29

කොළඹ

දියවැඩියාව සුව කරගන්න එක ආසනයක අවම විනාඩි අටක් රැඳී සිටිය යුතුයි

පාරදිගේ

දුම්පානය, මත්පැන් පානය, නිදිවැරීම, අධික ලෙස සිරුර වෙහෙසට පත් කිරීම, නිසි කලට වේලාවට ආහාර නොගැනීම සහ සමබර ආහාර වේලක් නොමැති වීම තරබාරුව ආදී බොහෝ කරුණු මධුමේහයේ මිත්‍රයෝ වෙති. එසේම අද දවසේ පවත්නා අප ජීවන රටාවේ යම්කිසි කඩිනම් වෙනසක් සිදු නොවන්නේ නම් මෙම ආබාධය වසංගතයක් මෙන් පැතිරී යන කාලයද නුදුරු අනාගතයෙහිදී උදා වීම වැළැක්විය නොහැකි වනු ඇත.

ඔෟෂධ මාර්ගයෙන්ද ආහාර පාලනය හෙවත් පිෂ්ටය සහිත ආහාර ගැනීම බෙහෙවින් අඩු කිරීමෙන්ද මේ දෙකම ඒකාබද්ධව අනුගමනය කිරීමෙන්ද, ව්‍යායාම කිරීමෙන් සහ සිරුරට නිසි පරිදි විවේකය ලබා දීමෙන්ද යෝගාභ්‍යාස මඟින්ද මෙම ආබාධය වළක්වා ගැනීමට සහ සුව කර ගැනීමට වග බලාගත යුතුය. යෝග විද්‍යාව මඟින් මධුමේහය සඳහා නියමිතව ඇති ශ්වසන සහ යෝගාසන අභ්‍යාස මෙසේ වර්ග කර දැක්වීමට හැකිවේ.

ආරම්භයේදී කපාලහාති ශ්වසන අභ්‍යාසය වට තුනක්, ඉන්පසු බාහිය (බාහිර) කුම්භකය සහිත නාඩි ශෝධන හෙවත් අනුලෝම විලෝම ශ්වසන වට 10ක්, රිද්මයානුකූල ගැඹුරු ශ්වසන වට කිහිපයක් සමඟ 1. උඩිඩියන බද්ධ, 2. පස්විමෝත්තානාසනය, 3. ධනුරාසනය, 4. යෝග මුද්‍රා, 5. සලභාසනය සහ භුජංගාසනය, 6. වක්‍රාසනය, 7. කාකාසනය, 8. මයුරාසනය, 9. මත්ස්‍යන්ද්‍රාසනය, 10. විපරීතකරණි සහ සර්වාංගාසනය, 11. සවාසනය මේ සඳහා යෝග්‍යය.

මේ අභ්‍යාසවලින් තමාට පහසුවෙන් කළ හැකි ආසන කිහිපයක් කිරීම ප්‍රමාණවත් වේ. පුරුදු පුහුණු වී ශරීර ශක්තිය වර්ධනය වන විට වඩ වඩා දුෂ්කර අභ්‍යාසයන් ප්‍රගුණ කළ හැකිවේ. ව්‍යායාම සැසිය ආරම්භයේදී කපාල භාතිය, අනුලෝම විලෝමය සහ දීර්ඝ රිද්මයානුකූල ගැඹුරු ශ්වසනය පිළිවෙළින් කරමින් අනෙකුත් තමාට කැමැති අභ්‍යාසයන්ද, අවසානයෙහිදී විපරීතකරණිය සමඟ හෝ සර්වාංගාසනය සමඟ හෝ යෝග නිද්‍රාවද කරමින් අවසන සවාසනයේ වැතිරී සිරුරට පූර්ණ විවේකයක් ලබාදිය යුතුයි.

මීට අමතරව යෝග ශෝධන කර්මයන් වන වමන ධවුනි, වස්ත්‍ර ධවුනි සහ ‘ෂාන්ක්ප්‍රක්ෂලාන’ ‘SHANK PRAKSHA LANA’ නමින් හඳුන්වනු ලබන උණුසුම් ලුණු වතුරින් අන්ත්‍රය සෝදා හැරීමේ ක්‍රියා විධියද මධුමේහය සමනය කර ගැනීමට හා වළක්වා ගැනීමටද ඉතා ප්‍රශස්ත බව යෝගයෙහි පෙන්වාදී ඇති බෙහෙවින්ම ප්‍රයෝජනවත් වන යෝග කර්මයෝ වෙති. උණුසුම් ලුණු වතුර බී උගුර කිතිකවා ආමාංශයෙහි ඇති විස සහිත ද්‍රාවණයන් ඉවත් වන ලෙස වමනය කිරීම වමන ධවුනි ලෙසද, අඟල් 3ක් පමණ පළලැති අඩි 20ක් පමණ දිග සියුම් පිරිසුදු මුස්ලින් (මල් - මල්) රෙදි පටියක් ජලයෙන් එනම් උණුසුම් ලුණු වතුරෙන් පොඟවා ක්‍රම ක්‍රමයෙන් වතුර සමඟ රෙදි පටියද ගිලිමින් ආමාශය තුළට යවා ආමාශයේ ඇති විස අපද්‍රව්‍ය එම රෙදි පටියට උරා ගැනීමට සලස්වා එම විස අපහරණය කිරීම වස්ත්‍ර ධවුනි යනුවෙන්ද, ලුණුවතුර බීමෙන් අනතුරුව යෝගාභ්‍යාස හතරක් කිරීම මඟින් සම්පූර්ණ අන්ත්‍රයම එනම් ආමාශය ඇතුළු බඩවැල් සෝදා අධෝමුඛයෙන් එම ද්‍රව්‍ය පහකර දැමීම ‘ෂාන්කල්ප්‍රක්ෂලාන’ යනුවෙන් හැඳින්වේ. මෙම අභ්‍යාස කරන ආකාරය ආදී සියලු විස්තර ඉතා පැහැදිලිවම යෝග ග්‍රන්ථවල සඳහන්ව තිබේ. ඒ කිසිවක වැරැදීමට හේතුවක්ද නොපෙනේ.

ඇලදිව ඉදිමීම වැළැක්වීම හා ඒ ආශ්‍රිත රෝග පීඩා, උණ රෝග, ලාදුරු, කුෂ්ඨ මලබද්ධය අජීර්ණය, මන්දාග්නිය, මාන්දම, උගුරේ වායු ගෙඩි, මැලේරියාව, ක්ෂය රෝගය, ගොතගැසීම, සෙම්රෝග, සෙංගමාලය, කැස්ස සහ ඇදුම රෝගය මෙම ශෝධන කර්ම මඟින් සුව කර ගැනීමටද ඒවා වැලඳීම වළක්වා ගැනීමටද හැකිවේ. ෂාන්ක්ප්‍රක්ෂලානය නමැති ශෝධන කර්මයේදී උණුසුම් ලුණු  වතුර බීමෙන් අනතුරුව භුජංගාසනය, කඨි වක්‍රාසනය, උගර්ධව හත්තෝත්තනාසනය සහ උදරාකර්ශනාසනය නමැති යෝගාභ්‍යාස හතර කරමින් එම ලුණු වතුරින් ආමාශය සහ අන්ත්‍රය සෝදාහරිමින් සියලු විස ද්‍රව්‍ය අධෝමුඛයෙන් බැහැර කරලනු ලැබේ. වමන ධවනි අභ්‍යාසය සතියකට දෙතුන් වරක්ද වස්ත්‍ර ධවුනිය සතියකට  වරක් සහ ෂාන්ක්ප්‍රක්ෂලානය මසකට වරක්ද රෝගී තත්ත්වය සමනය වන තෙක් කිරීම සෑහේ.


මෙම ආසන ක්‍රම මඟින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ආසන ක්‍රම භාවිතයට ප්‍රථම සිදුකළ යුතු වත්පිළිවෙත් කිහිපයක් තිබේ. උදෑසන හිස් බඩට වතුර වීදුරු දෙකක් පානය කිරීම, මානසික සුවතාවය සඳහා පරිසරයට ඇහුම්කන්දීම අතිශයින්ම වැදගත් කරුණු දෙකකි. පරිසරයට ඇහුම්කන්දීම යනුවෙන් එහිදී අදහස් වන්නේ සතුන්ගේ ශබ්දය, ගහකොළවල ශබ්දය, ගලාහැලෙනා ජලයක ශබ්දවලට ඇහුම්කන්දීමයි. මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව යෝග අභ්‍යාස පුහුණු කිරීම මඟින් එම අභ්‍යාසවලින් මිනිසුන්ගේ භෞතික ශරීරයට අයත් කර දෙන්නේ ඉතා යහපත් පැවැත්මකි. පසුගිය සතියේ සදහන් කළ මත්සේන්ද්‍රාසනය, මයුරාසනය, ශලතාසනය, ධනුරාසනයට අමතරව ජානුශීර්ෂාසනය, උෟර්ධව පශ්චිමොත්තනාසනය, මණ්ඩුකාසනය යන ආසන ක්‍රම මඟින් අග්න්‍යාශය උත්තේජනය කර දියවැඩියා රෝගය සඳහා වඩා යහපත් ප්‍රතිඵල අත්කර ගත හැකියි. මෙම ආසනයක තමාට හැකි තරම් කාලයක් රැඳී සිටිය හැකි අතර පසුව ක්‍රමක් ක්‍රමයෙන් කාලය වැඩි කරමින් එක් ආසනයක අවම විනාඩි අටක්වත් රැඳී සිටිය යුතුය. ආසනයේ රැඳී සිටීමේදී ශරීරයේ උදරය ආශි්‍රත ප්‍රදේශය උත්තෙරවීමෙන් ශරීර අභ්‍යන්තරයේ පිහිටා ඇති අග්න්‍යාශය උත්තේජනය වීම තුළින් මධුමේහයෙන් මිදීම සඳහා අවැසි ඉන්සියුලින් ශ්‍රාවය ක්‍රමවත්ව ගලා එන බව අප දැන සිටිය යුතුයි. මධුමේහ රෝගය සුවකිරීමේ උච්චතම අවස්ථාව වන්නේ එයයි.

මෙම ආසන කාණ්ඩයන් ප්‍රගුණ කිරීමෙන් පසුව භෞතික ශරීරයට මනා විවේකයක් ලබාදීම සඳහා එක් එක් ආසනයක රැඳී සිටීමෙන් පසුව සුවාසනයේ රැඳී සිටිය යුතුයි. ස්වාසනයේ රැඳී සිටීම යනුවෙන් මෙහිදී අදහස් වන්නේ උඩුබැලි අතට නිදා සිටීම. මෙලෙස ස්වාසනයේ රැඳී සිටීමෙන් තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාස කෙරේ සිත එක්තැන් කරගත හැකිවන අතර ආසනයකින් පසුව අවම හුස්මවාර විසි එකක්වත් ස්වාසනයේ රැඳී සිටිය යුතුවේ.

ඉන් පසුව ශරීරයේ ලිහිල් කිරීමේ අභ්‍යාසයන් සිදුකළ යුතුය. ඒ සඳහාත් උඩුබැලි අතට බිම දිගාවී දෑස් වසාගෙන හිස මුදුනේ සිට තමන්ගේ දෑතේ අතැඟිලි දක්වාත්, පා ඇඟිලි දක්වාත් ශරීරයේ බාහිර ස්වරූපයට සිත යොමු කිරීම සිදුකළ යුතුවේ. මෙහිදී ශරීර අභ්‍යන්තරයත් බාහිර ස්වරූපයත් මනස එක්තැන් කරගනිමින් කරගත යුතුය. මානසික ආතතිය විශේෂයෙන් අවිවේකී බව නිසා දියවැඩියාව වැලඳුණු රෝගීන්ට මෙම අභ්‍යාසය වඩාත් හිතකර ප්‍රතිඵල ගෙනදේ. මීට අමතරව ශ්වසන අභ්‍යාසද දියවැඩියාව සුව කිරීම සඳහා යෝග විද්‍යාවේ භාවිත වේ. හුස්ම ගැනීම හා පිට කිරීම යම් රටාවකට සිදුකිරීමේ අභ්‍යාස ප්‍රාණයාම ලෙස හඳුනාගත හැකියි. ප්‍රාණයාමවල ඇති කපාල බ්‍රාණි හා රාස්තික ප්‍රණාමයාමවලදී උදරය හැකිළී හුස්ම පිටවීම තුළින් ශරීර අභ්‍යන්තරයේ විස ඉවත්වීමෙන් උදරය සංකෝචනය වීම නිසා අග්න්‍යාශක එන්සයිම නිපදවීම ක්‍රමවත් වේ. ඒ සඳහා කපාල බ්‍රාණි ප්‍රාණයාම අවම වශයෙන් විනාඩියක් හෝ ප්‍රථමව සිදුකර පසුව එය විනාඩි පහ දක්වා වැඩි කළ යුතුයි. උදරය හකුළුවා හුස්ම පිටකර රැඳී සිටීම යෝග විද්‍යාවේදී හඳුන්වන්නේ බන්ධා නමිනි. උදරයේ ඇති වාතය නාසයෙන් හා මුඛයෙන් පිටකර උදරය හකුළුවා හුස්ම නොගෙන විනාඩියක පමණ කාලයක් රඳවාගෙන සිටීම තුළින් උදරය ආශි්‍රතව පිහිටා ඇති ග්‍රන්ථ උත්තේජනය වීමෙන් දියවැඩියාව සුවවීමට මඟ පෑදෙයි. 

දියවැඩියා, හෘද රෝග, පෙණහලු ආශි්‍රත රෝග, අධික රුධිර පීඩනය, පිළිකා වැනි බෝ නොවන රෝග වැලඳීම නිසා දිනෙන් දින පරිහානියට පත්වන මනුෂ්‍ය ජීවිත මෙවැනි රෝගවලින් මුදවා ගැනීමේ උදාර පරමාර්ථය පෙරදැරි කරගනිමින් යෝග විද්‍යාව ප්‍රගුණ කළ යුතුයි. මෙම යෝග විද්‍යාවේ මූලික පරමාර්ථයන් අනුව යමින් මිනිසාට සේවය කිරීම සඳහා සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට පෙරවරු 7 සිට 9 දක්වා යෝග පුහුණු කිරීමේ වැඩසටහනක්ද ප්‍රවීණ යෝග උපදේශක ජනක මහතා පවත්වාගෙන යනු ලබයි. ඊට අමතරව මෙම යෝග උපදේශකවරයාගේ නිවෙස ආශි්‍රතව ඇති සුන්දර පරිසරයක මේ වන විට යෝග ආශ්‍රමයක් ගොඩනැඟීම අරඹා ඇති අතර එය පිහිටා තිබෙන්නේ කොළඹ - නුවර මාර්ගයේ බටලීය සිට කිලෝමීටර් 2ක් පමණ දුරක් ගිය විට හමුවන සුන්දර වෙල්යායක් ආශි්‍රතව පිහිටා ඇති හේනෙපොළ පහළවෙල ගම්මානයේය. මෙම යෝගාශ්‍රමවල ප්‍රතිකාර රටාවන් සියල්ලම නොමිලේ ලබාදෙන නිසා එය යෝග විද්‍යාවේ මූලිකාංගවලට එකඟ යමක් බවද ප්‍රවීණ යෝග විද්‍යා උපදේශක ජනක මහතා සඳහන් කරයි. මේ පිළිබඳ වැඩි විස්තර 0777660673, 0714933039 ජංගම දුරකථන ඔස්සේද ලබාගත හැක.


කතාව පින්තූර-ප්‍රභාත් අත්තනායක

ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි ආරම්බ වන ලකුණු

භුතයෙක්ගේ ගැටී පාසැල් බස් රථය අනතුරේ - දරුවන් 11ක් රෝහලේ

ඇපල් අද කරන්න යන විශේෂ වැඩේ

බැඳුම්කර වංචාවට ඇලෝසියස් අත්අඩංගුවට

සෞඛ්‍ය සේවා අඩපන වෙන ලකුණු - හෙද නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
හිටපු මහබැංකු නි.අධිපති පී.සමරසිරි ඇතුළු 4ක් අත්අඩංගුවට

මාලිංග සෙල්ලම් කරන අවසන් ජාත්‍යන්තර තරඟය ගැන හෙළිකරයි

2020 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20

08:57 AM Mar 25 2019

වැස්සට දියවුණු ලංකාවේ හීන

08:17 AM Mar 25 2019

වැරදි වැඩ කරලා ආයේ ආපු වෝනර්ත් පරාදයි, පොඩි කට්ටියට මුම්බායි පරාදයි

07:55 AM Mar 25 2019

ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි ආරම්බ වන ලකුණු

පලස්තීන හමුදා ගාසා තීරය ඔස්සේ  ඊශ්‍රායලය දක්වා එල්ල කරන

02:45 PM Mar 25 2019

තායිලන්ත මැතිවරණයෙන් මිලිටරි හිතවාදී පක්ෂයක් ඉදිරියට

10:56 AM Mar 25 2019

ට්‍රම්ප් නිර්දෝෂයි - මියුලර් වාර්තාවෙන් හෙළිවේ

09:18 AM Mar 25 2019

ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ගයන්ත කී කතාව

එක්සත් ජාතික පක්ෂයේ  ඉදිරි ජනාධපතිවරණ අපෙක්ෂකයා පිළිබඳව

01:52 PM Mar 25 2019

මෛත්‍රි expire වේගෙන යන්නේ. expire වුණ දේවල් කෑවොත් බඩේ අමාරැව හැදෙනවා ඒ නිසා expire භාණ්ඩ අලෙවියෙන් අයින්කරන්න ඕනේ

10:39 AM Mar 25 2019

එජාපයවත් පොහොට්ටුවවත් ජනාධිපති අපේක්ෂකයාව තීරණය කරලා නැහැ.

08:53 AM Mar 25 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-03-22
CARTOON ::: 2019-03-21
CARTOON ::: 2019-03-20

විල්පත්තු ප්‍රශ්නය

ජගත් වනාන්තර දිනය ලෙස ‘මාර්තු 21’ නම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි. මේ දිනය නිමිත්තෙන් පොළොන්නරුව අරලගංවිල වෙහෙරගල විද්‍යාලයේ පැවැති උත්සවයට සහභාගි වූ පරිසර ඇමැතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබුණේ  ලංකාව තුළ වාර්ෂිකව සිදුවන වන විනාශයට අනුව දැනට තිබෙන වනාන්තර ටික හෝ රැක නොගතහොත් තව අවුරුදු 15කින් පමණ රට කාන්තාරයක් වනු ඇති බවය. යුද්ධය පැවැති කාලයේ උතුරේ වනාන්තර ටික ප්‍රභාකරන් රැකගත්තද දූෂිත දේශපාලනඥයන්, ඇතැම් රජයේ නිලධාරීන් හා දැව ජාවාරම්කාරයන් හා නීති විරෝධීව වැඩ කරන ව්‍යාපාරිකයන් එකතුවී දකුණේ වනාන්තර ටික විනාශ කළ අතර ඉතුරු වී තිබෙන සියයට 28ක වනාන්තරවලින් 20ක් පමණ උතුරේ තිබෙන්නේ ඒ නිසා බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබිණි.ජනාධිපතිවරයාගේ මේ කතාව සහතික ඇත්තය. ගෙවත්තේ පැළයක් වත් සිටුවන්නේ නැති ඊනියා පරිසර ලෝලීන්, බඩගෝස්තරවාදී පරිසරවේදීන්, දූෂිත දේශපාලනඥයන් සහ ජාතිවාදී දේශප්‍රේමියන් වනාන්තර ඇතුළු පරිසරය සුරැකීම ගැන මහ ඝෝෂා කරද්දී වසරින් වසර ‘වනාන්තර’ ක්‍ෂය වෙමින් යන්නේ වනසතුන්ටද විනාශය අත්කර දෙමිනි. යුද්ධය අවසන් වීමෙන් පසු උතුරේ වනාන්තරවලටත් කට්ටිය අත තැබුවේ ප්‍රභාකරන්ලා නැති බව දන්නා නිසාය. මේ දිනවල ‘විල්පත්තුව’ වන විනාශය බරපතළ ලෙස කතා කිරීමට පටන් ගෙන ඇත. ‘විල්පත්තුව  සංරක්ෂිතය කපා දමා මුස්ලිම් ජාතිකයන්ට ගම්මාන හදා දී ඇති බව එල්ල වී ඇති බරපතළ චෝදනාවය.මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ මේ චෝදනාව ඇතුළු පරිසර විනාශය ගැන බරපතළ චෝදනා පරිසරවේදීන්ගෙන් එල්ල විය. එහෙත් බරපතළ ලෙස ‘විල්පත්තුව‘ ගැන චෝදනාව එල්ල වීමට පටන් ගත්තේ සිරිසේන - වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව බලයට පැමිණි පසුය. ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් විල්පත්තුවට ගොස් වන විනාශය ගැන මාධ්‍යයට කතා කළහ. මාධ්‍යයද විල්පත්තුව විනාශ කරලා යැයි ප්‍රවෘත්තිවලින් රටටම අනාවරණය කළේය. මුස්ලිම් අන්තවාදයක් ගැනද මෙහිදී කියවිණි. වරින්වර උඩ එමින් යළි යට යමින් තිබූ ‘විල්පත්තු’ කතාව මේ දිනවල යළි උඩටම පැමිණ ඇත.පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇමැති රිෂාඩ් බදියුදීන්ගෙන් ඉකුත් 22දා විමසා තිබුණේ විල්පත්තු වන රක්ෂිතයේ සිදුවී ඇතැයි කියන වන විනාශය පිළිබඳවය. එහිදී ඇමැතිවරයා අවධාරණය කර තිබුණේ එල්ටීටීඊ ප්‍රහාර නිසා පදිංචි නිවාස අතහැර ගිය මුස්ලිම් ජනතාව ලක්ෂ තුනක් නැවත පදිංචි කිරීම ඇමැති බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් පත්කළ කමිටුවේ අනුමැතිය මත ආරම්භ කළ බවත්, පසුව සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ජනාධිපති කාර්ය සාධක මණ්ඩලයේ මෙහෙයවීමෙන් නැවත පදිංචි කිරීම් අඛණ්ඩව කරගෙන ගිය බවත්ය.අනුරාධපුර, පුත්තලම දිස්ත්‍රික් දෙක අතරේ විල්පත්තුව වන සංරක්ෂණය තිබෙන අතර මන්නාරම සීමාවේ පරණ මුස්ලිම් ගම්මාන 22ක්, කජුවත්ත නමින් සිංහල ගම්මානයක් හා කතෝලික ගම්මානයක්ද තිබී ඇත.වල්බිහි වී තිබූ මේ ගම්මාන යුද්ධයෙන් පසු වන සංරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබුණු අතර බැසිල් රාජපක්ෂ කමිටු නිර්දේශ මත යළි ජනතාව පදිංචි කිරීම ආරම්භ කර තිබේ. මේ ප්‍රදේශ ‘වනජීවී’ ප්‍රදේශ නොවන අතර විල්පත්තුව රක්ෂිතයට අයිති නැති බවත් පැවැසේ. එහෙත් බරපතළ ලෙස චෝදනා එල්ල වී ඇත්තේ විල්පත්තුව රක්ෂිතය විනාශ කර ඇති බවටය. ප්‍රශ්නය වන්නෙ අදාළ බලධාරීන් මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා නිරවුල් පිළිතුරක් නොදීමය.මේ ඉඩම් යළි ලබාදීමේදී පරිසර ඇමැතිවරයාව සිටි අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ පැරණි ගම් රක්ෂිතයට එකතු නොකළ බවය. එහෙත් ඇමැති බදියුදීන් ප්‍රකාශ කර තිබුණේ ඊට වෙනස් කතාවකි. ඔහුට අනුව වන සංරක්ෂණ ප්‍රදේශ ගූගල්  සිතියමක් ආධාරයෙන් නම් කරන විට ජනතාව පදිංචිව සිට නැත. පැරැණි ගම්වල යළි පදිංචි කිරීමේ මුවාවෙන් අවසර ලබාදුන් ඉඩම් ප්‍රමාණයට වඩා ඉඩම් හා වනය එළිපෙහෙළි කර අල්ලාගෙන ඇති බව බදියුදීන් මහතාට එල්ල වන චෝදනාවය. ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ තමා විල්පත්තුව වන රක්ෂිතය විනාශ කළ බව ඔප්පු කළොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සූදානම් බවය. මේ ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසද හෙතෙම ඉල්ලීමක් කර ඇත. අදාළ පදිංචි කිරීම් සම්බන්ධව විගණකාධිපතිවරයාගේ වාර්තාවක් ලැබී ඇති අතර ආංශික අධිකරණ කාරක සභාවට එය ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳව සෙවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව තවමත් එළියට පැමිණ නැත.වහා කළ යුත්තේ අදාළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ‘විල්පත්තුව‘ ප්‍රශ්නය ගැන පැහැදිලි පිළිතුරක් රටට ලබාදීමය. නොඑසේ නම් වන්නේ වන විනාශය, පාරිසරික ප්‍රශ්නය, මුස්ලිම් අන්තවාදය, සිංහල ජාතිවාදය එකට කැලතී නැති ප්‍රශ්නයක් රට තුළ නිර්මාණය වීමය. නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරොවෙන් කැපීමට ඉඩතැබිය යුතු නැත. සිංහල-දමිළ ගැටුම මෙන් සිංහල - මුස්ලිම් ගැටුමකට අනාගතයේ ඉඩ නොතැබීමට කවුරු කවුරුත් පරිස්සම් විය යුතුය.
වීඩියෝ