logo

29

කොළඹ

රුසියානු සබ්මැරීන් නියමුවෝ 118 මරණය දැක දැක ලියූ ලිපි

හටන

ලොව බිහිසුණුම සබ්මැරීන් අනතුර ලෙස සැලකෙන්නේ රුසියාවේ කර්ස්ක් KURSK සබ්මැරීනය අනතුරට පත්වීමය. එය සිදු වූයේ යුද සංග්‍රාමයක නියැළී සිටියදී නොව බැරන්ට් මුහුදේ නාවික අභ්‍යාසයක නිරතව සිටියදීය. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ඔස්කාර් වර්ගයට අයත් විශාල සබ්මැරීනයක් වූ කර්ස්ක්හි කාර්ය මණ්ඩලය 118 දෙනෙකි. 

2000 වසරේ අගෝස්තු 12 වැනිදා කර්ස්ක් සබ්මැරීනය ඇලස්කාවට නුදුරු ගැඹුරු මුහුදු අභ්‍යන්තරයේ කිමිදී සිටියේය. අනතුර සිදු වූයේ සබ්මැරීනයේ වූ ටෝර්පිඩෝ බෝම්බ 5ක් පුපුරා යෑමෙනි. එහි පිපුරුම් ධාරිතාව TNT ටොන් 2කට සමාන විය. පිපුරුම ඇලස්කාවේ භූ මාපාකයන්හි සටහන් වූයේ රිච්ටර් පරිමාණ 4.2ක් වශයෙනි. පිපුරුම එකළඟ අවස්ථා දෙකකදී සිදු විය. සබ්මැරීනය ගිලී ඇති ස්ථානය නිශ්චිතව සොයා ගන්නට රුසියානු නාවික හමුදාවට පැය 16ක් ගත විය. 

එය රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මුහුණ දුන් බරපතළම අවස්ථාවද වූයේය. නාවිකයන් 118 දෙනාම ඛේදජනක ලෙස මරණයට පත් වූයේය. ඔවුන් ගලවා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් ජනාධිපති පුටින් දෝෂදර්ශනයටද ලක් විය. වඩා සංවේදී කාරණය වූයේ බෝම්බ පුපුරා යෑමෙන් පැය 5කට වැඩි කාලයක් නාවිකයන්ගෙන් කොටසක් ජීවත්ව සිටීමය. 

සබ්මැරීනයේ සිර වූවන් ගලවා ගැනීමට රුසියානු තාක්ෂණය ප්‍රමාණවත් නොවන බව වැටහුණු වහාම විදේශ ආධාර ඉල්ලා නොසිටියේ යැයි පුටින්ට විරුද්ධව චෝදනා එල්ල වූයේය. 

පසුව බි්‍රතාන්‍යය හා නෝර්විජියානු නාවික හමුදා රුසියාවේ සහායට ආවේය. ආවරණ කුටීරයක දුර්වල වෑල්ඩින් හේතුවෙන් පෙරොක්සයිඩ් කාන්දු වීමෙන් ගින්නක් හට ගැනීම පුපුරා යෑමට හේතුව වශයෙන් 

නිගමනය විය. පළමු හා දෙවන මැදිරි අතර පාලන කාමරය හානි වීමෙන් නාවිකයන් 84 දෙනකු ජීවිතක්‍ෂයට පත්ව තිබුණේ පිපිරීම සිදුවීමේදීය. වඩා සංවේදී කාරණය වූයේ පළමු පියවරේදී ජීවිත ආරක්‍ෂා වූ 24 දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ සිටිමින් ඔක්සිජන් අවසන් වීමත් සමඟ පැය 5කට පසුව මියයෑමය. ඔවුන් ජීවත්ව සිටින බව ලෝකයම දැනුවත්ව සිටියේය. එහෙත් නවීන විද්‍යාව ඔවුන්ගේ ජීවිත ගලවා දීමට අපොහොසත් විය. 

නාවිකයන්ගේ බිරින්දෑවරුන්ගේ, දරුවන්ගේ සිත් සනහා ලන්නට ජනාධිපති පුටින් ගත් වෙහෙස අසාර්ථක විය. 

කර්ස්ක් නාවිකයන් මාරයා අතවනද්දී සිය දරුවන්ට හා බිරියන්ට ලියන ලද ලියුම් සබ්මැරීනය ගොඩ ගැනීමෙන් පසු ඔවුන් අතට පත් විය. 

මේ එයින් එක් ලිපියකි. 

කපිතාන් දිමිත්‍රි කොලෙස්කොව් 

2000 අගෝස්තු 12 

ප.ව. 3.15 

අද පෙ.ව. 11.30ට කර්ස්ක් මැරීනය අනතුරකට මුහුණ දුන්නා. විශාල පිපුරුම් දෙකක් සිදුවුණා. ටෝපිඩෝ බෝම්බ පුපුරා ගිය බව විශ්වාස කරනවා. යානයේ ඉදිරි පස කොටසේ කුමක් සිදුවීද දන්නේ නැහැ. 9 වන කොටසේ අප 23 දෙනකු හිරවී සිටිනවා. හදිසි ‍ෙදාරටු විවෘත කිරීමට නොහැකියි. දැනට ජීවත්ව සිටින්නේ අප 23 දෙනා පමණක් බව හිතනවා. අප කීප දෙනා තව කොපමණ වෙලා ජීවත්ව සිටීදැයි කියන්න බැහැ. අවසානය ඉතාමත් ළඟයි. 

අප ඔවුන් සිහි කළ බව අපේ පවුල්වල සමීපතමයන්ට දන්වන්න. 

කර්ස්ක් නාවික කණ්ඩායම. 

රුසියාව නිවේදනය කළේ පිපිරීම සිදු වූයේ අගෝස්තු 11 සෙනසුරාදා පෙ.ව. 11.30ට බවය. කොලෙස්නික් ගේ ලිපිය ලියා තිබෙන්නේ ප.ව. 3.15ට බව විමර්ශන නිලධාරීහු පවසති. එය එසේ නම් පිපුරුමෙන් දිවි ගලවාගත් නාවිකයන් පැය 5කට ආසන්න කාලයක් ජීවත්වී ඇත. එහෙත් රුසියාව ප්‍රථමයෙන් කීවේ පිපුරුමෙන් මිනිත්තු කිහිපයක් තුළ සබ්මැරීනයයේ කාර්ය මණ්ඩයේ 118 දෙනාම ජීවිතක්‍ෂයට පත් වූ බවය. 

මගේ සැමියා ක්‍ෂණිකව මියනොගිය බව මට දැනෙනවා. එය මට දරාගන්න බැහැ. ඔහු ජීවත්වූ අමතර පැය 5 කාලය ඔහුට මොනවා සිතෙන්නට ඇත්දැයි මට සිතාගන්නට නොහැකියි යනුවෙන් කපිතාන්වරයාගේ බිරිය ඔල්ගා ප්‍රකාශ කර ඇත. පිපිරීමෙන් පසු නෞකාව සමඟ සබඳතා පැවැති බව මුලදී රුසියාව පිළිගත්තේ නැත. නමුත් ඔවුන් පැය 5ක් නාවික හමුදාව සමඟ සම්බන්ධ වී සිටි බව පසුව හෙළි විය. කර්ස්ක් නැවියන්ගෙන් කිසිවකු මුදා ගත නොහැකි බව ජනාධිපති පුටින් පසුව ප්‍රකාශ කළේය. කර්ස්ක් සබ්මැරීන අනතුර ජාත්‍යන්තර අවධානය දිනා ගත් සංවේදී සිදුවීමකි. රුසියානු සබ්මැරීනය පිළිබඳව චිත්‍රපට ගණනාවක්ද පසු කාලයක නිෂ්පාදනය විය.


ශි්‍රයානි අජන්තා විතාන

අවුරුදු 9ක් හිරේ ඉඳලා ඇවිත් සක්විති කියපු කතාව

මධුෂ්ගෙ තැන අරන් කොස්ගොඩ සුජී ඩුබායි ඉඳන් ගහන ගේම් !

තනතුරුවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරු යළි දිවුරුම් දෙන්න යති

කොදෙව් රට වෙනුවෙන් 19න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයා එංගලන්තය වෙනුවෙන් සිය රට බිමට වට්ටයි

ICC එකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැත වැඩ ගොඩක් කරලා - දිමුත් පවා අවුලෙන්

කොල්ලුපිටියේදී දුම්රියට පැන මවත් දරුවන් දෙදෙනාත් සියදිවි නසාගෙන
ලෝකය ජය ගන්න ලංකාවේ ක්‍රිකට් ගහපු කට්ටියක් මරා ගනී - CCTV

ශ්‍රී ලංකාව - ඕස්ට්‍රේලියාව තරඟය අතරතුර LTTE හිතවාදීන් උද්ඝෝෂණයක

අද පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ලෝක කුසලාන ක්‍රිකට් ත

10:25 PM Jun 15 2019

කොදෙව් රට වෙනුවෙන් 19න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයා එංගලන්තය වෙනුවෙන් සිය රට බිමට වට්ටයි

09:58 AM Jun 15 2019

ICC එකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැත වැඩ ගොඩක් කරලා - දිමුත් පවා අවුලෙන්

09:45 AM Jun 15 2019

අරාබියෙන් ඉරානයට චෝදනා

ඉකුත්දා ගල්ෆ් මුහුදු තීරයේදී තෙල් නැවකට එල්ල කල ප්‍රහාරය සම්

12:34 PM Jun 16 2019

ඇමරිකාව හා ඉරානය අතර උණුසුම් තත්ත්වයක්

10:20 AM Jun 15 2019

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

09:39 AM Jun 14 2019

සජිත්ගෙන් කබීර්ට ලිපියක් - තනතුරු භාරගන්නැයි ඉල්ලයි

ඉකුත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධව රජයේ හා විපක්ෂයේ මුස්ලිම් මැ

01:37 PM Jun 16 2019

අගමැති මැදිහත් වුණේ නැතිනම් කොහොමද කබීර් ඉල්ලා අස්වුණේ?

05:21 PM Jun 15 2019

ලංකාව දේශපාලනික වශයෙන් සංවර්ධනය කරන්න අලුත් ක්‍රමයක්

01:38 PM Jun 14 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-13
CARTOON ::: 2019-06-11
CARTOON :: 2019-06-11

මාධ්‍යයට ටොකු ඇන්න යුරෝපා හවුලේ වැදි බණ

යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය (ඡ්භ) ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියා තානාපති කාර්යාලද, එක්සත් රාජධානි මහ කොමසාරිස් කාර්යාලය, ස්විට්සර්ලන්ත සහ නෝර්වේ තානාපති කාර්යාලවල එකඟතාව මත පසුගිය බදාදා (12දා) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. එහි පළමු ඡේදයේම මෙසේ සඳහන් වේ. “සාමය හා සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී  ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් පිළිබඳ අපගේ දැඩි අවධානය යොමු වී ඇත. මාධ්‍ය මඟින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමී සහ සත්‍යතාව තහවුරු කර නොගත් තොරතුරු මඟින් සිදුවන්නේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වීම පමණි. ඉහත ඡේදය පිළිබඳව අවධානය යොමු කරන විට තහවුරු වනුයේ මේ රටේ හැම මඟුලකටම ඇඟිලි ගැසීම ජන්ම පුරුද්දක් කරගත් යුරෝපා කොමිසම අන්තිමේදී මාධ්‍යයටද අතපය දමන්නට එන බවය. මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන දේශපාලන හා ආගමික බලපෑම් පිළිබඳව තමන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි ඔවුහු කියති.නමුත් ගැටලුව ඇති වූයේ අන්තවාදී නරුමයන් කිහිපදෙනකු මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගෙන අහිංසකයන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීම හේතු කොටගෙනය. මෙවන් සාහසික අපරාධයක් සිදුව තිබියදී ඊට වගකිවයුත්තන් ගැන වගේ වගක් සඳහන් නොකර වෙනදා කරන්නාක් මෙන් යුරෝපා කොමිසම අඳුරේ අතපත ගාන්නට පටන්ගෙන තිබේ. ප්‍රහාරයෙන් දෙසතියකට පසුව දිවයිනේ තැනින් තැන ඇති වූ සිද්ධි කිහිපයක් නිසා වරින් වර පොලිස් ඇඳිරි නීතිය දමා ඒවා පාලනය කරන්නට ආරක්ෂක අංශවලට සිදුවූ බව සැබෑවකි. එහි ඇරඹුමට හේතු වූයේ හලාවත ව්‍යාපාරිකයකු මුහුණු පොතට දමා තිබූ ආවේගය උපදවන පෝස්ටුවකි.පාස්කු ප්‍රහාරය දාත්, ඉන් පසුවත් විය හැකිව තිබූ බොහෝ ව්‍යසන නොවන තැනට වගබලා ගන්නට කටයුතු කළ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ විශිෂ්ට ජාතික මෙහෙවර මේ මොහොතේද අපි ඉහළින්ම අගය කරමු. එමෙන්ම තෛ්‍රනිකායික මහ නාහිමිවරුන් ඇතුළු ඉස්ලාම් හා අනෙකුත් පූජක ප්‍රසාදීන් වහන්සේලාද රට තුළ සාමය කඩ නොවන තැනට වගබලාගන්නට ඉටු කළ මෙහෙවරද අගය කළ යුතුය. පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ ව්‍යසනය ජනවාර්ගික ගැටුමක් දක්වා වර්ධනය නොවන තැනට වගබලාගෙන තිබියදීත් සාමය හා සංහිඳියාව අනතුරේ හෙළන්නට මෙරට මාධ්‍ය ක්‍රියා කරන බවට යුරෝපා සංගමයේ අම්බරුවෝ තප්පුලති. සමස්තයක් ලෙස ගත් කල ඇති බහුතරයන් මාධ්‍ය සිදුකළේ රටේ සිදුවන දේ වගකීමකින් යුක්තව වාර්තා කිරීමය. ඇතැම් සමාජ මාධ්‍ය ජාල කිහිපයක් හැරෙන්නට අන් කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක් ඇවිළෙන ගින්නට පිදුරු දමන්නට ගියේ නැත. රට තුළ බෙහෙවින් සාමකාමී වාතාවරණයක් රැඳී පැවතුණේද ඒ නිසාමය.සෙනරත් රජුගේ කාලයේදී වෙළෙ¼දාම් කරන්නට නැඟෙනහිර වෙරළෙන් මෙරටට ගොඩබට මුස්ලිම්වරුන් හා මෙරට අනෙකුත් ජාතීන් අතර ඇති වූ සංහිඳියාවේ ඉතිහාසය ගැන යුරෝපා සංගමයේ පරසුද්දන් දන්නා කෙහෙල්මලක් නැත. ඒ මුස්ලිම්වරුන් ආවාහ විවාහ වූයේ අපේ සිංහල යුවතියන් සමඟය. මොහොට්ටි අප්පුහාමිලාගේ මොහොමඩ් කලීල්ලා බිහි වූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය. පසුකාලීනව මෙරට කථානායක පදවියට පත් එම්.එච්. මොහොමඩ් හා එම්.ඒ. බාකිර් මාකාර් ආදීහු මෙරට තුන්වැනි පුරවැසි තනතුරට පත්වූහ. කොළඹ ආනන්දයෙන් මරදානේ සහිරා විදුහලේ සේවයට ගිය ආචාර්ය ටී.බී. ජායා එහි ගිය පළමු වසරේදීම සිංහල කොල්ලකු සහිරාවේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කළේය. මේ රටේ සිංහල ජනතාව හා මුස්ලිම්වරුන් අතර සංහිඳියාව ගොඩනැඟුණේ එහෙමය. ආගමික අන්තවාදී ඇම්බැට්ටයන්ගේ උන්මන්තක ක්‍රියාවන් නිසා හැරෙන්නට මේ රටේ සිංහල, මුස්ලිම් සමඟියට කිසිදු බාධාවක් ඇත්තේ නැත. එහෙව් රටකට, එහෙව් අභිමානවත් ජාතියකට අද යුරෝපා සංගමයේ පරසුද්දෝ වැදි බණ දෙසති. අඩුම තරමින් රුසියාව හෝ ඕස්ට්‍රේලියාව මුස්ලිම්වරුන් පිළිබඳව අනුගමනය කරන දැඩි පිළිවෙත් (පහත ලිපිය කියවන්න) අප අනුගමනය කරන්නේ නැත. අදටත් ජපානය මුස්ලිම්වරුන්ට එරට ස්ථිර පදිංචිය ප්‍රදානය කරන්නේ නැත. ඉස්ලාම් ආගම ඇදහීමද තහනම්ය. ඇංගෝලාව සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සිය රටවල ඉස්ලාම් ආගම ඇදහීම තහනම් කර ඇත. පසුගිය වසරේ ජර්මනියේදී පමණක් මුස්ලිම් පල්ලි 81කට පහරදී තිබේ. බටහිර චීනයේ රජයේ ගොඩනැඟිලි සහ පාසල්වල ඉස්ලාම් යාඥාවන් තහනම්ය. චෙක් ජනරජය ඉස්ලාමය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම පෝලන්තයේ ආරක්ෂක ලීගය මේ වනවිට මුස්ලිම් ජනතාවට අවවාද කරමින් පළාත් 16ක ෂරියා නීතිය තහනම් කර තිබේ. මුස්ලිම්වරුන්ට හා ඉස්ලාමයට එරෙහි ලෝක ප්‍රතිපදාව එලෙස තිබියදී යුරෝපා හවුලේ වෘක්ෂ සුනඛයන් අප පසුපස එළවන්නට පටන්ගෙන තිබේ. ඊට හේතුව මේ රට තුළ බූවල්ලකු මෙන් අඬු විහිදා සිටින එන්.ජී.ඕ. මාෆියාව සමඟ යුරෝපා හවුල එකට යහන්ගතව සිටීමය. තමන්ගේ පාට කණ්ණාඩි තුළින් බලනවා හැරෙන්නට ප්‍රායෝගික සත්‍යය වටහා ගන්නට තරම් බුද්ධිමය ප්‍රතිභාවක් මුන්ට නැත. එසේ තිබුණේ නම් පාස්කු ප්‍රහාරයෙන් පසුව ලේ විලක් වන්නට තිබූ මේ රටේ සංහිඳියාවට පාර කැපූ වගකීම් සහගත මාධ්‍ය භාවිතාව මුන් මේ අයුරින් හෙළා දකින්නේ ද නැත. එපමණක් නොවේ වැසිකිළියක උපන් අවජාතකයන් හැර අන් කවරකුවත් උන්ගේ ගොම්පස් අල්ලන්නට යන්නේද නැත.
වීඩියෝ