29

කොළඹ

කොත්තු - රයිස් කන්නේ බලාගෙන තේ පඳුරුවල වල් මරන්න ගන්න රසායනය රසකාරකයක් විදියට කරළියට

පාරදිගේ

මම මගේ බීම වීදුරුවෙන් උගුරක් බී බාර් එක පුරා ඇස් යැව්වා. මේ වගේ කාලයක සැලකිය යුතු සෙනඟක්. පියානෝකාරයා ඔහුගේ සංගීත භාණ්ඩය සුසර කරමින්. මම වේටර් කෙනකුට අමතලා පියානෝකාරයාට දෙසීයෙන් දෙකක් දෙන්න යැයි සහ ඔහු කැමැති දෑ මොනවාදැයි විමසන්න යැයි පවසා සිටියා. ජීවිතය ර¼දා පවත්වාගෙන යන්න නම් පරිකල්පනය යොදවන්නම වෙනවා. විශේෂයෙන් මේ වගේ තැනකදී. මේ වගේ තැනකදී ඔළුවට එන අදහස් එවෙලේම ක්‍රියාවේ යොදවන්න පුළුවන්. මෙතැන වධ වෙන්න තරම් පූර්වාදර්ශ නැහැ. 

මම පෞද්ගලිකවම දන්නවා මටයි ආයතනයකටයි එකට වැඩ කරන්න බැහැ කියලා. කවුරුහරි යටතේ වැඩ කරද්දී මට හිතෙන්නෙම මගේ කාලය නිස්කාරණයේ නාස්ති වෙනවා කියලා. ඒත් සමහර අදහස්වලට එහෙමම පිටින්ම ඉඩ දෙන්න බැහැ. එහෙම හැරිලා බැලුවාම මමත් රස්සාවක් අස්සේ අවුරුදු 20ක් විතර අඩව් අල්ලලා. වෙලාවකට හිතෙනවා මම කොහොමද එච්චර කාලයක් අල්ලගෙන හිටියේ කියලා. මම මගේ ඔළුව හදාගන්න මන--කල්පිත ලෝකයක ජීවත් වෙන්න කැමැති. ඒ වගේ ලෝකයක් හදාගන්න ලේසිම තැන බාර් එක. ඒ වගේ තැනක් ඇතුළේ බොහොම සැලකිල්ලෙන් දෙයක් පරිකල්පනයේ නිමැවුමක් විදියට එළියට දාන්න පුළුවන්. බොනවා, සින්දුවක් අහනවා, කතාබහ කරනවා, ඉන්පස්සේ ගෙදර යනවා. මෙතැන්ට එන හැමෝම වගේ මේ හැංගිච්ච මන--කල්පිත ලෝකයට කැමැති ඇති. එහෙම ගත්තාම මට මතක් වෙන්නේ රන්ජන් අමරරත්නව. ඒ මගේ ගුරා. පත්තර ගුරා. මනුස්සයත් කැමැති එයාට අයිති ඔහේ පාවෙන බලකොටුවක් වගේ මුල්ලකට වෙලා උදේ පාන්දරක වුණත් බීර වීදුරුවක් හිස් කරන්න. 

සාමාන්‍යයෙන් රස්සාවක එහෙමත් නැත්නම් ආයතනයක නොයිඳ ඉඳීමක් කරන්න. ඒ කියන්නේ රැකියාවේ සුරක්‍ෂිතභාවය එක්ක ආයතනය කියන ව්‍යුහයට නොගිහින් ඉන්න. ඒක අසීරු වැඩක්. බොහොම සීරුමාරුවෙන් කරන්නම ඕන වැඩක්. මේ වැඩේ කරනවා කියලා ආයතනයේ ඉහළ පුටු දැනගෙන ඉන්න ඕනෑ. ඒ අයට මේක තේරුම් ගන්න පුළුවන් ඔළුවක් තියෙන්නත් ඕන. එහෙම නොවුණොත් ශ්‍රමය කියන දේ මුළුමනින්ම ආගන්තුක යමක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එහෙම තැනක් විදියට තමයි මම ෆයිසර් නානාගේ කොත්තු කඩේ දකින්නේ.

 කොත්තු කිව්වට කොත්තු විතරක් නොවෙයි. බත් ඇට පුච්චලා ගන්න ෆ්‍රයිඩ් රයිස්. එතකොට කොත්තුවට මුදවපු කිරි කලවම් කරලා හදාගන්න ඩොල්ෆින්, එකඑක බර්ගර් ජාති. මේ පොඩි කෑල්ලේ ගොඩගැහිලා. ෆයිසර් නානාට කඩේ ඉඩෙන් වැඩක් නැහැ. එයාට ඕනෑ ගනුදෙනුකරුවෝ. ඒක තමයි ආයතනයක් යාවත්කාලීන වන නරුම විදිය. ප්‍රාග්ධන සම්මුච්චිකරණයේදී ඊට වඩා නරක දෙයක් අපට අත්දකින්නත් බැහැ. ඒ අතින් ෆයිසර් නානා නියම වෙළෙන්දා. හැබැයි එයා වෙළෙන්දෙක් වෙන්නේ ගනුදෙනුකාරයෝ රැකගෙන. නානාගේ කඩේ ඉස්සරහා පැත්තනින් අහස දිහා පේන්නේ අඩ හඳ. පිටුපස්සෙන් අහස දිහා බැලුවාම පේන්නේ ඝාණ්ටාරයක්. මේ දෙයන්තයට මැදි වෙලා තමයි නානා එයාගේ බිස්නස් එක කරන්නේ. නානා දන්නවා ගනුදෙනුකාරයන්ගේ නිල අල්ලන්න. ගනුදෙනුකාරයෝ හිතන්නේ නානාගේ නිල එයාලා ඇල්ලුවා කියලා. කොහොම නමුත් ගනුදෙනුව, ගනුදෙනුවක තිබිය යුතු කැත ස්වරූපයෙන්ම සිද්ධ වෙනවා. ඒකට සීමා මායිම් බැඳීම් මොනවත්ම නැහැ. ළඟකදී නානාගේ පුතා කසාද බැන්දා.

මේ වර්ගයේ පුද්ගලයෝ ජීවත් වෙනවා කියලා දැනෙන්නේ කසාදයක් ආරංචි වුණොත් විතරයි. මේ වගේ පුද්ගලයෝ ජීවතුන් අතර නැහැ කියන එක කවම කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. නානාගේ පුතා කසාද බැන්දට පස්සේ කඩේ ආදායම දෙකට බෙදන්න වුණා. මේ වගේ අවස්ථාවකදී ජපන්කාරයෝ නම් කළේ අඩ වැටුප් මත වැඩිපුර වැඩ කිරිල්ල. හැබැයි නානා අඩවැටුපට කැමැති නැහැ. එහෙව් වැටුපක් එයාගේ පුතාට දෙන්නත් කැමැති නැහැ. නානාගේ විකල්පය වුණේ කඩේ පිටි මෝලිය දෙකට බෙදන එක. ඒ කියන්නේ ෂිෆ්ට් එකට. නානා අපූරු උදාහරණයක් ගෙනාවා. නානාගේ තාත්තා මුලින්ම කඩකාරයෙක්. එයා ඒ කඩේ ඇඟේ වාරුව නැති වුණායින් පස්සේ දරුවන්ට බෙදලා දෙනවා. ඒ දෙන්නේ ෂිෆ්ට් ක්‍රමයට. පාන්දර හතරේ ඉඳලා ඊගාව දවසේ පාන්දර 4 වෙනකම් පැය 24 තුනට කඩනවා. උදේ පාන්දර හතරට වැඩ පටන් ගන්න කෙනා කන්ජිපාන කෙනෙක් වෙනවා. 

දවල් ෂිෆ්ට් එක භාරගන්න කෙනා ෆ්‍රයිඩ් රයිස්කාරයෙක් වෙනවා. ඊට පස්සේ ෂිෆ්ට් එක භාරගන්න කෙනා මනි පිට්ටුකාරයෙක් වෙනවා. මේ තුන්දෙනාගේ ෂිෆ්ට් ඊගාව සතියේදී ආයේ වෙනස් වෙනවා. එතකොට හවස හිටිය මනි පිට්ටුකාරයා ආයේ පාරක් කන්ජිපාන කෙනෙක් වෙලා. එක කඩේ ඇතුළේ තුන් විදියක් ක්‍රියාත්මකයි. එහෙම උදාහරණ තියෙද්දී මොන එහෙකට අඩ වැටුපකට වැඩ කරනවාද. නානා අලුත බැඳපු කොල්ලට උදේ ෂිෆ්ට් එක භාර දුන්නා. ඒ කියන්නේ උදේ 6යි හවස 6යි. ආපසු නානා වැඩ භාරගන්නේ හවස 6ට. උදේ වැඩ භාර ගත්ත පුතාට නානා තාත්තා කෙනෙක් විදියට පිටි කිලෝ 15යි එළවළු කිලෝ 3යි හරක් මස් කිලෝ 2යි කුකුළු මස් කිලෝ 2යි අරන් දෙනවා. ඒ ඔක්කෝටම රුපියල් පන්දාහක් යන්න ඇති. 

ඒ පන්දාහ හවස 6 වෙද්දී පහළොස්දාහක් නොකළොත් උඹ නොට්ටිගේ පුතා කියලා කියනවා. බිස්නස් එක පුතාට දෙන්න ඕන නිසා නානා පොළේ යනවා. පොළ හැමතැනම නානාගේ තැරැව්කාරයෝ. වැඩිපුරම නානාට හිතවත් කැරට් ලීක්ස් ගෝවාකාරයෝ. ගෝවා ගෙඩිය ලස්සනට පාට කරන්න උඩින් ගලවා අයින් කරන ගෝවා කොළ එහෙම පිටින්ම නානාට. වැඩකටම ගන්න බැරි කොළ ටික විතරයි උෟරන්ට. ලස්සනට තියෙන කැරට් අලේ ඇඟිල්ලක් ගහන්න පුළුවන් තරමට අෑගුල් වෙලා නම් ඒ කැරට් අලේ නානාට. ඒ විතරක්යැ ලීක්ස් ගහේ කොළ පින් පාටට කහ පාට වෙලා නම් ඒ කොළත් නානාට. ඔය ටිකට අමතරව නානාගේ පුතාට කඩේ රෝල ගහන්න ඕනෑ පහේ ටිකයි පොල් තෙල් ටිකකුයි විතරයි. ඕක තමයි  විදිය. කොත්තු රයිස්වල විදිය. අපි කවුරුවත් හිතන්නේ වැඩේ ඇත්තටම සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා. අපේ ගෙදර අයත් කොත්තු කනවා. ඒ වගේ වෙලාවක මම නම් කරන්නේ එළවළු ටික ගෙදරම කපාගෙන වුවමනා කරන මස් ජාතියත් ගෙදරින්ම හදාගෙන නානාට අතට ගාණකුත් දීලා හිතට පාට් එකකුත් දාලා ඕන කරන ගාණට කොත්තුවක් තළාගන්න එක. ඒක එහෙම කරන්න බැහැ. හැමෝටම කරන්නත් බැහැ.

 ඒ හින්දා මිනිස්සුන්ට වෙන විකල්පත් නැහැ. කොත්තු රයිස් කඩෙන් ගන්නවාම මිස. ලස්සනම කතාව තමයි රයිස්වලට කෙසේ වෙතත් කොත්තුවලට ඒ කියන්නේ පිපෙන්නට ඇරපු පාන්පිටිවලට රස අල්ලන්නේ නැහැ කියන එක. එළවළු මස් ජාති උණු උණුවේ සද්දේ කලවම් කළත් කවම කවදාවත් පදම් වෙච්ච පාන්පිටිවලට රස අල්ලන්නේ නැහැ. අඩුම ගාණේ ලුණු රහවත්. හැබැයි කොත්තු රසයි. මොකද්ද මේ වෙන්නේ... එහෙම නැත්නම් එයාගේ පුතා කොත්තු තැටිය ඉස්සරහින් තියෙන ප්ලාස්ටික් ටින්වලින් දාන්න පුළුවන් තරම් ජරාව කොත්තුවලට එකතු කරන එක. එහෙම තමයි රහ අල්ලන්නේ. 

ටිපර්කාරයන්ට එක රහක්. නෝනයි මහත්තයායි කාර් එකකින් බැහැලා ආවොත් කොත්තු ඉල්ලුවොත් වෙන රහක්. එහෙම රහ ඇල්ලිල්ලක් කොහොමද සිද්ධ වෙන්නේ. වැඩේ සිද්ධ වෙන්නේ වෙනම විදියකට. කොත්තු කන අය දන්නේ නැතිව ඇති 2015 අවුරුද්දේ ඉඳලා ලංකාවේ බහුලව කොත්තුවලට ගත්තු රසකාරකය මොනෝසෝඩියම් ග්ලුටමේට් කියලා. මේ රසකාරකය එම්.එස්.ජී. කියලා තමයි කොත්තු කඩවල හඳුන්වන්නේ. 2015 අවුරුද්දේදී මේ රසකාරකය ලංකාවට ගෙන්නන්නේ රසකාරකයක් විදියට නෙවෙයි. වල් පැළෑටි මර්දනය කරන රසායන ද්‍රව්‍යයක් විදියට. මේ වල් නාශකයේ මුල් බිම මැලේසියාව. තේ පඳුරුවල පහළින් හැදෙන වල් පැළෑටි නසන්න පුළුවන් ගුණයක් තමයි මේ එම්.එස්.ජී. වල තියෙන්නේ. 

ඒ කියන්නේ පඳුරු දාලා කප්පාදු වුණු තේ පැළේ යටට හරිහමන් විදියට ඉර එළිය වැටෙන්නේ නැහැ. ඉර එළිය වැටෙන තැනකට කෝන්දු මාන්දු වෙච්ච වල් පැළෑටියක් හැදුණොත් මේ රසායනික ද්‍රව්‍ය ඒ කියන්නේ එම්.එස්.ජී. වලට පුළුවන් ඒ වල් පැළේ නසන්න. ඒ විතරක් නෙවෙයි තේ පැළේට හානියක් සිදු නොකරන්න. ඒ විදියට පාවිච්චි වුණු රසායනික ද්‍රව්‍ය කොත්තු කඩවලදී රසකාරකයක් බවට පත්වෙලා. එහෙම ගත්තාම නානාගේ පරම්පරාව සල්ලි හම්බ නොකර ඉඳීයෑ. 2015 අවුරුද්දේ ලංකාවට ගෙන්වපු මේ රසායනික ද්‍රව්‍ය 2019 වෙනකම් රසකාරකයක් විදියට පාවිච්චි වෙනවා කියලා දැන දැනත් ලංකාවේ පාලකයෝ ඒ ගැන කිසිම තීන්දුවක් ගත්තේ නැහැ.

 නීතිය බලාත්මක වුණෙත් නැහැ. ඒත් නානලාගේ පරම්පරාවේ අය කොත්තු ඇතුළට ව්‍යන්ධ්‍යාකරණ බෙහෙත් දානවා කියලා නම් මහ උජාරුවට කෑගැහැව්වා. මිනිස්සු තළා පෙළා දැම්මා. ඇත්තම අනතුර දැක දැකත් මේ මිනිස්සු මොනවද කරලා තියෙන්නේ. කරලා තියෙන්නේ තමන්ගේ අතට කොමිස් කුට්ටියක් කඩන් වැටෙන ඕනෑම දහජරාවක් ලංකාවට ගේන්න ඇරලා කට වහගෙන හිටපු එක. එච්චරයි. 


කතාව පින්තූර - ප්‍රභාත් අත්තනායක 

ග්‍රැෆික් නිර්මාණය - සුරංග උදයකුමාර

ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි ආරම්බ වන ලකුණු

භුතයෙක්ගේ ගැටී පාසැල් බස් රථය අනතුරේ - දරුවන් 11ක් රෝහලේ

ඇපල් අද කරන්න යන විශේෂ වැඩේ

බැඳුම්කර වංචාවට ඇලෝසියස් අත්අඩංගුවට

සෞඛ්‍ය සේවා අඩපන වෙන ලකුණු - හෙද නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
හිටපු මහබැංකු නි.අධිපති පී.සමරසිරි ඇතුළු 4ක් අත්අඩංගුවට

මාලිංග සෙල්ලම් කරන අවසන් ජාත්‍යන්තර තරඟය ගැන හෙළිකරයි

2020 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20

08:57 AM Mar 25 2019

වැස්සට දියවුණු ලංකාවේ හීන

08:17 AM Mar 25 2019

වැරදි වැඩ කරලා ආයේ ආපු වෝනර්ත් පරාදයි, පොඩි කට්ටියට මුම්බායි පරාදයි

07:55 AM Mar 25 2019

ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි ආරම්බ වන ලකුණු

පලස්තීන හමුදා ගාසා තීරය ඔස්සේ  ඊශ්‍රායලය දක්වා එල්ල කරන

02:45 PM Mar 25 2019

තායිලන්ත මැතිවරණයෙන් මිලිටරි හිතවාදී පක්ෂයක් ඉදිරියට

10:56 AM Mar 25 2019

ට්‍රම්ප් නිර්දෝෂයි - මියුලර් වාර්තාවෙන් හෙළිවේ

09:18 AM Mar 25 2019

ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ගයන්ත කී කතාව

එක්සත් ජාතික පක්ෂයේ  ඉදිරි ජනාධපතිවරණ අපෙක්ෂකයා පිළිබඳව

01:52 PM Mar 25 2019

මෛත්‍රි expire වේගෙන යන්නේ. expire වුණ දේවල් කෑවොත් බඩේ අමාරැව හැදෙනවා ඒ නිසා expire භාණ්ඩ අලෙවියෙන් අයින්කරන්න ඕනේ

10:39 AM Mar 25 2019

එජාපයවත් පොහොට්ටුවවත් ජනාධිපති අපේක්ෂකයාව තීරණය කරලා නැහැ.

08:53 AM Mar 25 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-03-22
CARTOON ::: 2019-03-21
CARTOON ::: 2019-03-20

විල්පත්තු ප්‍රශ්නය

ජගත් වනාන්තර දිනය ලෙස ‘මාර්තු 21’ නම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි. මේ දිනය නිමිත්තෙන් පොළොන්නරුව අරලගංවිල වෙහෙරගල විද්‍යාලයේ පැවැති උත්සවයට සහභාගි වූ පරිසර ඇමැතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබුණේ  ලංකාව තුළ වාර්ෂිකව සිදුවන වන විනාශයට අනුව දැනට තිබෙන වනාන්තර ටික හෝ රැක නොගතහොත් තව අවුරුදු 15කින් පමණ රට කාන්තාරයක් වනු ඇති බවය. යුද්ධය පැවැති කාලයේ උතුරේ වනාන්තර ටික ප්‍රභාකරන් රැකගත්තද දූෂිත දේශපාලනඥයන්, ඇතැම් රජයේ නිලධාරීන් හා දැව ජාවාරම්කාරයන් හා නීති විරෝධීව වැඩ කරන ව්‍යාපාරිකයන් එකතුවී දකුණේ වනාන්තර ටික විනාශ කළ අතර ඉතුරු වී තිබෙන සියයට 28ක වනාන්තරවලින් 20ක් පමණ උතුරේ තිබෙන්නේ ඒ නිසා බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබිණි.ජනාධිපතිවරයාගේ මේ කතාව සහතික ඇත්තය. ගෙවත්තේ පැළයක් වත් සිටුවන්නේ නැති ඊනියා පරිසර ලෝලීන්, බඩගෝස්තරවාදී පරිසරවේදීන්, දූෂිත දේශපාලනඥයන් සහ ජාතිවාදී දේශප්‍රේමියන් වනාන්තර ඇතුළු පරිසරය සුරැකීම ගැන මහ ඝෝෂා කරද්දී වසරින් වසර ‘වනාන්තර’ ක්‍ෂය වෙමින් යන්නේ වනසතුන්ටද විනාශය අත්කර දෙමිනි. යුද්ධය අවසන් වීමෙන් පසු උතුරේ වනාන්තරවලටත් කට්ටිය අත තැබුවේ ප්‍රභාකරන්ලා නැති බව දන්නා නිසාය. මේ දිනවල ‘විල්පත්තුව’ වන විනාශය බරපතළ ලෙස කතා කිරීමට පටන් ගෙන ඇත. ‘විල්පත්තුව  සංරක්ෂිතය කපා දමා මුස්ලිම් ජාතිකයන්ට ගම්මාන හදා දී ඇති බව එල්ල වී ඇති බරපතළ චෝදනාවය.මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ මේ චෝදනාව ඇතුළු පරිසර විනාශය ගැන බරපතළ චෝදනා පරිසරවේදීන්ගෙන් එල්ල විය. එහෙත් බරපතළ ලෙස ‘විල්පත්තුව‘ ගැන චෝදනාව එල්ල වීමට පටන් ගත්තේ සිරිසේන - වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව බලයට පැමිණි පසුය. ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් විල්පත්තුවට ගොස් වන විනාශය ගැන මාධ්‍යයට කතා කළහ. මාධ්‍යයද විල්පත්තුව විනාශ කරලා යැයි ප්‍රවෘත්තිවලින් රටටම අනාවරණය කළේය. මුස්ලිම් අන්තවාදයක් ගැනද මෙහිදී කියවිණි. වරින්වර උඩ එමින් යළි යට යමින් තිබූ ‘විල්පත්තු’ කතාව මේ දිනවල යළි උඩටම පැමිණ ඇත.පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇමැති රිෂාඩ් බදියුදීන්ගෙන් ඉකුත් 22දා විමසා තිබුණේ විල්පත්තු වන රක්ෂිතයේ සිදුවී ඇතැයි කියන වන විනාශය පිළිබඳවය. එහිදී ඇමැතිවරයා අවධාරණය කර තිබුණේ එල්ටීටීඊ ප්‍රහාර නිසා පදිංචි නිවාස අතහැර ගිය මුස්ලිම් ජනතාව ලක්ෂ තුනක් නැවත පදිංචි කිරීම ඇමැති බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් පත්කළ කමිටුවේ අනුමැතිය මත ආරම්භ කළ බවත්, පසුව සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ජනාධිපති කාර්ය සාධක මණ්ඩලයේ මෙහෙයවීමෙන් නැවත පදිංචි කිරීම් අඛණ්ඩව කරගෙන ගිය බවත්ය.අනුරාධපුර, පුත්තලම දිස්ත්‍රික් දෙක අතරේ විල්පත්තුව වන සංරක්ෂණය තිබෙන අතර මන්නාරම සීමාවේ පරණ මුස්ලිම් ගම්මාන 22ක්, කජුවත්ත නමින් සිංහල ගම්මානයක් හා කතෝලික ගම්මානයක්ද තිබී ඇත.වල්බිහි වී තිබූ මේ ගම්මාන යුද්ධයෙන් පසු වන සංරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබුණු අතර බැසිල් රාජපක්ෂ කමිටු නිර්දේශ මත යළි ජනතාව පදිංචි කිරීම ආරම්භ කර තිබේ. මේ ප්‍රදේශ ‘වනජීවී’ ප්‍රදේශ නොවන අතර විල්පත්තුව රක්ෂිතයට අයිති නැති බවත් පැවැසේ. එහෙත් බරපතළ ලෙස චෝදනා එල්ල වී ඇත්තේ විල්පත්තුව රක්ෂිතය විනාශ කර ඇති බවටය. ප්‍රශ්නය වන්නෙ අදාළ බලධාරීන් මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා නිරවුල් පිළිතුරක් නොදීමය.මේ ඉඩම් යළි ලබාදීමේදී පරිසර ඇමැතිවරයාව සිටි අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ පැරණි ගම් රක්ෂිතයට එකතු නොකළ බවය. එහෙත් ඇමැති බදියුදීන් ප්‍රකාශ කර තිබුණේ ඊට වෙනස් කතාවකි. ඔහුට අනුව වන සංරක්ෂණ ප්‍රදේශ ගූගල්  සිතියමක් ආධාරයෙන් නම් කරන විට ජනතාව පදිංචිව සිට නැත. පැරැණි ගම්වල යළි පදිංචි කිරීමේ මුවාවෙන් අවසර ලබාදුන් ඉඩම් ප්‍රමාණයට වඩා ඉඩම් හා වනය එළිපෙහෙළි කර අල්ලාගෙන ඇති බව බදියුදීන් මහතාට එල්ල වන චෝදනාවය. ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ තමා විල්පත්තුව වන රක්ෂිතය විනාශ කළ බව ඔප්පු කළොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සූදානම් බවය. මේ ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසද හෙතෙම ඉල්ලීමක් කර ඇත. අදාළ පදිංචි කිරීම් සම්බන්ධව විගණකාධිපතිවරයාගේ වාර්තාවක් ලැබී ඇති අතර ආංශික අධිකරණ කාරක සභාවට එය ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳව සෙවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව තවමත් එළියට පැමිණ නැත.වහා කළ යුත්තේ අදාළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ‘විල්පත්තුව‘ ප්‍රශ්නය ගැන පැහැදිලි පිළිතුරක් රටට ලබාදීමය. නොඑසේ නම් වන්නේ වන විනාශය, පාරිසරික ප්‍රශ්නය, මුස්ලිම් අන්තවාදය, සිංහල ජාතිවාදය එකට කැලතී නැති ප්‍රශ්නයක් රට තුළ නිර්මාණය වීමය. නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරොවෙන් කැපීමට ඉඩතැබිය යුතු නැත. සිංහල-දමිළ ගැටුම මෙන් සිංහල - මුස්ලිම් ගැටුමකට අනාගතයේ ඉඩ නොතැබීමට කවුරු කවුරුත් පරිස්සම් විය යුතුය.
වීඩියෝ