29

කොළඹ

නිපුනිකා මේ දවස්වල නොසෑහෙන්න බැනුම් අහන්නේ කාගෙන්ද?

හදගැස්ම

නිපුනිකා මේ දවස්වල වැඩි සද්ද බද්ද නැත්තේ ඇයි?

මම ටෙලි ඩ්‍රාමා දෙක තුනක වැඩ කළා. ඒවා තාම විකාශය වුණේ නැහැ. අහස් මාලිගා සහ නිරාශා නාට්‍ය දෙක නම් මේ දවස්වල විකාශය වෙනවා. සුපුරුදු විදියට හඬ කැවීම්වලටත් එකතු වෙනවා. මම කොහොමත් වැඩි සද්ද බද්ද නැහැ. වැඩ ටික කරගෙන සතුටින් ජීවත් වෙනවා. 

පුංචි තිරයෙන් ඔබව මේ දවස්වල දකින්න ලැබෙන්නේ වෙනස් චරිත ද්විත්වයකින්. කොහොමද ඒ නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර?

අහස් මාලිගා සහ නිරාශා නාට්‍ය දෙකේ මම කරන චරිත අහසට පොළොව වගේ. අහස් මාලිගා නාට්‍යයේ මම කරන්නේ විලන් රෝල් එකක්. වස, නපුරු, හිතුවක්කාර “සඳමාලි” කියන චරිතය නිසා මම මේ දවස්වල ප්‍රේක්‍ෂකයන්ගෙන් නොසෑහෙන බැනුම් අහනවා. නිමන්ති පෝරගේ අක්කා සහ ප්‍රභාත් රෝෂන් අයියටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙන්න ඕනා. මොකද මාව වෙනස් චරිතයකට ඔවුන් තෝර ගත්තා. ස¼දරුවන් ජයවික්‍රම අයියා අධ්‍යක්‍ෂණය කරන නිරාශා නාට්‍යයේත් මම වෙනස් චරිතයක් කරන්නේ. ඒකත් මට අභියෝගයක්. සඳරුවන් අයියා එක්ක වැඩ කරන්න පහසුයි. හරිම ආශාවෙන් ඒ නාට්‍යයටත් සම්බන්ධ වෙනවා. ඒ වෙනුවෙන් ප්‍රතිචාර ඉහළයි. 

නිපුණිකා කාලෙකට පේන්න ඉන්නවා කාලෙකට පේන්න නැහැ. නිපුනිකා අඩුවෙන් වැඩ කරනවා වගේ?

මට පසුගිය ටිකේ නිර්මාණ ලැබුණෙත් අඩුවෙන්. ලැබුණ නිර්මාණවලට දායක වුණා. ඒ නිර්මාණ තාම විකාශය වුණේ නැහැ. 

දැන් රංගන ශිල්පිනියන් වැහි වැහලා. ඒ අතරින් නිපුනිකාට ලැබෙන අවස්ථා ගැන සැහීමකට පත්වෙන්න පුළුවන්ද?

මම කලා ක්‍ෂේත්‍රයට එන්නේ 2011දී. එදා ඉඳන් මේ දක්වා මාත් එක්ක වැඩ කරන්න කැමැති අය මට නිර්මාණවලට කතා කළා. සමහර අධ්‍යක්‍ෂවරු එක්ක මම දෙපාර තුන්පාර වැඩ කරලත් තියෙනවා. මගේ හැකියාව ගැන විශ්වාස කරලා මට ලැබෙන ආරාධනා ගැන මට සතුටුයි. ගැළපෙන චරිත මට ලැබෙනවා. 

නිපුනිකාට ගැළපෙන චරිත කියලා විශ්වාස කරන්නේ මොන වගේ චරිතද? 

යම් කිසි නිර්මාණයකට මම සම්බන්ධ වෙද්දි ඒක මගේ පවුලේ අයට චකිතයක් නැතුව බලන්න පුළුවන් නිර්මාණයක් ද කියලා මම හිතලා බලනවා. ලේබල් ගහපු චරිත කරන්න හැකියාවක් නෑ. මගේ සීමාව ඇතුළේ කරන්න පුළුවන් නිර්මාණවලට තමයි මම සම්බන්ධ වෙන්නේ. 

ඔබට සීමා පනවා ගත්තේ ඔබමද? නැතිනම් වෙන කවුරු හරි ඔබට සීමා පනවලා තියෙනවාද? 

මගේ පවුලේ අයගෙන් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ අම්මා මාත් එක්ක හැම තැනටම එනවා. හැබැයි ඒ ක්‍ෂේත්‍රය ගැන බයක් නිසා නෙමෙයි. අම්මයි මමයි ගොඩක් සමීපයි. ඉතිං අම්මා මට උදණඳ කරන්න තමයි මාත් එක්ක එන්නේ. 

අම්මා නිපුණිකාගේ පස්සෙන්ම එන්නේ ඔබව පරිස්සම් කරන්න නෙමෙයිද?

මේ ක්‍ෂේත්‍රය ගැන බයක් නිසා නෙමෙයි අම්මා මාත් එක්ක එන්නේ. අපි හරියට ඉන්නවා නම් බය වෙන්න දෙයක් නෑ. මේ ක්‍ෂේත්‍රයේ යක්කු නෙමෙයි ඉන්නේ. යම් යම් දේවල් නොවෙනවා නෙමෙයි මේ ක්‍ෂේත්‍රයේ. මොන ක්‍ෂේත්‍රයක වුණත් ඒ දේවල් වෙනවා. නමුත් තනි කැමැත්තෙන් කිසි දෙයක් වෙන්නේ නෑනේ. ඒ නිසා තමන් ඉන්න ඕන විදිය තමන් දැන ගන්න ඕන.

ගොසිප්වලින් බේරිලා ඉන්න තරම් නිපුනිකා ගොඩක් පරිස්සම් වෙනවාද? 

මගේ ලොකු පරිස්සමක් නෑ. ගෙදර ඉන්න මමමයි මම පිටට ගියාමත්. මම හැමෝම එක්කම යාළුයි. හැබැයි මම එළියේ දේවල් ගෙදරට ගේන්නෙවත් ගෙදර දේවල් පිටට ගෙනියන්නේවත් නැහැ. මං ගැන කවුරුත් ගොසිප් අහලා නැතුව ඇති. සමහරු නම් හැම දෙයක්ම ගොසිප් කර ගන්නවනේ. තමන් හරි දේ කරනවා නම් බය වෙන්න ඕනේ නෑ. 

නිපුනිකා කියන්නේ ජනප්‍රිය චරිතයක් කියලා හිතනවාද? 

මම මිනිස්සු අතර ඉන්න කෙනෙක් කියලා මට දැනෙනවා. ප්‍රේක්‍ෂකයෝ කියන දේවල් එයාලගේ පිළිගැනීම එක්ක මට ඒක දැනෙනවා. 

ඒත් ඔබට තාම ජනප්‍රිය සම්මානය ලබන්න බැරි වුණා?

මම කැමැතියි ජීවිතයේ කවදාහරි දවසක සම්මානයක් ගන්න. මම ඒකට පාර කපාගෙන යනවා. ලැබෙන්න තිබ්බොත් ඒ දේ අනිවාර්යෙන් ලැබෙයි. මට ලැබෙන චරිතවලින් හැකියාව පෙන්වන්න පුළුවන් වුණොත් මට කවදාහරි සම්මානයට පාත්‍ර වෙන්න පුළුවන් කියලා මම හිතනවා.

නිපුනිකා හඬ කැවීම් ක්‍ෂේත්‍රයටත් එකතු වුණානේ. හඬ කැවීම් ක්‍ෂේත්‍රයේ අලුත් වැඩකට සම්බන්ධ වුණේ නැද්ද? 

තාමත් ආදරේ නැත්නම් නාට්‍යයේ හඬ කැවීම්වලට මම හරි ආසාවෙන් එකතු වුණා. ඒක පසුගිය දවස්වල ඉවර වුණා. මම හඬ කැවීම් ක්‍ෂේත්‍රයට ආසයි. රූපය නොපෙනී කටහ¾ඩින් දෙයක් කරන එක විශේෂයි. ගෙදර අයත් අහනවා මේ මමද කියලා. තවත් ආරාධනා දෙක තුනක්ම ලැබිලා තියෙනවා. රූගත කිරීම් එක්ක කාලය කළමනාකරණය කරගෙන හඬ කැවීම්වලටත් සම්බන්ධ වෙනවා. වෙළෙඳ දැන්වීම්වල හඬ කැවීම්වලටත් එකතු වෙනවා. 

පුංචි තිරයේ දකින නිපුනිකා සිනමාවේ දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි? 

සිනමා නිර්මාණවලටත් ආරාධනා ලැබුණා. නමුත් ඒ අවස්ථා ලැබුණේ ටෙලි නාට්‍යවල කාර්ය බහුල වෙලා ඉන්න අවස්ථාවල. භාරගත්ත ටෙලි නාට්‍ය තිබ්බ නිසා අකැමැත්තෙන් වුණත් ලැබිච්ච චිත්‍රපට අතහරින්න වුණා. 

නිපුනිකාට ආදරය දැනෙන්නේ කොහොමද?

ආදරය කියන්නේ සරල දෙයක් නෙමෙයි. අපි ජීවිතයේ ආදරය කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් සියලු වැඩ රාජකාරි මැද ඒ කෙනා ආදරය කරන කෙනාට කාලය වෙන් කරනවා නම් ඒක හරි වටිනවා. ආදරය කියන්නේ ලබන්න ඕන, ලැබිය යුතු දෙයක්. 


තිළිණි කෞශල්‍යා විජේසිංහ

ගබ්සාව ඔබේ දරුවා කුස තුළ ඝාතනය කිරීමක්

ගහන්න මරන්න කොටන්න නොදී මුස්ලිම් පවුල් රැක්ක සිංහල කෙල්ල

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 අත්හිටුවයි

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී
කුරුණෑගල මුස්ලිම් වෛද්‍යවරයෙකුගේ වත්කම් ගැන සැකයක්

ලෝක කුසලාන පුහුණු තරඟයේ පළමු තරඟයෙන් පකිස්තානයට ලැජ්ජාවක් - ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයක් ලෙස පකිස්තානය ස

09:44 AM May 25 2019

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී

09:19 AM May 25 2019

ලෝක කුසලානෙට ගියපු කෝලි ගැනයි අනිත් ඉන්දියානු ක්‍රීඩකයෝ ගැනයි ටෙන්ඩුල්කාර් කියපු සැර කතාව

08:51 AM May 24 2019

ඉන්දියාවේ පෞද්ගලික පන්තියක හටගත් ගින්නකින් සිසුන් 19 මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරට් නගරයේ පෞද්ගලික උපකාරක පන්

09:42 AM May 25 2019

එංගලන්ත අගමැතිනිය ඉල්ලා අස්වේ

02:58 PM May 24 2019

ඇමරිකා එක්සත් ජනපදයට ටොනාඩෝවක්- 3ක් මරුට

12:26 PM May 24 2019

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

 මවුලවිතුමා ඔබේ පසුබිම ගැන සඳහන් කළොත්?මම සමස්ත ලංකා ඉස්ලාම

10:18 AM May 25 2019

මනුෂ්‍ය ඝාතනයකට ගන්න පිහිය රත්තරන් ද ? යකඩ ද ? බුද්ධික පතිරණගෙන් පිළිතුරක්

12:00 PM May 24 2019

මෝදිගේ ප්‍රතිපත්ති ගැන තැබූ විශ්වාසය නැවත තහවුරු වුණා

09:02 AM May 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-24
CARTOON ::: 2019-05-23
CARTOON ::: 2019-05-22

මැතිවරණ ශිෂ්ටත්වයේ ඉන්දියානු පාඩම

ඉන්දියාවේ 17 වැනි ලෝක් සභා මහ මැතිවරණය අවසන් විය. නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ. ලෝක් සභාවේ සමස්ත ආසන සංඛ්‍යාව වූ ආසන 542න් තනි පක්ෂයක් ලෙස ආසන 303ක් දිනාගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වී ඇත. අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා නරේන්ද්‍ර මෝදිට බහුතර ආසන 31ක්ම හිමිව තිබේ. භාරතීය ජනතා පක්ෂයද ඇතුළත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලබාගත් මුළු ආසන සංඛ්‍යාව 353කි. ඉන්දීය ලෝක් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව නරේන්ද්‍ර මෝදි පහසුවෙන්ම ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවනු ඇත. රාහුල් ගාන්ධිගේ ඉන්දීය ජාතික කොංග්‍රසයට දිනාගත හැකි වූයේ ආසන 52ක් පමණි. ඔවුන්ද ඒකාබද්ධව සිටින එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දිනාගත් ආසන සංඛ්‍යාව 92කට සීමා වී තිබේ. ශක්තිමත් ආණ්ඩුවක් බිහිවීම හේතුවෙන් ඉන්දීය කොටස් වෙළෙඳපොළ වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කළ බවද මාධ්‍ය වාර්තා කළේය. ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී දේශය ලෙස සැලකෙන ඉන්දියාවේ මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 900කි. ඡන්දය සඳහා තරග වැදුණු දේශපාලන පක්ෂ සංඛ්‍යාව 2,000කි. අපේක්ෂකයන් 8,000කි. ඡන්ද විමසීම් අප්‍රේල් 11 සිට 19 දක්වා දින 8ක් අදියර කිහිපයකින් පැවැත්විණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී  ලංකාවේ ජනපති, අගමැති මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක් කර තිබිණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණයේ රහස පිළිබඳව ලොව පුරා දේශපාලන විශ්ලේෂකයන් විවිධ මත ප්‍රකාශ කර තිබේ. ඒ ඉන්දියාව නවීන තාක්ෂණය ඔස්සේ වේගයෙන් සංවර්ධනය කරා ගමන් කිරීම ප්‍රබල හේතුවක් ලෙස වැඩි පිරිසක් පෙන්වා දෙති. අන්තර්ජාලය හරහා රජය සමඟ ගනුදෙනු කිරීමට අවකාශය විවර වීමත් කිසිම රජයේ නිලධාරියකුට අල්ලස් නොදී අන්තර්ජාලය හරහා රජයේ ලියකියවිලි ලබාගැනීමට පුරවැසියාට අවස්ථාව ලැබීමත් මෝදි පාලනය ජනප්‍රිය වීමට ප්‍රබල හේතුවකි. නීති විරෝධීව බදු නොගෙවා ආදායම් සඟවාගෙන සිටින ධනපතියන්ගේ මුදල් සංසරණයට එක්කිරීම සඳහා මෝදි පාලනය එරට භාවිත වූ මුදල් නෝට්ටු වර්ග කිහිපයක් අවලංගු කිරීමටද පියවර ගත්තේය. වංචා - දූෂණ සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමද ජනතා පක්ෂයේ ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය ඉහළ යෑමට හේතු විය. ඒ සියල්ලටමත් වඩා නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයේ රැල්ල ඉහළ නැඟීමට ආසන්නතම හේතුව වූයේ පාකිස්තාන් දේශසීමාව උල්ලංඝනය කරමින් පාකිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කළ ගුවන් නියමු අභිනන්දන් වර්තමාන් විසින් ඇති කළ සමාජ බලපෑමය. අභිනන්දන් යළි නිරුපද්‍රිතව ඉන්දියාවට පැමිණීම ඉක්මනින් සංවේදී වන ඉන්දියානුවන් තුළ මහත් උන්මාදයක් ජනිත කළේය. ඔහු ජාතික වීරයකු වූ අතර නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට එහි අස්වැන්න නෙළාගත හැකි වූයේය. මෙවර ඉන්දීය මැතිවරණයෙන් ශ්‍රී  ලංකාවේ අපට ඉගෙන ගන්නට බොහෝ පාඩම් තිබේ. එතෙක් පැවැති මැතිවරණ සම්ප්‍රදායන් පිටුදකින්නට ඉන්දීය ආණ්ඩුව සමත් වී ඇත. මැතිවරණ ව්‍යාපාරය තුළ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිත නොකිරීමට පොදු එකඟතාවක් ඇති කරගෙන තිබූ අතර එය සාර්ථක වී තිබිණි. ඉන්දියාව තරම් දේශපාලන නායකයන්ගේ අහස උසට කටවුට් ගසන රටක් ලොවෙත් නැත. එහෙත් මෙවර මැතිවරණයේදී පෝස්ටර් හෝ දැන්වීම් පුවරු දක්නට නොතිබූ අතර කිසිදු වාහනයක අපේක්ෂකයන්ගේ දැන්වීම් දක්නට නොවීය. මහාමාර්ග මත ඡන්ද අපේක්ෂකයන්ගේ අංක හෝ ලකුණු සිතුවම් කර නොතිබීමද මෙවර දකින්නට තිබූ විශේෂත්වයකි. එසේම මැතිවරණ වකවානුවේ නියත ලෙස වාර්තා වන ගැටුම් හා මරණද මෙවර අවම වූයේය. ඉන්දියාවට සෑම විෂයයක් සඳහාම ජාතික ප්‍රතිපත්තියක් හා දැක්මක් තිබේ. ඉන්දියාව පුරා ප්‍රදර්ශනය වන මහත්මා ගාන්ධිගේ රූපයෙන් සංකේතවත් වන්නේ එම ඉන්දියානු පිළිවෙතය. ආණ්ඩු මාරු වනු ඇත. එහෙත් ඉන්දියාව ඉදිරියට ගමන් කරන්නේ එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේය. අපේ අසල්වැසි යෝධයා අභිමානවත් ශිෂ්ටාචාරයක් කරා වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර අපේ නායකයෝ සකලවිධ දුර්ගුණයන් වැලඳ ගනිමින් රටත් ජනතාවත් පරිහානිය කරා ගෙන යමින් සිටිති.
වීඩියෝ