්ටන් අයියගේ ‘ආගන්තුකයා’ කියලා ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. 

උදයන්ති සීමිත නිර්මාණ ප්‍රමාණයකට පමණක් සම්බන්ධ වෙන්න විශේෂ හේතුවක් තියෙනවාද?

නෑ. ඇත්තටම ගිය අවුරුදුවල ආරාධනා ලැබුණත් අඩුයි. ලොකු තරගයක් තිබුණා සහ අලුතින් නළු නිළි පිරිසකුත් ක්‍ෂේත්‍රයට ආවා. දැන් නාට්‍ය නිර්මාණය කරන ප්‍රමාණයත් අඩුයි. ගිය අවුරුද්දේ ලැබුණු නාට්‍ය දෙක තමයි සහෝදරයා සහ මිණිගංදෑල.

සම්මානෙත් එක්ක නිර්මාණවලට ලැබෙන ආරාධනා ජය වෙයිද?

එහෙම වැඩිවෙයි කියන්නෙත් නැහැ මම. කවුරු හරි නිර්මාණයකට ආරාධනා කළොත් පිටපත බලලා හොඳ නිර්මාණවලට දායක වෙන්න තමයි කැමැත්තෙන් ඉන්නෙ. ලැබෙන හැම නිර්මාණයම කළාමත් අගයක් නැහැනෙ. එතකොට නිර්මාණයට උපරිමය දෙන්නත් අමාරුයි. ඒ නිසා නිර්මාණ දෙකක් වගේ කරන්න පුළුවන් නම් ඒ ඇති. 

ඉදිරියේදීවත් උදයන්තිගේ ජීවිතේට කවුරු හරි විශේෂ කෙනෙක් එයිද?

ආදරේ නිසාම තමයි ඇති වුණෙයි නැති වුණෙයි හැමදේම. දැන් සමාජය ගලාගෙන යන විදියට හරි අමාරුයි කෙනෙක්ට ආදරේ කරන්නත්. සමහරු ආදරේ කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැහැ. ඒක හින්දා මම කාටවත් ආදරේ කරන්නෙ නැහැ. 

ස්තුති කරන්නත් පිරිසක් ඇති?

මම මානසිකව වැටිලා හිටපු අවස්ථා තිබුණා. එහෙම වෙලාවක තමයි මට ‘සහෝදරයා’ කියන නිර්මාණය ලැබුණෙ. නාමල් අයියා, ධම්මික රත්නායක අයියා, ජයන්ත අයියා ඇතුළු කණ්ඩායමටම මම ස්තුතිවන්ත වෙනවා මාව හොඳ නිර්මාණයකට සම්බන්ධ කර ගත්තාට.

ඉරේෂා කල්හාරි සේනාධීර

ඡායාරූපය - වෙනුර චන්ද්‍රමාලිත

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න විශේෂ පාර්ලිමේන්තු කමිටුවක්

මෝදිට ඇති විශිෂ්ට ජයක්

ඉන්දුනීසියාවත් කැළඹෙයි - ගැටුම් වලින් 6 මරුට, සමාජ මාධ්‍යත් වාරණය කරයි (VIDEO)

Huawei වලින් පස්සේ Hikvision ටත් අමෙරිකාවෙන් සම්බාධක

ඉන්දීය මහමැතිවරණයේ ප්‍රතිපල අද - මෝදී ඉදිරියෙන්

ගම්පහින් - රත්නපුරින් මනුෂ්‍ය ඝාතන 3ක්
ලෝක කුසලානයට ගිය මාලිංග හා ඉසුරු උදාන ඩොලර් 160,000 විකිණේ

අපි කොහොමත් ‘සෙමි ෆයිනල්’ යනවා - එංගලන්ත නායකයා කියයි

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳ

11:24 AM May 23 2019

ඉන්දීය - පාකිස්තාන තරගයේ ප්‍රවේශපත්‍ර වලට පැය 48ක් යන්න කලින් වෙච්ච දේ මෙන්න

09:35 AM May 23 2019

ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගුවන් යානයේදී පිස්සු නටයි,ගුවන් යානාවේ වැසිකිළිය තුළට ගොස් ‍දොර අගුළුදාගෙන

08:38 AM May 23 2019

මෝදිට ඇති විශිෂ්ට ජයක්

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (23) නිකුත් කෙරුණා.මේ

12:59 PM May 23 2019

ඉන්දුනීසියාවත් කැළඹෙයි - ගැටුම් වලින් 6 මරුට, සමාජ මාධ්‍යත් වාරණය කරයි (VIDEO)

10:21 AM May 23 2019

ඉන්දීය මහමැතිවරණයේ ප්‍රතිපල අද - මෝදී ඉදිරියෙන්

09:01 AM May 23 2019

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට පමණක් නොව හිරේ යැවීමටත් සූදානම්

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට ප

02:43 PM May 23 2019

රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාට විරුද්ධව ගෙනාපු විශ්වසභංගයට පක්ෂ වුනත් ආණ්ඩුව ඉවරයි විරුද්ධ වුනත් ආණ්ඩුව ඉවරයි

12:04 PM May 23 2019

ත‍්‍රස්ථවාදීන් සොයා දෙන්න මුස්ලිම් ජනතාවට යුතුකමක් හා වගකීමක් තියෙනවා

09:23 AM May 23 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-22
CARTOON ::: 2019-05-21
CARTOON ::: 2019-05-17

විශ්වාසභංග

2015 අගෝස්තුවේ පිහිටුවාගත් එජාප - ශ්‍රී ලනිප හවුල් ආණ්ඩුවට සිවු වසරක් පිරීමට තව ඇත්තේ මාස දෙක තුනකි. මේ වන විට ශ්‍රී ලනිපය නිල වශයෙන් හවුලෙන් ඉවත් වී සිටියද මේ ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. ගෙවුණු කාලය තුළ මේ ආණ්ඩුවේ අගමැතිවරයාට හා කැබිනට් ඇමැතිවරයකුට විශ්වාසභංග ඉදිරිපත් කෙරිණි. මේ වන විට තවත් විශ්වාසභංග දෙකක් කථානායකතුමාට භාරදී ඇත. ඉන් එකක් කැබිනට් ඇමැතිවරයකු වන රිෂාඩ් බදියුදීන්ට එරෙහිවය. අනෙක ආණ්ඩුවට එරෙහිවය.ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වී ඇත්තේ ප්‍රථම වරටය. ජනතා විමුක්ති පෙරමුණ විසින් එය භාරදී ඇති අතර ඇමැති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය ඒකාබද්ධ විපක්ෂය ලෙස හැඳින්වෙන විපක්‍ෂයේ බහුතර මන්ත්‍රි කණ්ඩායම විසින් භාරදී තිබේ.රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂය වන එජාප මත දෙකකි. ඇතැම් මන්ත්‍රිවරුන් පවසන්නේ ඔවුන් විශ්වාසභංගයට පක්‍ෂ බවය. එහෙත් එජාපයේ ජාතික සංවිධායකවරයා ප්‍රකාශ කර තිබුණේ විශ්වාසභංගයට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් බවයි. කතෝලික ආගමික මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක් විශ්වාසභංගයට පක්‍ෂව කතා කරන්නේ කතෝලික ප්‍රජාවේ විරෝධය එල්ලවේ යැයි සිතා විය යුතුය.ඇමැති රිෂාඩ් පවසා ඇත්තේ ජනාධිපතියි අගමැතියි ඉල්ලා සිටින්නේ නම් ධුරයෙන් ඉල්ලා අස්වන බවය. දේශපාලන සදාචාරයක් තිබේ නම් කියන තුරු නොසිට නම්බු පිටින් ඉල්ලා අස්වූවා නම් ප්‍රශ්නය ඉවරය. අම්ම මුත්තා කිව්වත් ධූරයෙන් ඉල්ලා අස්වන ඇමැතිවරුන් මේ රටේ නැත. බැරිම වුණොත් මිස ඉල්ලා අස්වන්නෙත් නැත. අස්කරන්නෙත් නැත. ඒ මේ රටේ දේශපාලනයේ හැටිය.ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහාය නොදෙන බව ශ්‍රී ලනිපයේ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර තිබුණේද ඊනියා විශ්වාසභංගය රිෂාඩ් රැකගැනීමට රනිල් සමඟ එකතුවී ගෙන එන්නක් බවය. ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ වෙනම කතාවකි. පාස්කු ඉරිදා ප්‍රහාරයට පොදුවේ ආණ්ඩුව වගකිවයුතු බවත්, රිෂාඩ් බදියුදීන්ද ආණ්ඩුවේ ඇමැතිවරයකු බවය. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවත්, රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දීමට එය බාධාවක් කර නොගන්නා බවද ජවිපෙ ප්‍රකාශ කර තිබිණි. මේ විශ්වාසභංගයට ජවිපෙ අස්සන් ලබාගෙන නැතත් ඡන්දය දීමට එය බාධාවක් වන්නේ නැත.ඉකුත්දා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකදී රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා කියා තිබුණේ ආණ්ඩුව ගෙදර යා යුතු බව විපක්‍ෂය පැවසුවද පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යා යුතුය යන්න පොදු ජනතාවගේ මතය බවය. රාජ්‍ය ඇමැතිවරයා නිවැරැදිය. මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින බොහෝදෙනකු ගැනත් පොදුවේ ආණ්ඩුව ගැනත් පොදු ජනතාව සිටින්නේ බරපතළ කලකිරීමකින්ය.විශ්වාසභංගවලින් පලක් නැත. දැන් කළ යුත්තේ ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමය. අවශ්‍ය නම් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකවර පැවැත්වීමට වුවද හැකියාව තිබේ. ජනාධිපතිවරණය ඇතුළු සියලු මැතිවරණ තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව සැරසෙන බව විපක්‍ෂය චෝදනා කරයි. ‘ආරක්‍ෂාව‘ පිට දමා මැතිවරණ සිතියම හැකිළීමට යෑම රටට හිතකර නැත. කවරකුට හෝ පාඩම් ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ඉතිහාස පොත පෙරළා බැලිය හැකිය.
වීඩියෝ