logo

29

කොළඹ

ටකරන් හතළිස් හතකින් පොලිසියක් හදා කුලී නිවෙසකට ගිය පොලිස් නිලධාරියා

පාරදිගේ

දැරණියගල ප්‍රදේශයේ උපත ලැබූ ලෝරන්ස් රණසිංහ පොලිසියට බැඳුණේ වයස අවුරුදු 20දීය. ඒ 1968 මැයි මස 20දා දිනය. පොලිසියට එක්වූ ලෝරන්ස් රණසිංහ මහතාගේ පොලිස් දිවියට වසර 40කි. මේ වසර 40 තුළ වසර 20කට වැඩි කාලයක් හිටියේ යුද්ධය පැවැති ප්‍රදේශවලය. 

කුඩා කල ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළ ලෝරන්ස් රණතුංග අන්තිමේදී එම අභියෝග ජයගෙන සිය ජීවිතයේ වැදගත් කඩඉමකට ගියේය. ඒ පොලිසියට එක් වීමෙන් පසුවය. යුද්ධය පැවැති ප්‍රදේශවල සිය කාර්යභාරය හරියට කළ ලෝරන්ස් රණසිංහ වසර 2000දී අම්පාර පොලිසියට අනුයුක්ත විය. 

අම්පාර පොලිසියේ සේවය කරන කාලයේ පදියතලාව පොලිස් මුරපොළට ලෝරන්ස් රණතුංග අනුයුක්ත විය. එම පොලිස් මුරපොළට එනවිට ඔහු උප පොලිස් පරික්ෂක වරයෙකු ලෙස සේවය කළේය. එසේම පදියතලාව පොලිස් මුරපොළේ ස්ථානාධිපති කෙනකු ද සිටියේය. 

එහෙත් හදිස්සියේ පදියතලාව පොලිස් මුරපොළේ හිටපු ස්ථානාධිපතිවරයා ස්ථානමාරුවක් ලබා වෙනත් පොලිස් ස්ථානයකට ගියේය. පසුව එම පොලිස් මුරපොළේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ ලෝරන්ස් රණතුංගය. 

පදියතලාවට පොලිස් මුරපොළක අවශ්‍යතාව දැනුණේ බොහෝ කලක සිටය. පදියතලාවේ සිට පොලිසියකට යා යුතු නම් කිලෝමීටර 37-40ක් පමණ ගෙවා මහඔයට යා යුතුව තිබිණි. නැත්නම් මහියංගණයටය. ඒ නිසා පදියතලාව පොලිස් මුරපොළ පොලිස් ස්ථානයක් ලෙස පත්කර ගැනීමට ලෝරන්ස් රණතුංගට අවශ්‍ය විය. 

මෙහිදී රණතුංග මහතා පොලිසියේ ඉහළ නිලධාරීන් මෙන්ම දේශපාලකයන්ද දැනුවත් කළේය. අන්තිමේදී පදියතලාව පොලිස් මුරපොළ අංග සම්පූර්ණ පොලිසියක් ලෙස දියුණු කිරීමට අවසර ලැබිණි. 

නමුත් මුරපොළ පොලිස් ස්ථානයක් බවට පත් කිරීමට රජයෙන් කිසිදු ප්‍රතිපාදනයක් නොලැබිණි. ඊට හේතුව වූයේ පොලිස් මුරපොළ පවත්වාගෙන ගියේ සර්වෝදයකට අයත් ඉඩමක වීමය. එම ස්ථානයට විදුලිය නැත. ජලය නැත. පොලිස් මුරපොළට විදුලිය ලබාගෙන තිබුණේ ප්‍රධාන විදුලි පද්ධතියට කොකු ගසා ගැනීමෙනි. ජල අවශ්‍යතා ලබා ගත්තේ දුර ප්‍රදේශවලින් ගෙන ආ බවුසරයකිනි. 

පදියතලාව පොලිස් මුරපොළ පොලිසියක් බවට පරිවර්තනය කිරීමේදී ඊට සමගාමීව අලුතින් පොලිසි 50ක් ඉදිකිරීමට අවසර ලැබිණි. නමුත් පදියතලාව පොලිස් මුරපොළට අවශ්‍ය ප්‍රතිපාදන නොලැබුණේ එය රජයේ ඉඩමක් නොවන හෙයිනි. 

තමන් පදියතලාව පොලිස් මුරපොළේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළත් ජනතාවට ලැබුණු පොලිසිය කෙසේ හෝ ඉදිකිරීම ලෝරන්ස් රණතුංග මහතාගේ අදිටන විය. මේ නිසා ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් සහ අනෙකුත් ව්‍යාපාරිකයන්ගේද සහාය ඇතිව අංග සම්පූර්ණ පොලිසියක් ඉදිකළේය. යුද සමයේදී පදියතලාවට ලැබුණු පොලිස් මුරපොළ පොලිසියක් බවට පත්වූයේ එලෙසිනි. ඒ සඳහා මූලිකත්වය ගත්තේ ලෝරන්ස් රණතුංග මහතාය. 

මේ කාර්යයේදී ලෝරන්ස් රණතුංග මහතාට රජයෙන් ආධාර ලෙස ලැබුණේ ටකරන් 47ක් පමණි. මේ ආකාරයට ඉදිවූ පදියතලාව පොලිසිය අම්පාර දිස්ත්‍රික්කයේ හොඳම පොලිසිය බවටද පත්විය. පදියතලාව පොලිසිය ඉදිකර තිබුණේ ඉතා අලංකාරවය. මේ නිසා පොලිසියේ උසස් නිලධාරීන් පදියතලාව පොලිසිය හැඳින් වූයේ  පදියතලාව රෙස්ටූරන්ට් කියාය. ඒ තරමට පොලිසිය ලස්සනට ඉදි කර තිබිණි. 

රජයෙන්  ලද ටකරන් 47කින් මේ තරම් අලංකාර පොලිසියක් සෑදීමට බැරිය. පොලිසිය ඉදිකිරීමේදී සිමෙන්ති, ගඩොල් අවශ්‍ය වෙයි. එහෙත් ගොඩනැඟිලි ද්‍රව්‍ය නොමැතිව රජයෙන් දුන් ටකරන් 47 යොදාගෙන පදියතලාව පොලිසිය ඉදිවිය. කටුමැටි බිත්ති යොදාගෙන තනාගත් ගොඩනැඟිලි බිත්ති පාටින් පින්තාරු විය. එසේම පොලිසියට අවශ්‍ය අංග එහි ස්ථාපිත විය. රථවාහන අංශය, පාලන අංශය, ළමා හා කාන්තා කාර්යාංශය, සුළු පැමිණිලි අංශය එහි ස්ථාපිත විය. 

පදියතලාව මුරපොළට ලෝරන්ස් රණතුංග මහතා එනවිට එහි සිටියේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකි. නමුත් පදියතලාව පොලිසිය බවට පත්වීමෙන් පසු පොලිස් නිලධාරීන් 100ක් පමණ සිටියේය. ඒ වසර 2003දී පමණය. ලෝරන්ස් රණතුංග මහතා වැඩබලන ස්ථානාධිපති ලෙස පදියතලාව මුරපොළ පොලිස් ස්ථානයක් බවට පත් කිරීමෙන් පසුව 2003 දෙසැම්බර් 22දා පදියතලාව පොලිසිය අංග සම්පූර්ණ පොලිසියක් ලෙස විවෘත විය. 

පදියතලාව පොලිසිය සෑදීමේදී ඒ සඳහා ප්‍රදේශයේ බොහෝ දෙනා පරිත්‍යාග කළේය. සිමෙන්ති, ගල්, ලී ඒ සෑම දෙයම ලැබිණි. පොලිසිය තුළ නිලධාරීන් වැඩි වන විට ඔවුන්ට අවශ්‍ය නේවාසික පහසුකම්ද සැලසුණි. 

අලුතින් ඉදිවූ පොලිස් ස්ථානයේ ක්‍රමයෙන් නිලධාරීහු වැඩි වූහ. පොලිස් පරීක්ෂකවරු පහක්, සාජන්වරු 20ක් පොලිස් කොස්තාපල්වරු 60-70ක්ද  වැඩි වූහ. 

ලෝරන්ස් රණතුංග මහතා මේ තරම් කාර්යයක් කළත් උසස් වීමක් ලැබුණේ නැත. උපපොලිස් පරික්ෂක ලෙස සිටිමින් ඔහු තම කාර්යය කළේය. ඉන්පසු පදියතලාව පොලිසියට ග්‍රාමාරක්ෂක නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 200ක් පමණ අනුයුක්ත විය. 

පදියතලාව නැඟෙනහිර යුද පිටියේ මායිම විය. තොප්පිගල ඉතා ආසන්නයේ මෙම පොලිස් ස්ථානය ස්ථාපිත වී තිබිණි. එල්ටීටීඊ තර්ජනද නිතර නිතර එල්ල විය. මොන බාධක ආවත් පොලිස් නිලධාරීන්ට මෙන්ම අවට ගම්වාසීන්ටද හොඳ සේවයක් සැපයීමට ලෝරන්ස් රණතුංග මහතාට හැකි විය. 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් අබලි දැව ගොඩනැඟිලි ඉදිකිරීමට ලබාදී තිබේ. මීට අමතරව විවිධ සමිති සමාගම්ද පදියතලාව පොලිසිය ඉදිකිරීමේදී ලෝරන්ස් රණතුංග මහතා උපකාර කර ඇත. 

පදියතලාව පොලිස් වසමට ග්‍රාම සේවා වසම් 20ක් තිබේ. මෙම ග්‍රාම සේවා වසම් 20ටම ආරක්ෂාව සැපයීමේදී පදියතලාව පොලිසියට මහත් කැපවීමක් කරන්නට සිදුවිය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්, රෝහලක් ජාතික පාසලක් හිමි පදියතලාව අද විශාලතම නගරයකි. 

පදියතලාව පොලිසියේ වසර 7ක් එක දිගටම ස්ථානාධිපති ලෙස සේවය කිරීමට ලෝරන්ස් රණතුංග මහතාට හැකි විය. 2008දී පෙබරවාරියේ විශ්‍රාම ගිය ලෝරන්ස් රණතුංග මහතාට උසස්වීමක් ලැබී නැත.  

පොලිස් සේවයට ගිය විට සිය පෞද්ගලික අවශ්‍යතා පසෙක දැමූ ලෝරන්ස් රණතුංග මහතාට විශ්‍රාම යන විට නිවෙසක්ද නොවීය. පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය පසු ඔහුට යෑමට සිදුවූයේ කුලී ගෙදරකටය. පොලිස් මුරපොළක් පොලිසියක් බවට පත් කොට අම්පාර දිස්ත්‍රික්කයේ හොඳම පොලිසිය හැදූ ලෝරන්ස් රණතුංග මහතාට අන්තිමට යෑමට සිදුවූයේ කුලී ගේකටය. ටකරන් 47න් පොලිසියක් සාදා කුලී ගේකට ගිය එකම පොලිස් නිලධාරියා ලෝරන්ස් රණතුංග විය හැකිය. මහියංගණය ප්‍රදේශයෙන් කුලී ගෙයකට ගියේ රුපියල් 14,000ක මුදලකටය. පොලිසියෙන් විශ්‍රාම ගිය පසු නිවෙසේ බඩු කියා විශේෂයෙන් රැගෙන යෑමට කිසිවක් නැතිවිය. 

පදියතලාව පොලිස් මුරපොළ ලස්සන පොලිස් ස්ථානයක් බවට පත් කිරීම මත උසස් නිලධාරීන්ගෙන් ලෝරන්ස් රණතුංග මහතාට සුබපතා ලියුම් ලැබිණි. කළ සේවාව අගයා ලියුම් එවා තිබිණි. පදියතලාව ස්ථානාධිපතිව හිටපු කාලයේ ඡන්ද පහක් සඳහා ආරක්ෂාව සැපයීමට ලෝරන්ස් රණතුංග මහතාට හැකි විය. 

එහිදී පදියතලාව පොලිස් බල ප්‍රදේශය තුළ එක පෝස්ටරයක් ගැසීමට ඉඩ දුන්නේ නැත. මහ මැතිවරණ, ප්‍රාදේශීය සභා, පළාත් සභා ජනාධිපතිවරණය පැවැති සමයක මේ විධියට තම බල ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමට ලෝරන්ස් රණතුංග මහතාට හැකි විය. 

වසර 2000දී ලංකාවේ සිටින දක්ෂතම පොලිස් නිලධාරියා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට ලෝරන්ස් රණතුංග මහතාට හැකිවිය. එකල පොලිස්පති ලෙස සේවය කළේ ලකී කොඩිතුවක්කු මහතාය. ඒ කාලය වනවිට සැරයන්වරයකු ලෙස සිය සේවය පොලිසියට ලබා දෙමින් ලෝරන්ස් රණතුංග මහතා සේවය කළේය. 

මීට අමතරව හිටපු ජනාධිපතිවරයා සමඟ භෝජන සංග්‍රහයකටද ආරාධනා ලැබුණේ පදියතලාව පොලිසිය සාදා දැක්වූ දක්ෂතා  නිසාමය. මේසා දක්ෂතා පෙන්වූ ලෝරන්ස් රණතුංග මහතා සිය ජීවිත කතාව අපට පැවැසුවේ එහෙයිනි. එසේම මුළු දිවයිනටම සාම විනිසුරු ලෙස පත් කිරීමට රවුෆ් හකීම් මහතා කටයුතු කළේය. 

පොලිසියක් අලුතින් හැදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම අංගසම්පූර්ණ පොලිසියක් හැදූ ලෝරන්ස් රණතුංග වැනි චරිත අප අතර ඕනෑ තරම් සිටිය හැකිය. එවැනි පිරිස් සොයා ඔවුන්ව ඇගයීම කළ යුතු වන්නේය. නැතහොත් ඔවුන්ට තම සේවා කාලයේ කළ දක්ෂතා ගැන සිහි කර කර ඉන්නවා හැරෙන්නට වෙනත් ඇගයීමක් මතකයට නොඑනු ඇත. 


ප්‍රගීත් සම්පත් කරුණාතිලක 

ඡායාරූප - වෙනුර චන්ද්‍රමාලිත

අවුරුදු 9ක් හිරේ ඉඳලා ඇවිත් සක්විති කියපු කතාව

මධුෂ්ගෙ තැන අරන් කොස්ගොඩ සුජී ඩුබායි ඉඳන් ගහන ගේම් !

තනතුරුවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරු යළි දිවුරුම් දෙන්න යති

කොදෙව් රට වෙනුවෙන් 19න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයා එංගලන්තය වෙනුවෙන් සිය රට බිමට වට්ටයි

ICC එකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැත වැඩ ගොඩක් කරලා - දිමුත් පවා අවුලෙන්

කොල්ලුපිටියේදී දුම්රියට පැන මවත් දරුවන් දෙදෙනාත් සියදිවි නසාගෙන
ලෝකය ජය ගන්න ලංකාවේ ක්‍රිකට් ගහපු කට්ටියක් මරා ගනී - CCTV

ශ්‍රී ලංකාව - ඕස්ට්‍රේලියාව තරඟය අතරතුර LTTE හිතවාදීන් උද්ඝෝෂණයක

අද පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ලෝක කුසලාන ක්‍රිකට් ත

10:25 PM Jun 15 2019

කොදෙව් රට වෙනුවෙන් 19න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයා එංගලන්තය වෙනුවෙන් සිය රට බිමට වට්ටයි

09:58 AM Jun 15 2019

ICC එකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැත වැඩ ගොඩක් කරලා - දිමුත් පවා අවුලෙන්

09:45 AM Jun 15 2019

අරාබියෙන් ඉරානයට චෝදනා

ඉකුත්දා ගල්ෆ් මුහුදු තීරයේදී තෙල් නැවකට එල්ල කල ප්‍රහාරය සම්

12:34 PM Jun 16 2019

ඇමරිකාව හා ඉරානය අතර උණුසුම් තත්ත්වයක්

10:20 AM Jun 15 2019

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

09:39 AM Jun 14 2019

සජිත්ගෙන් කබීර්ට ලිපියක් - තනතුරු භාරගන්නැයි ඉල්ලයි

ඉකුත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධව රජයේ හා විපක්ෂයේ මුස්ලිම් මැ

01:37 PM Jun 16 2019

අගමැති මැදිහත් වුණේ නැතිනම් කොහොමද කබීර් ඉල්ලා අස්වුණේ?

05:21 PM Jun 15 2019

ලංකාව දේශපාලනික වශයෙන් සංවර්ධනය කරන්න අලුත් ක්‍රමයක්

01:38 PM Jun 14 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-13
CARTOON ::: 2019-06-11
CARTOON :: 2019-06-11

මාධ්‍යයට ටොකු ඇන්න යුරෝපා හවුලේ වැදි බණ

යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය (ඡ්භ) ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියා තානාපති කාර්යාලද, එක්සත් රාජධානි මහ කොමසාරිස් කාර්යාලය, ස්විට්සර්ලන්ත සහ නෝර්වේ තානාපති කාර්යාලවල එකඟතාව මත පසුගිය බදාදා (12දා) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. එහි පළමු ඡේදයේම මෙසේ සඳහන් වේ. “සාමය හා සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී  ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් පිළිබඳ අපගේ දැඩි අවධානය යොමු වී ඇත. මාධ්‍ය මඟින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමී සහ සත්‍යතාව තහවුරු කර නොගත් තොරතුරු මඟින් සිදුවන්නේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වීම පමණි. ඉහත ඡේදය පිළිබඳව අවධානය යොමු කරන විට තහවුරු වනුයේ මේ රටේ හැම මඟුලකටම ඇඟිලි ගැසීම ජන්ම පුරුද්දක් කරගත් යුරෝපා කොමිසම අන්තිමේදී මාධ්‍යයටද අතපය දමන්නට එන බවය. මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන දේශපාලන හා ආගමික බලපෑම් පිළිබඳව තමන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි ඔවුහු කියති.නමුත් ගැටලුව ඇති වූයේ අන්තවාදී නරුමයන් කිහිපදෙනකු මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගෙන අහිංසකයන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීම හේතු කොටගෙනය. මෙවන් සාහසික අපරාධයක් සිදුව තිබියදී ඊට වගකිවයුත්තන් ගැන වගේ වගක් සඳහන් නොකර වෙනදා කරන්නාක් මෙන් යුරෝපා කොමිසම අඳුරේ අතපත ගාන්නට පටන්ගෙන තිබේ. ප්‍රහාරයෙන් දෙසතියකට පසුව දිවයිනේ තැනින් තැන ඇති වූ සිද්ධි කිහිපයක් නිසා වරින් වර පොලිස් ඇඳිරි නීතිය දමා ඒවා පාලනය කරන්නට ආරක්ෂක අංශවලට සිදුවූ බව සැබෑවකි. එහි ඇරඹුමට හේතු වූයේ හලාවත ව්‍යාපාරිකයකු මුහුණු පොතට දමා තිබූ ආවේගය උපදවන පෝස්ටුවකි.පාස්කු ප්‍රහාරය දාත්, ඉන් පසුවත් විය හැකිව තිබූ බොහෝ ව්‍යසන නොවන තැනට වගබලා ගන්නට කටයුතු කළ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ විශිෂ්ට ජාතික මෙහෙවර මේ මොහොතේද අපි ඉහළින්ම අගය කරමු. එමෙන්ම තෛ්‍රනිකායික මහ නාහිමිවරුන් ඇතුළු ඉස්ලාම් හා අනෙකුත් පූජක ප්‍රසාදීන් වහන්සේලාද රට තුළ සාමය කඩ නොවන තැනට වගබලාගන්නට ඉටු කළ මෙහෙවරද අගය කළ යුතුය. පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ ව්‍යසනය ජනවාර්ගික ගැටුමක් දක්වා වර්ධනය නොවන තැනට වගබලාගෙන තිබියදීත් සාමය හා සංහිඳියාව අනතුරේ හෙළන්නට මෙරට මාධ්‍ය ක්‍රියා කරන බවට යුරෝපා සංගමයේ අම්බරුවෝ තප්පුලති. සමස්තයක් ලෙස ගත් කල ඇති බහුතරයන් මාධ්‍ය සිදුකළේ රටේ සිදුවන දේ වගකීමකින් යුක්තව වාර්තා කිරීමය. ඇතැම් සමාජ මාධ්‍ය ජාල කිහිපයක් හැරෙන්නට අන් කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක් ඇවිළෙන ගින්නට පිදුරු දමන්නට ගියේ නැත. රට තුළ බෙහෙවින් සාමකාමී වාතාවරණයක් රැඳී පැවතුණේද ඒ නිසාමය.සෙනරත් රජුගේ කාලයේදී වෙළෙ¼දාම් කරන්නට නැඟෙනහිර වෙරළෙන් මෙරටට ගොඩබට මුස්ලිම්වරුන් හා මෙරට අනෙකුත් ජාතීන් අතර ඇති වූ සංහිඳියාවේ ඉතිහාසය ගැන යුරෝපා සංගමයේ පරසුද්දන් දන්නා කෙහෙල්මලක් නැත. ඒ මුස්ලිම්වරුන් ආවාහ විවාහ වූයේ අපේ සිංහල යුවතියන් සමඟය. මොහොට්ටි අප්පුහාමිලාගේ මොහොමඩ් කලීල්ලා බිහි වූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය. පසුකාලීනව මෙරට කථානායක පදවියට පත් එම්.එච්. මොහොමඩ් හා එම්.ඒ. බාකිර් මාකාර් ආදීහු මෙරට තුන්වැනි පුරවැසි තනතුරට පත්වූහ. කොළඹ ආනන්දයෙන් මරදානේ සහිරා විදුහලේ සේවයට ගිය ආචාර්ය ටී.බී. ජායා එහි ගිය පළමු වසරේදීම සිංහල කොල්ලකු සහිරාවේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කළේය. මේ රටේ සිංහල ජනතාව හා මුස්ලිම්වරුන් අතර සංහිඳියාව ගොඩනැඟුණේ එහෙමය. ආගමික අන්තවාදී ඇම්බැට්ටයන්ගේ උන්මන්තක ක්‍රියාවන් නිසා හැරෙන්නට මේ රටේ සිංහල, මුස්ලිම් සමඟියට කිසිදු බාධාවක් ඇත්තේ නැත. එහෙව් රටකට, එහෙව් අභිමානවත් ජාතියකට අද යුරෝපා සංගමයේ පරසුද්දෝ වැදි බණ දෙසති. අඩුම තරමින් රුසියාව හෝ ඕස්ට්‍රේලියාව මුස්ලිම්වරුන් පිළිබඳව අනුගමනය කරන දැඩි පිළිවෙත් (පහත ලිපිය කියවන්න) අප අනුගමනය කරන්නේ නැත. අදටත් ජපානය මුස්ලිම්වරුන්ට එරට ස්ථිර පදිංචිය ප්‍රදානය කරන්නේ නැත. ඉස්ලාම් ආගම ඇදහීමද තහනම්ය. ඇංගෝලාව සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සිය රටවල ඉස්ලාම් ආගම ඇදහීම තහනම් කර ඇත. පසුගිය වසරේ ජර්මනියේදී පමණක් මුස්ලිම් පල්ලි 81කට පහරදී තිබේ. බටහිර චීනයේ රජයේ ගොඩනැඟිලි සහ පාසල්වල ඉස්ලාම් යාඥාවන් තහනම්ය. චෙක් ජනරජය ඉස්ලාමය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම පෝලන්තයේ ආරක්ෂක ලීගය මේ වනවිට මුස්ලිම් ජනතාවට අවවාද කරමින් පළාත් 16ක ෂරියා නීතිය තහනම් කර තිබේ. මුස්ලිම්වරුන්ට හා ඉස්ලාමයට එරෙහි ලෝක ප්‍රතිපදාව එලෙස තිබියදී යුරෝපා හවුලේ වෘක්ෂ සුනඛයන් අප පසුපස එළවන්නට පටන්ගෙන තිබේ. ඊට හේතුව මේ රට තුළ බූවල්ලකු මෙන් අඬු විහිදා සිටින එන්.ජී.ඕ. මාෆියාව සමඟ යුරෝපා හවුල එකට යහන්ගතව සිටීමය. තමන්ගේ පාට කණ්ණාඩි තුළින් බලනවා හැරෙන්නට ප්‍රායෝගික සත්‍යය වටහා ගන්නට තරම් බුද්ධිමය ප්‍රතිභාවක් මුන්ට නැත. එසේ තිබුණේ නම් පාස්කු ප්‍රහාරයෙන් පසුව ලේ විලක් වන්නට තිබූ මේ රටේ සංහිඳියාවට පාර කැපූ වගකීම් සහගත මාධ්‍ය භාවිතාව මුන් මේ අයුරින් හෙළා දකින්නේ ද නැත. එපමණක් නොවේ වැසිකිළියක උපන් අවජාතකයන් හැර අන් කවරකුවත් උන්ගේ ගොම්පස් අල්ලන්නට යන්නේද නැත.
වීඩියෝ