29

කොළඹ

භාෂාව විකෘති කිරීමේ පාපකර්මයට සම්මාදම් නොවිය යුතුයි - යසවර්ධන රුද්රිගු

සැණකෙලිය

භාෂා භාවිතය හා ව්‍යාකරණ පිළිබඳ ග්‍රන්ථයක් රචනා කිරීමේ අරමුණ කුමක්ද?

යමකුට අකුරු ඉගෙන ගැනීමට අවශ්‍ය වන්නේ ලේඛනයෙන් අදහස් ප්‍රකාශ කිරීමටයි. එසේ වුවද ලේඛන ක්‍රමයක් නැති භාෂා රාශියක් ලොව පවතින අතර, එවැනි සමාජයක කෙනකුට සිය අදහස් සන්නිවේදනය කළ හැකි වන්නේ භාෂණයෙන් පමණයි.

භාෂණය වැරැදි ලෙස පාවිච්චි කළද, එයින් කියැවෙන අදහස අවබෝධ වන්නේ නම්, එහි හරි වැරැදි සෙවීමට උනන්දු වන්නෝ විරලයි. එහෙත් ලේඛන එසේ නොවේ. වැරැදි ලෙස ලියන්නා නූගතකු ලෙස ගැරහීමට පාත්‍රවේ. ලොකු ලොකු විභාග සමත් කළ අයට පවා නිවැරැදිව වාක්‍යයක් ගළපා ගත නොහැකි බව සනාථ වී තිබේ. 

ඒ නිසා හැකි තරම් නිවැරැදිව ලිවීමට අප කවුරුත් පුරුදු විය යුතුයි. එසේම භාෂාව විකෘති කිරීමේ පාපකර්මයට සම්මාදම් නොවීමට වග බලා ගැනීමද කළ යුතුයි.

භාෂා විකෘති වීමක් ගැන ඔබ පවසනවා. ඒක කොහොමද වෙන්නේ,

ඕනෑම භාෂාවකට අලුත් වචන ආගමනය වීම සහ හසුරුවන බස යම් යම් වෙනස්කම්වලට භාජන වීම බලාපොරොත්තු විය යුත්තක්. එහෙත් එයින් සිදුවිය යුත්තේ උන්නතිය මිස අවනතිය නොවිය යුතුයි. එසේ වුවද අද වනවිට ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලයට ආගමනය වන ඇතැම් වචන නිසා අපේ භාෂාවට විශාල හානියක් ඇති වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ඉංග්‍රීසි අකුරු සහ වචන කෑලි සිංහල වචනවලට එකතුවෙමින් අමුතුම අවිචාරී අච්චාරු භාෂාවක් නිර්මාණය කර ඇති බව පෙනෙන්නට තිබේ.

මේ ග්‍රන්ථය කාලාන්තරයක් තිස්සේ ලත් අත්දැකීම්වල ප්‍රතිඵලයක්ද? 

අද මහාමාර්ග  දෙපස ඇති පුවරුවල අමුතු භාෂාවක් දක්නට ලැබෙනවා. “මචං කොස් WATTl, මචං RATනපුර, මචං KADUවෙල, කිරි HUTටිය, දවල්ට බත් _ රෑට රයිස් යනාදී වශයෙනි. තවද පෞද්ගලික අංශයේ පමණක් නොව මේ වන විට රාජ්‍ය අංශයෙත් මෙවන් ව්‍යවහාරයන් දක්නට ලැබෙනවා. 

එමෙන්ම ඇතැම් ප්‍රවෘත්ති සහ විශේෂාංග  වැඩසටහන් සඳහා මෙවැනි ඉංගී්‍රසි සහ සිංහල අකුරු බද්ධ කළ ශීර්ෂපාඨ යොදාගන්නා බවද, සිංහල වැඩසටහන් සඳහා ඉංගී්‍රසි ශීර්ෂපාඨ යොදාගන්නා බවද දක්නට ලැබෙනවා. 

නිදහස් සාහිත්‍යකෘතිවල පමණක් නොව අද වන විට රජය මඟින් නිකුත් කෙරෙන පන්ති පෙළපොත්වල පවා මෙවැනි වැරැදි බහුලයි. මේ දේවල් පිළිබඳව මෙම පොත තුළ අන්තර්ගත වෙනවා.

ඒ විතරක් නෙවෙයි අද සම්මාන ලබන පොත්පත්වල පවා ව්‍යාකරණ වැරැදි තියෙනවා. සමීක්ෂණ මණ්ඩලවල අය කියන්නේ ව්‍යාකරණ පිළිබඳ තදින් බලන්නේ නැති බවයි.තවද අද වන විට උච්චාරණයේ කෘත්‍රිම බවක් මවාපාමින් කෘත්‍රිම ශබ්ද පවා විද්‍යුත් මාධ්‍යවල දක්නට ලැබෙනවා. මේ සියල්ල කරන්නේ පේ්‍රක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමටයි.

පොතේ අන්තර්ගතය පිළිබඳ පැහැදිලි කළොත්,

මෙම ග්‍රන්ථය තුළ නිවැරැදි අක්ෂර වින්‍යාසය, පද බෙදීම, සම්මත අසම්මත යෙදීම් පිළිබඳවත් පුවත් පත් කලාව තුළ සිදුවිය හැකි, සිදුවන වැරැදි පිළිබඳවත් සාකච්ඡා කරනවා. තවද බහුලව භාෂා භාවිතයේදී සිදු වන වැරැදි පිළිබඳවත් මෙහිදී අවධානයට ලක් කර තිබෙනවා. සෑම පැහැදිලි කිරීමක්ම සිදුවන්නේ උදාහරණ සහිතව වීම විශේෂත්වයක්.

සංලාපය - අනුෂා රාජපක්ෂ

ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි ආරම්බ වන ලකුණු

භුතයෙක්ගේ ගැටී පාසැල් බස් රථය අනතුරේ - දරුවන් 11ක් රෝහලේ

ඇපල් අද කරන්න යන විශේෂ වැඩේ

බැඳුම්කර වංචාවට ඇලෝසියස් අත්අඩංගුවට

සෞඛ්‍ය සේවා අඩපන වෙන ලකුණු - හෙද නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
හිටපු මහබැංකු නි.අධිපති පී.සමරසිරි ඇතුළු 4ක් අත්අඩංගුවට

මාලිංග සෙල්ලම් කරන අවසන් ජාත්‍යන්තර තරඟය ගැන හෙළිකරයි

2020 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20

08:57 AM Mar 25 2019

වැස්සට දියවුණු ලංකාවේ හීන

08:17 AM Mar 25 2019

වැරදි වැඩ කරලා ආයේ ආපු වෝනර්ත් පරාදයි, පොඩි කට්ටියට මුම්බායි පරාදයි

07:55 AM Mar 25 2019

ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි ආරම්බ වන ලකුණු

පලස්තීන හමුදා ගාසා තීරය ඔස්සේ  ඊශ්‍රායලය දක්වා එල්ල කරන

02:45 PM Mar 25 2019

තායිලන්ත මැතිවරණයෙන් මිලිටරි හිතවාදී පක්ෂයක් ඉදිරියට

10:56 AM Mar 25 2019

ට්‍රම්ප් නිර්දෝෂයි - මියුලර් වාර්තාවෙන් හෙළිවේ

09:18 AM Mar 25 2019

ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ගයන්ත කී කතාව

එක්සත් ජාතික පක්ෂයේ  ඉදිරි ජනාධපතිවරණ අපෙක්ෂකයා පිළිබඳව

01:52 PM Mar 25 2019

මෛත්‍රි expire වේගෙන යන්නේ. expire වුණ දේවල් කෑවොත් බඩේ අමාරැව හැදෙනවා ඒ නිසා expire භාණ්ඩ අලෙවියෙන් අයින්කරන්න ඕනේ

10:39 AM Mar 25 2019

එජාපයවත් පොහොට්ටුවවත් ජනාධිපති අපේක්ෂකයාව තීරණය කරලා නැහැ.

08:53 AM Mar 25 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-03-22
CARTOON ::: 2019-03-21
CARTOON ::: 2019-03-20

විල්පත්තු ප්‍රශ්නය

ජගත් වනාන්තර දිනය ලෙස ‘මාර්තු 21’ නම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි. මේ දිනය නිමිත්තෙන් පොළොන්නරුව අරලගංවිල වෙහෙරගල විද්‍යාලයේ පැවැති උත්සවයට සහභාගි වූ පරිසර ඇමැතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබුණේ  ලංකාව තුළ වාර්ෂිකව සිදුවන වන විනාශයට අනුව දැනට තිබෙන වනාන්තර ටික හෝ රැක නොගතහොත් තව අවුරුදු 15කින් පමණ රට කාන්තාරයක් වනු ඇති බවය. යුද්ධය පැවැති කාලයේ උතුරේ වනාන්තර ටික ප්‍රභාකරන් රැකගත්තද දූෂිත දේශපාලනඥයන්, ඇතැම් රජයේ නිලධාරීන් හා දැව ජාවාරම්කාරයන් හා නීති විරෝධීව වැඩ කරන ව්‍යාපාරිකයන් එකතුවී දකුණේ වනාන්තර ටික විනාශ කළ අතර ඉතුරු වී තිබෙන සියයට 28ක වනාන්තරවලින් 20ක් පමණ උතුරේ තිබෙන්නේ ඒ නිසා බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබිණි.ජනාධිපතිවරයාගේ මේ කතාව සහතික ඇත්තය. ගෙවත්තේ පැළයක් වත් සිටුවන්නේ නැති ඊනියා පරිසර ලෝලීන්, බඩගෝස්තරවාදී පරිසරවේදීන්, දූෂිත දේශපාලනඥයන් සහ ජාතිවාදී දේශප්‍රේමියන් වනාන්තර ඇතුළු පරිසරය සුරැකීම ගැන මහ ඝෝෂා කරද්දී වසරින් වසර ‘වනාන්තර’ ක්‍ෂය වෙමින් යන්නේ වනසතුන්ටද විනාශය අත්කර දෙමිනි. යුද්ධය අවසන් වීමෙන් පසු උතුරේ වනාන්තරවලටත් කට්ටිය අත තැබුවේ ප්‍රභාකරන්ලා නැති බව දන්නා නිසාය. මේ දිනවල ‘විල්පත්තුව’ වන විනාශය බරපතළ ලෙස කතා කිරීමට පටන් ගෙන ඇත. ‘විල්පත්තුව  සංරක්ෂිතය කපා දමා මුස්ලිම් ජාතිකයන්ට ගම්මාන හදා දී ඇති බව එල්ල වී ඇති බරපතළ චෝදනාවය.මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ මේ චෝදනාව ඇතුළු පරිසර විනාශය ගැන බරපතළ චෝදනා පරිසරවේදීන්ගෙන් එල්ල විය. එහෙත් බරපතළ ලෙස ‘විල්පත්තුව‘ ගැන චෝදනාව එල්ල වීමට පටන් ගත්තේ සිරිසේන - වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව බලයට පැමිණි පසුය. ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් විල්පත්තුවට ගොස් වන විනාශය ගැන මාධ්‍යයට කතා කළහ. මාධ්‍යයද විල්පත්තුව විනාශ කරලා යැයි ප්‍රවෘත්තිවලින් රටටම අනාවරණය කළේය. මුස්ලිම් අන්තවාදයක් ගැනද මෙහිදී කියවිණි. වරින්වර උඩ එමින් යළි යට යමින් තිබූ ‘විල්පත්තු’ කතාව මේ දිනවල යළි උඩටම පැමිණ ඇත.පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇමැති රිෂාඩ් බදියුදීන්ගෙන් ඉකුත් 22දා විමසා තිබුණේ විල්පත්තු වන රක්ෂිතයේ සිදුවී ඇතැයි කියන වන විනාශය පිළිබඳවය. එහිදී ඇමැතිවරයා අවධාරණය කර තිබුණේ එල්ටීටීඊ ප්‍රහාර නිසා පදිංචි නිවාස අතහැර ගිය මුස්ලිම් ජනතාව ලක්ෂ තුනක් නැවත පදිංචි කිරීම ඇමැති බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් පත්කළ කමිටුවේ අනුමැතිය මත ආරම්භ කළ බවත්, පසුව සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ජනාධිපති කාර්ය සාධක මණ්ඩලයේ මෙහෙයවීමෙන් නැවත පදිංචි කිරීම් අඛණ්ඩව කරගෙන ගිය බවත්ය.අනුරාධපුර, පුත්තලම දිස්ත්‍රික් දෙක අතරේ විල්පත්තුව වන සංරක්ෂණය තිබෙන අතර මන්නාරම සීමාවේ පරණ මුස්ලිම් ගම්මාන 22ක්, කජුවත්ත නමින් සිංහල ගම්මානයක් හා කතෝලික ගම්මානයක්ද තිබී ඇත.වල්බිහි වී තිබූ මේ ගම්මාන යුද්ධයෙන් පසු වන සංරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබුණු අතර බැසිල් රාජපක්ෂ කමිටු නිර්දේශ මත යළි ජනතාව පදිංචි කිරීම ආරම්භ කර තිබේ. මේ ප්‍රදේශ ‘වනජීවී’ ප්‍රදේශ නොවන අතර විල්පත්තුව රක්ෂිතයට අයිති නැති බවත් පැවැසේ. එහෙත් බරපතළ ලෙස චෝදනා එල්ල වී ඇත්තේ විල්පත්තුව රක්ෂිතය විනාශ කර ඇති බවටය. ප්‍රශ්නය වන්නෙ අදාළ බලධාරීන් මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා නිරවුල් පිළිතුරක් නොදීමය.මේ ඉඩම් යළි ලබාදීමේදී පරිසර ඇමැතිවරයාව සිටි අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ පැරණි ගම් රක්ෂිතයට එකතු නොකළ බවය. එහෙත් ඇමැති බදියුදීන් ප්‍රකාශ කර තිබුණේ ඊට වෙනස් කතාවකි. ඔහුට අනුව වන සංරක්ෂණ ප්‍රදේශ ගූගල්  සිතියමක් ආධාරයෙන් නම් කරන විට ජනතාව පදිංචිව සිට නැත. පැරැණි ගම්වල යළි පදිංචි කිරීමේ මුවාවෙන් අවසර ලබාදුන් ඉඩම් ප්‍රමාණයට වඩා ඉඩම් හා වනය එළිපෙහෙළි කර අල්ලාගෙන ඇති බව බදියුදීන් මහතාට එල්ල වන චෝදනාවය. ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ තමා විල්පත්තුව වන රක්ෂිතය විනාශ කළ බව ඔප්පු කළොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සූදානම් බවය. මේ ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසද හෙතෙම ඉල්ලීමක් කර ඇත. අදාළ පදිංචි කිරීම් සම්බන්ධව විගණකාධිපතිවරයාගේ වාර්තාවක් ලැබී ඇති අතර ආංශික අධිකරණ කාරක සභාවට එය ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳව සෙවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව තවමත් එළියට පැමිණ නැත.වහා කළ යුත්තේ අදාළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ‘විල්පත්තුව‘ ප්‍රශ්නය ගැන පැහැදිලි පිළිතුරක් රටට ලබාදීමය. නොඑසේ නම් වන්නේ වන විනාශය, පාරිසරික ප්‍රශ්නය, මුස්ලිම් අන්තවාදය, සිංහල ජාතිවාදය එකට කැලතී නැති ප්‍රශ්නයක් රට තුළ නිර්මාණය වීමය. නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරොවෙන් කැපීමට ඉඩතැබිය යුතු නැත. සිංහල-දමිළ ගැටුම මෙන් සිංහල - මුස්ලිම් ගැටුමකට අනාගතයේ ඉඩ නොතැබීමට කවුරු කවුරුත් පරිස්සම් විය යුතුය.
වීඩියෝ