29

කොළඹ

දීන චින්තකයන්ගේ පාරාදීසය කුරුඳුවත්ත

සැණකෙලිය

ලංකාවේ ලන්දේසි පාලන සමය පදනම් කරගෙන ගෙතුණු සාහිත්‍ය ප්‍රබන්ධ, පෘතුගීසි පාලන කාලය අරබයා රචනා වූ සාහිත්‍ය ප්‍රබන්ධ හා සංසන්දනාත්මකව බලන කල අඩු අගයක් ගන්නා බව නිසැකය. ලන්දේසීන් වසර එකසිය පනහක පමණ කාලයක් මේ දිවයිනේ පාලනය අත්පත් කරගෙන සිටි නමුත් පෘතුගීසීන් තරම් තහවුරු නොවූයේ මක් නිසාදැයි විමසිය  යුතු කාරණයකි. කෙසේ වෙතත් අතීතයේ මේ රට යටත් විජිතයක් බවට පත්කර ගත් යුරෝපීය ජාතීන්ගේ (පෘතුගීසී, ලන්දේසි, ඉංග්‍රීසි) උප්පත්ති කෘෘරත්වය නම් ඔවුන් එවකට ලබා  සිටි දියුණුවට තරම් නොවන ගෝත්‍රික මට්ටමක පැවැති බව අවිවාදිතය. ඔවුන් සියල්ලන්ගේ පරමාර්ථය වූයේ තමන් විසින් අවි බලයෙන්, බලහත්කාරයෙන් යටත් කරගත් රටෙහි පාලනය තමන්ට රිසි අයුරින් පවත්වාගෙන යෑමත් එම රටෙන් තම රටට, ජාතියට ලබා ගත හැකි තරම් සම්පත්, වෙළෙඳ ද්‍රව්‍ය කොල්ලකෑමත්ය.

එයට එරෙහි වූ ස්වදේශික ජනතාව  ලෙයින්, යකඩින්, කෘෘරත්වයෙන් මර්දනයටත් තම ආගම, සංස්කෘතිය මජර කමෙන්, බල ලෝභයෙන් යුතුව වැලඳගත් ස්වදේශිකයන්ට තාන්න මාන්න පිරිනමා සුවච කීකරු බලු කුක්කන් බවට පත්කර ගැනීමටත් ඔවුහු පසුබට නොවූහ. ඔවුන් මෙහි යමක් ඉදිකළා නම් එසේ කළේ ඔවුනගේ වෙළෙඳ කටයුතුවල පහසුව සඳහාම මිස ඇතැමුන් කියන්නාක් මෙන් අප රටෙහි දියුණුව පිණිස නොවේ.

යුරෝපීයන් මෙහි නොපැමිණියා නම් අප ද ඇතුළු ආසියාතිකයන් තවමත් කොළ අතු හෝ අමුඩ හැඳ ගස් ගල් යට ජීවත්වනු ඇතැයි කියන්නන් කල්පනා කළ යුත්තේ පුරාණයේ අප සතුව පැවැති වාරි තාක්‍ෂණය ගැන පමණය. කොළ අතු හෝ අමුඩ හැඳ එබඳු විශ්වකර්ම තාක්‍ෂණයක්  නිමැවුම් කළා නම්, අඛණ්ඩ සොබාවික චලනයකට අවකාශ වූයේ නම් කෙබඳු ජාතියක් බිහිවන්නට අවකාශ තිබුණේ දැයි සිතා බලනු වටී. එනමුත් කොල්ලකාරී ධනවාදය සොබාවික වර්ධනයට ප්‍රතිපක්‍ෂය. ඔවුන්ට වනාන්තර යනු ධන උල්පත්ය. ගංගාවේ වැලි, මහපොළොවේ කළුගල් බිඳක් නොතබා සූරාගත යුතුය. ඇතුන්ට දළ, රයිනෝට අං තිබී කුමටද? ඒවාද ධන උල්පත්ය.  උන්ට මනුෂ්‍ය චර්යාවන් අප්‍රියජනකය. පීඩිතයා මත පීඩකයාගේ බලය අනුකම්පා විරහිතව මුදා හැරෙන්නේ එබැවිනි. පීඩකයාගේ ආගම, සංස්කෘතිය, චර්යා රටාව පීඩිතයා මත බලහත්කාරයෙන් පටවන්නේ එබැවිනි. සැබැවින්ම පෘතුගීසීන්ට, ලන්දේසීන්ට හා ඉංග්‍රීසීන්ට වුවමනා කළේ වර්ණයෙන් වෙනස් වූ නමුත් ඔවුන්ගේ ජාතිය මෙහි තනන්නටය. එබැවින් එසේ වූයේ නම් ඔවුන් දැන් මහත් උජාරුවෙන් අප විසින් ආරක්ෂා කළ යුතු යැයි කියන විවිධත්වයට, (සංස්කෘතික හා ආගමික) කුමක් සිදු වන්නේ දැයි ඔවුන්ගෙන්ම විමසිය යුතුය.

ඊළඟ කාරණය මෙයයි, අප ඔවුන්ගේ ස්ථානයේ සිට ලිස්බන්, බතාවියා හෝ ලන්ඩනය යටත් කර ගැනීමට සමත් වූවේ නම් ප්‍රනාන්දුලා, රොඩ්රිගෝලා වෙනුවට ලිස්බනයේ කොබ්බෑකඩුව, රාජසිංහල සිටින්නටත් බතාවියේ සිල්වෙස්ටර්ලා, වෑන් එක්ලා වෙනුවට පියදාස, සුමනසිරිලා වෙසෙන්නටත් ලන්ඩනයේ ගේ‍රගරිලා, ටොරින්ටන්ලා වෙනුවට කැප්පෙටිපොළලා, මඩුගල්ලෙලා, කුඩාරාල ලා සිටින්නටත් අවකාශ නොවූයේද? එබැවින් අපේ රට යටත් විජිතයක් වීම කොල්ලකාරි ධනවාදී ආධිපත්‍ය සහිත ඒ ඒ කොල්ලකාරී ධනවැද්දන්ගේ කාර්යයක් සේ නොගෙන යටත් විජිතයක් වූ නිසා අප සභ්‍යත්වයට, සදාචාරයට පත්වූයේ යැයි හඬ නඟන සියල්ලන් සමඟ ඉතිහාසයේ ගමන්මඟ අරබයා සහෘද සාකච්ඡාවක් ආරම්භ කළ යුතු යැයි විශ්වාස කරමි.

සුනිල් ශාන්ත ‘කුරුඳුවත්ත’ කෘතිය රචනා කරන්නේ ලන්දේසි පාලකයන් අරබයා ඉහත දැක්වූ කවර ආකල්ප මත ස්ථිරව පිහිටාදැයි පැහැදිලි නැතත් ඔහුගේ රචනාවේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ පර ජාතියකගේ ආක්‍රමණයෙන් සිදුවූයේ සරල ජීවන රටාවක නිමග්නව හුන් ජන කණ්ඩායමක් නිෂ්පාදන ආධිපත්‍යයෙන් බලවත් වූ සංවිධිත රාජ්‍ය යන්ත්‍රයක් තුළට අවශෝෂණය කර ගැනීම බව හුවා දැක්වීමය. එයම, තමන් මෙතෙක් අත් නොවිඳි දියුණුවක් සේ දකින, හඟින ජන විඥානයක් එවකටත් පැවැති බව සුනිල් ශාන්ත අවධාරණය කරන්නේ ශූර ලෙසය.

“ලන්දේසීන් විසින් නගරය පෙන්වීම සඳහා කැඳවාගෙන යනු ලැබූ අදිකාරම්වරු ශක්තිමත් කොටුව සහ අලංකාර කරන ලද නගරයද වැසියන් නිදහසේ ගමන් කරනුද විමතියෙන් යුතුව බලා සිටියෝය. ඩැනියෙල් තම පියාවූ සියාතු පෙන්වා ‘මේ මයෙ අප්පච්චි’යි හඳුන්වා දුන් විට මනාව  හැඳ පැලඳ නැමි පනාවක්ද හිස ගසා කන්ද උඩරටදී තමා වැනි ඉහළම තනතුරක් හොබවන්නකුට පවා පැලඳීමට අවසර නොලැබෙන පාවහන් යුවළක්ද පැලඳ සිටි සියාතු දෙස බලා හුන් බානගල අදිකාරම, පහතරට තමා අකමැති නොවන විශාල වෙනසකට ලක්වෙමින් තිබෙන බව වටහා ගත්තාක් මෙන් හිස සැලුවේය.”

පිටුව 37/කුරුඳුවත්ත

මේ දැක්වෙන්නේ බහු භාණ්ඩිකත්වයට හිමිකම් කීමේ කෑදර චේතනාව මිස ‘තමා අකමැති නොවන විශාල වෙනස දැයි යන්න තම හෘද සාක්‍ෂියෙන් විමසුවා නම් බානගල අදිකාරම කෙසේ හැසිරේ දැයි සුනිල් ශාන්ත අපට නොකියයි.

එහෙත් සියාතුලාගේ නිශ්චල ජීවිතය චංචල වූ බව සුනිල් ශාන්ත අපට කියයි. අඳින පලඳින සියල්ලට සුංගම් ගෙවිය යුතු බව, කරන කියන රැකි රක්‍ෂාවලට වෙළ හෙළ¼දාමට සුංගම් ගෙවිය යුතු බව ස්ව ආගම දහම ඇදහීමට අවහිර බාධා තහනම් නියෝග බල පවත්වන බව, පෙර මෙන් කැමැති ගැහැනියක් කැඳවාගෙන වාසය  කළ නොහැකි බව ආදී වශයෙන්ය. සියාතු මෙන් නොව ඩැනියෙල් වැඩෙන්නේ ලන්දේසි පාලනය යටතේ ලන්දේසි පරිසරයේය. එබැවින් ඩැනියෙල් ඒවාට අනුගත වූවෙකි. එබැවින් බානගල අදිකාරම යථාර්ථය පිළිබඳ අනවබෝධයකින් පසු වූවෙකැයි සිතීම සාධාරණය.

ඉතිහාසය ප්‍රදර්ශනාත්මක තත්ත්වයකට ඔසවමින් මනහර සිතුවම් පෙළක් මවන සුනිල් ශාන්ත එකල ව්‍යවහාර භාෂාවට සමීප වූවා හෝ නොවූවා රුචිකර භාෂාවක් පරිහරණයට වෙහෙස ගනියි. ජීවත්වන්නන් වාලේ ජීවත්වන, උපන්නාට ඔහේ වැනෙන, ඔරුව පෙරළී ගිය කල තිබුණු පිටට වඩා පෙරළුණු පිට හොඳ යැයි සිතන, එසේ සිතා ජීවත්විය හැකි ජාතියකට ඕනෑම විපතක්, සම්පතක් සේ විඳදරා ගැනීමේ ශක්තියක් නොවුණා නම් එය පුදුමයකි.

එසේ වූ කල සියාතු, සිසිලියා, ඩැනියෙල් ආදී සාමාන්‍ය මිනිසුන් මෙන්ම බානගල වැනි ප්‍රභූ පන්තියේ අයද චින්තනමය වශයෙන් සිටින්නේ එකම තලයකය. එබඳු ජනතාවක් සරල දිවි පැවැත්ම, සියල්ල අතහැරීමේ දර්ශනය, අල්ප කටයුතු ඇති බව පසෙකලා සංකීර්ණත්වය වැලඳ ගැනීම අරුමයක් නොව කරුමයකි. ඒ කරුමයේ නරුමත්වය ලන්දේසි ඉතිහාසය ඇසුරෙන් විග්‍රහ කිරීමට කුරුඳුවත්ත නිමැවූ සුනිල් ශාන්ත නම් ප්‍රබන්ධකයා සමත්කම් දක්වා ඇත්තේ මහා සංයමයකින්ද අවබෝධයකින්ද යුතුවය.

ඉතිහාස කරුණු කාරණා හෙළිදරව් කෙරෙන බැවින් කුරුඳුවත්තෙහි සටහන් වන ලන්දේසි ආණ්ඩුකාර දස්කොන්, ප්‍රමිලා, නොක්ස් වැනි අය හා වෙනත් අය පිළිබඳ කෙටි සටහන් එක්වූවා නම් කෘතිය තවදුරටත් පාඨක ග්‍රහණයට ලක්වන බව නිසැකය.

ප්‍රේමතිලක පේරුකන්ද

ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි ආරම්බ වන ලකුණු

භුතයෙක්ගේ ගැටී පාසැල් බස් රථය අනතුරේ - දරුවන් 11ක් රෝහලේ

ඇපල් අද කරන්න යන විශේෂ වැඩේ

බැඳුම්කර වංචාවට ඇලෝසියස් අත්අඩංගුවට

සෞඛ්‍ය සේවා අඩපන වෙන ලකුණු - හෙද නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
හිටපු මහබැංකු නි.අධිපති පී.සමරසිරි ඇතුළු 4ක් අත්අඩංගුවට

මාලිංග සෙල්ලම් කරන අවසන් ජාත්‍යන්තර තරඟය ගැන හෙළිකරයි

2020 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20

08:57 AM Mar 25 2019

වැස්සට දියවුණු ලංකාවේ හීන

08:17 AM Mar 25 2019

වැරදි වැඩ කරලා ආයේ ආපු වෝනර්ත් පරාදයි, පොඩි කට්ටියට මුම්බායි පරාදයි

07:55 AM Mar 25 2019

ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි ආරම්බ වන ලකුණු

පලස්තීන හමුදා ගාසා තීරය ඔස්සේ  ඊශ්‍රායලය දක්වා එල්ල කරන

02:45 PM Mar 25 2019

තායිලන්ත මැතිවරණයෙන් මිලිටරි හිතවාදී පක්ෂයක් ඉදිරියට

10:56 AM Mar 25 2019

ට්‍රම්ප් නිර්දෝෂයි - මියුලර් වාර්තාවෙන් හෙළිවේ

09:18 AM Mar 25 2019

ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ගයන්ත කී කතාව

එක්සත් ජාතික පක්ෂයේ  ඉදිරි ජනාධපතිවරණ අපෙක්ෂකයා පිළිබඳව

01:52 PM Mar 25 2019

මෛත්‍රි expire වේගෙන යන්නේ. expire වුණ දේවල් කෑවොත් බඩේ අමාරැව හැදෙනවා ඒ නිසා expire භාණ්ඩ අලෙවියෙන් අයින්කරන්න ඕනේ

10:39 AM Mar 25 2019

එජාපයවත් පොහොට්ටුවවත් ජනාධිපති අපේක්ෂකයාව තීරණය කරලා නැහැ.

08:53 AM Mar 25 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-03-22
CARTOON ::: 2019-03-21
CARTOON ::: 2019-03-20

විල්පත්තු ප්‍රශ්නය

ජගත් වනාන්තර දිනය ලෙස ‘මාර්තු 21’ නම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි. මේ දිනය නිමිත්තෙන් පොළොන්නරුව අරලගංවිල වෙහෙරගල විද්‍යාලයේ පැවැති උත්සවයට සහභාගි වූ පරිසර ඇමැතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබුණේ  ලංකාව තුළ වාර්ෂිකව සිදුවන වන විනාශයට අනුව දැනට තිබෙන වනාන්තර ටික හෝ රැක නොගතහොත් තව අවුරුදු 15කින් පමණ රට කාන්තාරයක් වනු ඇති බවය. යුද්ධය පැවැති කාලයේ උතුරේ වනාන්තර ටික ප්‍රභාකරන් රැකගත්තද දූෂිත දේශපාලනඥයන්, ඇතැම් රජයේ නිලධාරීන් හා දැව ජාවාරම්කාරයන් හා නීති විරෝධීව වැඩ කරන ව්‍යාපාරිකයන් එකතුවී දකුණේ වනාන්තර ටික විනාශ කළ අතර ඉතුරු වී තිබෙන සියයට 28ක වනාන්තරවලින් 20ක් පමණ උතුරේ තිබෙන්නේ ඒ නිසා බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබිණි.ජනාධිපතිවරයාගේ මේ කතාව සහතික ඇත්තය. ගෙවත්තේ පැළයක් වත් සිටුවන්නේ නැති ඊනියා පරිසර ලෝලීන්, බඩගෝස්තරවාදී පරිසරවේදීන්, දූෂිත දේශපාලනඥයන් සහ ජාතිවාදී දේශප්‍රේමියන් වනාන්තර ඇතුළු පරිසරය සුරැකීම ගැන මහ ඝෝෂා කරද්දී වසරින් වසර ‘වනාන්තර’ ක්‍ෂය වෙමින් යන්නේ වනසතුන්ටද විනාශය අත්කර දෙමිනි. යුද්ධය අවසන් වීමෙන් පසු උතුරේ වනාන්තරවලටත් කට්ටිය අත තැබුවේ ප්‍රභාකරන්ලා නැති බව දන්නා නිසාය. මේ දිනවල ‘විල්පත්තුව’ වන විනාශය බරපතළ ලෙස කතා කිරීමට පටන් ගෙන ඇත. ‘විල්පත්තුව  සංරක්ෂිතය කපා දමා මුස්ලිම් ජාතිකයන්ට ගම්මාන හදා දී ඇති බව එල්ල වී ඇති බරපතළ චෝදනාවය.මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ මේ චෝදනාව ඇතුළු පරිසර විනාශය ගැන බරපතළ චෝදනා පරිසරවේදීන්ගෙන් එල්ල විය. එහෙත් බරපතළ ලෙස ‘විල්පත්තුව‘ ගැන චෝදනාව එල්ල වීමට පටන් ගත්තේ සිරිසේන - වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව බලයට පැමිණි පසුය. ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් විල්පත්තුවට ගොස් වන විනාශය ගැන මාධ්‍යයට කතා කළහ. මාධ්‍යයද විල්පත්තුව විනාශ කරලා යැයි ප්‍රවෘත්තිවලින් රටටම අනාවරණය කළේය. මුස්ලිම් අන්තවාදයක් ගැනද මෙහිදී කියවිණි. වරින්වර උඩ එමින් යළි යට යමින් තිබූ ‘විල්පත්තු’ කතාව මේ දිනවල යළි උඩටම පැමිණ ඇත.පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇමැති රිෂාඩ් බදියුදීන්ගෙන් ඉකුත් 22දා විමසා තිබුණේ විල්පත්තු වන රක්ෂිතයේ සිදුවී ඇතැයි කියන වන විනාශය පිළිබඳවය. එහිදී ඇමැතිවරයා අවධාරණය කර තිබුණේ එල්ටීටීඊ ප්‍රහාර නිසා පදිංචි නිවාස අතහැර ගිය මුස්ලිම් ජනතාව ලක්ෂ තුනක් නැවත පදිංචි කිරීම ඇමැති බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් පත්කළ කමිටුවේ අනුමැතිය මත ආරම්භ කළ බවත්, පසුව සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ජනාධිපති කාර්ය සාධක මණ්ඩලයේ මෙහෙයවීමෙන් නැවත පදිංචි කිරීම් අඛණ්ඩව කරගෙන ගිය බවත්ය.අනුරාධපුර, පුත්තලම දිස්ත්‍රික් දෙක අතරේ විල්පත්තුව වන සංරක්ෂණය තිබෙන අතර මන්නාරම සීමාවේ පරණ මුස්ලිම් ගම්මාන 22ක්, කජුවත්ත නමින් සිංහල ගම්මානයක් හා කතෝලික ගම්මානයක්ද තිබී ඇත.වල්බිහි වී තිබූ මේ ගම්මාන යුද්ධයෙන් පසු වන සංරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබුණු අතර බැසිල් රාජපක්ෂ කමිටු නිර්දේශ මත යළි ජනතාව පදිංචි කිරීම ආරම්භ කර තිබේ. මේ ප්‍රදේශ ‘වනජීවී’ ප්‍රදේශ නොවන අතර විල්පත්තුව රක්ෂිතයට අයිති නැති බවත් පැවැසේ. එහෙත් බරපතළ ලෙස චෝදනා එල්ල වී ඇත්තේ විල්පත්තුව රක්ෂිතය විනාශ කර ඇති බවටය. ප්‍රශ්නය වන්නෙ අදාළ බලධාරීන් මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා නිරවුල් පිළිතුරක් නොදීමය.මේ ඉඩම් යළි ලබාදීමේදී පරිසර ඇමැතිවරයාව සිටි අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ පැරණි ගම් රක්ෂිතයට එකතු නොකළ බවය. එහෙත් ඇමැති බදියුදීන් ප්‍රකාශ කර තිබුණේ ඊට වෙනස් කතාවකි. ඔහුට අනුව වන සංරක්ෂණ ප්‍රදේශ ගූගල්  සිතියමක් ආධාරයෙන් නම් කරන විට ජනතාව පදිංචිව සිට නැත. පැරැණි ගම්වල යළි පදිංචි කිරීමේ මුවාවෙන් අවසර ලබාදුන් ඉඩම් ප්‍රමාණයට වඩා ඉඩම් හා වනය එළිපෙහෙළි කර අල්ලාගෙන ඇති බව බදියුදීන් මහතාට එල්ල වන චෝදනාවය. ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ තමා විල්පත්තුව වන රක්ෂිතය විනාශ කළ බව ඔප්පු කළොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සූදානම් බවය. මේ ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසද හෙතෙම ඉල්ලීමක් කර ඇත. අදාළ පදිංචි කිරීම් සම්බන්ධව විගණකාධිපතිවරයාගේ වාර්තාවක් ලැබී ඇති අතර ආංශික අධිකරණ කාරක සභාවට එය ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳව සෙවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව තවමත් එළියට පැමිණ නැත.වහා කළ යුත්තේ අදාළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ‘විල්පත්තුව‘ ප්‍රශ්නය ගැන පැහැදිලි පිළිතුරක් රටට ලබාදීමය. නොඑසේ නම් වන්නේ වන විනාශය, පාරිසරික ප්‍රශ්නය, මුස්ලිම් අන්තවාදය, සිංහල ජාතිවාදය එකට කැලතී නැති ප්‍රශ්නයක් රට තුළ නිර්මාණය වීමය. නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරොවෙන් කැපීමට ඉඩතැබිය යුතු නැත. සිංහල-දමිළ ගැටුම මෙන් සිංහල - මුස්ලිම් ගැටුමකට අනාගතයේ ඉඩ නොතැබීමට කවුරු කවුරුත් පරිස්සම් විය යුතුය.
වීඩියෝ