logo

29

කොළඹ

යෝධයා සහ කුමාරිකාව

පාරදිගේ

සුරංගනා කතාවල අපට නිතරම වගේ යෝධයා සහ කුමාරිකාව හමුවෙනවා. ගොඩක් වෙලාවට යෝධයා විරූපියි. ඒ වගේම නපුරුයි. අනෙක් අතට කුමාරිකාව රූමත්. ඒ වගේම අහිංසකයි. ඉතින් මේ අහිංසක කුමාරිකාව කැලෑවේදී අතරමං වෙනවා. ඒ වෙලාවේ තමයි එයා නපුරු යෝධයාගේ අත්අඩංගුවට පත්වෙන්නේ. ඉතින් ඊට පස්සේ යෝධයා මේ කුමාරිකාව ගල් ලෙනක සිර කරනවා ඇයට බේරිලා පැනලා යන්න බැරි විධියට. කුමාරිකාව බයෙන් බීරාන්ත වෙලා ඇඬූ­ කඳුළින් ඉන්නේ. 

ඒත් මේ නපුරු පාට යෝධයා ඇයට කිසිම හිරිහැරයක් කරන්නේ නෑ. රසමසවුළු කෑමට ගෙනත් දෙනවා. ආදරයෙන් ඇයව බලා ගන්නවා. කල් යත්දී කුමාරිකාවට තේරෙනවා මේ යෝධයා එහෙම නපුරෙක් නෙවෙයි කියලා. ඒ වගේම තමන්ට ආදරෙයි  කියලා. ඉතින් කුමාරිකාවගේ හිතේ යෝධයා පිළිබඳව අනුකම්පාව මුසු ආදරයක් හට ගන්නවා. මේ ආදරය නිසා යෝධයා ලස්සන කුමාරයකු බවට පරිවර්තනය වෙනවා. ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි. ලස්සන කුමාරයා නපුරු මායාකාරියකගේ සාපය නිසා තමයි යෝධයකු වෙලා තියෙන්නේ. කෙනකුගේ ආදරය දිනා ගත්තොත් විතරයි එයා යළි යථා තත්ත්වයට එන්නේ. ඉතින් කුමාරිකාවගේ ආදරය කුමාරයාව යථා තත්ත්වයට ගේනවා. ආදරයට කරන්න බැරි දෙයක් නෑ වගේ දැනෙන්නේ. 

රස්තියාදුකාරයා ඉහතින් සාරාංශ ගත කළේ අතීත කතාව. කතාව වර්තමානයටත් ඒ වගේම අදාළයි. අදටත් යෝධයාගේ අත්අඩංගුවේ පසුවන කුමාරිකාවෝ ඉන්නවා. හැබැයි මෙතැන වෙනසක් තියෙනවා. ආදරයටවත් මේ නපුරු යෝධයෝ වෙනස් කරන්න බෑ. අනෙක් අතට අතීත යෝධයා කුමාරිකාව බලාගත්තා වගේ ආදරයක් මේ යෝධයාගේ හිතේ නෑ. ස්ත්‍රී සිරුරට තියෙන කෑදරකමක් විතරයි තියෙන්නේ. 

රජයේ රෝහලක ‍ෙදාස්තර මහත්තයෙක් ඉන්නවා. එයා කවදාවත් තමන්ගේ බිරියව ගෙදරින් පිටතට එක්ක යන්නේ නෑ. මේ රටේ වෙදා කොහේ හරි යද්දී බිරියව ගේ ඇතුළට දමලා ‍ෙදාරගුළු දානවා. මිනී කන බල්ලෙක්ව ලිහලා දානවා. ඊළඟට අඩි 12ක් විතර උසට ගේ වටේ තියෙන තාප්පේ සවිකරපු ගේට්ටුවටත් අගුළු දානවා. ඒ පිරිමින්ගේ හුළඟවත් නොවදින විදිහට  තමන්ගේ බිරියව ආරක්ෂා කරන විදිහ. ඒත් මේ මුරකාවල් එකකටවත් ස්ත්‍රියකගේ ආදරය නවත්වන්න බැහැ. කොහොමද එහෙම වෙන්නේ කියලා අහන්න නම් එපා. 

මතකනේ උන්මාද චිත්‍රා කුමාරිය. ඇය හිටියේ එක්ටැම් ගෙයක. ඒත් දීඝ ගාමිණී කුමාරයාට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. එහෙම චිත්‍රා ආදරය කරන්න බය වුණා නම් පණ්ඩුකාභය කුමාරයෙක්ව ඉතිහාසයේ නෑ. අනුරාධපුර කියලා නගරයකුත් අපට නෑ. 

අද දවසේ තරුණියන්ව ගල් ගෙයක දාලා හිර කරලා තියාගන්න අමාරුයි. අනෙක් එක අද යෝධයන්ට එහෙම වුවමනාවකුත් නෑ. මොකද අද දවසේ මේ යෝධයන්ගෙන් ගොඩක් අය විවාහකයෝ. දරු මල්ලෝ එක්ක ඉන්න හාදයෝ. තමන්ගේ පවුල අංක එක කියලා ප්‍රසිද්ධියේ කියන අය. ඒත් තරුණියන්ව තමන්ගේ අත්අඩංගුවේ තියාගෙන ඉන්නත් පැකිළෙන්නේ නෑ. මෙතැනදී අත්අඩංගුවට කියන වචනයට තියෙන අර්ථය වෙනස්. 

සාමාන්‍යයෙන් ගොඩක් ආයතනවල ඉන්න ප්‍රධානියෝ නපුරු යෝධයෝ තමයි. හරි විදිහට නම් යෝධයෝ නෙවෙයි. තඩි ගෝරිල්ලෝ. අතීත යෝධයා වගේ එක ලස්සන කුමාරිකාවක් මෙයාලා හිර කරගෙන නෑ. නාඩි වැටෙන මෙලෝ රහක් නැති ස්ත්‍රී ප්‍රාණ තමයි මෙයාලගේ අත්අඩංගුවේ ඉන්නේ. ඒ කියන්නේ ඒ ස්ත්‍රීන් හිරකරගෙන තියාගෙන නෑ. ඒ අය ඉන්නේ ඒ අයගේ සැමියන් එක්ක. හැබැයි මේ ගෝරිල්ලෝ පගාවෙන්, වංචාවෙන් උපයන මුදල් අර ස්ත්‍රීන්ගේ සුබ සාධනයටත් වැය වන නිසා ඒ ස්ත්‍රීන් ඉන්නේ මේ ගෝරිල්ලන්ගේ අත්අඩංගුවේ. අතීත කතාවේ යෝධයාට වගේ මේ ගෝරිල්ලන්ට මායාකාරියකගේ සාපයක් වැදිලා නෙවෙයි. ඒ ස්ත්‍රීන්ට තමයි ඇත්තටම නම් සාපෙ වැදිලා තියෙන්නේ. මොකද ගෝරිල්ලන්ගේ සම්බන්ධතා නිසා අවලස්සන චිත්‍රයක් සමාජේ ඇඳිලා නරක නාමයක් අරන් තියෙන්නේ. 

ගෝරිල්ලකුට මිනිස් ආත්මයක් නැති නිසා හිතන්න මනසක් නැහැ. ඒ නිසා හෘද සාක්ෂියකුත් නෑ. එහෙම තිබ්බ නම් රජයේ දේපළ මංකොල්ල කන්නේ නෑනේ. තමන්ගේ නොවන සොරකම් කළ සල්ලි නිසා ගෑනුන්ට බෙදන්න අමාරුවකුත් නෑනේ. ස්ත්‍රියකගේ දුප්පත්කමින්, අසරණකමින් ප්‍රයෝජන අරන් ඇයව තමන්ගේ ලිංගික වහලියක් කර ගැනීම පිරිමියකුට තරම් නෑ. ඒත් ඉතින් මෙතැන පිරිමියකු නොවන ගෝරිල්ලෙක්නේ ඉන්නේ. ඒ නිසා ගැටලුවක් නෑ. ගෝරිල්ලන්ට මොන සදාචාරයක්ද?


රස්තියාදුකාරයා  අමාන්

අවුරුදු 9ක් හිරේ ඉඳලා ඇවිත් සක්විති කියපු කතාව

මධුෂ්ගෙ තැන අරන් කොස්ගොඩ සුජී ඩුබායි ඉඳන් ගහන ගේම් !

තනතුරුවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරු යළි දිවුරුම් දෙන්න යති

කොදෙව් රට වෙනුවෙන් 19න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයා එංගලන්තය වෙනුවෙන් සිය රට බිමට වට්ටයි

ICC එකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැත වැඩ ගොඩක් කරලා - දිමුත් පවා අවුලෙන්

කොල්ලුපිටියේදී දුම්රියට පැන මවත් දරුවන් දෙදෙනාත් සියදිවි නසාගෙන
ලෝකය ජය ගන්න ලංකාවේ ක්‍රිකට් ගහපු කට්ටියක් මරා ගනී - CCTV

ශ්‍රී ලංකාව - ඕස්ට්‍රේලියාව තරඟය අතරතුර LTTE හිතවාදීන් උද්ඝෝෂණයක

අද පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ලෝක කුසලාන ක්‍රිකට් ත

10:25 PM Jun 15 2019

කොදෙව් රට වෙනුවෙන් 19න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයා එංගලන්තය වෙනුවෙන් සිය රට බිමට වට්ටයි

09:58 AM Jun 15 2019

ICC එකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැත වැඩ ගොඩක් කරලා - දිමුත් පවා අවුලෙන්

09:45 AM Jun 15 2019

අරාබියෙන් ඉරානයට චෝදනා

ඉකුත්දා ගල්ෆ් මුහුදු තීරයේදී තෙල් නැවකට එල්ල කල ප්‍රහාරය සම්

12:34 PM Jun 16 2019

ඇමරිකාව හා ඉරානය අතර උණුසුම් තත්ත්වයක්

10:20 AM Jun 15 2019

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

09:39 AM Jun 14 2019

සජිත්ගෙන් කබීර්ට ලිපියක් - තනතුරු භාරගන්නැයි ඉල්ලයි

ඉකුත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධව රජයේ හා විපක්ෂයේ මුස්ලිම් මැ

01:37 PM Jun 16 2019

අගමැති මැදිහත් වුණේ නැතිනම් කොහොමද කබීර් ඉල්ලා අස්වුණේ?

05:21 PM Jun 15 2019

ලංකාව දේශපාලනික වශයෙන් සංවර්ධනය කරන්න අලුත් ක්‍රමයක්

01:38 PM Jun 14 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-13
CARTOON ::: 2019-06-11
CARTOON :: 2019-06-11

මාධ්‍යයට ටොකු ඇන්න යුරෝපා හවුලේ වැදි බණ

යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය (ඡ්භ) ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියා තානාපති කාර්යාලද, එක්සත් රාජධානි මහ කොමසාරිස් කාර්යාලය, ස්විට්සර්ලන්ත සහ නෝර්වේ තානාපති කාර්යාලවල එකඟතාව මත පසුගිය බදාදා (12දා) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. එහි පළමු ඡේදයේම මෙසේ සඳහන් වේ. “සාමය හා සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී  ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් පිළිබඳ අපගේ දැඩි අවධානය යොමු වී ඇත. මාධ්‍ය මඟින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමී සහ සත්‍යතාව තහවුරු කර නොගත් තොරතුරු මඟින් සිදුවන්නේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වීම පමණි. ඉහත ඡේදය පිළිබඳව අවධානය යොමු කරන විට තහවුරු වනුයේ මේ රටේ හැම මඟුලකටම ඇඟිලි ගැසීම ජන්ම පුරුද්දක් කරගත් යුරෝපා කොමිසම අන්තිමේදී මාධ්‍යයටද අතපය දමන්නට එන බවය. මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන දේශපාලන හා ආගමික බලපෑම් පිළිබඳව තමන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි ඔවුහු කියති.නමුත් ගැටලුව ඇති වූයේ අන්තවාදී නරුමයන් කිහිපදෙනකු මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගෙන අහිංසකයන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීම හේතු කොටගෙනය. මෙවන් සාහසික අපරාධයක් සිදුව තිබියදී ඊට වගකිවයුත්තන් ගැන වගේ වගක් සඳහන් නොකර වෙනදා කරන්නාක් මෙන් යුරෝපා කොමිසම අඳුරේ අතපත ගාන්නට පටන්ගෙන තිබේ. ප්‍රහාරයෙන් දෙසතියකට පසුව දිවයිනේ තැනින් තැන ඇති වූ සිද්ධි කිහිපයක් නිසා වරින් වර පොලිස් ඇඳිරි නීතිය දමා ඒවා පාලනය කරන්නට ආරක්ෂක අංශවලට සිදුවූ බව සැබෑවකි. එහි ඇරඹුමට හේතු වූයේ හලාවත ව්‍යාපාරිකයකු මුහුණු පොතට දමා තිබූ ආවේගය උපදවන පෝස්ටුවකි.පාස්කු ප්‍රහාරය දාත්, ඉන් පසුවත් විය හැකිව තිබූ බොහෝ ව්‍යසන නොවන තැනට වගබලා ගන්නට කටයුතු කළ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ විශිෂ්ට ජාතික මෙහෙවර මේ මොහොතේද අපි ඉහළින්ම අගය කරමු. එමෙන්ම තෛ්‍රනිකායික මහ නාහිමිවරුන් ඇතුළු ඉස්ලාම් හා අනෙකුත් පූජක ප්‍රසාදීන් වහන්සේලාද රට තුළ සාමය කඩ නොවන තැනට වගබලාගන්නට ඉටු කළ මෙහෙවරද අගය කළ යුතුය. පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ ව්‍යසනය ජනවාර්ගික ගැටුමක් දක්වා වර්ධනය නොවන තැනට වගබලාගෙන තිබියදීත් සාමය හා සංහිඳියාව අනතුරේ හෙළන්නට මෙරට මාධ්‍ය ක්‍රියා කරන බවට යුරෝපා සංගමයේ අම්බරුවෝ තප්පුලති. සමස්තයක් ලෙස ගත් කල ඇති බහුතරයන් මාධ්‍ය සිදුකළේ රටේ සිදුවන දේ වගකීමකින් යුක්තව වාර්තා කිරීමය. ඇතැම් සමාජ මාධ්‍ය ජාල කිහිපයක් හැරෙන්නට අන් කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක් ඇවිළෙන ගින්නට පිදුරු දමන්නට ගියේ නැත. රට තුළ බෙහෙවින් සාමකාමී වාතාවරණයක් රැඳී පැවතුණේද ඒ නිසාමය.සෙනරත් රජුගේ කාලයේදී වෙළෙ¼දාම් කරන්නට නැඟෙනහිර වෙරළෙන් මෙරටට ගොඩබට මුස්ලිම්වරුන් හා මෙරට අනෙකුත් ජාතීන් අතර ඇති වූ සංහිඳියාවේ ඉතිහාසය ගැන යුරෝපා සංගමයේ පරසුද්දන් දන්නා කෙහෙල්මලක් නැත. ඒ මුස්ලිම්වරුන් ආවාහ විවාහ වූයේ අපේ සිංහල යුවතියන් සමඟය. මොහොට්ටි අප්පුහාමිලාගේ මොහොමඩ් කලීල්ලා බිහි වූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය. පසුකාලීනව මෙරට කථානායක පදවියට පත් එම්.එච්. මොහොමඩ් හා එම්.ඒ. බාකිර් මාකාර් ආදීහු මෙරට තුන්වැනි පුරවැසි තනතුරට පත්වූහ. කොළඹ ආනන්දයෙන් මරදානේ සහිරා විදුහලේ සේවයට ගිය ආචාර්ය ටී.බී. ජායා එහි ගිය පළමු වසරේදීම සිංහල කොල්ලකු සහිරාවේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කළේය. මේ රටේ සිංහල ජනතාව හා මුස්ලිම්වරුන් අතර සංහිඳියාව ගොඩනැඟුණේ එහෙමය. ආගමික අන්තවාදී ඇම්බැට්ටයන්ගේ උන්මන්තක ක්‍රියාවන් නිසා හැරෙන්නට මේ රටේ සිංහල, මුස්ලිම් සමඟියට කිසිදු බාධාවක් ඇත්තේ නැත. එහෙව් රටකට, එහෙව් අභිමානවත් ජාතියකට අද යුරෝපා සංගමයේ පරසුද්දෝ වැදි බණ දෙසති. අඩුම තරමින් රුසියාව හෝ ඕස්ට්‍රේලියාව මුස්ලිම්වරුන් පිළිබඳව අනුගමනය කරන දැඩි පිළිවෙත් (පහත ලිපිය කියවන්න) අප අනුගමනය කරන්නේ නැත. අදටත් ජපානය මුස්ලිම්වරුන්ට එරට ස්ථිර පදිංචිය ප්‍රදානය කරන්නේ නැත. ඉස්ලාම් ආගම ඇදහීමද තහනම්ය. ඇංගෝලාව සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සිය රටවල ඉස්ලාම් ආගම ඇදහීම තහනම් කර ඇත. පසුගිය වසරේ ජර්මනියේදී පමණක් මුස්ලිම් පල්ලි 81කට පහරදී තිබේ. බටහිර චීනයේ රජයේ ගොඩනැඟිලි සහ පාසල්වල ඉස්ලාම් යාඥාවන් තහනම්ය. චෙක් ජනරජය ඉස්ලාමය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම පෝලන්තයේ ආරක්ෂක ලීගය මේ වනවිට මුස්ලිම් ජනතාවට අවවාද කරමින් පළාත් 16ක ෂරියා නීතිය තහනම් කර තිබේ. මුස්ලිම්වරුන්ට හා ඉස්ලාමයට එරෙහි ලෝක ප්‍රතිපදාව එලෙස තිබියදී යුරෝපා හවුලේ වෘක්ෂ සුනඛයන් අප පසුපස එළවන්නට පටන්ගෙන තිබේ. ඊට හේතුව මේ රට තුළ බූවල්ලකු මෙන් අඬු විහිදා සිටින එන්.ජී.ඕ. මාෆියාව සමඟ යුරෝපා හවුල එකට යහන්ගතව සිටීමය. තමන්ගේ පාට කණ්ණාඩි තුළින් බලනවා හැරෙන්නට ප්‍රායෝගික සත්‍යය වටහා ගන්නට තරම් බුද්ධිමය ප්‍රතිභාවක් මුන්ට නැත. එසේ තිබුණේ නම් පාස්කු ප්‍රහාරයෙන් පසුව ලේ විලක් වන්නට තිබූ මේ රටේ සංහිඳියාවට පාර කැපූ වගකීම් සහගත මාධ්‍ය භාවිතාව මුන් මේ අයුරින් හෙළා දකින්නේ ද නැත. එපමණක් නොවේ වැසිකිළියක උපන් අවජාතකයන් හැර අන් කවරකුවත් උන්ගේ ගොම්පස් අල්ලන්නට යන්නේද නැත.
වීඩියෝ