29

කොළඹ

මරණය අබියස යුක්තිය උදෙසා ගී ගයන මෙක්සිකානු ගායිකා Lila Downs

හටන

“එය හද වේදනාවට පත් කරන්නක්. මම ඒ දෙරටටම අයිති නිසයි මට එය වඩාත් දැනෙන්නේ. අප කලාව තුළින් එකිනෙකා එක් කර සංහිඳියාව ඇති කරන්න ජීවිත කාලය පුරා උත්සාහ කරනවා. එහෙත් ඔවුන් කරන්නේ කුමක්ද? දේශපාලනය තුළින් අපව වෙන් කිරීමයි. මේවා ඇසෙන විට අප පළමුව ශෝකයට පත් වුණත් ඊළඟට අප සිත් සතන් තුළ වන්නේ කෝපයක්. විරෝධතාවක්. එවිට අප හදවත් අපට අණ කරන්නේ මේවාට විරුද්ධව නැඟීසිටීමට. එහි ප්‍රතිඵලය කුමක්ද? ගැටුම් ඇති වීම. ඒවා යුද්ධ දක්වා මෝරනවා. අවසානයේ මහා ජීවිත විනාශයක් නොවේද වෙන්නේ. 

මෙක්සිකෝවත්, ඇමෙරිකා එක්සත් ජනපදයත් විසල් තාප්පයකින් වෙන් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය ගැන මාධ්‍ය සාකච්ඡාවකට එක් වුණ මෙක්සිකෝ ජනතාවගේ ආදරණීය කලා ශිල්පිනිය ලිලා ඩවුන්ස් එසේ තම අදහස් පළ කළේ නෙතග කඳුළකින් යුතුවය. 

ඇමෙරිකානු විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු හා මෙක්සිකානු යුවතියක අතර ඇති වන ආදර සම්බන්ධතාවක ප්‍රතිඵලයක් ලෙස ලිලා ඩවුන්ස් 1968 සැප්තැම්බර 19 දින මෙක්සිකෝවේ ඔආසාකා නගරයේ උපත ලැබුවාය. ඇය සංගීත ශිල්පිනියකි, රංගන ශිල්පිනියකි, ගීත රචිකාවකි, අති දක්ෂ ගිටාර් වාදන ශිල්පිනියකි. එහෙත් ඇය ඒ හැමටම වඩා සැමගේ ආදරයට පාත්‍රව සිටින්නේ අසාධාරණයන්ට එරෙහිව නැඟීසිටින, මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක බැවිනි. 

දරුවා තමා භාරයට ගෙන හදාවඩා ගන්නට පියා තීරණය කළ බැවින් තම පියා සමඟ ඇමෙරිකාවේ ගත කළ ඇගේ ළමා කාලය සතුටුදායක එකක් විය. එහෙත් ඇය දහසය හැවිරිදි වියට එද්දී ඇගේ පියා මියගියෙන් අකැමැත්තෙන් වුව ඇයට තම මව හා එක් වී මෙක්සිකෝවේ දුප්පත් ජීවිතයට හුරුවන්නට සිදු විණි. 

ධෛර්යසම්පන්න ගැමි කාන්තාවක් වූ මව නිසා ජීවිතයේ මෙතෙක් නොදුටු පාර්ශ්වයක් දෙස හිස හරවා බැලීමට ඒ අවස්ථාවේදී ඇයට සිදු වූ බව ලිලා ඩවුන්ස් පවසයි. 

ඇයව වඩාත් කම්පාවකට පත්කළ සිදුවීමකි මේ.

“දිනක් මම මගේ මව සුළු ව්‍යාපාරයක් ලෙස කරගෙන ගිය මෝටර් රථ පාක් එකට වී සිටින විට කෙනකු පැමිණ ඉංගී්‍රසියෙන් ලියැවුණු ලියැවිල්ලක් පෙන්නුවා. එය පරිවර්තනය කර දෙන ලෙස ඉල්ලුවා. ඒ ඔහුගේ පුතාගේ මරණ සහතිකය. ඔහු මෙක්සිකෝ දේශ සීමාවෙන් ඇමෙරිකාවට යෑමට කළ උත්සාහයේදී ඇමෙරිකානු රජය විසින් වෙඩි තබා මරා දමා තිබුණා. මගේ නිර්මාණ කාර්යය ජනතාව සඳහා විය යුතු බව කියා දුන්නේ ඒ ශෝකජනක සිදුවීම.” 

පසුව ලිලා ඩවුන්ස් ඔආසාකා විශ්වවිද්‍යාලයෙන් කලාව හැදෑරුවාය. දේශීය ජන සංගීත නාද මාලා ඔස්සේ නව නිර්මාණ කරමින් ඇය ඔආසාකා නගරයේ ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ තමාගේම ස්වාධීන අදහස් රැගෙනය. ඒවා හි අන්තර්ගත වූ සිත් කලඹනසුලු නව ප්‍රගතිශීලී අදහස් රැගත් ජන සංගීතය ජනතාව අතරට නිරුත්සාහයෙන්ම ගලා ගියේ ඇය ජනප්‍රියත්වය කරා වේගයෙන් ගෙන යමිනි. ස්වදේශික භාෂා හා සංස්කෘතික උරුමයන් වැළලී යෑමට නොදී ඒවාට ජීව වායුව පිඹ නවතාවකින් රසිකයන් අතරට ගෙන ඒම ඇගේ අනන්‍යතාව විය. 

මෙක්සිකෝවේ ජනතාව විවිධ ජාතීන්ගේ සම්මිශ්‍රණයකි. එයින් පහෙන් එකක් පමණ ස්වදේශිකයන්ය. එනම් බටහිර ජාතීන් එහි පැමිණෙන විට ජීවත්ව සිටි ජනතාවය. තමන් පැමිණියේ ඉන්දියාවට යැයි සිතූ නාවිකයෝ ඔවුන්ව හැඳින්වූයේ ඉන්දියානු ජාතිකයන් ලෙසය. පසුව සැබෑ ඉන්දියානුවන් සොයාගත් බැවින් ඔවුන්ගෙන් වෙන්කර ගැනීමට රතු ඉන්දියානුවන් ලෙස හැඳින්වූහ. 

මෙක්සිකානු ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ ස්වදේශිකයන් හා බටහිර ජාතීන් මිශ්‍ර වීමෙන් සැදුණු අයයි. පහෙන් එකක් පමණ ස්වදේශිකයන්ය. එහි සුදු ජාතිකයන්, අරාබීන් හා අප්‍රිකානුවෝද වෙති. වැඩි පිරිසක් ක්‍රිස්තියානි ආගම අදහති. එහෙත් තවමත් ස්වදේශිකයන්ට කුඩම්මාගේ සැලකිලි ලැබෙන අවස්ථා ඇත. ස්වදේශික කාන්තාවක් වූ ලිලා තම කලාව මෙහෙයවන්නේ තම පරපුර වූ ස්වදේශිකයන්ගේ අභිමානය රැක දීමටය. 

මෙක්සිකොවේ සියලු ප්‍රගතිශීලී මාධ්‍යවේදීන් අද සිටින්නේ ඊළඟ මොහොතේ කුමක් සිදු වේදැයි තැතිගැන්මකිනි. මේ එවන් මාධ්‍යවේදියකුගේ අදහස්ය. 

“පසුගියදා සත්‍යය කතා කරන්නට ඉදිරිපත් වූ මාධ්‍යවේදිනියක අතුරුදන් වුණා. විරෝධතාවයේ යෙදුණු තරුණ ගුරුවරුන් තිස්දෙදෙනකුට සිදු වූයේ කුමක්දැයි කියාවත් අප දන්නේ නෑ. මේවා රාජ්‍ය අනුග්‍රහය ඇතිව වන බව කවුරුත් දන්නා රහසක්. ලිලා ඩවුන්ස් වේදිකාව මත මේ සිද්ධීන් අලළා ගීත නිර්මාණය කොට සත්‍යය සාධාරණත්වය වෙනුවෙන් ගී ගයන විට අප හදවත් බියෙන් සලිත වෙනවා. කිසිවකු එළිපිට කතා නොකරන දේ කතා කරන ඇගේ කලාව නිසා ඇය මරණයට අභියෝග කරමින් සිටින්නේ. ඇය මෙක්සිකෝව සතු ජාතික වස්තුවක්. අප ඇය රැක ගත යුතුයි.” 

ලිලා ඩවුන්ස්ගේ සමාජ කියැවීම ගැන කුතුහලයෙන් බොහෝදෙනා ඇගෙන් මෙසේ විමසති. 

“ඔබ දේශපාලනයට ඒමට හිතනවාද?” 

ඇය ඔවුන්ට මෙසේ පවසයි. 

“නැහැ. මම කලාකාරියක පමණයි. දේශපාලකයන් සමාජයට කළ යුතු දේ මම මගේ කලාවෙන් කරමින් ඉන්නවා. එනම් සමාජය මීට වඩා යහපත් තැනකට ගෙන ඒම.”


වෛද්‍ය ලංකා සිරිවර්ධන

ගබ්සාව ඔබේ දරුවා කුස තුළ ඝාතනය කිරීමක්

ගහන්න මරන්න කොටන්න නොදී මුස්ලිම් පවුල් රැක්ක සිංහල කෙල්ල

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 අත්හිටුවයි

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී
කුරුණෑගල මුස්ලිම් වෛද්‍යවරයෙකුගේ වත්කම් ගැන සැකයක්

ලෝක කුසලාන පුහුණු තරඟයේ පළමු තරඟයෙන් පකිස්තානයට ලැජ්ජාවක් - ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයක් ලෙස පකිස්තානය ස

09:44 AM May 25 2019

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී

09:19 AM May 25 2019

ලෝක කුසලානෙට ගියපු කෝලි ගැනයි අනිත් ඉන්දියානු ක්‍රීඩකයෝ ගැනයි ටෙන්ඩුල්කාර් කියපු සැර කතාව

08:51 AM May 24 2019

ඉන්දියාවේ පෞද්ගලික පන්තියක හටගත් ගින්නකින් සිසුන් 19 මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරට් නගරයේ පෞද්ගලික උපකාරක පන්

09:42 AM May 25 2019

එංගලන්ත අගමැතිනිය ඉල්ලා අස්වේ

02:58 PM May 24 2019

ඇමරිකා එක්සත් ජනපදයට ටොනාඩෝවක්- 3ක් මරුට

12:26 PM May 24 2019

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

 මවුලවිතුමා ඔබේ පසුබිම ගැන සඳහන් කළොත්?මම සමස්ත ලංකා ඉස්ලාම

10:18 AM May 25 2019

මනුෂ්‍ය ඝාතනයකට ගන්න පිහිය රත්තරන් ද ? යකඩ ද ? බුද්ධික පතිරණගෙන් පිළිතුරක්

12:00 PM May 24 2019

මෝදිගේ ප්‍රතිපත්ති ගැන තැබූ විශ්වාසය නැවත තහවුරු වුණා

09:02 AM May 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-24
CARTOON ::: 2019-05-23
CARTOON ::: 2019-05-22

මැතිවරණ ශිෂ්ටත්වයේ ඉන්දියානු පාඩම

ඉන්දියාවේ 17 වැනි ලෝක් සභා මහ මැතිවරණය අවසන් විය. නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ. ලෝක් සභාවේ සමස්ත ආසන සංඛ්‍යාව වූ ආසන 542න් තනි පක්ෂයක් ලෙස ආසන 303ක් දිනාගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වී ඇත. අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා නරේන්ද්‍ර මෝදිට බහුතර ආසන 31ක්ම හිමිව තිබේ. භාරතීය ජනතා පක්ෂයද ඇතුළත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලබාගත් මුළු ආසන සංඛ්‍යාව 353කි. ඉන්දීය ලෝක් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව නරේන්ද්‍ර මෝදි පහසුවෙන්ම ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවනු ඇත. රාහුල් ගාන්ධිගේ ඉන්දීය ජාතික කොංග්‍රසයට දිනාගත හැකි වූයේ ආසන 52ක් පමණි. ඔවුන්ද ඒකාබද්ධව සිටින එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දිනාගත් ආසන සංඛ්‍යාව 92කට සීමා වී තිබේ. ශක්තිමත් ආණ්ඩුවක් බිහිවීම හේතුවෙන් ඉන්දීය කොටස් වෙළෙඳපොළ වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කළ බවද මාධ්‍ය වාර්තා කළේය. ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී දේශය ලෙස සැලකෙන ඉන්දියාවේ මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 900කි. ඡන්දය සඳහා තරග වැදුණු දේශපාලන පක්ෂ සංඛ්‍යාව 2,000කි. අපේක්ෂකයන් 8,000කි. ඡන්ද විමසීම් අප්‍රේල් 11 සිට 19 දක්වා දින 8ක් අදියර කිහිපයකින් පැවැත්විණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී  ලංකාවේ ජනපති, අගමැති මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක් කර තිබිණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණයේ රහස පිළිබඳව ලොව පුරා දේශපාලන විශ්ලේෂකයන් විවිධ මත ප්‍රකාශ කර තිබේ. ඒ ඉන්දියාව නවීන තාක්ෂණය ඔස්සේ වේගයෙන් සංවර්ධනය කරා ගමන් කිරීම ප්‍රබල හේතුවක් ලෙස වැඩි පිරිසක් පෙන්වා දෙති. අන්තර්ජාලය හරහා රජය සමඟ ගනුදෙනු කිරීමට අවකාශය විවර වීමත් කිසිම රජයේ නිලධාරියකුට අල්ලස් නොදී අන්තර්ජාලය හරහා රජයේ ලියකියවිලි ලබාගැනීමට පුරවැසියාට අවස්ථාව ලැබීමත් මෝදි පාලනය ජනප්‍රිය වීමට ප්‍රබල හේතුවකි. නීති විරෝධීව බදු නොගෙවා ආදායම් සඟවාගෙන සිටින ධනපතියන්ගේ මුදල් සංසරණයට එක්කිරීම සඳහා මෝදි පාලනය එරට භාවිත වූ මුදල් නෝට්ටු වර්ග කිහිපයක් අවලංගු කිරීමටද පියවර ගත්තේය. වංචා - දූෂණ සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමද ජනතා පක්ෂයේ ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය ඉහළ යෑමට හේතු විය. ඒ සියල්ලටමත් වඩා නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයේ රැල්ල ඉහළ නැඟීමට ආසන්නතම හේතුව වූයේ පාකිස්තාන් දේශසීමාව උල්ලංඝනය කරමින් පාකිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කළ ගුවන් නියමු අභිනන්දන් වර්තමාන් විසින් ඇති කළ සමාජ බලපෑමය. අභිනන්දන් යළි නිරුපද්‍රිතව ඉන්දියාවට පැමිණීම ඉක්මනින් සංවේදී වන ඉන්දියානුවන් තුළ මහත් උන්මාදයක් ජනිත කළේය. ඔහු ජාතික වීරයකු වූ අතර නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට එහි අස්වැන්න නෙළාගත හැකි වූයේය. මෙවර ඉන්දීය මැතිවරණයෙන් ශ්‍රී  ලංකාවේ අපට ඉගෙන ගන්නට බොහෝ පාඩම් තිබේ. එතෙක් පැවැති මැතිවරණ සම්ප්‍රදායන් පිටුදකින්නට ඉන්දීය ආණ්ඩුව සමත් වී ඇත. මැතිවරණ ව්‍යාපාරය තුළ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිත නොකිරීමට පොදු එකඟතාවක් ඇති කරගෙන තිබූ අතර එය සාර්ථක වී තිබිණි. ඉන්දියාව තරම් දේශපාලන නායකයන්ගේ අහස උසට කටවුට් ගසන රටක් ලොවෙත් නැත. එහෙත් මෙවර මැතිවරණයේදී පෝස්ටර් හෝ දැන්වීම් පුවරු දක්නට නොතිබූ අතර කිසිදු වාහනයක අපේක්ෂකයන්ගේ දැන්වීම් දක්නට නොවීය. මහාමාර්ග මත ඡන්ද අපේක්ෂකයන්ගේ අංක හෝ ලකුණු සිතුවම් කර නොතිබීමද මෙවර දකින්නට තිබූ විශේෂත්වයකි. එසේම මැතිවරණ වකවානුවේ නියත ලෙස වාර්තා වන ගැටුම් හා මරණද මෙවර අවම වූයේය. ඉන්දියාවට සෑම විෂයයක් සඳහාම ජාතික ප්‍රතිපත්තියක් හා දැක්මක් තිබේ. ඉන්දියාව පුරා ප්‍රදර්ශනය වන මහත්මා ගාන්ධිගේ රූපයෙන් සංකේතවත් වන්නේ එම ඉන්දියානු පිළිවෙතය. ආණ්ඩු මාරු වනු ඇත. එහෙත් ඉන්දියාව ඉදිරියට ගමන් කරන්නේ එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේය. අපේ අසල්වැසි යෝධයා අභිමානවත් ශිෂ්ටාචාරයක් කරා වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර අපේ නායකයෝ සකලවිධ දුර්ගුණයන් වැලඳ ගනිමින් රටත් ජනතාවත් පරිහානිය කරා ගෙන යමින් සිටිති.
වීඩියෝ