31

කොළඹ

අසාධරණියක් නොවන ‘ධරණී’

සැණකෙලිය

‘ධරණි’ යනු පොළොව හෝ භූමිය වේ. පොළොව සියල්ල දරා සිටියි. කත්‍යානා අමරසිංහ ලේඛිකාවගේ ‘ධරණි’ කුමක් දරාසිටියිද? නොඑසේ නම් දරා සිටින්නේ කවර අයුරේ හැඟීම් හා චිත්තාවේග සමුදායක්ද? ඒවා ගුරුවරියකගේ, පුවත්පත් කලාවේදිනියකගේ චිත්තාභ්‍යන්තරයේ කැලඹෙමින් පවතින චිත්තාවේග පමණද? නැතහොත් වියවුල් මනසකින් හෙබි තැනැත්තියක විසින් නොදැනුවත්ව මුදාලන රෝගී සිතිවිලි සමුදායක්ද? පාඨකයා තුළ මෙබඳු ප්‍රශ්න ජනිත කරවමින් ඒවාට පිළිතුරු සපයමින් දුලන්‍යා ස්වකීය ජීවිත ආරම්මණයන් සපුරා ගන්නා අයුරු ‘ධරණි’ දරා සිටින බැවින් කත්‍යානා අමරසිංහ ලේඛිකාවගේ ගෙතුම පාඨක සිත් ඇද බැඳගන්නා බව දිස්වේ.

මෙහි උත්ප්‍රාසය වන්නේ අන් කිසිවක් නොව දුලන්‍යා තුළ පවතී යැයි ඇගේ මව විසින්ද අනෙක් බොහෝ දෙනා විසින් ද විශ්වාස කරන මානසික වියවුල් භාවයයි.

පරිණත පරිකල්පිකාවක වශයෙන් කත්‍යානාගේ වික්‍රමය වන්නේ දුලන්‍යා තුළ පවතී යැයි විශ්වාස කෙරෙන මානසික වියවුල, රෝගය, අසහනය, සංකීර්ණතාව, අසමබරතාව යන මේ සියල්ල ‘ධරණි’ තලයේ සියලු චරිත තුළම පවත්නා බව පාඨකයාට ඥානනය කරවීමය.

ඇගේ මවට හා පවුලේ ඇතැමුන්ට අඩු වැඩි වශයෙන් දුලන්‍යා යනු රෙදි බෝනික්කකු හා කතා කරන, තනිකම් දෝෂයෙන් පීඩා විඳින්නියකි.

විශේෂයෙන් ඇගේ මව හා සොහොයුරිය එසේ විශ්වාස කරන අතර ඇයට අනේක විධ අතවරද පමුණුවනු පෙනේ. මහාචාර්ය සෝමර්ස්ට හා වර්ණිකට අනුව ඇය පරිසරයට අනුගතවීමෙහි අසමත් දිවා සිහින දකින (Maladaptive Day Dreaming) රෝග ලක්ෂණයන්ගෙන්ද, විෂාදයෙන්ද පෙළෙන්නියකි.

සුළු ධනේශ්වර ආකල්පවලින් ආතුරවූවන් දේශපාලන අඳබාලයන් සේ හැසිරෙන බව ජයකාන්තන්ගේ චර්යාවන් ඇසුරෙන් විදාරණය කරවීමද කත්‍යානාගේ තවත් වික්‍රමයකි. 

ඔහු ස්වකීය වර්ගයාගේ විමුක්තිය ගැන මොනතරම් ලීවත් ගැටුමෙහිදී එයට නොගෑවී සිටින්නට වගබලා ගනියි. 

එපමණක් නොව ගැටුමට දායක වන ස්වකීය පෙම්වතිය ඉන් ගලවා ගැනීමට අපමණ වෙහෙස දරයි. 

මොන අදහස් දැරුවත් ඔහුගේ චර්යාව අපට හඳුනා ගත හැකි වන්නේ මෙපරිදිය.

“මං ගැන කිව්වොත්, මට ඕන වුණේ නෑ තුවක්කු ගන්න, මට ඕන වුණේ පෑනෙන් සටන් කරන්න.”

98 පිටුව/ධරණි

බොහෝ වාමාංශිකයන්ගේද වාමාංශික අදහස් දරන අයද වාමාංශික කටයුතුවල නිරත අයද ආදී වශයෙන් වික්‍රම බොරලුගොඩ වාමාංශික පුවත්පත් කතුවරයාගේ හැසිරීමද පාඨකාවබෝධය වර්ධනය කරන්නකි. 

ඔවුනගේ වාමාංශික චින්තනය තනිකර මුසාවක් බව වික්‍රම බොරලුගොඩගේ මුවින් පිටවන වදන්වලින් පැහැදිලි වේ.

‘කසාදෙ ඔහොම පහුකළාම ළමයි හදන්නෙ කවද්ද?’ යනු ඔහු මගෙන් ඇසූ එක් ප්‍රධාන ප්‍රශ්නයක් විය. ‘ගෑනු ළමයි ඔච්චර ඉගෙනගෙන මොකටද?’ කියා වරෙක ඔහු ඇසුවේ මගේ පශ්චාත් උපාධිය ගැන සඳහන් කරමිනි. එමතු නොව ඔහු මා අඳින පලඳින විදිය පවා ඇතැම් විට සමච්චලයට භාජන කළේය. ‘ඔය ඩෙනිමයි ටී ෂර්ට් කෑල්ලයි නැතුව සායක්, සාරියක් ඇන්දානම් දුලන්‍යා ඔයිට වඩා පෙනුමට හිටියි.’

55 පිටුව/ධරණි

අපේ වාමාංශිකයන්ගෙන් බොහොමයක්. පක්ෂ නායකයන්ද ඇතුළුව මෙබඳු පසුගාමී අදහස් ඇත්තවුන් බව කත්‍යානා පෙන්වා දෙන සත්‍යයයි. නොඑසේ නම් මාක්ස් දර්ශනය අනුයන බව පෙන්වන ඒ පිරිස් මහින්ද චින්තනයට හෝ මෛත්‍රි දර්ශනයට වහ වැටී සිටින්නේ ඒ දෙක මාක්ස්ගේ දර්ශනයටත් ඉහළ දේශපාලන දර්ශන බැවින්දැයි පාඨකයාට ප්‍රශ්නයක් නැඟෙන්නේ වික්‍රමගේ චින්තනය ඔස්සේය.

අනෙක් අතට දුලන්‍යාද කුඩා අවධියේ සිට ප්‍රේම සාගරයේ ගිලී අතරමංව ගිය ළද බොළඳියක්ය යනුවෙන් වර්ගීකරණයට ලක්වන්නට කරුණු කාරණා එමටය. ඇය තම සොහොයුරියට පෙම් කරන රවීන්ද්‍රන්ට පෙම් කරයි. 

එවිට ඇය ළාබාල දැරියකි. ගුරුවරියක වූ අවධියේ වසන්ත සමඟ සබඳකමක් ඇති කර ගනියි. කුඩා අවධියේ සිටම වර්ණික සමඟ පැවැති සම්බන්ධය සොයුරු පෙම මුල් කොට ගත් නමුදු ආදරයේ බීජ වසංගාගත් එකකි. දුලන්‍යාම එය වචනවලට පෙරළන්නේ මෙසේය.

‘මා සම්බන්ධයෙන් ගත් විටද අයියාත්, අප්පච්චිත් නැතිවීමෙන් ඇති වූ හිස්තැනක් ඔහුගේ මිත්‍රත්වයත් සහෝදරත්වයත් දැඩි ලෙස ඉල්ලමින් සිටියේය.’

පිටුව 44/ධරණි

කෙසේ වෙතත් දුලන්‍යාගේ ප්‍රේමාන්දරය උච්චස්ථානයට පත්වන්නේ ජයකාන්තන් හමු වූ විටය. ජයකාන්තන් රවීන්ද්‍රන් හා අනන්‍ය කර ගන්නා ඇය රවීන්ද්‍රන් නොලැබීමේ අභාග්‍යය ජයකාන්තන් මඟින් ජය ගන්නට පිඹුරුපත් සකසයි. ඇය රාජිනී හා මනෝමය සංවාද අඛණ්ඩව ඉදිරියට ගෙනයන්නේ මෙකී ප්‍රේමය යථාර්ථයක් බවට පත් කර ගැනීම උදෙසාය. 

එහෙත් ජීවිතයේ එල්ලයක් නොමැතිව අහිගුණ්ඨික දිවියකට හුරුවූ ජයකාන්තන්ට විවාහය අමතර බරකි. එබැවින් ඔහු සුපුරුදු අහිගුණ්ඨික ජීවිතයට පලා යයි. දුලන්‍යා තනිවෙයි.

ඇයගේ තනිය, කුඩා කල රෙදි බෝනික්කා සමඟ ගතකළ දිවියට එකතු කරන, ෂෙරීන් සමඟ වූ විවාහයෙන් වෙන්ව සිටින වෛද්‍ය වර්ණික, දුලන්‍යාගේ තනිකමට බරපතළ මානසික රෝගයක නමක් යොදා ඇයව වසඟයට ගනියි.

ආත්ම වංචනයෙන් ජීවත්වන ජයකාන්තන්, වික්‍රම බොරලුගොඩ, වසන්ත වැනි පුද්ගලයන් වසන සමාජයේ ‘දුලන්‍යා’ වැනි චරිතයකට අත්වන ඉරණම මේ යැයි පෙන්වා දෙමින් සැබෑ මානසික රෝගීන් වන්නේ කවුරුන්දැයි බරපතළ සිතීමකට අවකාශ සලසන ‘ධරණි’ගේ මැදිහත්වීම සැබැවින්ම පැසසිය 

යුතුය.


ප්‍රේමතිලක පේරුකන්ද

ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට ඉල්ලා අස්වන ලෙසට ජනපති දැනුම්දෙයි

වැල්ලවත්තේ සැකකටයුතු බයිසිකලයක් පුපුරුවා හැරේ

බෝම්බ පුපුරන්න පැය කීපයකට කලිනුත් ඉන්දියාවෙන් ලංකාවට අනතුරු ඇඟවීම් කරලා

කොළඹට ආපු සැකකටයුතු වෑන් රථය පොලීසියෙන් අල්ලයි

ප්‍රශ්නකිරීමෙන් පසු අමල් නිදහස් කෙරේ

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක්

Final අවොත් තෑග්ග ඩොලර් ලක්ෂ 52ක්

රටවල් 10ක සහභාගිත්වය ඇතිව එංගලන්තය හා වේල්සය කේන්ද්‍ර කරගනිම

07:35 AM Apr 24 2019

මිතුරන් ප්‍රහාරවලින් මියයද්දී විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

07:21 AM Apr 24 2019

නායක දෝනි හයේ පහර 200ක්

08:04 AM Apr 23 2019

අගමැති මෝදී ඡන්දය පල කරයි

ලොව වැඩිම ජනතාවක් සහභාගි වන මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණයේ

12:04 PM Apr 24 2019

බෝම්බ පුපුරන්න පැය කීපයකට කලිනුත් ඉන්දියාවෙන් ලංකාවට අනතුරු ඇඟවීම් කරලා

10:12 AM Apr 24 2019

ට්‍රම්ප්ගේ සහය ලංකාවට

08:37 AM Apr 23 2019

ආණ්ඩුවේ මට වඩා ආරක්ෂාව ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවනවා

නාමල් කුමාරගේ හඬ පටයට දුන් අවධානමවත් මෙම උවදුර සම්බන්ධව ලබා

05:28 PM Apr 24 2019

ජනපති ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ස්වර්ව පාක්ෂික සමුළුවක්

04:51 PM Apr 24 2019

නිහඬව සිටි බදියුදීන් ප්‍රහාර ගැන කතා කරයි

07:42 AM Apr 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-04-22
CARTOON ::: 2019-04-21
CARTOON ::: 2019-04-19

මහත්වරුනි, ලැජ්ජ නැත්ද?

සේරම රෙදි එක ඇණයේ එල්ලීමට අපි කැමැති නැත. එහෙත් පාස්කු ඉරිදා ස්ථාන හතක පුපුරා ගිය මිනිස් බෝම්බවල වගකීම පැවැරිය යුත්තේ ආණ්ඩුවට මිස අනෙකකුට නොවේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොච්චිකඩේදී විදෙස් මාධ්‍යවේදියකුට පවසා තිබුණේ දිවයිනේ ස්ථාන කිහිපයකට මෙවැනි ප්‍රහාර එල්ල වනු ඇති බවට තොරතුරු වාර්තා වුවද මේ ආකාරයේ බරපතළ ප්‍රහාර මාලාවක් කිසි විටෙක බලාපොරොත්තු නොවූ බවය. හේමසිරි ප්‍රනාන්දු මහතා මේ ප්‍රකාශය කළේ රෙදි ඇඳගෙනදැයි කුකුසක් මතු වුවද ප්‍රහාරවල වගකීම ගැන ඇතිව තිබූ ව්‍යාකූල තත්ත්වය නම් ඉන් පහව ගියේය. ජනාධිපතිවරයා නිල බලයෙන් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා වේ. එනම් සේනාධිනායකයාය.ආරක්ෂක ඇමැති ධුරය දරන්නේද ජනාධිපතිවරයා වන අතර පොලිස් දෙපාර්තමේන්තුව ඇත්තේද එතුමාගේ භාරයේය. එවැනි පසුබිමක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවැරෙන වගකීම සුවිශේෂීය. අන් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට නැති සුවිශේෂී වැඩ කොටසක් මේ ලේකම්වරයාට පැවරේ. තෙවැනි ඊළාම් යුද සමයේ ඇරඹෙන  මේ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සිය භූමිකාව පිළිබඳ අවබෝධයකින් යුතුව රාජකාරිය අකුරට ඉටු කළ බව විවාදයකින් තොරව පිළිගත යුතුය. පසු කාලීනව ඔහුට විවිධ චෝදනා එල්ල වුවද යුද ජයග්‍රහණය වෙනුවෙන් කළ කාර්යභාරය පැසසුම් කටයුතු වේ.ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකුගේ රාජකාරිය සාමකාමී වාතාවරණයක් තුළ වඩා නිදහස් වුවද ධුරයේ ඇති භාරධූරකම ඉන් අඩු වන්නේ නැත. එහෙත් ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා ප්‍රමුඛ බලධාරීන් ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ මේ අනතුරු ඇඟවීම් භාරගෙන ඇත්තේ ඉතා සැහැල්ලුවෙනි. ආරක්ෂක අමාත්‍යාංශයේ මෑත කාලයේ හිටපු ලේකම්වරුන්ටද වගකීමෙන් ඇඟ බේරාගත නොහැකිය.පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින තවුහීත් ජමාත් නම් අන්තවාදී සංවිධානයට සම්බන්ධ පවුල් හතරක තිස් දෙදෙනකු ධ්ඉධ්ඉ සංවිධානයේ පුහුණුව සඳහා ගොස් ඇති බවත් මෙරට ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වන බවත් 2016 නොවැම්බර් 18 වැනිදා ඇමැති විජයදාස රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී හෙළි කළත් ඒ පිළිබඳ ආරක්‍ෂක බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීම ඊට හේතුවය. ආණ්ඩු පක්‍ෂයේ ඇතැම් මැති - ඇමැතිවරු මේ තොරතුරු පදනම් විරහිත බව කියමින් රාජපක්‍ෂ මහතාට චෝදනා කළහ. ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ රැස්වීමේදී ද විජයදාස මන්ත්‍රිවරයා ඒ බව සිහිපත් කළේ මේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඒ චෝදනා කළ මැති ඇමැතිවරුන් භාරගත යුතු බව පවසමිනි.  ඉන්දීය රජයේ බුද්ධි අංශ ඉතා පැහැදිලිව ශ්‍රී ලංකා රජයට ත්‍රස්ත ප්‍රහාරයන් ගැන අනතුරු අඟවා තිබියදී මෙරට බුද්ධි අංශ වාර්තාවල ද ඒ බව පැහැදිලිව සඳහන් කර තිබියදී ආරක්‍ෂක බලධාරීන්ට “අනතුර” වළක්වා ගැනීමට හෝ පාලනය කර ගැනීමට හෝ නොහැකි වීම බරපතළ කාරණයකි. එකිනෙකාට “බෝලය” පාස් කරමින් වගකීමෙන් ලිස්සා යෑමට කිසිවකුට ඉඩදිය නොහැකිය. ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් විපක්‍ෂයේ පිරිස් දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන සමහරක් ඉල්ලා ඇත්තේ 300 කට අධික ජීවිත විනාශ කර 500කට අධික පිරිසකට තුවාල සිදුකළ මේ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හා පොලිස්පතිවරයා ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවය. මොවුන් ධුරවලින් අස්වූ පමණින් සිදුවූ විනාශය යථා තත්ත්වයට පත් වන්නේ නැත. එහෙත් බලධාරීන්ගේ වගකීම් විරහිතභාවය ඉන් සංකේතවත් වනු ඇත. ඊළාම් යුද්ධය හේතුවෙන් තිස් වසරක් පුරා ලංකාව දුක් වින්දේය. යළි එවැනි යුද්ධයකට රට ගෙන යෑමට ඉඩ නොදෙන බව අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. විපක්‍ෂ නායකවරයා කියා සිටියේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරය විහිළුවට ගත යුතු නැති බවය. “එකම ගලේ දෙවරක් පය හප්පා ගැනීම ගලේ වැරැද්දද පයේ වැරැද්දද යන්න තේරුම් ගැනීම පයට පමණක් නොව සර්වාංගයටම ගුණදායක බව“ පක්‍ෂ විපක්‍ෂ සියලු නායකකාරකාදීන්ට අප අවධාරණය කරමු.
වීඩියෝ