31

කොළඹ

නවතම පුවත්

විජේවීර සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න හමුවුණේ ඇයි?

හටන

මේ ඡායාරූපය බොහෝ දෙනකු මෙයට පෙර දකින්නට ඇතැයි සිතිය නොහැක. එය සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න මහතාගේ ඡායාරූප එකතුවට අයත් එකකි. අපි ප්‍රථමයෙන්ම ඡායාරූපයේ පෙනී සිටින්නන් හඳුනා ගනිමු. වමේ සිට පිළිවෙළින් ඒ.ටී.ආරියරත්න මහතාගේ මලනුවන් වූ වී.ර. ජිනදාස, රෝහණ විජේවීර, ඒ.ටී. ආරියරත්න මහතාගේ දියණිය චාරිකා ආරියරත්න සහ වර්ණසේන රාසපුත්‍රම් මහතා යන අය මෙහි වෙති. මේ ඡායාරූපය 1978 දෙසැම්බරයේදී මොරටුව ආරියරත්න මහතාගේ නිවෙසේදී ගන්නා ලද්දකි. 

ඔවුහු දිගු සෝපාවක අසුන්ගෙන සිටිති. මල්ලී ජිනදාසගේ මුවෙහි තිබෙන්නේ විළිබර සිනහවකි. අනෙක් සියල්ලන්ම පී්‍රතිමත් මුහුණෙන් සිටිති. චාරිකා ඇසූ කිසියම් පැනයකට විජේවීර වම් අත ඉහළට ගනිමින් සිනහා වෙමින් පිළිතුරු දෙන අයුරු පැහැදිලිය. ප්‍රශ්නය සර්වෝදය නායකයාගේ සහ ජවිපෙ නායකයාගේ මේ සම්බන්ධය කුමක්ද යන්නය.  ඊට පිළිතුරක් තිබේ. 

විජේවීර සර්වෝදය නායකයාගේ නිවෙසට ගොඩවැදුණේ ආරියරත්න මහතා හමුවී කෘතවේදීත්වය පළ කරන්නටය. 1978 නොවැම්බර් 2 දා අපරාධ යුක්ති විනිශ්චය කොමිසම ජයවර්ධන ජනාධිපති විසින් අහෝසි කිරීමත් සමඟ විජේවීර ඇතුළු දේශපාලන සිරකරුවෝ නිදහස ලැබූහ. පක්ෂයේ වැඩ කටයුතු බොහෝ වූ නමුත් විජේවීර ඒ.ටී. ආරියරත්න මහතා සොයා පැමිණ හෘදයාංගම ස්තුතිය පිරිනැමුවේ ඒ මහතා විසින් ඉටුකළ එක්තරා සුවිශේෂී කටයුත්තක් වෙනුවෙනි. එනම් 1971 අරගලයට සම්බන්ධ වීම හේතුවෙන් අධිකරණය විසින් මරණීය දණ්ඩනයට යොමුකළ තරුණයන් 13 දෙනකුට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මිය සමඟ ආරියරත්න මහතා වාචිකවද ලිඛිතවද ගනුදෙනු කොට තිබීමය.

වමේ දේශපාලන පක්ෂ විජේවීර නිදහස් කිරීම ගැන විස්සෝපයෙන් ජේ.ආර්ට බැන වදිමින් සිටියහ. සර්වෝදය දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි අගමැතිනියගෙන් ඉල්ලා තිබිණි. ඒ.ටී. ආරියරත්න මහතා ඇතුළු පවුලේ උදවිය සමඟ සතුටු සාමිචියේ යෙදුණු විජේවීර ස්තුතිය පළකොට සමුගත්තේය. ඉන්පසු විජේවීර ජීවත්ව සිටියදී කිසිදු අවස්ථාවක ආරියරත්න මහතා මුණගැසුණු බවක් නොදනිමි. 

මෙම හමුවීම පිළිබඳව ඒ.ටී. ආරියරත්න මහතා මා සමග මෙසේ පැවැසීය. 

“විජේවීරත්, මමත් අතර ඇසුරක් තිබුණා. ඔහු සිරගතව සිටියදී ඔහුට අවශ්‍ය පොත පත යැවීමෙන් තමයි අප අතර සම්බන්ධය ගොඩනැඟුණේ. චාරිකා දුවත් මගේ මල්ලිත් අත මම සිරගෙදරට පොත් යැව්වා. දිනක් විජේවීර කියා තිබුණා තාත්තට එන්න කියන්න මාව බලන්න කියලා.

මම බන්ධනාගාරයේ අවසරය ඇතිව විජේවීර හමුවෙන්න වැලිකඩ හිරගෙදරට ගියා. අපි පැය හතරක් එක දිගට කතා කළා. විජේවීර කියන්නෙ හොඳ මොළයක්. ඔහුට සෑම විෂයක් ගැනම ඉතා විශිෂ්ට දැනුමක් තිබුණා. එවැනි කෙනෙක් හමු වන්නේ ඉතාම කලාතුරකින්. විජේවීර මට කිව්වා,

‘ආරියරත්න මහත්තයා මමත් ඔයා වගේම අහිංසාවාදියෙක්. නමුත් පාලකයො ජනතාව පීඩාවට පත් කරද්දී අපට නිහඬ වෙන්න බෑ’ කියලා.

“රෝහණ විජේවීරට කළේ ලොකු අපරාධයක්. විජේවීර කියන්නේ රටට අවශ්‍ය වටිනා මොළයක්.”

ඒ.ටී. ආරියරත්න මහතාගේ ස්වයංලිඛිත චරිතාපදානයෙහිද මේ පිළිබඳව සඳහන් කර තිබේ. ඒ මෙසේය. 

“දැනට තිබෙන පාලන ක්‍රමය අසාධාරණ බවත් එය වෙනස් කළ යුතු බවත් අපේ අදහසද වෙයි. අප සර්වෝදය ක්‍රියා කරන්නේද ඒ අරමුණ මුල්කොට ගෙනය. අපේ විප්ලවය අහිංසාවාදී විප්ලවයකි. චින්තන විප්ලවයකි. අප එම අරමුණ සාර්ථක කර ගන්නේ පක්ෂ-විපක්ෂ, කැමැති, අකැමැති සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කොට සාමයෙනි. කෙසේ වුවද 1971 කැරැල්ල මැඬ පවත්වා අත්අඩංගුවට ගත් තරුණයන්ගෙන් 3000ක් පමණ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව නම් අධිකරණ ඒකකයට යොමු කළ බව ජනමාධ්‍ය මඟින් දැනගත්තෙමු. 

තවත් සුළු සංඛ්‍යාවක් සාමාන්‍ය උසාවිවලට පමුණුවා තිබූ අතර ඔවුන්ගෙන් 13 දෙනකුට මරණීය දණ්ඩනය පනවා ඇත. ඒ අය නුදුරු දිනයක එල්ලුම් ගස් යැවීමට දින නියම කර ඇත. 

ඔවුන් වයස අවුරුදු 18ත් 25ත් අර තරුණයන්ය. මම අගමැතිනි හමුවී මේ ළාබාල තරුණයන් මරණයට පත් කිරීම බලවත් අසාධාරණයක් බව පැවසුවෙමි. ඔවුන් පුනරුත්ථාපනය කොට වැඩදායක පුද්ගලයන් ලෙස සමාජගත කරන ලෙස ඉල්ලා සිටියෙමි. මට ඇහුම්කන් දුන් මැතිනිය ආයාචනය ලිඛිතව යොමු කරන ලෙස දැන්වූවාය. 

මම දින දෙකක් තුළ එම කාරිය ඉටුකළෙමි. නීතිවේදිනි සූරියා වික්‍රමසිංහ මහත්මියත්, මාර්ග ආයතනයේ අධ්‍යක්ෂ චන්ද්‍රා එච්. සොයිසා මහතාත්, බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහතුමත් මට සහාය විය. එකී ආයාචනයේ කරුණු ගණනාවක් පෙන්වා දුන්නෙමු. ඉන් කිහිපයක් මෙසේය. 

මරණීය දණ්ඩනය නියම වූ 13 දෙනාගේ නඩු අයුවි කොමිසම මඟින් විභාග කළා නම් ඔවුන්ට මරණ දඬුවම නියම වන්නේ නැත. කොමිසමට එවැනි බලයක් නැත. 

1971 අප්‍රේල් මස යටත් වන ලෙස අගමැතිනිය තරුණයන්ගෙන් ඉල්ලා සිටි අතර යටත් වන්නන් සම්බන්ධයෙන් අනුකම්පා සහගතව ක්‍රියා කරන බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය. දැන් මරණ දඬුවම පමුණුවා ඇත්තේ එසේ විශ්වාසය තබා යටත් වූ අයටද යන්න සොයා බැලිය යුතුය. නායකයන්ට දඬුවම් පමුණුවා 16,000ක් නිදහස් කළ බව 1975 මැයි අධිකරණ ඇමැති කීවේය. දැන් අනුගාමිකයන්ට මරණ දඬුවම පැමිණවීම නොගැළපෙන ක්‍රියාවකි. 

කැරැල්ල සිවිල් යුද්ධයක ස්වරූපය ගත්තේය. මෙහිදී සිදුවූ මිනීමැරීම් සාමාන්‍ය තත්ත්වයෙන් සිදුවූ ඒවා නොවේ. මේ තරුණයන් සාමාන්‍ය මිනීමරුවන් ගානට දැමිය නොහැකිය. දෙපාර්ශ්වයෙන්ම දරුණු ක්‍රියා සිදුවේ. දෙපැත්ත විසින්ම සීමාව ඉක්මවා ක්‍රියා කිරීම ගැන රජය එකම විදියට ක්‍රියා කරන බව පෙනී යා යුතුය. මේ තරුණයන්ව එල්ලුම් ගස් යැවීමෙන් සිදුවන යහපතක් නැත.

(තවත් බොහෝ සංවිධානද තරුණයන් නිදහස් කර ගැනීම පිණිස බලපෑම් කළහ)

උදේනි සමන් කුමාර

ගබ්සාව ඔබේ දරුවා කුස තුළ ඝාතනය කිරීමක්

ගහන්න මරන්න කොටන්න නොදී මුස්ලිම් පවුල් රැක්ක සිංහල කෙල්ල

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 අත්හිටුවයි

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී
කුරුණෑගල මුස්ලිම් වෛද්‍යවරයෙකුගේ වත්කම් ගැන සැකයක්

ලෝක කුසලාන පුහුණු තරඟයේ පළමු තරඟයෙන් පකිස්තානයට ලැජ්ජාවක් - ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයක් ලෙස පකිස්තානය ස

09:44 AM May 25 2019

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී

09:19 AM May 25 2019

ලෝක කුසලානෙට ගියපු කෝලි ගැනයි අනිත් ඉන්දියානු ක්‍රීඩකයෝ ගැනයි ටෙන්ඩුල්කාර් කියපු සැර කතාව

08:51 AM May 24 2019

ඉන්දියාවේ පෞද්ගලික පන්තියක හටගත් ගින්නකින් සිසුන් 19 මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරට් නගරයේ පෞද්ගලික උපකාරක පන්

09:42 AM May 25 2019

එංගලන්ත අගමැතිනිය ඉල්ලා අස්වේ

02:58 PM May 24 2019

ඇමරිකා එක්සත් ජනපදයට ටොනාඩෝවක්- 3ක් මරුට

12:26 PM May 24 2019

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

 මවුලවිතුමා ඔබේ පසුබිම ගැන සඳහන් කළොත්?මම සමස්ත ලංකා ඉස්ලාම

10:18 AM May 25 2019

මනුෂ්‍ය ඝාතනයකට ගන්න පිහිය රත්තරන් ද ? යකඩ ද ? බුද්ධික පතිරණගෙන් පිළිතුරක්

12:00 PM May 24 2019

මෝදිගේ ප්‍රතිපත්ති ගැන තැබූ විශ්වාසය නැවත තහවුරු වුණා

09:02 AM May 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-24
CARTOON ::: 2019-05-23
CARTOON ::: 2019-05-22

මැතිවරණ ශිෂ්ටත්වයේ ඉන්දියානු පාඩම

ඉන්දියාවේ 17 වැනි ලෝක් සභා මහ මැතිවරණය අවසන් විය. නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ. ලෝක් සභාවේ සමස්ත ආසන සංඛ්‍යාව වූ ආසන 542න් තනි පක්ෂයක් ලෙස ආසන 303ක් දිනාගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වී ඇත. අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා නරේන්ද්‍ර මෝදිට බහුතර ආසන 31ක්ම හිමිව තිබේ. භාරතීය ජනතා පක්ෂයද ඇතුළත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලබාගත් මුළු ආසන සංඛ්‍යාව 353කි. ඉන්දීය ලෝක් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව නරේන්ද්‍ර මෝදි පහසුවෙන්ම ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවනු ඇත. රාහුල් ගාන්ධිගේ ඉන්දීය ජාතික කොංග්‍රසයට දිනාගත හැකි වූයේ ආසන 52ක් පමණි. ඔවුන්ද ඒකාබද්ධව සිටින එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දිනාගත් ආසන සංඛ්‍යාව 92කට සීමා වී තිබේ. ශක්තිමත් ආණ්ඩුවක් බිහිවීම හේතුවෙන් ඉන්දීය කොටස් වෙළෙඳපොළ වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කළ බවද මාධ්‍ය වාර්තා කළේය. ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී දේශය ලෙස සැලකෙන ඉන්දියාවේ මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 900කි. ඡන්දය සඳහා තරග වැදුණු දේශපාලන පක්ෂ සංඛ්‍යාව 2,000කි. අපේක්ෂකයන් 8,000කි. ඡන්ද විමසීම් අප්‍රේල් 11 සිට 19 දක්වා දින 8ක් අදියර කිහිපයකින් පැවැත්විණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී  ලංකාවේ ජනපති, අගමැති මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක් කර තිබිණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණයේ රහස පිළිබඳව ලොව පුරා දේශපාලන විශ්ලේෂකයන් විවිධ මත ප්‍රකාශ කර තිබේ. ඒ ඉන්දියාව නවීන තාක්ෂණය ඔස්සේ වේගයෙන් සංවර්ධනය කරා ගමන් කිරීම ප්‍රබල හේතුවක් ලෙස වැඩි පිරිසක් පෙන්වා දෙති. අන්තර්ජාලය හරහා රජය සමඟ ගනුදෙනු කිරීමට අවකාශය විවර වීමත් කිසිම රජයේ නිලධාරියකුට අල්ලස් නොදී අන්තර්ජාලය හරහා රජයේ ලියකියවිලි ලබාගැනීමට පුරවැසියාට අවස්ථාව ලැබීමත් මෝදි පාලනය ජනප්‍රිය වීමට ප්‍රබල හේතුවකි. නීති විරෝධීව බදු නොගෙවා ආදායම් සඟවාගෙන සිටින ධනපතියන්ගේ මුදල් සංසරණයට එක්කිරීම සඳහා මෝදි පාලනය එරට භාවිත වූ මුදල් නෝට්ටු වර්ග කිහිපයක් අවලංගු කිරීමටද පියවර ගත්තේය. වංචා - දූෂණ සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමද ජනතා පක්ෂයේ ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය ඉහළ යෑමට හේතු විය. ඒ සියල්ලටමත් වඩා නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයේ රැල්ල ඉහළ නැඟීමට ආසන්නතම හේතුව වූයේ පාකිස්තාන් දේශසීමාව උල්ලංඝනය කරමින් පාකිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කළ ගුවන් නියමු අභිනන්දන් වර්තමාන් විසින් ඇති කළ සමාජ බලපෑමය. අභිනන්දන් යළි නිරුපද්‍රිතව ඉන්දියාවට පැමිණීම ඉක්මනින් සංවේදී වන ඉන්දියානුවන් තුළ මහත් උන්මාදයක් ජනිත කළේය. ඔහු ජාතික වීරයකු වූ අතර නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට එහි අස්වැන්න නෙළාගත හැකි වූයේය. මෙවර ඉන්දීය මැතිවරණයෙන් ශ්‍රී  ලංකාවේ අපට ඉගෙන ගන්නට බොහෝ පාඩම් තිබේ. එතෙක් පැවැති මැතිවරණ සම්ප්‍රදායන් පිටුදකින්නට ඉන්දීය ආණ්ඩුව සමත් වී ඇත. මැතිවරණ ව්‍යාපාරය තුළ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිත නොකිරීමට පොදු එකඟතාවක් ඇති කරගෙන තිබූ අතර එය සාර්ථක වී තිබිණි. ඉන්දියාව තරම් දේශපාලන නායකයන්ගේ අහස උසට කටවුට් ගසන රටක් ලොවෙත් නැත. එහෙත් මෙවර මැතිවරණයේදී පෝස්ටර් හෝ දැන්වීම් පුවරු දක්නට නොතිබූ අතර කිසිදු වාහනයක අපේක්ෂකයන්ගේ දැන්වීම් දක්නට නොවීය. මහාමාර්ග මත ඡන්ද අපේක්ෂකයන්ගේ අංක හෝ ලකුණු සිතුවම් කර නොතිබීමද මෙවර දකින්නට තිබූ විශේෂත්වයකි. එසේම මැතිවරණ වකවානුවේ නියත ලෙස වාර්තා වන ගැටුම් හා මරණද මෙවර අවම වූයේය. ඉන්දියාවට සෑම විෂයයක් සඳහාම ජාතික ප්‍රතිපත්තියක් හා දැක්මක් තිබේ. ඉන්දියාව පුරා ප්‍රදර්ශනය වන මහත්මා ගාන්ධිගේ රූපයෙන් සංකේතවත් වන්නේ එම ඉන්දියානු පිළිවෙතය. ආණ්ඩු මාරු වනු ඇත. එහෙත් ඉන්දියාව ඉදිරියට ගමන් කරන්නේ එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේය. අපේ අසල්වැසි යෝධයා අභිමානවත් ශිෂ්ටාචාරයක් කරා වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර අපේ නායකයෝ සකලවිධ දුර්ගුණයන් වැලඳ ගනිමින් රටත් ජනතාවත් පරිහානිය කරා ගෙන යමින් සිටිති.
වීඩියෝ