logo

29

කොළඹ

විදුලියෙන් බල ගැන්වී වේගයෙන් පියාසරන සුපිරි හයිබි්‍රඩ් ගුවන් යානා මෙන්න

සැණකෙලිය

මහා බි්‍රතාන්‍යයෙහි  නිෂ්පාදනය කරනු ලබන හයිබි්‍රඩ් විදුලි ගුවන් යානයක් කෙටි ගුවන් ගමන් සඳහා  2025දී ගුවන්ගත වනු ඇත. සංකල්පිත මෙම ගුවන් යානය යථාර්ථයක් බවට පත්වුවහොත් මහා බි්‍රතාන්‍යයේ ලන්ඩන් හා  මැන්චෙස්ටර් නගර දෙක අතර ගුවන් ගමනක් සඳහා දැන් ගත වන කාලය  පැයකින් අඩු වී එය විනාඩි 42කට සීමා වනු ඇත. මේ නවතම ගුවන්යානය පිළිබඳ සංකල්පය ඉදිරිපත්  කරන ෆැරඩොයාර්  ආයතනයේ අරමුණ ලෝකයේ ඉතාම පරිසර හිතකාමී ගුවන් සමාගම බවට පත්වීමය. එම ආයතනය දැනටමත් කෙටි ගුවන් ගමන් සඳහා යොදාගත හැකි කාබන් සංයුතිය සහිත බඳින් යුත් ආසන 18ක සුපිරි කුඩා ගුවන්යානයක් පිළිබඳ සැලසුම් අනාවරණය  කර ඇත. 

 පැයට සැතපුම් 230ක වේගයෙන් පියාසර කිරීම සඳහා  බැටරිවලින් ක්‍රියාත්මක වන අශ්ව බල 1,600ක ජෛව - ඩීසල් ඇන්ජිමකින් මෙම ගුවන් යානා බල ගැන්වෙයි. ගුවන්ගත වීමේ හා බිමට බැසීමේ ක්‍රියාවලිය බැටරිවලින් බල ගැන්වෙන  විදුලි මෝටරයකින්  පාලනය වන අතර ගුවන් ගමන් කාලය පුරා  ඇන්ජිම යානයේ එකම  බලෝත්පාදනය වශයෙන් පවතී.  යානයට සවි වුණු සූර්ය පැනල මඟින් බැටරි යළි යළි පණ ගැන්වෙයි. සිරෙන්සෙස්ටර්හි  පිහිටි මෙම ගුවන් සමාගම ස්වෝන්සි විශ්වවිද්‍යාලයද  සමඟ එක්ව නවතම ගුවන්යානය සැලැසුම් කරගෙන යයි. ස්තර තුනකින් යුත් පියාපත් මෙම යානයේ විශේෂ ලක්ෂණයකි. 

මගී ප්‍රවාහනය සඳහා ගත වන කාල සීමා

 නගර කීපයක් අතර ගුවන් ගමන් සඳහා දැනට ගත වන කාලයත් සංකල්පිත හයිබි්‍රඩ් යානයට ගත වනු ඇතැයි  සැලකෙන කාලයත් පිළිබඳ සංසන්දනයක් “ෆැරඩෙයාර්” ගුවන් සමාගම මෙසේ දක්වා ඇත.

 දැන් ගත වන කාලය 

ලන්ඩනයේ සිට මැන්චෙස්ටර් දක්වා පැය 1

සැක්‍රමෙන්ටෝ - සැන්ෆ්‍රැන්සිස්කෝ විනාඩි 55

 බොස්ටන් -  නිව් යෝර්ක් පැය 1 විනාඩි 20

 ලන්ඩන් - පැරිස්  පැය 1 විනාඩි 15

පැරිස් - බර්ලින් පැය 1 විනාඩි45

 ඔස්ලෝ - ස්ටොක්හෝම් පැය 1

 සංකල්පිත යානයට ගතවනු ඇතැයි සැලකෙන කාලය 

ලන්ඩන්  - මැන්චෙස්ටර් විනාඩි 42

 සැක්‍රබෙන්ටෝ - සැන්ෆ්‍රැන්සිස්කෝ විනාඩි 41

 බොස්ටන් - නිව් යොර්ක් - පැය 1 විනාඩි  9

ලන්ඩන් - පැරිස් පැය 1 විනාඩි 17

 පැරිස් - බර්ලින් පැය 2 විනාඩි 43

ඔස්ලෝ - ස්ටොක්හෝම් - පැය 1 විනාඩි 23

සංකල්පිත හයිබි්‍රඩ්  යානය BEHA-MiH  යනුවෙන් නම් කැරෙන අතර එය අඩි 1000කට (මීටර් 300) වඩා  අඩු ධාවන පථයකින් ගුවන්ගත කිරීමටත් එවැන්නකටම බැස්සීමටත් හැකි වන සේ නිර්මාණය  කරනු ලැබේ. 

ගුවන් යානය ගමන් ගන්නා දිසාවට ප්‍රතිවිරුද්ධ අතට කැරකෙන වේගවත් පංකා දෙකක් යානයේ පසු භාගයේ සවි කිරීමෙන් යානයේ ප්‍රවාලනයක් ඇති කරන තාක්ෂණ ක්‍රමයක් ඒ  සඳහා යොදාගනු ලැබේ යැයි ගුවන් සමාගම කියයි. හයිබි්‍රඩ් යානය ගුවන්ගත කිරීමේදී ඉන් නැඟෙන නාදය  ඔසිබල්  60 දක්වා අඩු කිරීම තමන්ගේ අරමුණ බවත් දැන් තිබෙන බොහෝ ගුවන්යානවලින් නැඟෙන එම නාදය ඩෙසිබල් 140ක් හෝ ඇතැම් විට ඊටද මඳක් වැඩි  වන බවත් හයිබි්‍රඩ් යානා ව්‍යාපෘතියෙහි යෙදී සිටින ඉන්ජිනේරු ශිල්පියෝ කියති.

BEHA-MiH හයිබ්්‍රඩ් යානය ප්‍රධාන වශයෙන්ම මගී ප්‍රවාහනය සඳහා අරමුණු කරන ලද නමුත් එහි ආසන පසෙකට හැරවීමෙන් ටොන් පහක භාණ්ඩද ප්‍රවාහනය කළ හැකි වෙයි. 

භාණ්ඩ හා මගී ප්‍රවාහනය සඳහා  පමණක් නොව  දිවා - රාත්‍රි කුලී ගුවන් ගමන් ඇතුළු විවිධ සේවා සඳහා යොදාගත හැකි වනු ඇතැයි ෆැරඩෙයාර් ගුවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ  නීල් ක්ලෝලි “නිව් ඇට්ලස් (New Atlas)  ප්‍රකාශනයට පැවසීය.

පරිවර්තනය 

ප්‍රේමචන්ද්‍ර අල්විස්

අවුරුදු 9ක් හිරේ ඉඳලා ඇවිත් සක්විති කියපු කතාව

මධුෂ්ගෙ තැන අරන් කොස්ගොඩ සුජී ඩුබායි ඉඳන් ගහන ගේම් !

තනතුරුවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරු යළි දිවුරුම් දෙන්න යති

කොදෙව් රට වෙනුවෙන් 19න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයා එංගලන්තය වෙනුවෙන් සිය රට බිමට වට්ටයි

ICC එකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැත වැඩ ගොඩක් කරලා - දිමුත් පවා අවුලෙන්

කොල්ලුපිටියේදී දුම්රියට පැන මවත් දරුවන් දෙදෙනාත් සියදිවි නසාගෙන
ලෝකය ජය ගන්න ලංකාවේ ක්‍රිකට් ගහපු කට්ටියක් මරා ගනී - CCTV

ශ්‍රී ලංකාව - ඕස්ට්‍රේලියාව තරඟය අතරතුර LTTE හිතවාදීන් උද්ඝෝෂණයක

අද පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ලෝක කුසලාන ක්‍රිකට් ත

10:25 PM Jun 15 2019

කොදෙව් රට වෙනුවෙන් 19න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයා එංගලන්තය වෙනුවෙන් සිය රට බිමට වට්ටයි

09:58 AM Jun 15 2019

ICC එකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැත වැඩ ගොඩක් කරලා - දිමුත් පවා අවුලෙන්

09:45 AM Jun 15 2019

අරාබියෙන් ඉරානයට චෝදනා

ඉකුත්දා ගල්ෆ් මුහුදු තීරයේදී තෙල් නැවකට එල්ල කල ප්‍රහාරය සම්

12:34 PM Jun 16 2019

ඇමරිකාව හා ඉරානය අතර උණුසුම් තත්ත්වයක්

10:20 AM Jun 15 2019

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

09:39 AM Jun 14 2019

සජිත්ගෙන් කබීර්ට ලිපියක් - තනතුරු භාරගන්නැයි ඉල්ලයි

ඉකුත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධව රජයේ හා විපක්ෂයේ මුස්ලිම් මැ

01:37 PM Jun 16 2019

අගමැති මැදිහත් වුණේ නැතිනම් කොහොමද කබීර් ඉල්ලා අස්වුණේ?

05:21 PM Jun 15 2019

ලංකාව දේශපාලනික වශයෙන් සංවර්ධනය කරන්න අලුත් ක්‍රමයක්

01:38 PM Jun 14 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-13
CARTOON ::: 2019-06-11
CARTOON :: 2019-06-11

මාධ්‍යයට ටොකු ඇන්න යුරෝපා හවුලේ වැදි බණ

යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය (ඡ්භ) ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියා තානාපති කාර්යාලද, එක්සත් රාජධානි මහ කොමසාරිස් කාර්යාලය, ස්විට්සර්ලන්ත සහ නෝර්වේ තානාපති කාර්යාලවල එකඟතාව මත පසුගිය බදාදා (12දා) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. එහි පළමු ඡේදයේම මෙසේ සඳහන් වේ. “සාමය හා සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී  ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් පිළිබඳ අපගේ දැඩි අවධානය යොමු වී ඇත. මාධ්‍ය මඟින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමී සහ සත්‍යතාව තහවුරු කර නොගත් තොරතුරු මඟින් සිදුවන්නේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වීම පමණි. ඉහත ඡේදය පිළිබඳව අවධානය යොමු කරන විට තහවුරු වනුයේ මේ රටේ හැම මඟුලකටම ඇඟිලි ගැසීම ජන්ම පුරුද්දක් කරගත් යුරෝපා කොමිසම අන්තිමේදී මාධ්‍යයටද අතපය දමන්නට එන බවය. මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන දේශපාලන හා ආගමික බලපෑම් පිළිබඳව තමන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි ඔවුහු කියති.නමුත් ගැටලුව ඇති වූයේ අන්තවාදී නරුමයන් කිහිපදෙනකු මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගෙන අහිංසකයන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීම හේතු කොටගෙනය. මෙවන් සාහසික අපරාධයක් සිදුව තිබියදී ඊට වගකිවයුත්තන් ගැන වගේ වගක් සඳහන් නොකර වෙනදා කරන්නාක් මෙන් යුරෝපා කොමිසම අඳුරේ අතපත ගාන්නට පටන්ගෙන තිබේ. ප්‍රහාරයෙන් දෙසතියකට පසුව දිවයිනේ තැනින් තැන ඇති වූ සිද්ධි කිහිපයක් නිසා වරින් වර පොලිස් ඇඳිරි නීතිය දමා ඒවා පාලනය කරන්නට ආරක්ෂක අංශවලට සිදුවූ බව සැබෑවකි. එහි ඇරඹුමට හේතු වූයේ හලාවත ව්‍යාපාරිකයකු මුහුණු පොතට දමා තිබූ ආවේගය උපදවන පෝස්ටුවකි.පාස්කු ප්‍රහාරය දාත්, ඉන් පසුවත් විය හැකිව තිබූ බොහෝ ව්‍යසන නොවන තැනට වගබලා ගන්නට කටයුතු කළ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ විශිෂ්ට ජාතික මෙහෙවර මේ මොහොතේද අපි ඉහළින්ම අගය කරමු. එමෙන්ම තෛ්‍රනිකායික මහ නාහිමිවරුන් ඇතුළු ඉස්ලාම් හා අනෙකුත් පූජක ප්‍රසාදීන් වහන්සේලාද රට තුළ සාමය කඩ නොවන තැනට වගබලාගන්නට ඉටු කළ මෙහෙවරද අගය කළ යුතුය. පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ ව්‍යසනය ජනවාර්ගික ගැටුමක් දක්වා වර්ධනය නොවන තැනට වගබලාගෙන තිබියදීත් සාමය හා සංහිඳියාව අනතුරේ හෙළන්නට මෙරට මාධ්‍ය ක්‍රියා කරන බවට යුරෝපා සංගමයේ අම්බරුවෝ තප්පුලති. සමස්තයක් ලෙස ගත් කල ඇති බහුතරයන් මාධ්‍ය සිදුකළේ රටේ සිදුවන දේ වගකීමකින් යුක්තව වාර්තා කිරීමය. ඇතැම් සමාජ මාධ්‍ය ජාල කිහිපයක් හැරෙන්නට අන් කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක් ඇවිළෙන ගින්නට පිදුරු දමන්නට ගියේ නැත. රට තුළ බෙහෙවින් සාමකාමී වාතාවරණයක් රැඳී පැවතුණේද ඒ නිසාමය.සෙනරත් රජුගේ කාලයේදී වෙළෙ¼දාම් කරන්නට නැඟෙනහිර වෙරළෙන් මෙරටට ගොඩබට මුස්ලිම්වරුන් හා මෙරට අනෙකුත් ජාතීන් අතර ඇති වූ සංහිඳියාවේ ඉතිහාසය ගැන යුරෝපා සංගමයේ පරසුද්දන් දන්නා කෙහෙල්මලක් නැත. ඒ මුස්ලිම්වරුන් ආවාහ විවාහ වූයේ අපේ සිංහල යුවතියන් සමඟය. මොහොට්ටි අප්පුහාමිලාගේ මොහොමඩ් කලීල්ලා බිහි වූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය. පසුකාලීනව මෙරට කථානායක පදවියට පත් එම්.එච්. මොහොමඩ් හා එම්.ඒ. බාකිර් මාකාර් ආදීහු මෙරට තුන්වැනි පුරවැසි තනතුරට පත්වූහ. කොළඹ ආනන්දයෙන් මරදානේ සහිරා විදුහලේ සේවයට ගිය ආචාර්ය ටී.බී. ජායා එහි ගිය පළමු වසරේදීම සිංහල කොල්ලකු සහිරාවේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කළේය. මේ රටේ සිංහල ජනතාව හා මුස්ලිම්වරුන් අතර සංහිඳියාව ගොඩනැඟුණේ එහෙමය. ආගමික අන්තවාදී ඇම්බැට්ටයන්ගේ උන්මන්තක ක්‍රියාවන් නිසා හැරෙන්නට මේ රටේ සිංහල, මුස්ලිම් සමඟියට කිසිදු බාධාවක් ඇත්තේ නැත. එහෙව් රටකට, එහෙව් අභිමානවත් ජාතියකට අද යුරෝපා සංගමයේ පරසුද්දෝ වැදි බණ දෙසති. අඩුම තරමින් රුසියාව හෝ ඕස්ට්‍රේලියාව මුස්ලිම්වරුන් පිළිබඳව අනුගමනය කරන දැඩි පිළිවෙත් (පහත ලිපිය කියවන්න) අප අනුගමනය කරන්නේ නැත. අදටත් ජපානය මුස්ලිම්වරුන්ට එරට ස්ථිර පදිංචිය ප්‍රදානය කරන්නේ නැත. ඉස්ලාම් ආගම ඇදහීමද තහනම්ය. ඇංගෝලාව සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සිය රටවල ඉස්ලාම් ආගම ඇදහීම තහනම් කර ඇත. පසුගිය වසරේ ජර්මනියේදී පමණක් මුස්ලිම් පල්ලි 81කට පහරදී තිබේ. බටහිර චීනයේ රජයේ ගොඩනැඟිලි සහ පාසල්වල ඉස්ලාම් යාඥාවන් තහනම්ය. චෙක් ජනරජය ඉස්ලාමය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම පෝලන්තයේ ආරක්ෂක ලීගය මේ වනවිට මුස්ලිම් ජනතාවට අවවාද කරමින් පළාත් 16ක ෂරියා නීතිය තහනම් කර තිබේ. මුස්ලිම්වරුන්ට හා ඉස්ලාමයට එරෙහි ලෝක ප්‍රතිපදාව එලෙස තිබියදී යුරෝපා හවුලේ වෘක්ෂ සුනඛයන් අප පසුපස එළවන්නට පටන්ගෙන තිබේ. ඊට හේතුව මේ රට තුළ බූවල්ලකු මෙන් අඬු විහිදා සිටින එන්.ජී.ඕ. මාෆියාව සමඟ යුරෝපා හවුල එකට යහන්ගතව සිටීමය. තමන්ගේ පාට කණ්ණාඩි තුළින් බලනවා හැරෙන්නට ප්‍රායෝගික සත්‍යය වටහා ගන්නට තරම් බුද්ධිමය ප්‍රතිභාවක් මුන්ට නැත. එසේ තිබුණේ නම් පාස්කු ප්‍රහාරයෙන් පසුව ලේ විලක් වන්නට තිබූ මේ රටේ සංහිඳියාවට පාර කැපූ වගකීම් සහගත මාධ්‍ය භාවිතාව මුන් මේ අයුරින් හෙළා දකින්නේ ද නැත. එපමණක් නොවේ වැසිකිළියක උපන් අවජාතකයන් හැර අන් කවරකුවත් උන්ගේ ගොම්පස් අල්ලන්නට යන්නේද නැත.
වීඩියෝ