31

කොළඹ

මා දන්නා එච්.එම්.

සැණකෙලිය

‘මව්බිම’ දිනපතා පුවත්පතින් ඔහු “ගාන්ධර්ව“ නාමයෙන්ම මුල්පිටුවෙහි හඳුන්වා තිබිණි. ගාන්ධර්ව නමට ඔහු නිස්සකු බැවිනි. අමරදේව සූරීන්, කේමදාස සූරීන් මියගිය වේලෙහි ඇති වූ කම්පනයම එච්.එම්. මියගිය වේලෙහිද අප සිතට පිවිසිනි. ඔවුන් එකම යුගයක එකසේ ජන හද පහන් කළ ගාන්ධර්වයෝ වූහ. 

එච්.එම්. කොහි සිට කොතැනට ඇවිත් කෙසේ ජීවත් වුණිද යන්න සොයා විමසා බැලීමට කෙනකු උනන්දු වන්නේ ඔහු මිය ගිය හෙයිනි. ජීවත්ව සිටියදී ඒ ගැන සොයා බලන්නට සිටි පිරිස අතළොස්සකි. ඇතැම් විට ඇත්තේද නැත. 

කරුණාරත්න වනසිංහ මගේ සංගීත මිතුරෙකි. ඔහු ගැන මා දන්නේ තිස් හතළිස් වසරකට පමණ පෙර සිටය. ඔහු මිය යන මොහොත දක්වාම එච්.එම්. තනි නොකරන්නට වගබලා ගත් සහෘදයෙකි. 

එච්.එම්. අවසන් හුස්ම පොද හෙළුෑ මොහොතෙහිම, කරුණාරත්න, ඒ පුවත මට කීවේය. මාද එච්.එම්. ඇසුරුකළ එච්.එම්. ගේ සමීපතමයකුව සිටි බව ඔහු දන්නා හෙයිනි. 

අවුරුද්දට මොනවා හෝ අරගෙන එච්.එම්. බලන්න යන්නට සිතා සිටියෙමි. ඔහු මෙසේ මියගිය බව අසනවිට මා බියටත්, ශෝකයටත් පත්වන්නට බොහෝ හේතු තිබිණි. එච්.එම්. ජීවත්ව සිටියදී ඔහුගෙන් වැඩ ගත් අය ඔහු මියගිය සැණින් නොතකා හරීදෝ යන බිය මා තුළ ඇති විය. එසේ නොතකාහල බොහෝ ‘ප්‍රවීණයෝ’ සමාජයේ වූහ. දේශාපාලනඥයකු හෝ ‘මධුෂ්’ වැන්නකු හෝ පාතාල නායකයකු හෝ මියගියා නම් වෙඩි වැදී හෝ රිය අනතුරකින් හෝ අවසන් හුස්ම හෙළුවා නම් ලොකු අකුරින් ඒ නම පත්තර මුල්පිටු පුරනු ඇත. 

එච්.එම්. මියගියේ ජීවත්වීමට තවත් වරම් නැති වූ හෙයිනි. මිය යන විට ඔහුට හැත්තෑ විය සපුරන්න තවත් වසර එකක් පමණක් අඩු වී තිබුණි. එනම්, වසර එකුන් සැටක දිවි මංපෙත තුළ ඒ ගාන්ධර්වයා ශ්‍රී  ලාංකේය සංස්කෘතිය විසින් මරා දමා තිබිණි දැයි මා සිත බියට, විස්මයට පත් කළේය. 

ගාන්ධර්වයා යන වදන ඔහුට ද නිසිය. ඔහු හා සාමාන්තරව සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ කේමදාස, අමරදේව, “කපුගේ” මේ හැම කෙනෙක්ම ඒ “ගාන්ධර්ව“ නමට නිස්සෝ වෙති. වරක් ඔහුට චිත්‍රපටයක සංගීතය වෙනුවෙන් හොඳම සංගීත අධ්‍යක්ෂණය සම්මානය ලැබුණු මොහොතේ එම සම්මානය ප්‍රතික්ෂේප කළ එච්.එම්. කියා ඇත්තේ “මේක මට එපා ඕක දෙන්න කේමදාස”ට මේ එච්.එම්. එදා සිටම නිහතමානි වූ සැටිය. අදීන වූ සැටිය.

එච්.එම්. ගැන ලියන්නට බොහෝ දේ තිබේ. එහෙත් ජනමාධ්‍යවල වැඩිපුර ඉඩහසර වෙන්වෙන්නේ එච්.එම්. ලා ගැන කියන්නට නොව “මධුෂ්ලා” වැනි පාතාල කෙරුමන් ගැන කියන්නටය. එය වරදක් නොවේ. මේ කලියුග කාලයේ හැටිය. කම් නැත. එච්.එම්. ගැන තව පොඩි දෙයක් ලියමි. 

එච්.එම්.ට ඔහුටත් වඩා ජනාකර්ෂණීය වූ බිරියක් සිටියාය. ඒ මාලනී බුලත්සිංහලය. තව දරු දෙදෙනෙක් සිටියේය. අද ජීවතුන් අතර සිටින්නේ කසුන් කල්හාර නම් වූ සංගීතඥ පුතුය. 

දියණිය රෝගාතුරු වී අකල් වියෝවට පත් වූවාය. එදා මුළු රටම ඒ දියණිය ගැන කතා කළහ. බිරිය මාලනී ගැනද රටම කම්පා වූහ. ඇය මියගිය හැටි ගැන බොහෝදෙනා දනිති. එච්.එම්. මියගිය හැටි තබා ඔහු ජීවත් වුණු හැටිද වැඩි පිරිසක් නොදනිති. වර්තමාන සහෘද ජනතාව මහත් ආශාවෙන් අහන ගීත රැසකම රිද්මය, එච්.එම්ගේය. මාලනී ගයන “රජ මැඳුරක ඉපදී සිටියා නම්” ගීතයේ සිට අෑ ගැයූ බොහෝ ගීතවල හැඩ වැඩ රස උත්පාදකයා මේ මහා සංගීතඥයාය. බිරියත්, දියණියත් නැතිව එච්.එම්. හුදෙකලා විය. මේ ලිපිය ලියන මා එක්තරා කාලයක කසුන්ට ද අකුරු කියා දී ඇත. බොහෝ දේ ලෝකයාට අමතකව යන මෙවන් යුගයක පිය මඟෙහි ගිය “කසුන්” සංගීත ක්ෂේත්‍රයේ ඉහළ තැනෙක වැජඹීම සතුටකි. අද අප මේ රටට කියන්නේ කසුන්ගේ පියා ගැනය. එම්.එම්.ට ආදරය කළ එච්.එම්. ගේ අවසානය දක්වා ඔහු රැක බලාගත් අය ගැන තවත් බොහෝ කතාන්දර ඇත. ඇතැම් ඒවා ඛේදනීය වෙයි. ඇතැම් ඒවා ප්‍රියජනක වෙයි. 

අවසන් මොහොත දක්වා අත්හැර නොගිය ප්‍රිය මිත්‍රයෙක් ඔහුට සිටියේය. 

ඒ මධුවිතය. එච්.එම්.ගේ මරණය ඉක්මන් කරන්නට ඇත්තේද ඒ මිත්‍ර සමාගමය.


විදුර අබේනායක


ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට ඉල්ලා අස්වන ලෙසට ජනපති දැනුම්දෙයි

වැල්ලවත්තේ සැකකටයුතු බයිසිකලයක් පුපුරුවා හැරේ

බෝම්බ පුපුරන්න පැය කීපයකට කලිනුත් ඉන්දියාවෙන් ලංකාවට අනතුරු ඇඟවීම් කරලා

කොළඹට ආපු සැකකටයුතු වෑන් රථය පොලීසියෙන් අල්ලයි

ප්‍රශ්නකිරීමෙන් පසු අමල් නිදහස් කෙරේ

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක්

Final අවොත් තෑග්ග ඩොලර් ලක්ෂ 52ක්

රටවල් 10ක සහභාගිත්වය ඇතිව එංගලන්තය හා වේල්සය කේන්ද්‍ර කරගනිම

07:35 AM Apr 24 2019

මිතුරන් ප්‍රහාරවලින් මියයද්දී විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

07:21 AM Apr 24 2019

නායක දෝනි හයේ පහර 200ක්

08:04 AM Apr 23 2019

අගමැති මෝදී ඡන්දය පල කරයි

ලොව වැඩිම ජනතාවක් සහභාගි වන මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණයේ

12:04 PM Apr 24 2019

බෝම්බ පුපුරන්න පැය කීපයකට කලිනුත් ඉන්දියාවෙන් ලංකාවට අනතුරු ඇඟවීම් කරලා

10:12 AM Apr 24 2019

ට්‍රම්ප්ගේ සහය ලංකාවට

08:37 AM Apr 23 2019

ආණ්ඩුවේ මට වඩා ආරක්ෂාව ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවනවා

නාමල් කුමාරගේ හඬ පටයට දුන් අවධානමවත් මෙම උවදුර සම්බන්ධව ලබා

05:28 PM Apr 24 2019

ජනපති ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ස්වර්ව පාක්ෂික සමුළුවක්

04:51 PM Apr 24 2019

නිහඬව සිටි බදියුදීන් ප්‍රහාර ගැන කතා කරයි

07:42 AM Apr 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-04-22
CARTOON ::: 2019-04-21
CARTOON ::: 2019-04-19

මහත්වරුනි, ලැජ්ජ නැත්ද?

සේරම රෙදි එක ඇණයේ එල්ලීමට අපි කැමැති නැත. එහෙත් පාස්කු ඉරිදා ස්ථාන හතක පුපුරා ගිය මිනිස් බෝම්බවල වගකීම පැවැරිය යුත්තේ ආණ්ඩුවට මිස අනෙකකුට නොවේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොච්චිකඩේදී විදෙස් මාධ්‍යවේදියකුට පවසා තිබුණේ දිවයිනේ ස්ථාන කිහිපයකට මෙවැනි ප්‍රහාර එල්ල වනු ඇති බවට තොරතුරු වාර්තා වුවද මේ ආකාරයේ බරපතළ ප්‍රහාර මාලාවක් කිසි විටෙක බලාපොරොත්තු නොවූ බවය. හේමසිරි ප්‍රනාන්දු මහතා මේ ප්‍රකාශය කළේ රෙදි ඇඳගෙනදැයි කුකුසක් මතු වුවද ප්‍රහාරවල වගකීම ගැන ඇතිව තිබූ ව්‍යාකූල තත්ත්වය නම් ඉන් පහව ගියේය. ජනාධිපතිවරයා නිල බලයෙන් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා වේ. එනම් සේනාධිනායකයාය.ආරක්ෂක ඇමැති ධුරය දරන්නේද ජනාධිපතිවරයා වන අතර පොලිස් දෙපාර්තමේන්තුව ඇත්තේද එතුමාගේ භාරයේය. එවැනි පසුබිමක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවැරෙන වගකීම සුවිශේෂීය. අන් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට නැති සුවිශේෂී වැඩ කොටසක් මේ ලේකම්වරයාට පැවරේ. තෙවැනි ඊළාම් යුද සමයේ ඇරඹෙන  මේ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සිය භූමිකාව පිළිබඳ අවබෝධයකින් යුතුව රාජකාරිය අකුරට ඉටු කළ බව විවාදයකින් තොරව පිළිගත යුතුය. පසු කාලීනව ඔහුට විවිධ චෝදනා එල්ල වුවද යුද ජයග්‍රහණය වෙනුවෙන් කළ කාර්යභාරය පැසසුම් කටයුතු වේ.ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකුගේ රාජකාරිය සාමකාමී වාතාවරණයක් තුළ වඩා නිදහස් වුවද ධුරයේ ඇති භාරධූරකම ඉන් අඩු වන්නේ නැත. එහෙත් ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා ප්‍රමුඛ බලධාරීන් ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ මේ අනතුරු ඇඟවීම් භාරගෙන ඇත්තේ ඉතා සැහැල්ලුවෙනි. ආරක්ෂක අමාත්‍යාංශයේ මෑත කාලයේ හිටපු ලේකම්වරුන්ටද වගකීමෙන් ඇඟ බේරාගත නොහැකිය.පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින තවුහීත් ජමාත් නම් අන්තවාදී සංවිධානයට සම්බන්ධ පවුල් හතරක තිස් දෙදෙනකු ධ්ඉධ්ඉ සංවිධානයේ පුහුණුව සඳහා ගොස් ඇති බවත් මෙරට ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වන බවත් 2016 නොවැම්බර් 18 වැනිදා ඇමැති විජයදාස රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී හෙළි කළත් ඒ පිළිබඳ ආරක්‍ෂක බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීම ඊට හේතුවය. ආණ්ඩු පක්‍ෂයේ ඇතැම් මැති - ඇමැතිවරු මේ තොරතුරු පදනම් විරහිත බව කියමින් රාජපක්‍ෂ මහතාට චෝදනා කළහ. ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ රැස්වීමේදී ද විජයදාස මන්ත්‍රිවරයා ඒ බව සිහිපත් කළේ මේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඒ චෝදනා කළ මැති ඇමැතිවරුන් භාරගත යුතු බව පවසමිනි.  ඉන්දීය රජයේ බුද්ධි අංශ ඉතා පැහැදිලිව ශ්‍රී ලංකා රජයට ත්‍රස්ත ප්‍රහාරයන් ගැන අනතුරු අඟවා තිබියදී මෙරට බුද්ධි අංශ වාර්තාවල ද ඒ බව පැහැදිලිව සඳහන් කර තිබියදී ආරක්‍ෂක බලධාරීන්ට “අනතුර” වළක්වා ගැනීමට හෝ පාලනය කර ගැනීමට හෝ නොහැකි වීම බරපතළ කාරණයකි. එකිනෙකාට “බෝලය” පාස් කරමින් වගකීමෙන් ලිස්සා යෑමට කිසිවකුට ඉඩදිය නොහැකිය. ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් විපක්‍ෂයේ පිරිස් දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන සමහරක් ඉල්ලා ඇත්තේ 300 කට අධික ජීවිත විනාශ කර 500කට අධික පිරිසකට තුවාල සිදුකළ මේ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හා පොලිස්පතිවරයා ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවය. මොවුන් ධුරවලින් අස්වූ පමණින් සිදුවූ විනාශය යථා තත්ත්වයට පත් වන්නේ නැත. එහෙත් බලධාරීන්ගේ වගකීම් විරහිතභාවය ඉන් සංකේතවත් වනු ඇත. ඊළාම් යුද්ධය හේතුවෙන් තිස් වසරක් පුරා ලංකාව දුක් වින්දේය. යළි එවැනි යුද්ධයකට රට ගෙන යෑමට ඉඩ නොදෙන බව අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. විපක්‍ෂ නායකවරයා කියා සිටියේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරය විහිළුවට ගත යුතු නැති බවය. “එකම ගලේ දෙවරක් පය හප්පා ගැනීම ගලේ වැරැද්දද පයේ වැරැද්දද යන්න තේරුම් ගැනීම පයට පමණක් නොව සර්වාංගයටම ගුණදායක බව“ පක්‍ෂ විපක්‍ෂ සියලු නායකකාරකාදීන්ට අප අවධාරණය කරමු.
වීඩියෝ