31

කොළඹ

උඩකැන්දවල සිරි සරණංකර හිමි නාමය කිසිදා ඉතිහාසයෙන් මකාදැමිය නොහැක ‍ෙදාස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ

හටන

මෙරට අධිරාජ්‍ය විරෝධී අරගලයටත්, ලෝක සාමයට සහ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයටත් විශිෂ්ට සේවයක් කළ සරණංකර  හිමියන්ගේ නම කිසි ලෙසකින්වත් අපේ ඉතිහාසයෙන් මකා දමන්නට පුළුවන්කමක් නැත.

මට උන්වහන්සේ පළමුවෙන්ම මුණගැසුණේ 1929 දී පමණ ඉන්දියාවේදීය. වැඩිදුර වෛද්‍ය විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලබන්නට එංගලන්තයට ගිය මම ආපසු එන ගමනේ රටවල් කිහිපයක සංචාරය කරන්නට බලාපොරොත්තු වූයෙමි.

මා ඉන්දියාවට යන විට ඉන්දියාවේ නිදහස් සටන ඉතා උණුසුම් වී තිබිණි. බොහෝ දේශප්‍රේමීන් අවුරුදු ගණන් සිර ගෙවල ලා තිබුණ අතර ඔවුන්ට විරුද්ධව බොහෝ උසාවිවල නඩු පවරා තිබිණි. අධිරාජ්‍යවාදීන්ගේ කෘෘර බලපෑම් නිසා ඉන්දියාව පුරා ලේ වැගිරීම් පවා සිදු වෙමින් තිබිණි.

එකල ඉන්දීය නිදහස් සටනේ ප්‍රධාන කඳවුරක් පිහිටා තිබුණේ බොම්බායේය. විශේෂයෙන් බුද්ධිමතුන් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරද්ධව කඳවුරු ගැසුවේ බොම්බායේදී යැයි මට සිතෙයි. මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනයට ගිය මම භාරත සංස්කෘතික පෙරමුණේ දේශප්‍රේමීන් වූ තාගෝර් සහ අනෙකුත් කොටස් හමුවී සාකච්ඡා කළෙමි.

එකල ශාන්ති නිකේතනයේ ලාංකේය ශිෂ්‍යයන් සිටියේ ඉතා ටික දෙනකු පමණි. නම් වශයෙන් එදා ඉන්දියාවේ ප්‍රසිද්ධව සිටි ලාංකිකයා අනගාරික ධර්මපාලතුමා පමණකි. එහෙත් ඉන්දියා නිදහස් සටනට එක්වෙමින් අධිරාජ්‍යවාදයට විරුද්ධව ජාත්‍යන්තරවාදී සහයෝගය දක්වන තරුණ භික්ෂුවක් ගැන ශාන්ති නිකේතනයේදී මට අසන්නට ලැබිණි. මේ ආරංචිය සැලවත්ම මම බලවත් පී්‍රතියකටත් ආඩම්බරයකටත් පත් වීමි.

භාරතයේ සුප්‍රකට කලාකරුවකු වන නන්දලාල් බෝස් මහතා එම තරුණ භික්ෂුව මා වෙත කැඳවාගෙන විත් මට හඳුන්වා දුන්නේය.

උඩකැන්දවල සරණංකර හාමුදුරුවන් මම එදා ජීවිතයේ පළමු වරට දැන හැඳින ගතිමි. එදා අපි බොහෝ වේලාවක් අපේ මවුබිම ගැනත් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ ග්‍රහණය ගැනත් සාකච්ඡා කළෙමු.

සරණංකර හිමියන් ඉන්දියාවට එවන ලද්දේ ධර්මපාලතුමා විසිනි. ඔහුගේ අරමුණ වූයේ සරණංකර හිමියන් ඉන්දියාවේ බෞද්ධ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ගැනීමයි.

“හාමුදුරුවනේ, මේ අධිරාජ්‍යවාදී බැමි බිඳ දමන කල් මිනිසුන්ට නිදහසේ පැහැදිලිව හිතන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පුළුවන් ඉක්මනින් ලංකාවට ඇවිත් අපේ මවුබිම අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කරන්න බලන්න.”

මම එදා සරණංකර හිමියන්ට ඇරයුම් කළෙමි. ලංකාවට ගිය විගස අධිරාජ්‍ය විරෝධී අරගලයට සම්බන්ධ වන බවට අපි එදා එකිනෙකා ගිවිස ගතිමු.

කොළඹ පැවැත්වුණු ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රචාරක රැස්වීමකදී කතා කළ මම වේදිකාවෙන් බැස කම්කරු සහෝදරවරුන් කිහිප දෙනකු සමඟ සාකච්ඡා කරමින් සිටියෙමි. සෙනඟ අතරින් එදා අප වෙත ආ භික්ෂුන් වහන්සේ සරණංකර හිමියන් බව හඳුනා ගැනීමට මට කිසිසේත් අපහසු නොවීය.

“ඩොක්ටර්, ඔන්න මං මගේ පොරොන්දුව ඉටු කළා.” කියමින් සරණංකර හිමියෝ ඉන්දියාවේ අප දෙදෙනා විසින් ඇති කර ගනු ලැබූ ගිවිසුම සිහිපත් කළහ.

“මගේ පොරොන්දුවත් ඉටු කළා” කියමින් සරණංකර හිමියන් පිළිගත් මම එදා ටික වේලාවක් ඉදිරි කටයුතු ගැන කතාබස් කළෙමි.

ඉන්පසු සරණංකර හිමියෝ මට නිතර නිතර හමු වූහ. අපි ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කරන්නට පටන් ගතිමු. 1939දී සමසමාජ පක්ෂය තුළ ට්‍රොට්ස්කිවාදීන් සමඟ දෘෂ්ටිමය සටනක් ඇවිළීම නිසා සමසමාජ පක්ෂයේ අවුල් උත්සන්න විය. පරණවාඩියේ පිහිටා තිබුණ පක්ෂ මූලස්ථානයේ නිතර නිතර වාද විවාද ඇති වන්නට විය.

මේ අවධිය වන විට සරණංකර හිමියන්ගේ නම දිවයිනේ සෑහෙන තරමින් පැතිරී තිබිණි. තමන්ට විරුද්ධව මත දැරුවත් උන්වහන්සේට කෙළින්ම පහර දීමට මුලදී ප්‍රතිගාමීහු පසුබට වූහ. එහෙත් පසු කාලයේ ඔවුන් කෙතරම් වියරු වැටුණාද කිවහොත් සරණංකර හිමියන්ට පහරදීම සඳහා එකල ප්‍රසිද්ධ ලේඛකයන් වශයෙන් පෙනී සිටි අයද උපයෝගී කරගනු ලැබූහ. “සරණංකර ගොම්බජ්ජා” කියමින් ජඩ බසින් ගරහන ලද පොත් පිංචක් පියදාස සිරිසේන ලවා ලියවා මුද්‍රණය කරවන ලද්දේද මේ අවධියේදීය.

එක්සත් සෝෂලිට්ස් පක්ෂය තහනම් කිරීම නිසා වෙනත් උපක්‍රම පාවිච්චි කරමින් අලුත් පක්ෂයක් ගොඩනැඟීමට අපි තීරණය කළෙමු.

ලංකා කොමියුනිසට් පක්ෂය බිහි වූයේ එම තීරණයෙන් පසුවය.

මුල් කාලයේ පක්ෂයේ සහ වෘත්තීය සමිති කටයුතුවලදී සතුරන්ගේ තර්ජනවලට මුහුණ දීම පිණිස එක්කෝ මා ඉදිරිපත් විය යුතු විය. නැතිනම් සරණංකර හාමුදුරුවන් යා යුතු විය.

එදා ප්‍රතිගාමීන්ගේ බල කඳවුරු මෙන් පැවැති ප්‍රදේශවලට සරණංකර හිමියන් ගිය සැටි අපට ඉතා ධෛර්යයක් විය. අපේ රැස්වීමක් කඩාකප්පල් කරන බවටත් අප මරා දමන බවටත් තර්ජනය කරනු ලැබූ ඇතැම් පළාත්වලට සරණංකර හිමියෝ කලින්ම ගියහ. දී උන්වහන්සේ කොතරම් එඩිතර ලෙස සටන් කළේද යත් ක්‍රිස්මස් දූපතේ පරමාණු අත්හදා බලන්නට බි්‍රතාන්‍යය සූදානම් වෙද්දී උන්වහන්සේ ක්‍රිස්මස් දූපතට යන බවට තර්ජනය කළහ. මෙයින් නැඟුණ මහජන විරෝධය ලෝකය පුරා පැතිරිණි. සරණංකර හිමියන්ගේ වීරෝදාර ජීවිතයට උපහාරයක් වශයෙන් ලෙනින් සාම ත්‍යාගය පිරිනමන ලද්දේය.

ඇත්ත වශයෙන්ම සරණංකර හිමියෝ සටන් බිමෙන්ම පැනනැඟුණ විප්ලවවාදියෙකි. උන්වහන්සේ කිසිවිටෙක තම සටන පාවා දුන්නේ නැත. පාවාඩ උඩුවියන් මැද රැඳී යස ඉසුරින් හෙබීමට වඩා කටුකොහොල් ගහන සටන් බිම සරණංකර හිමියන්ට විෂය වූයේය.

ශේ‍ර්ෂ්ඨ මාක්ස් ලෙනින්වාදියකු විශිෂ්ට මානව හිතවාදියකු සහ විපුල සාමකාමියකු වශයෙන් උඩකැන්දවල සරණංකර නාමය අපේ විප්ලවවාදී ඉතිහාසයේ සදා නොමැකී පවතින බව මට සහතිකය.

උඩකැන්දෙවෙල සිරි සරණංකර හිමි

චරිතාපදානය මෙයින් අවසන්!

ශි්‍රයානි අජන්තා විතාන


ගබ්සාව ඔබේ දරුවා කුස තුළ ඝාතනය කිරීමක්

ගහන්න මරන්න කොටන්න නොදී මුස්ලිම් පවුල් රැක්ක සිංහල කෙල්ල

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 අත්හිටුවයි

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී
කුරුණෑගල මුස්ලිම් වෛද්‍යවරයෙකුගේ වත්කම් ගැන සැකයක්

ලෝක කුසලාන පුහුණු තරඟයේ පළමු තරඟයෙන් පකිස්තානයට ලැජ්ජාවක් - ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයක් ලෙස පකිස්තානය ස

09:44 AM May 25 2019

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී

09:19 AM May 25 2019

ලෝක කුසලානෙට ගියපු කෝලි ගැනයි අනිත් ඉන්දියානු ක්‍රීඩකයෝ ගැනයි ටෙන්ඩුල්කාර් කියපු සැර කතාව

08:51 AM May 24 2019

ඉන්දියාවේ පෞද්ගලික පන්තියක හටගත් ගින්නකින් සිසුන් 19 මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරට් නගරයේ පෞද්ගලික උපකාරක පන්

09:42 AM May 25 2019

එංගලන්ත අගමැතිනිය ඉල්ලා අස්වේ

02:58 PM May 24 2019

ඇමරිකා එක්සත් ජනපදයට ටොනාඩෝවක්- 3ක් මරුට

12:26 PM May 24 2019

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

 මවුලවිතුමා ඔබේ පසුබිම ගැන සඳහන් කළොත්?මම සමස්ත ලංකා ඉස්ලාම

10:18 AM May 25 2019

මනුෂ්‍ය ඝාතනයකට ගන්න පිහිය රත්තරන් ද ? යකඩ ද ? බුද්ධික පතිරණගෙන් පිළිතුරක්

12:00 PM May 24 2019

මෝදිගේ ප්‍රතිපත්ති ගැන තැබූ විශ්වාසය නැවත තහවුරු වුණා

09:02 AM May 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-24
CARTOON ::: 2019-05-23
CARTOON ::: 2019-05-22

මැතිවරණ ශිෂ්ටත්වයේ ඉන්දියානු පාඩම

ඉන්දියාවේ 17 වැනි ලෝක් සභා මහ මැතිවරණය අවසන් විය. නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ. ලෝක් සභාවේ සමස්ත ආසන සංඛ්‍යාව වූ ආසන 542න් තනි පක්ෂයක් ලෙස ආසන 303ක් දිනාගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වී ඇත. අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා නරේන්ද්‍ර මෝදිට බහුතර ආසන 31ක්ම හිමිව තිබේ. භාරතීය ජනතා පක්ෂයද ඇතුළත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලබාගත් මුළු ආසන සංඛ්‍යාව 353කි. ඉන්දීය ලෝක් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව නරේන්ද්‍ර මෝදි පහසුවෙන්ම ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවනු ඇත. රාහුල් ගාන්ධිගේ ඉන්දීය ජාතික කොංග්‍රසයට දිනාගත හැකි වූයේ ආසන 52ක් පමණි. ඔවුන්ද ඒකාබද්ධව සිටින එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දිනාගත් ආසන සංඛ්‍යාව 92කට සීමා වී තිබේ. ශක්තිමත් ආණ්ඩුවක් බිහිවීම හේතුවෙන් ඉන්දීය කොටස් වෙළෙඳපොළ වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කළ බවද මාධ්‍ය වාර්තා කළේය. ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී දේශය ලෙස සැලකෙන ඉන්දියාවේ මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 900කි. ඡන්දය සඳහා තරග වැදුණු දේශපාලන පක්ෂ සංඛ්‍යාව 2,000කි. අපේක්ෂකයන් 8,000කි. ඡන්ද විමසීම් අප්‍රේල් 11 සිට 19 දක්වා දින 8ක් අදියර කිහිපයකින් පැවැත්විණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී  ලංකාවේ ජනපති, අගමැති මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක් කර තිබිණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණයේ රහස පිළිබඳව ලොව පුරා දේශපාලන විශ්ලේෂකයන් විවිධ මත ප්‍රකාශ කර තිබේ. ඒ ඉන්දියාව නවීන තාක්ෂණය ඔස්සේ වේගයෙන් සංවර්ධනය කරා ගමන් කිරීම ප්‍රබල හේතුවක් ලෙස වැඩි පිරිසක් පෙන්වා දෙති. අන්තර්ජාලය හරහා රජය සමඟ ගනුදෙනු කිරීමට අවකාශය විවර වීමත් කිසිම රජයේ නිලධාරියකුට අල්ලස් නොදී අන්තර්ජාලය හරහා රජයේ ලියකියවිලි ලබාගැනීමට පුරවැසියාට අවස්ථාව ලැබීමත් මෝදි පාලනය ජනප්‍රිය වීමට ප්‍රබල හේතුවකි. නීති විරෝධීව බදු නොගෙවා ආදායම් සඟවාගෙන සිටින ධනපතියන්ගේ මුදල් සංසරණයට එක්කිරීම සඳහා මෝදි පාලනය එරට භාවිත වූ මුදල් නෝට්ටු වර්ග කිහිපයක් අවලංගු කිරීමටද පියවර ගත්තේය. වංචා - දූෂණ සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමද ජනතා පක්ෂයේ ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය ඉහළ යෑමට හේතු විය. ඒ සියල්ලටමත් වඩා නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයේ රැල්ල ඉහළ නැඟීමට ආසන්නතම හේතුව වූයේ පාකිස්තාන් දේශසීමාව උල්ලංඝනය කරමින් පාකිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කළ ගුවන් නියමු අභිනන්දන් වර්තමාන් විසින් ඇති කළ සමාජ බලපෑමය. අභිනන්දන් යළි නිරුපද්‍රිතව ඉන්දියාවට පැමිණීම ඉක්මනින් සංවේදී වන ඉන්දියානුවන් තුළ මහත් උන්මාදයක් ජනිත කළේය. ඔහු ජාතික වීරයකු වූ අතර නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට එහි අස්වැන්න නෙළාගත හැකි වූයේය. මෙවර ඉන්දීය මැතිවරණයෙන් ශ්‍රී  ලංකාවේ අපට ඉගෙන ගන්නට බොහෝ පාඩම් තිබේ. එතෙක් පැවැති මැතිවරණ සම්ප්‍රදායන් පිටුදකින්නට ඉන්දීය ආණ්ඩුව සමත් වී ඇත. මැතිවරණ ව්‍යාපාරය තුළ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිත නොකිරීමට පොදු එකඟතාවක් ඇති කරගෙන තිබූ අතර එය සාර්ථක වී තිබිණි. ඉන්දියාව තරම් දේශපාලන නායකයන්ගේ අහස උසට කටවුට් ගසන රටක් ලොවෙත් නැත. එහෙත් මෙවර මැතිවරණයේදී පෝස්ටර් හෝ දැන්වීම් පුවරු දක්නට නොතිබූ අතර කිසිදු වාහනයක අපේක්ෂකයන්ගේ දැන්වීම් දක්නට නොවීය. මහාමාර්ග මත ඡන්ද අපේක්ෂකයන්ගේ අංක හෝ ලකුණු සිතුවම් කර නොතිබීමද මෙවර දකින්නට තිබූ විශේෂත්වයකි. එසේම මැතිවරණ වකවානුවේ නියත ලෙස වාර්තා වන ගැටුම් හා මරණද මෙවර අවම වූයේය. ඉන්දියාවට සෑම විෂයයක් සඳහාම ජාතික ප්‍රතිපත්තියක් හා දැක්මක් තිබේ. ඉන්දියාව පුරා ප්‍රදර්ශනය වන මහත්මා ගාන්ධිගේ රූපයෙන් සංකේතවත් වන්නේ එම ඉන්දියානු පිළිවෙතය. ආණ්ඩු මාරු වනු ඇත. එහෙත් ඉන්දියාව ඉදිරියට ගමන් කරන්නේ එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේය. අපේ අසල්වැසි යෝධයා අභිමානවත් ශිෂ්ටාචාරයක් කරා වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර අපේ නායකයෝ සකලවිධ දුර්ගුණයන් වැලඳ ගනිමින් රටත් ජනතාවත් පරිහානිය කරා ගෙන යමින් සිටිති.
වීඩියෝ