31

කොළඹ

මහිම පළමු සංවත්සරය සමරයි

හදගැස්ම

වෙබ් රේඩියෝ කලාව මේ වන විට ජනප්‍රිය වෙමින් පවතියි. මීට වසරකට පෙර 2018 වසරේ අප්‍රේල් මස 11 වැනි දින ආරම්භ කෙරුණු මහිම අන්තර්ජාල ගුවන්විදුලිය මේ වනවිට දෙස් විදෙස් ශ්‍රාවක මනස පුබුදුවාලමින් එම ශ්‍රාවකයන්ගේ නොමඳ ප්‍රසාදය ලබාගෙන තිබේ. ‘මහිම’ සංවත්සරය පසුගිය අප්‍රේල් මස 11 වැනි දින සමරන ලදී.

එහිදී සිංහල හා හින්දු අලුත් අවුරුද්දට කිරිබතක් නොඉදෙන පවුල් 10කට වැඩි පිරිසක් තෝරාගෙන වියළි ආහාර ලබාදීමේ  වැඩසටහනක්ද සංවත්සර උත්සවයට සමගාමීව සිදුකෙරිණි.

එම අවස්ථාවට දිවයිනේ නන් දෙසින් බොහෝ ශ්‍රාවකයන් පිරිසක් සම්බන්ධ වූ අතර ප්‍රවීණ කලාකරුවන්, රාජ්‍ය නිලධාරීහු රැසක්ද ඒ සඳහා සහභාගි වූහ.

මහිම රේඩියෝ නිර්මාතෘ හා සභාපති ලෙස ඒ.එම්.එල්. සේනාරත්න මහතා කටයුතු කරන අතර එම්.ඩී.යූ. නාමල් බුද්ධික මහතා ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරයි.

මහිම රේඩියෝ නාළිකාවේ විදුර කාරියවසම්, දුලංජි චෛත්‍රිකා, යසිරු ශෙහාන්, සනිල්, නෙළුම් කුමාරි, ප්‍රගීත් ප්‍රියදර්ශන සහ නදීෂා වඳුරඹ යන අය සෑම දිනකම මනසේ ලැගුම් ගත් වැඩසටහන් තුළින් ශ්‍රාවක ඔබ හමුවට පැමිණෙති.

www.mahima.lk  වෙබ් අඩවිය හරහා ලොව ඕනෑම ස්ථානයක සිට මහිම වෙබ් රේඩියෝව ශ්‍රවණය කළ හැකියි. මේ අතර සියලු වැඩසටහන් මහිම රේඩියෝ ෆේස්බුක් පිටුව හරහාද ප්‍රචාරය වේ. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා සවස 7 සිට 9 දක්වා මහිම රේඩියෝ සිත් ගත් ගී වැඩසටහන පැවැත්වේ. මෙහිදී 60, 70, 80, 90 දශකවල ගීත අර්ථ සමඟ ප්‍රචාරය වේ.

සඳුදා රාත්‍රි 9 සිට 10 දක්වා විකාශය වන්නේ මහිම රේඩියෝ කතා බහයි. සෞඛ්‍ය, කාලීන, අධ්‍යාපනික කාරණා පිළිබඳ විෂය ප්‍රාමාණිකයකු මැදිරියට කැඳවා දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා දිය හැකියි. අඟහරුවාදා රාත්‍රි 9 සිට 10 දක්වා විකාශය වන්නේ හිතක මහිම වැඩසටහනයි. කලා ක්ෂේත්‍රයේ බබළන තාරකාවන් සමඟ කෙරෙන සාකච්ඡාවන් මේ තුළින් ඉදිරිපත් කෙරේ. බදාදා රාත්‍රි 9 සිට 10 දක්වා ධම්මානුධම්ම පටිපදා වැඩසටහන විකාශය වේ. ගිහියන්ට ධර්මය පිළිබඳ ඇති ගැටලු, බෞද්ධ චාරිත්‍ර පිළිබඳ ගැටලු, මැදිරියට වඩම්මවන ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කර ධාර්මික විසඳුම් ලබාගැනීමේ වැඩසටහන ප්‍රචාරය වේ. බ්‍රහස්පතින්දා රාත්‍රි 9 සිට 10 දක්වා-ජීවිතයට නීතිය වැඩසටහන විකාශය වේ. මෙමඟින් විදෙස්ගත පුද්ගලයන් දැනගත යුතු විවිධ රටවල නීති හා එම තත්ත්වයන් හා ලාංකිකයන්ට බලපාන නීතිමය කරුණු පිළිබඳ සාකච්ඡා කරයි. සිකුරාදා රාත්‍රි 9 සිට 10 දක්වා විකාශය වන ආයෙමත් ආදරෙන් වැඩසටහන ආදරය, විරහව ජීවිතය පිළිබඳ කතා කරන ආදරණීය හෝරාවකි.

සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රි 10 සිට අලුයම 2 දක්වා - නින්ද නේන රාත්‍රිය විකාශය වේ. එය ශ්‍රාවක ගීත ඉල්ලීම් සඳහා අවස්ථාව ලබාදෙන රාත්‍රි වැඩසටහනකි. සිකුරාදා රාත්‍රි 7 සිට 9 දක්වා-දිරිය මහිම වැඩසටහන විකාශය වේ. එය ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ජීවිතය ජයගත් මිනිසුන් පැමිණි ගමන් මඟ පිළිබඳ කෙරෙන මතකාවර්ජනයකි. සෙනසුරාදා රාත්‍රි 7 සිට 9 දක්වා-ජෝති රාත්‍රිය විකාශය වේ. එය හදවත තුළ ලැගුම් ගෙන ඇති එච්.ආර්. ජෝතිපාල නම් හදවතේ ගායකයා පිළිබඳ කතාකෙරෙන ඔහුගේ ගීත පමණක් ප්‍රචාරය වන වැඩසටහනකි. ඉරිදා රාත්‍රි 7 සිට 9 දක්වා විකාශය වන්නේ සින්දු කාමරේ වැඩසටහනයි. එය ස්මූල් තාක්ෂණය ඔස්සේ ගීත ගායනා කරන දෙස් විදෙස්  ශ්‍රාවක හිතවතුන්ගේ ගීත ගායන හැකියාව වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කරන වැඩසටහනකි. සෙනසුරාදා දහවල් 1 සිට 3 දක්වා විකාශය වන එකට එක වැඩසටහන නව ස්වතන්ත්‍ර ගීත නිර්මාණ වෙනුවෙන් ඉඩ වෙන්වන මහිම ගීත දර්ශකයයි.

හුදෙක් රසවින්දනයෙන් ඔබ්බට ගොස් ශ්‍රාවකයන්ගේ මනස වෙනුවෙන් වටිනා කරුණු සමීප කරනු පිණිස උක්ත වැඩසටහන් නිර්මාණය කර ඇත.

මෙම වැඩසටහන්වලට අමතරව සමාජ සත්කාරක වැඩසටහන් රාශියක් සෑම වර්ෂයකම මහිම රේඩියෝව සංවිධානය කරයි.

 මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික හිතවතුන් වෙනුවෙන් ලබාදෙන සුප් වතුර දානය සහ වියළි ආහාර පාර්සල් ලබාදීම. මොරටුව මෙත් මිහිර විශේෂ අධ්‍යාපන පාසලේ දරුවන් සමඟ ලෝක ළමා දින සැමරුම, විවිධ ආගමික වැඩසටහන්, ධර්ම දේශනා, ඔෟෂධ පූජාවන්, පිණ්ඩපාත චාරිකා ඉන් කීපයක් වේ.

පළමු සංවත්සරයට සමගාමීව ඉදිරියේදී තවත් නව වැඩසටහන් කීපයක්ම හඳුන්වා දීමට නියමිත වී ඇත.

එම නවතම අත්දැකීම් බෙදාගැනීමට වෙබ් අඩවිය හරහා රැඳෙන්නට සුවහසක් ශ්‍රාවක සහෘදයන්ට මහිම ආරාධනා කරයි.

ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට ඉල්ලා අස්වන ලෙසට ජනපති දැනුම්දෙයි

වැල්ලවත්තේ සැකකටයුතු බයිසිකලයක් පුපුරුවා හැරේ

බෝම්බ පුපුරන්න පැය කීපයකට කලිනුත් ඉන්දියාවෙන් ලංකාවට අනතුරු ඇඟවීම් කරලා

කොළඹට ආපු සැකකටයුතු වෑන් රථය පොලීසියෙන් අල්ලයි

ප්‍රශ්නකිරීමෙන් පසු අමල් නිදහස් කෙරේ

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක්

Final අවොත් තෑග්ග ඩොලර් ලක්ෂ 52ක්

රටවල් 10ක සහභාගිත්වය ඇතිව එංගලන්තය හා වේල්සය කේන්ද්‍ර කරගනිම

07:35 AM Apr 24 2019

මිතුරන් ප්‍රහාරවලින් මියයද්දී විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

07:21 AM Apr 24 2019

නායක දෝනි හයේ පහර 200ක්

08:04 AM Apr 23 2019

අගමැති මෝදී ඡන්දය පල කරයි

ලොව වැඩිම ජනතාවක් සහභාගි වන මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණයේ

12:04 PM Apr 24 2019

බෝම්බ පුපුරන්න පැය කීපයකට කලිනුත් ඉන්දියාවෙන් ලංකාවට අනතුරු ඇඟවීම් කරලා

10:12 AM Apr 24 2019

ට්‍රම්ප්ගේ සහය ලංකාවට

08:37 AM Apr 23 2019

ආණ්ඩුවේ මට වඩා ආරක්ෂාව ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවනවා

නාමල් කුමාරගේ හඬ පටයට දුන් අවධානමවත් මෙම උවදුර සම්බන්ධව ලබා

05:28 PM Apr 24 2019

ජනපති ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ස්වර්ව පාක්ෂික සමුළුවක්

04:51 PM Apr 24 2019

නිහඬව සිටි බදියුදීන් ප්‍රහාර ගැන කතා කරයි

07:42 AM Apr 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-04-22
CARTOON ::: 2019-04-21
CARTOON ::: 2019-04-19

මහත්වරුනි, ලැජ්ජ නැත්ද?

සේරම රෙදි එක ඇණයේ එල්ලීමට අපි කැමැති නැත. එහෙත් පාස්කු ඉරිදා ස්ථාන හතක පුපුරා ගිය මිනිස් බෝම්බවල වගකීම පැවැරිය යුත්තේ ආණ්ඩුවට මිස අනෙකකුට නොවේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොච්චිකඩේදී විදෙස් මාධ්‍යවේදියකුට පවසා තිබුණේ දිවයිනේ ස්ථාන කිහිපයකට මෙවැනි ප්‍රහාර එල්ල වනු ඇති බවට තොරතුරු වාර්තා වුවද මේ ආකාරයේ බරපතළ ප්‍රහාර මාලාවක් කිසි විටෙක බලාපොරොත්තු නොවූ බවය. හේමසිරි ප්‍රනාන්දු මහතා මේ ප්‍රකාශය කළේ රෙදි ඇඳගෙනදැයි කුකුසක් මතු වුවද ප්‍රහාරවල වගකීම ගැන ඇතිව තිබූ ව්‍යාකූල තත්ත්වය නම් ඉන් පහව ගියේය. ජනාධිපතිවරයා නිල බලයෙන් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා වේ. එනම් සේනාධිනායකයාය.ආරක්ෂක ඇමැති ධුරය දරන්නේද ජනාධිපතිවරයා වන අතර පොලිස් දෙපාර්තමේන්තුව ඇත්තේද එතුමාගේ භාරයේය. එවැනි පසුබිමක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවැරෙන වගකීම සුවිශේෂීය. අන් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට නැති සුවිශේෂී වැඩ කොටසක් මේ ලේකම්වරයාට පැවරේ. තෙවැනි ඊළාම් යුද සමයේ ඇරඹෙන  මේ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සිය භූමිකාව පිළිබඳ අවබෝධයකින් යුතුව රාජකාරිය අකුරට ඉටු කළ බව විවාදයකින් තොරව පිළිගත යුතුය. පසු කාලීනව ඔහුට විවිධ චෝදනා එල්ල වුවද යුද ජයග්‍රහණය වෙනුවෙන් කළ කාර්යභාරය පැසසුම් කටයුතු වේ.ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකුගේ රාජකාරිය සාමකාමී වාතාවරණයක් තුළ වඩා නිදහස් වුවද ධුරයේ ඇති භාරධූරකම ඉන් අඩු වන්නේ නැත. එහෙත් ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා ප්‍රමුඛ බලධාරීන් ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ මේ අනතුරු ඇඟවීම් භාරගෙන ඇත්තේ ඉතා සැහැල්ලුවෙනි. ආරක්ෂක අමාත්‍යාංශයේ මෑත කාලයේ හිටපු ලේකම්වරුන්ටද වගකීමෙන් ඇඟ බේරාගත නොහැකිය.පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින තවුහීත් ජමාත් නම් අන්තවාදී සංවිධානයට සම්බන්ධ පවුල් හතරක තිස් දෙදෙනකු ධ්ඉධ්ඉ සංවිධානයේ පුහුණුව සඳහා ගොස් ඇති බවත් මෙරට ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වන බවත් 2016 නොවැම්බර් 18 වැනිදා ඇමැති විජයදාස රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී හෙළි කළත් ඒ පිළිබඳ ආරක්‍ෂක බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීම ඊට හේතුවය. ආණ්ඩු පක්‍ෂයේ ඇතැම් මැති - ඇමැතිවරු මේ තොරතුරු පදනම් විරහිත බව කියමින් රාජපක්‍ෂ මහතාට චෝදනා කළහ. ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ රැස්වීමේදී ද විජයදාස මන්ත්‍රිවරයා ඒ බව සිහිපත් කළේ මේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඒ චෝදනා කළ මැති ඇමැතිවරුන් භාරගත යුතු බව පවසමිනි.  ඉන්දීය රජයේ බුද්ධි අංශ ඉතා පැහැදිලිව ශ්‍රී ලංකා රජයට ත්‍රස්ත ප්‍රහාරයන් ගැන අනතුරු අඟවා තිබියදී මෙරට බුද්ධි අංශ වාර්තාවල ද ඒ බව පැහැදිලිව සඳහන් කර තිබියදී ආරක්‍ෂක බලධාරීන්ට “අනතුර” වළක්වා ගැනීමට හෝ පාලනය කර ගැනීමට හෝ නොහැකි වීම බරපතළ කාරණයකි. එකිනෙකාට “බෝලය” පාස් කරමින් වගකීමෙන් ලිස්සා යෑමට කිසිවකුට ඉඩදිය නොහැකිය. ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් විපක්‍ෂයේ පිරිස් දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන සමහරක් ඉල්ලා ඇත්තේ 300 කට අධික ජීවිත විනාශ කර 500කට අධික පිරිසකට තුවාල සිදුකළ මේ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හා පොලිස්පතිවරයා ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවය. මොවුන් ධුරවලින් අස්වූ පමණින් සිදුවූ විනාශය යථා තත්ත්වයට පත් වන්නේ නැත. එහෙත් බලධාරීන්ගේ වගකීම් විරහිතභාවය ඉන් සංකේතවත් වනු ඇත. ඊළාම් යුද්ධය හේතුවෙන් තිස් වසරක් පුරා ලංකාව දුක් වින්දේය. යළි එවැනි යුද්ධයකට රට ගෙන යෑමට ඉඩ නොදෙන බව අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. විපක්‍ෂ නායකවරයා කියා සිටියේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරය විහිළුවට ගත යුතු නැති බවය. “එකම ගලේ දෙවරක් පය හප්පා ගැනීම ගලේ වැරැද්දද පයේ වැරැද්දද යන්න තේරුම් ගැනීම පයට පමණක් නොව සර්වාංගයටම ගුණදායක බව“ පක්‍ෂ විපක්‍ෂ සියලු නායකකාරකාදීන්ට අප අවධාරණය කරමු.
වීඩියෝ