30

කොළඹ

කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කතාවක් එළියට

සැණකෙලිය

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත් යට ගොසින්ය. මෙහි එන විග්‍රහයෙන් කියැවෙන්නේ එවන් කතාවක තොරතුරුය. මහාවංශයේ සඳහන් වී ඇති පරිදි බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ සමයේ නාගදීපයේ වාසය කළැයි පැවසෙන නාග රජවරුන් ද ද්‍රවිඩ ජාතිකයන් බව ඔවුන්ගේ මතයයි. මේ කරුණු අනුව අප රටේ ඉතිහාසයේ මුල් අවධියේ පටන්ම යාපන ප්‍රදේශයේ ස්වාධීන ද්‍රවිඩ රාජ්‍යයක් පැවැති බවට ද මෙම ද්‍රවිඩ ප¾ඩිවරු තර්ක කරති. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ සමයේ මෙහි විසූවන් පිළිබඳ මහාවංශය කරන සඳහන මේ මතයෙහි සාවද්‍යතාවය පෙන්වීමෙහිලා වැදගත් වෙන හෙයින් ඒ කොටස මෙහි උපුටා දක්වමු. “ඒ සර්වඥයන් වහන්සේ ප්‍රථමකොට මේ ලක්දිව වැඩ යක්ෂයන් දමනය කළ සේක. නැවත දෙවනුව වැඩ නාගයන් දමනය කළ සේක, නැවත තුන්වෙනුව පස්මරුන් දිනූ මුනින්ද්‍රයන් වහන්සේ කැලණියේ මණිඅක්ඛිත නම් නාගයා විසින් නිමන්ත්‍රණය කරන ලද්දේ ආගමනය කොට එහි සංඝයා සමඟ ආහාර වළ¼දා.. ලෝකයට ප්‍රදීප වූ සේක්.

 එකල ලංකාද්වීපයෙහි මනුෂ්‍යයන් නැති බැවින් ද්වීපයෙහි සිටියා වූ දේව සමූහයාට ද නාගයන්ට ද මොනවට අනුශාසනා කොට සංඝයා සහිතව අහසට නැඟී දඹදිව වැඩි සේක. මේ පාඨයෙන් පැහැදිලි වන්නේ එකල යක්ෂ හා නාග යන නම්වලින් හැඳින්වූවන් මනුෂ්‍යයන් නොවූ බවත් මහාවංශ කර්තෘ ඔවුන් භූතයන් පිරිසක් ලෙස සලකා ඇති බවත්ය. එකල නාග නමින් හැඳින්වුණේ මනුෂ්‍ය වර්ගයක් ම යැයි පිළිගනු ලැබූවන් ඔවුන් ද්‍රවිඩයන් යැයි සැලකීමට හේතු සාධක නැත. දැනට යාපන අර්ධද්වීපයේ මුළුමනින්ම ද්‍රවිඩයන් පදිංචි වී සිටින නිසා එකල නාග නමින් හැඳින්වූවන් ද්‍රවිඩයන් වශයෙන් හඳුනා ගන්නේ නම් එම තර්කයටම අනුව දැනට උතුරු ඉන්දියාවේ නාගපුරයේ ජීවත්වන්නන් ආර්යයන්ගෙන් පැවත එන්නන් බැවින් නාග නමින් හැඳින්වුණේ ආර්යයන් බව පිළිගත යුතුය. 

අෑත අතීතයේ සිටම හෝ දහතුන්වැනි සියවසට පෙර කිසිම අවස්ථාවක හෝ යාපන අර්ධද්වීපයේ ස්වාධීන ද්‍රවිඩ රාජ්‍යයක් නො වූ බවටත් ශ්‍රී ලංකාවෙහි ඓතිහාසික යුගයේ ආරම්භයේ සිට ක්‍රි.ව. දහතුන් වැනි සියවසේ අග භාගය වනතුරු ම යාපනය ප්‍රදේශය සිංහලයන් සතුව පැවැති බවටත් සාක්ෂි අපේ වංස කතාවලින් හා සමකාලීන සෙල්ලිපිවලින් ලැබේ. මේ සාක්ෂි බොහොමයක් හා අදාළ ද්‍රවිඩ මූලාශ්‍රවලින් ලබාගත් සාක්ෂි ද ඉදිරිපත් කරමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට සපයන ලද ශාස්ත්‍රීය ලිපියක් මඟින් ක්‍රි.ව. 13 වැනි සියවසට පෙර කිසි විටෙක යාපනයේ ස්වාධීන ද්‍රවිඩ රාජ්‍යයක් නොවූ බව මනාව ඔප්පු කොට ඇත. යාපනය දිස්ත්‍රික්කයෙන් ලැබුණු ක්‍රි.ව. දහවැනි සියවසට අයත් සෙල්ලිපියක් මෙහි පළ කිරීමට අප අදහස් කළේ පරණවිතාන මතය නිවැරැදි බව සනාථ කිරීමටය. මේ සෙල්ලිපිය පරණවිතාන මහතාට දකින්නට ලැබුණු බවක් නොපෙනේ. තමාගේ ලිපියෙහි මේ සෙල්ලිපිය ගැන සඳහන් නොවීමෙන් ඒ බව පැහැදිලිය. ක්‍රි.ව. දහවැනි සියවසේ දී ද යාපන ප්‍රදේශය සිංහලයන් සතුව පැවැති බව මේ සෙල්ලිපියෙන් මනාව ඔප්පු වේ.

මෙය ඇත්තේ මීට අවුරුදු කීපයකට පෙර යාපන අර්ධද්වීපයේ චුන්නාකම් (පුරාණ හුණුගම) නමින්, දන්නා ස්ථානයට නුදුරින් පිහිටි පුරාතනයේ කදුරුගොඩ විහාරය නමින් හැඳින්වුණු දැනට කන්දරෝඩෙයි නමින් දන්නා ගමින් සොයාගන්නා ලද අත්තාණි කණු කැබැල්ලකය. මේ අත්තාණි කණුව පිහිටුවන ලද්දේ කවර ආයතනයකට හෝ ගමකට පරිහාර දීම සඳහා ද යන්න සෙල්ලිපියේ දැනට ඉතිරි වී ඇති තොරතුරුවලින් හෙළි නොවෙතත් එය යාපන අර්ධද්වීපයේ තිබී හමුවීම පමණක් වුවද එකල ඒ ප්‍රදේශයේ භාෂාව සිංහලය වූ බව හා ඒ ප්‍රදේශය සිංහලයන් සතුව පැවැති බවත් පෙන්වන බැවින් මෙ සෙල්ලිපි කැබැල්ල පළ කිරීම ඵලදායක බව අපේ හැඟීමය. මේ ලිපි කැබැල්ල මූණත් හතරකින් යුක්ත වූ අඩි කිහිපයක් උසට තිබූ ගල් කුලුනක කොටසකි. 

එහි උස අඟල් 17ක් පමණ වන අතර මූණතක පළල අඟල් 9 1/2ක් පමණය. ක්‍රි.ව. නවවැනි දහවැනි සියවස්වල සෙල්ලිපිවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ආරම්භක වාක්‍යයක් වන “සිරිබර් කැත්කුල කොත්” යන පාඨය එක් පැත්තක දක්නට ලැබෙන බැවින් අපට ලැබී ඇත්තේ අත්තාණි කණුවේ උඩ කොටස බව පැහැදිලි ය. එක් පැත්තක ඇත්තේ සූර්යයාගේ රූපයක් පමණක් බැවින් ලිපිය කොටා තිබුණේ තුන් පැත්තක පමණක් බව සිතාගත හැකිය. මුළු ලිපියෙන් ම දැනට අපට ඉතිරිව ඇත්තේ එක පැත්තක පේළි අටක් බැගින් පේළි 24ක් පමණි. වෙනත් වචනවලින් කියතොත් දැනට ඉතිරිව ඇත්තේ මුළු ලිපියෙන් හතරෙන් එකක් හෝ තුනෙන් එකක් හෝ පමණි. ලිපියේ අකුරු පේළි කෙළින් සිටින සේ කෙටීම පහසුවෙනු පිණිස කුලුනේ මූණත් සැස ඉරිගසා වෙන්කොට ඇත. රූල් දෙකක් අතර දුර ප්‍රමාණය අඟල් දෙකක් පමණ වේ. අකුරු තරමක් ගෙවී ගොස් ඇතත් අමාරුවෙන් හෝ අකුරු සියල්ලම පාහේ කියවා ගත හැකිය.

ලිපියේ අක්ෂර සම්බන්ධයෙන් කිව යුත්තේ ඒවා ක්‍රි.ව. නවවැනි හා දහවැනි සියවස්වල දක්නට ලැබෙන අකුරුවලට සමාන බවත් අකුරක උස අඟල් 1 1/2 සිට 2 දක්වා පමණ වන බවත් සමස්තයක් වශයෙන් ගත් කල සියලුම අකුරු ප්‍රමාණයෙන් එක සමාන වන බවත්ය. මේ ලිපියේ ඇති අක්ෂර සිව්වැනි දප්පුල රජුගේ කාලයට අයත් ඇල්ලෙවැව (E.Z.V.Pl.45) හා ඇටවීරගොල්ලෑව (E.Z.II.Pl.4) ටැම් ලිපිවල අක්ෂරවලට ඉතාම සමානය.මේ ටැම් ලිපි දෙකෙහි ඇති ක, ග, ප, න, ස, හ, හා, ල යන අකුරු කන්දරෝඩය ලිපියෙහි ඒ අකුරුවලට ඉතාම සමීප වෙයි. එමෙන්ම මේ අකුරු නූතන සිංහල හෝඩියෙහි එම අකුරුවලට ද බෙහෙවින් සමානය. මේ ලිපියේ ඇති “ව” හා “ප” යන අකුරු දෙකෙහිද “ග” හා “හ” යන අකුරු දෙකෙහි ද වෙනස පැහැදිලිය. “ම” යන්න ක්‍රි.ව. අටවැනි සියවසේ පෞරාණික “ම” යන්නට සමානය. “ර” යන්නේ වම් පැත්තේ ඉර දකුණු පැත්තේ ඉරට උඩ දී හෝ යට දී හෝ සම්බන්ධ වී නැත. එමෙන්ම පාපිලි ලකුණු යෙදීමේ දී ද පාපිල්ලේ ඉරි දෙක යට දී එකට සම්බන්ධ කොට නැත.

මේ අත්තාණි කණුව පිහිටු වූයේ කවර රජකුගේ කාලයේ දී දැයි ලැබී ඇති කොටසෙහි සඳහන් ව නැතත් ලිපියේ ශෛලිය හා සෙල්ලිපියෙන් ලැබෙන යම් යම් සාක්ෂි අනුව එය පිහිට වූ රජුගේ නම අපට අනුමාන වශයෙන් සිතාගත හැකිය. අනුරාධපුර රාජධානියේ දෙවැනි උදය රජුගේ ඇවෑමෙන් රජ වූ ඒ රජුගේ බාල සොහොයුරු හතරවැනි කාශ්‍යප රජු (ක්‍රි.ව. 898-914) තමා රෝහණ රාජ්‍යය යටත් කොටගත් දෙවැනි උදය අභා රජුගේ (887-898) සොහොයුරා බව ඔහු විසින් පිහිටුවන ලද සෙල්ලිපි කිහිපයකම සඳහන් කොට ඇත.

 ඒ රජුගේ දැනට පළකොට ඇති මොරගොඩ තිඹිරිවැව හා කොළඹ කටුගේ ටැම් ලිපිවල හා මෙතෙක් පළ නොකළ කුංචිකුලම, අඹගස්වැව හා හල්මිල්ලකුලම ටැම් ලිපිවල ද මේ පුරසාරම දැකිය හැකිය. ඒ හැම ලිපියකම මේ පිළිබඳව ලියැවී ඇත්තේ එක සමාන පාඨයකි. පහත දැක්වෙන්නේ මොරගොඩ ටැම් ලිපියෙහි එන අදාළ කොටසයි. “සිරිලක්දිව්හි පිහිටි සිරිපිඩ් යස ඉසිරි රුහුණු දනවු මලමඩුලූ එක ආන්නෑ කොට් තමහට් සිරිභොග කළ උදා අභයි මහරජ්හු සෙහොවුර් කසුබ් සිරිසඟබෝ මපුර්මුකා” දෙවැනි උදය රජුට කලින් අනුරාධපුරයේ රජ කළ දෙවැනි සේන රජු (853-887) ද රුහුණු රට තම රාජ්‍යයට අෑ¼දා ගත් බව දෙවැනි සේන රජුගේ පුත්‍රයකු වූ සිව්වැනි දප්පුල රජු (924-935) තමාගේ ඇල්ලෙවැව ටැම් ලිපියෙහි හා කදුරුගස්කඩ ටැම් ලිපියෙහි ද සඳහන් කොට ඇත. 

මේ ලිපි දෙකෙහිම මේ පිළිබඳව කියැවෙන කොටස සමානය. ඇල්ලෙවැව ටැම් ලිපියෙහි ඒ පුවත දැක්වෙන්නේ මෙසේය. සිරිබර් කැත්කුලකොත් ඔකාවස් රජ පරපුරෙන් බට ලක්දිව පොළොයොන් පරපුරෙන් හිමි වූ අභා සිරිසඟබෝ මහරද්හුතුමා සත් ලැගු නවවන හවුරුදුයෙහි පා¾ඩි රට් පැහැර ජය කීර්ති ලද් රුහුණු දනවු මලමඩුලු කම්හට් ඒකාන්නෑ සිරිභොග කළ මරද්හු දරු අභාසලමෙවන් දපුළු මහරද්හු. මෙම ලිපි දෙකෙන්ම කියැවෙන්නේ තමා පාණ්ඩ්‍ය රට හා රුහුණු රට ජයගත් දෙවැනි සේන රජුගේ පුත්‍රයකු බවයි. සිවුවැනි දප්පුල රජු ද (924-935) තමා රුහුණු රට අෑ¼දාගත් බව තමාගේ ටැම් ලිපියක සඳහන් කරයි. ඒ ලිපියෙහි අදාළ පාඨය පහත දැක්වෙයි.

 “ස්වස්ති, සිරිබර් කැත්කුලකොත් ඔකාවස් රද්පරපුරෙන් බට් ලග්දිව් පොළොයොන් පරපුරෙන් හිමි වූ සිරිසඟබෝ මහරද්හු (දරු) රුහුණු දනවු දන මඩුලු තමහට් එකැ ආන්නෑ සිරිභොග කළ අභා මහරද්හු” යනුවෙනි. යට දැක්වූ හතරවැනි කාශ්‍යප රජුගේ සෙල්ලිපිවල එන පාඨය සිවුවැනි දප්පුල රජුගේ සෙල්ලිපිවල එන පාඨය හා සසඳන විට පෙනී යන්නේ කන්දරෝඩෙයි ටැම් ලිපියේ එන පාඨය දප්පුල රජුගේ සෙල්ලිපිවල එන පාඨයට ඉතාමත් ම නැතහොත් වඩාත් ම සමීප බවයි. කන්දරෝඩෙයි ලිපියේ අක්ෂරවල වර්ධනය අනුව බැලුව ද සිවුවැනි කසුබ් රජුගේ සෙල්ලිපිවල එන අකුරුවලට වූ වඩා සිවුවැනි දප්පුල රජුගේ සෙල්ලිපිවල, එන අක්ෂරවලට - විශේෂයෙන් ම ඇටවීරගොල්ලෑව හා ඇල්ලෙවැව ටැම් ලිපිවල අකුරුවලට බෙහෙවින් සමානය. 

එබැවින් කන්දරෝඩෙයි ටැම් ලිපිය සිවුවැනි දප්පුල රජුගේ කාලයට අයත් යැයි අඩමාන කළ හැකිය. කන්දරෝඩෙයි ටැම් ලිපිය පිහිටුවීමට සම්බන්ධ වූ කිලිග් අග්බෝනාවන්ගේ නව සිවුවැනි දප්පුල රජුගේ පොළොන්නරුව අංක 2 දරන ශිව දේවාලයේ ටැම් ලිපයක හා ඒ රජුට අවුරුදු තුනකට පසු රජ පැමිණි තුන්වැනි සේන රජුගේ (938-946) කාලයට අයත් බණ්ඩාර රත්මලෙන් හා කන්තලේ ඇල්ලේ පාරෙන් හමුවූ ටැම් ලිපි දෙකක ද සඳහන් වී ඇති බැවිනුත් කිලිග් අග්බෝනාවන් ගේ නියෝගයෙන් කන්දරෝඩෙයි අත්තාණි කණුව සිටුවීමට ගිය කිලිග් බෝසත් ගේ නව සිවුවැනි දප්පුල රජුගේ ඇටවීර ගොල්ලෑව ටැම් ලිපියෙහි හා බණ්ඩාර උල්පොත ටැම් ලිපිය හතරවැනි දප්පුල රජුගේ කාලයට අයත්ය යන මතය වඩාත් තහවුරු වෙයි.

 මේ අත්තාණි කණුව පිහිටුවීමේ අරමුණ අනුරාධපුරයේ අභයගිරි විහාරය හා සම්බන්ධ වී හෝ එය සතුව යාපනය අර්ධද්වීපයේ පිහිටා තිබූ යම්කිසි ගමකට හෝ ආයතනයකට හෝ පරිහාර දීම බව සිතිය හැකිය. එහෙත් අභයගිරි වෙහෙරෙ යන වචනයට පසුව වූ වාක්‍ය කොටස ලැබී නැති හෙයින් පරිහාර ලැබූ ගමේ හෝ ආයතනයේ නම දැනගැනීමට ක්‍රමයක් නැත. කෙසේ වෙතත් අනුරාධපුරයේ අභයගිරි හා සම්බන්ධව පැවැති ආයතනයක් එකල යාපනය ප්‍රදේශයේ පිහිටා තිබූ බවට ඉඟියක් මේ සෙල්ලිපියෙන් ලැබේ. මේ ලිපිය සොයාගනු ලැබුයේ පුරාණ කදුරුගොඩ විහාරය පිහිටා තිබූ ස්ථානයෙන් බැවින් එකල ඒ විහාරය අනුරාධපුරයේ අභයගිරි විහාරයට සම්බන්ධ වී හෝ අනුබද්ධ වී හෝ පැවැති බව විශ්වාස කළ හැකිය.

විජිත කේ. පතිරණ

කුවේට් තානාපති කාර්යාලය ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

මුරුතවෙල කැලේකින් ස්නයිෆර් ටෙලස්කොපයක් හමුවේ (PHOTO)

අදත් දිවයින්නේ ප්‍රදේශ කිහිපයකට වැසි

ශ්‍රී පාද වාරය අදින් අවසන්

ඉන්දීය මහමැතිවරණයේ අවසන් අදියර අද

මෙදා පාර පෙන්නන්න බැරිවෙන තොටළඟ තොරණේ වේදනාව - ලක්‍ෂ 26ක් දැනටමත් වියදම්
කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක් - 35ක් මරා වළ දමලා

ස්කොට්ලන්තය එක්ක හැප්පෙන සිංහ කණ්ඩායම මෙන්න - මාලිංග එංගලන්තයට යයි

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරඟ දෙකකින් සමන්විත එක්දින තර

12:16 PM May 18 2019

ක්‍රිස් ගේල් අවසන් වරට රතිඤ්ඤා පුපුරුවන්න සැරසෙයි, ජයග්‍රහණයකින් මෙම තරගාවලිය අවසන් කරනවා

08:36 AM May 17 2019

සිවු වසරකට පසු දෙපිල හමුවන පළමු තරගය හෙට

08:28 AM May 17 2019

පිලිපීනයේ දුම්රිය අනතුරකින් 34 දෙනෙකු තුවාල

පිලිපීනයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවා

02:03 PM May 19 2019

ඉන්දීය මහමැතිවරණයේ අවසන් අදියර අද

11:07 AM May 19 2019

ඕස්ට්‍රේලියානු මහමැතිවරණය අද

01:57 PM May 18 2019

“තලතා කියන තැනැත්තිය මහා සංඝරත්නයට අපහාස කරපු විදිය අපි දැක්කා.කුණු ගඳ ගහන කටවල් තිබුනාට, කටවල් පරිස්සම් කරගෙන මේ රට තුල ජීවත් වෙනවානම් හොදයි "

“තලතා අතුකෝරාල කියන තැනැත්තිය මහා සංඝරත්නයට අපහාස කරපු විදිය

03:03 PM May 19 2019

අද රණවිරුවන්ව සිහිකරනකොට රණවිරුවන්ගේ වටිනාකම මේ රටේ ජනතාවට නැවත වාරයක් මතක් උනා

06:00 PM May 19 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය අපෙන් කිසිම සහායක් නෑ

03:38 PM May 18 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-16
CARTOON ::: 2019-05-15
CARTOON ::: 2019-05-14

ජාතික සමඟිය

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමඟ ගැට ගසා තිබූ විලංගුව ගලවා දැමුවේ 1948 පෙබරවාරි 4 වැනිදාය. එනම් අදින් වසර 71කට පෙරය. නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක එදා ලංකා ගුවන් විදුලි සේවය ඔස්සේ ඉතා වැදගත් කතාවක් පැවැත්වීය.“අද ශ්‍රී ලංකාවාසී අප ලබන දේශපාලන නිදහස දෙවැනි වන්නේ මෙයට වසර 2500කට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආධ්‍යාත්මික නිදහස ලැබීමට පමණි. අනාදිමත් කාලයක් අප සතුව තිබූ ජන්ම අයිතිය ශතවර්ෂ කිහිපයකට පසුව දැන් නැවැත අපට ලැබී තිබේ. අප ලද නිදහස ර¼දා පවතින්නේ ජාතීන් අතර සමඟිය පැවැතුණ හොත් පමණි. මෙරට වෙසෙන කුදුමහත් සෑම ජාතියකම යුතුකම හො¼ද හිත පැතිර වීම හා සමඟි සම්පන්න බව ඇති කිරීමය.නිදහස දිනා ගැනීම වූ කලී අලුත් සටනක ආරම්භයයි. ලබාගත් නිදහස රටට සෞභාග්‍යය ළඟා කිරීමේ ආයුධයක් කරගත යුතුය. එහිලා වැදගත් සාධකය වන්නේ මගේ රට වැසියන්ගේ සමඟිය හා ඒකාග්‍ර හොඳ හිතය. එය එසේ නොවුණ හොත් අපට අන් හැම දෙයක්ම අහිමි වනු ඇත. එය එසේ නොවේවායි ප්‍රාර්ථනය කරන අතරම අපේ රටවැසියන්ගේ අනාගතය පී්‍රතිමත් සෞභාග්‍ය සම්පන්න එකක් වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.”ජාතියේ පියාගෙන් සමාව ඉල්ලන්නට අපට සිදුවී තිබේ. එතුමන් අපේක්‍ෂා කළ ජාතික සමඟිය රැක ගැනීමට අපට නොහැකි වී තිබේ. නිදහස දිනා ගැනීම උදෙසා දැඩි සහෝදරත්වයෙන් එක්ව සටන් වැදුණු ප්‍රධාන ජාතීන් තුන වරින්වර ඇන කොටා ගනිමින් රට පරිහානියට පත් කොට දැන් අපි වල්මත් වී හසරක් නොදැක සිටිමු. සෑම දෙයක්ම, සෑම ක්‍ෂේත්‍රයක්ම අවුලෙන් අවුලට පත්ව තිබේ. වැරදුණේ කොතැනද සොයා ගන්නට හෝ වැටී සිටින අවුල් ජාලයෙන් ගොඩගන්නට හැකි දූරදර්ශී නියමුවකු සොයා ගත නොහැකිව ලංකාව රුවල බිඳුණු නෞකාවක් සේ ඉන්දීය සයුරේ පාවෙමින් තිබේ.එදා 1947 ප්‍රථම ආණ්ඩුව පිහිටවනු පිණිස එක්සත් ජාතික පක්‍ෂය බිහි කරන ලද්දේ ලංකා ජාතික සංගමය, සිංහල මහා සභාව හා මුස්ලිම් ලීගය ඒකාබද්ධ වීමෙනි. ටී.බී. ජයා, ‍ෙදාස්තර ඇම්.සී. කලීල්, බද්යුදීන් මහමුද්, මරික්කාර්, බකීර් මාකාර් මුල් වකවානුවේ කැපී පෙනුණු මුස්ලිම් නායකයෝ වූහ. ඔවුන් ආගම හෝ ජාතිය පදනම් කොටගෙන දේශපාලනය කළේ නැත. රටේ ව්‍යවස්ථාවට අනුව තම දේශපාලන පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට අනුව සිංහල ජාතියේ නායකයන් සමඟ එකඟතාවෙන් එදා මුස්ලිම්වරු කටයුතු කළහ. සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති වශයෙන් බද්යුදීන් මහමුද් කටයුතු කළ අතර ජාතික අධ්‍යාපන තත්ත්වය නඟාසිටුවනු පිණිස කටයුතු කළා මිස ඔහු ශරියා විශ්වවිද්‍යාල හදන්නට ගියේ නැත.ඒ.සී.ඇස්. හමීඩ් විදේශ ඇමැති වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ අතර ඔහු ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව නියෝජනය කළා මිස ලංකාවේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටියේ නැත. ටී.බී. ජයා  ජාතික සමඟිය වෙනුවෙන් පෙනී සිටි මුස්ලිම් නායකයෙකි. බකීර් මාකාර් සෑම දෙනාගේ ඉමහත් ගෞරවයට, ප්‍රසාදයට පාත්‍ර වූ කථානායකවරයෙක් විය. ඔවුහු රටේ අනෙකුත් ජන කොටස් සමඟ උරෙන් උර ගැටී ජාතික අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කළෝය.වර්තමානයේ මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වූ අතර ආණ්ඩුව සමඟ කේවල් කිරීම සඳහා තම ගොඩ හා පංගුව ලොකු කර ගැනීමේ පටු දේශපාලනයට මුස්ලිම් දේශපාලකයෝද ඇදී ගියහ. ජාතික දේශපාලනයේ නායකත්වයෙන් ඔවුන් අෑත් වූයේ ඔවුන්ගේම අභිමතයෙනි. වර්තමාන ඛේදවාචකයට පසුබිම හැදෙන බෙදුම් ඉර අඳින ලද්දේ ඔවුන් විසින්ම මිස මහ ජාතිය විසින් නොවේ. ලංකාවේ ප්‍රධාන බෞද්ධ විද්‍යාලය වූ කොළඔ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු වූ ටී.බී. ජයා මරදාන සහිරා විද්‍යාලයේ විදුහල්පති වී යනවාට එදා ආනන්දයේ ආචාර්ය මණ්ඩලය මෙන්ම ශිෂ්‍යයෝද විරුද්ධ වූහ. අතීත නායකයන්ගේ පරමාදර්ශ උකහා නොගැනීමේ වරද මුස්ලිම් නායකයන් දැන්වත් වටහා ගත යුතුය.ඉස්ලාම් අන්තවාදීන් සමඟ සටන් වදින්නට සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අපොහොසත් වූයේ ඔවුන් තමන් විසින්ම හුදෙකලා වී සිටි නිසාය. දැන් සියල්ල මහා ඛේදවාචකයක් තුළ අවසාන වී ඇත. කවර බාධක මැද වුවත් අසීරුවෙන් දිනාගන්නා ජාතික සමඟිය මිස වෙනත් විකල්පයක් ජාතියේ ඉදිරි ගමනට ඇත්තේ නැත.
වීඩියෝ