logo

29

කොළඹ

ඇල්ල පාමුල හැංගිලා ගිය හිත සසල කළ මයේ ගමන් මැණික

සැණකෙලිය

වර්ෂ 1975 අවටය. පූජනීය ශ්‍රී  පාද අඩවියේ ශ්‍රී  පාද කඳු වැටිය කිට්ටුව පිහිටි මස්කෙළිය සමන්එළිය විද්‍යාලයේ ඒ වන විට මම විදුහල්පති ලෙස සේවය කළෙමි. මහනුවරින් අධ්‍යාපන පරිපාලන සේවා විභාගය සමර්ථ වූ මට දුෂ්කර සේවය සඳහා පත්වීම් ලැබුණේ සමන්එළිය මහා විද්‍යාලයටයි. මේ ප්‍රදේශයට “මස්කෙළිය” යන නම ලැබුණේ තැනින් තැන සෑදූ පොකුණුවල සුදු වතුකරුවන් විසින් විනෝදයට මාළු බෑමට පිටරටින් ගෙන් වූ මිරිදිය මාළු වර්ග බහුල ලෙස පොකුණුවල ඇති කළ බැවිනි. මේ ප්‍රදේශය පුරා පැතිර ඇත්තේ සීමාවක් නැති තේ වතු යායවල්ය. උස ගහකොළ නැත. ඉඳහිට උස් ගහක් ඇතත් අවාරයේ හමන ශ්‍රී  පාදයේ දැඩි සුළඟට ඒ ගස් බිඳ වැටෙයි. ජනවාරි සිට අප්‍රේල් ශ්‍රී  පාද වාරය බැවින් මස්කෙළිය නගරය එකම හිස් ගොඩකි. 

අඳුනන නිලධාරීන් නෑයින් මිත්‍රයන්ගෙන් ගුරු නිවාස පිරී යයි. ඒ අයට නැවතීම, කෑම බීම සැපයීම අසීරුවෙන් වුවත් ඉටු කළෙමි. සමහර නඩ සමඟ අඩු වශයෙන් මමද සීත ගඟුල දක්වාවත් ගොස් ඇරලීමට පුරුදු වූයෙමි. 

ශ්‍රී  පාද අවාරය සමඟ දැඩි සුළඟ අධික වර්ෂාව දිවා රෑ වෙළා ගත් වැස්ස විදුලි කෙටීම් බොර වතුර කඳන් සීතල හා පාළුව සමඟ පිරී යයි. හරස් අතට වහින වැස්ස දින ගණන් පවතියි. කුඩයක් ඉසලුවහොත් එහි නණ කැරකී කුඩ රෙද්ද ගැලවී සුළඟ සමඟ අෑතට යයි. දර ඉතා හිඟය. කප්පාදු කළ තේ දර ළිප ලීමට ගනී. කුඩා කෑලි තුනක දර මිටියක් අෑත පළාත්වලින් ගෙනවුත් රුපියල් දෙකකට විකුණයි. එය එදා අධික මිලකි. නුවරඑළිය අධ්‍යාපන කාර්යාලයේ බොහෝ දෙනෙක් වන්දනා කාලයට දිනක් දෙකක් නැවතී යෑමට පැමිණීම සිරිත විය. සංගීත මාණ්ඩලික අධ්‍යාපන නිලධාරි ප්‍රේමරත්න මහතා අවිස්සාවේල්ල ඉතා ධනවත් පවුලකට අයත් තනිකඩයෙකි. 

ඔහු මැදිවිය ඉක්මවා ඇත. හේ මාස දෙක තුනකට වරක් නැවතීමට අවශ්‍ය ද්‍රව්‍යයන්ද රැගෙන ගමන් මල්ලක් එල්ලාගෙන ගුරු නිවසේ ‍ෙදාර ජනෙල් ඇරි විට රෑ දවල් දිස්වන්නේ ශ්‍රී  පාද කඳු වැටියයි. විදුලි එළියෙන් නැහැවෙන ශ්‍රී  පාද ගමන් මාර්ගය හා ශ්‍රී  පාද මළුව රාත්‍රි කාලවල සිත් පහන් කරන චමත්කාර ජනක දර්ශනයකි. එදා ප්‍රේමරත්න මහතා ගුරු නිවසට ගොඩ වුණේ දවස් කීපයක් නවතින බව කියමිනි. මැණික් පිළිබඳ අවබෝධයක් තිබූ ඔහු වතු යායකින් වෙන්දේසි කළ බිම් කොටසක් කලියට ගෙන මැණික් ගැරීමට පළපුරුදු තුන් හතර දෙනෙක් කැටුව ඔවුන් පතල් බිමට යවා ඔහු පාසලට පැමිණ ඇත. මැණික් පතල් බිම පිහිටියේ මස්කෙළිය සිට සැතපුම් පහක් පමණ අෑත ගවරවෙල කඩපොළ අසලයි. ගවරවෙල යන සිංහල නම එයට ලැබුණේ කලකට පෙර මේ අඩවියේ දැනට ලංකාවේ වඳ වී ඇති ගවරුන් බහුල ලෙස මේ දිය කඩිති බිමේ හෙවත් ජල විල්ලුවල ලැග සිටි බැවිනි. දෙමළෙන් මේ ප්‍රදේශය “සාමිමලේ” යනුවෙන්ද ඉංගී්‍රසියෙන් “අප්කොට්” ලෙසද හඳුන්වයි. කම්කරු පිරිස මස්කෙළි ඔය අසල වාඩියක් ගසා පතල හාරති. ඔවුන්ට අවශ්‍ය හාල් තුන පහ මුදල් රැගෙන ප්‍රේමරත්න මහතා හවස පතලට යයි. පතලට ඉහළින් කුඩා දිය ඇල්ලකි. දිය ඇල්ලේ ජලය වැටෙන ස්ථානයේ ගල හෑරී සෑදුණු  වක්කලමකි. 

වාඩියට ගොස් දිනක් රෑ වී පැමිණි ප්‍රේමරත්න මහතා ඇඟපුරා දහදිය වගුරුවා ගෙන මා සමඟ කතාවකට මුලපිරුවේය. “අද උදෙන්ම මම වාඩියට ගියා. ඊයේ රෑ හරියට නින්ද ගියෙත් නෑ. උදේ ගතවෙන කොට මම පතල ළඟ. වැඩ කරන මිනිස්සු උදේ කෑම තවම පිළියෙල කරමිනුයි හිටියේ. පතලට උඩින් පුංචි දිය ඇල්ලක් තියෙනවා. මස්කෙළි ඔය දිගේ පළාතම එළිය විහිදුවාගෙන ආපු වස්තුවක් දිය ඇල්ල දිගේ පහළට වැටිලා ඇල්ල පාමුල වක්කලමේ ගිලිලා අතුරුදන් වුණා. 

මගේ ඇඟේ ලෝම කෙළින් හිටියා. පළාතම ඒකෙන් එළිය වැටුණා. ඒක වක්කලමෙන් උඩට ආවේ නෑ. වක්කලමේ ගිලිලා නොපෙනී ගියා. ඒ මොකක්ද කියලා දන්නවාද? ඒක තමයි ගමන් මැණික. තියඹරා ගෙඩියක් විතර ඇති. එක තැනක නැවතීමක් නෑ. පතලක් හාරනකොට පුවක් ගහක් තරමට හරස් අතට විහිදෙන වතුර පහරක් තිබුණොත් ඒ ගමන් මැණික ගිය පාරක්. ඒකේ මැණික් වරදින්නේ නෑ. කාටවත් ගමන් මැණික අයිති කර ගෙන තියාගන්න බෑ. ඒක හැමවිටම තද කළුගල පවා විදගෙන පොළොව යටිනුත් ගමන් කරනවා. මට දුක මගේ ඇස් ඉදිරිපිටම ගමන් මැණික දැකලා අතුරුදන් වුණු එක.” 

මම ඔහුගේ කතාවෙන් ගල් ගැසී බලා සිටියෙමි. වාසනාව ඔහුට අතවනා ඉවත්ව ගිය බවක් මට හැඟෙයි. 


වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

 එස්.කේ. ජයවර්ධන 

අවුරුදු 9ක් හිරේ ඉඳලා ඇවිත් සක්විති කියපු කතාව

මධුෂ්ගෙ තැන අරන් කොස්ගොඩ සුජී ඩුබායි ඉඳන් ගහන ගේම් !

තනතුරුවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරු යළි දිවුරුම් දෙන්න යති

කොදෙව් රට වෙනුවෙන් 19න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයා එංගලන්තය වෙනුවෙන් සිය රට බිමට වට්ටයි

ICC එකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැත වැඩ ගොඩක් කරලා - දිමුත් පවා අවුලෙන්

කොල්ලුපිටියේදී දුම්රියට පැන මවත් දරුවන් දෙදෙනාත් සියදිවි නසාගෙන
ලෝකය ජය ගන්න ලංකාවේ ක්‍රිකට් ගහපු කට්ටියක් මරා ගනී - CCTV

ශ්‍රී ලංකාව - ඕස්ට්‍රේලියාව තරඟය අතරතුර LTTE හිතවාදීන් උද්ඝෝෂණයක

අද පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ලෝක කුසලාන ක්‍රිකට් ත

10:25 PM Jun 15 2019

කොදෙව් රට වෙනුවෙන් 19න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයා එංගලන්තය වෙනුවෙන් සිය රට බිමට වට්ටයි

09:58 AM Jun 15 2019

ICC එකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැත වැඩ ගොඩක් කරලා - දිමුත් පවා අවුලෙන්

09:45 AM Jun 15 2019

අරාබියෙන් ඉරානයට චෝදනා

ඉකුත්දා ගල්ෆ් මුහුදු තීරයේදී තෙල් නැවකට එල්ල කල ප්‍රහාරය සම්

12:34 PM Jun 16 2019

ඇමරිකාව හා ඉරානය අතර උණුසුම් තත්ත්වයක්

10:20 AM Jun 15 2019

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

09:39 AM Jun 14 2019

සජිත්ගෙන් කබීර්ට ලිපියක් - තනතුරු භාරගන්නැයි ඉල්ලයි

ඉකුත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධව රජයේ හා විපක්ෂයේ මුස්ලිම් මැ

01:37 PM Jun 16 2019

අගමැති මැදිහත් වුණේ නැතිනම් කොහොමද කබීර් ඉල්ලා අස්වුණේ?

05:21 PM Jun 15 2019

ලංකාව දේශපාලනික වශයෙන් සංවර්ධනය කරන්න අලුත් ක්‍රමයක්

01:38 PM Jun 14 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-13
CARTOON ::: 2019-06-11
CARTOON :: 2019-06-11

මාධ්‍යයට ටොකු ඇන්න යුරෝපා හවුලේ වැදි බණ

යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය (ඡ්භ) ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියා තානාපති කාර්යාලද, එක්සත් රාජධානි මහ කොමසාරිස් කාර්යාලය, ස්විට්සර්ලන්ත සහ නෝර්වේ තානාපති කාර්යාලවල එකඟතාව මත පසුගිය බදාදා (12දා) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. එහි පළමු ඡේදයේම මෙසේ සඳහන් වේ. “සාමය හා සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී  ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් පිළිබඳ අපගේ දැඩි අවධානය යොමු වී ඇත. මාධ්‍ය මඟින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමී සහ සත්‍යතාව තහවුරු කර නොගත් තොරතුරු මඟින් සිදුවන්නේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වීම පමණි. ඉහත ඡේදය පිළිබඳව අවධානය යොමු කරන විට තහවුරු වනුයේ මේ රටේ හැම මඟුලකටම ඇඟිලි ගැසීම ජන්ම පුරුද්දක් කරගත් යුරෝපා කොමිසම අන්තිමේදී මාධ්‍යයටද අතපය දමන්නට එන බවය. මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන දේශපාලන හා ආගමික බලපෑම් පිළිබඳව තමන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි ඔවුහු කියති.නමුත් ගැටලුව ඇති වූයේ අන්තවාදී නරුමයන් කිහිපදෙනකු මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගෙන අහිංසකයන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීම හේතු කොටගෙනය. මෙවන් සාහසික අපරාධයක් සිදුව තිබියදී ඊට වගකිවයුත්තන් ගැන වගේ වගක් සඳහන් නොකර වෙනදා කරන්නාක් මෙන් යුරෝපා කොමිසම අඳුරේ අතපත ගාන්නට පටන්ගෙන තිබේ. ප්‍රහාරයෙන් දෙසතියකට පසුව දිවයිනේ තැනින් තැන ඇති වූ සිද්ධි කිහිපයක් නිසා වරින් වර පොලිස් ඇඳිරි නීතිය දමා ඒවා පාලනය කරන්නට ආරක්ෂක අංශවලට සිදුවූ බව සැබෑවකි. එහි ඇරඹුමට හේතු වූයේ හලාවත ව්‍යාපාරිකයකු මුහුණු පොතට දමා තිබූ ආවේගය උපදවන පෝස්ටුවකි.පාස්කු ප්‍රහාරය දාත්, ඉන් පසුවත් විය හැකිව තිබූ බොහෝ ව්‍යසන නොවන තැනට වගබලා ගන්නට කටයුතු කළ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ විශිෂ්ට ජාතික මෙහෙවර මේ මොහොතේද අපි ඉහළින්ම අගය කරමු. එමෙන්ම තෛ්‍රනිකායික මහ නාහිමිවරුන් ඇතුළු ඉස්ලාම් හා අනෙකුත් පූජක ප්‍රසාදීන් වහන්සේලාද රට තුළ සාමය කඩ නොවන තැනට වගබලාගන්නට ඉටු කළ මෙහෙවරද අගය කළ යුතුය. පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ ව්‍යසනය ජනවාර්ගික ගැටුමක් දක්වා වර්ධනය නොවන තැනට වගබලාගෙන තිබියදීත් සාමය හා සංහිඳියාව අනතුරේ හෙළන්නට මෙරට මාධ්‍ය ක්‍රියා කරන බවට යුරෝපා සංගමයේ අම්බරුවෝ තප්පුලති. සමස්තයක් ලෙස ගත් කල ඇති බහුතරයන් මාධ්‍ය සිදුකළේ රටේ සිදුවන දේ වගකීමකින් යුක්තව වාර්තා කිරීමය. ඇතැම් සමාජ මාධ්‍ය ජාල කිහිපයක් හැරෙන්නට අන් කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක් ඇවිළෙන ගින්නට පිදුරු දමන්නට ගියේ නැත. රට තුළ බෙහෙවින් සාමකාමී වාතාවරණයක් රැඳී පැවතුණේද ඒ නිසාමය.සෙනරත් රජුගේ කාලයේදී වෙළෙ¼දාම් කරන්නට නැඟෙනහිර වෙරළෙන් මෙරටට ගොඩබට මුස්ලිම්වරුන් හා මෙරට අනෙකුත් ජාතීන් අතර ඇති වූ සංහිඳියාවේ ඉතිහාසය ගැන යුරෝපා සංගමයේ පරසුද්දන් දන්නා කෙහෙල්මලක් නැත. ඒ මුස්ලිම්වරුන් ආවාහ විවාහ වූයේ අපේ සිංහල යුවතියන් සමඟය. මොහොට්ටි අප්පුහාමිලාගේ මොහොමඩ් කලීල්ලා බිහි වූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය. පසුකාලීනව මෙරට කථානායක පදවියට පත් එම්.එච්. මොහොමඩ් හා එම්.ඒ. බාකිර් මාකාර් ආදීහු මෙරට තුන්වැනි පුරවැසි තනතුරට පත්වූහ. කොළඹ ආනන්දයෙන් මරදානේ සහිරා විදුහලේ සේවයට ගිය ආචාර්ය ටී.බී. ජායා එහි ගිය පළමු වසරේදීම සිංහල කොල්ලකු සහිරාවේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කළේය. මේ රටේ සිංහල ජනතාව හා මුස්ලිම්වරුන් අතර සංහිඳියාව ගොඩනැඟුණේ එහෙමය. ආගමික අන්තවාදී ඇම්බැට්ටයන්ගේ උන්මන්තක ක්‍රියාවන් නිසා හැරෙන්නට මේ රටේ සිංහල, මුස්ලිම් සමඟියට කිසිදු බාධාවක් ඇත්තේ නැත. එහෙව් රටකට, එහෙව් අභිමානවත් ජාතියකට අද යුරෝපා සංගමයේ පරසුද්දෝ වැදි බණ දෙසති. අඩුම තරමින් රුසියාව හෝ ඕස්ට්‍රේලියාව මුස්ලිම්වරුන් පිළිබඳව අනුගමනය කරන දැඩි පිළිවෙත් (පහත ලිපිය කියවන්න) අප අනුගමනය කරන්නේ නැත. අදටත් ජපානය මුස්ලිම්වරුන්ට එරට ස්ථිර පදිංචිය ප්‍රදානය කරන්නේ නැත. ඉස්ලාම් ආගම ඇදහීමද තහනම්ය. ඇංගෝලාව සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සිය රටවල ඉස්ලාම් ආගම ඇදහීම තහනම් කර ඇත. පසුගිය වසරේ ජර්මනියේදී පමණක් මුස්ලිම් පල්ලි 81කට පහරදී තිබේ. බටහිර චීනයේ රජයේ ගොඩනැඟිලි සහ පාසල්වල ඉස්ලාම් යාඥාවන් තහනම්ය. චෙක් ජනරජය ඉස්ලාමය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම පෝලන්තයේ ආරක්ෂක ලීගය මේ වනවිට මුස්ලිම් ජනතාවට අවවාද කරමින් පළාත් 16ක ෂරියා නීතිය තහනම් කර තිබේ. මුස්ලිම්වරුන්ට හා ඉස්ලාමයට එරෙහි ලෝක ප්‍රතිපදාව එලෙස තිබියදී යුරෝපා හවුලේ වෘක්ෂ සුනඛයන් අප පසුපස එළවන්නට පටන්ගෙන තිබේ. ඊට හේතුව මේ රට තුළ බූවල්ලකු මෙන් අඬු විහිදා සිටින එන්.ජී.ඕ. මාෆියාව සමඟ යුරෝපා හවුල එකට යහන්ගතව සිටීමය. තමන්ගේ පාට කණ්ණාඩි තුළින් බලනවා හැරෙන්නට ප්‍රායෝගික සත්‍යය වටහා ගන්නට තරම් බුද්ධිමය ප්‍රතිභාවක් මුන්ට නැත. එසේ තිබුණේ නම් පාස්කු ප්‍රහාරයෙන් පසුව ලේ විලක් වන්නට තිබූ මේ රටේ සංහිඳියාවට පාර කැපූ වගකීම් සහගත මාධ්‍ය භාවිතාව මුන් මේ අයුරින් හෙළා දකින්නේ ද නැත. එපමණක් නොවේ වැසිකිළියක උපන් අවජාතකයන් හැර අන් කවරකුවත් උන්ගේ ගොම්පස් අල්ලන්නට යන්නේද නැත.
වීඩියෝ