29

කොළඹ

කඳුළු සලන තේ දල්ල

හටන

“වතු දෙමළු” යැයි පහත රට සිංහල ජනතාව විසින් ගර්හාවෙන් හඳුන්වන කඳුරට දෙමළ ජනතාවගේ ඉතිහාසය වර්තමානය මෙන්ම අනාගතයද දුක්බරය, අඳුරුය. බි්‍රතාන්‍ය පාලනය විසින් මෙම දූපතට ගෙනැවිත් අතරමං කරනු ලැබූ ඔවුහු සියවසක් පුරා ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදනයට දායක වූහ. අද ඔවුහු රුපියල් 1000ක දෛනික වැටුපක් ඉල්ලා පාරට බැස සිටිති. තේ දල්ල කඳුළු සලන්නේ ඔවුන් වෙනුවෙනි.

ඉන්දියානු සම්භවයක් සහිත කඳුරට දෙමළ ජනයා රටක් නැත්තවුන් බවට පත් කළේ 1947 ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේදීය. අගමැති ඩී.එස්. සේනානායක ආණ්ඩුව ඊට වගකිව යුතුය. එක්සත් ජාතික පක්ෂය 1948 දෙසැම්බර් මාසයේ සම්මත කරන ලද ‘පුරවැසි පනත’ මඟින් කඳුරට දෙමළ ජනයා ‘රටක් නැත්තවුන්’ බවට පත් කළේය. ඉංගී්‍රසි ආණ්ඩුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඔවුන්ගේ නියෝජනය ආරක්ෂා කරදී තිබූ බව අමතක නොකළ යුතුය.

ඉන්දු - ලංකා (සිරිමා ශාස්ත්‍රී ගිවිසුම 1964 දෙසැම්බරයේ අස්සන් තබන ලදී. ඒ වන විට මෙරට විසූ රටක් නැති ජනයා 9,75,000කි. ගිවිසුම අස්සන් කරන ලද්දේ වසර 15කට බලපවත්වන පරිදිය. සිරිමා - ශාස්ත්‍රි ගිවිසුම ශ්‍රී ලංකාවේ අගමැතිනි සිරිමා බණ්ඩාරනායක හා ඉන්දීය අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී අතර ඇතිකර ගත් එකඟතා මත පදනම් විය. අදාළ කාල පරිච්ඡේදය තුළ රටක් නැති මිනිසුන්ගෙන් 5,25,000ක් ජනයාට ඉන්දියානු පුරවැසිභාවයද 3,00,000ක් ජනයාට ලංකාවේ පුරවැසිභාවයද දෙන කොන්දේසි ගිවිසුමේ ඇතුළත්ව තිබිණි. දෙමළ ජනයා නැවත සියරට පැමිණවීම ලංකා පුරවැසිභාවය ලබාදෙන වේගයට අනුව සිදුකළ යුතු විය. ඉතිරි 1,50,000ක ගේ ඉරණම පසුව ඇතිකර ගන්නා ගිවිසුමක් මඟින් ආවරණය කිරීමට තීරණය කර තිබිණි.

සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම සක්‍රිය ලෙස ක්‍රියාත්මක වීම ඇරඹුණේ සිරිමා බණ්ඩාරනායක මහත්මිය දෙවන වර අගමැතිනියව සිටියදී 1970 දීය. ප්‍රථමයෙන් 12798 දෙනකු ඉන්දියාවට පිටත් කළ අතර පුද්ගලයන් 7316 දෙනකු ලංකා පුරවැසියන් ලෙස ලියාපදිංචි කෙරුණි. එය එතෙකින් සමාප්ත විය. 1974 නැවත සිරිමා බණ්ඩාරනායක සහ ඉන්දිරා ගාන්ධි අතර එහිදී තීරණය වූයේ මුල් ගිවිසුමට ඇතුළත් නොවූ 1,50,000ක් දෙනා 75,000 බැගින් දෙරට විසින් බෙදා ගැනීමටය. ඉහත ගිවිසුම්වලට අනුව 1977 ජූලි මාසයේදී 2,11,821ක් ඉන්දියාවට පිටත් කළ අතර 1,52,254 දෙනකුට ලංකා පුරවැසි භාවය ලබා දුන්නේය. ඉතිරි තැනැත්තන් සියල්ලෝම රටක් නැත්තවුන් ලෙස මෙහි රැඳුණෝය. ඔවුන්ට ඡන්ද බලය හෝ වෙනත් පුරවැසි අයිතීන් කිසිවක් හිමි නොවීය. මේ ගිවිසුම්වලට අනුව ඉන්දියානු පුරවැසිභාවය සඳහා ස්වේච්ඡාවෙන් ඉල්ලුම්පත් ඉදිරිපත් කරනු ඇතැයි රජය අපේක්ෂා කළේය. එහෙත් ඉන්දියාවට යැවූ පිරිස් එහිදී මුහුණ දුන් දුෂ්කරතා වාර්තා වීම නිසා එවැන්නක් සිදු වූයේ නැත.

කෙසේ වුවද 1983 කළු ජූලිය මඟින් රජයේ මැදිහත් වීමෙන් දෙමළ සංහාරයක් ඇරඹෙන විට ගිවිසුමේ කාලසීමාව අවසන් වී තිබුණේය. කෙසේ වුවද උතුර, නැඟෙනහිර යුද්ධය ආරම්භ වූ විට දෙමළ ජනයා සරණාගතයන් ලෙස ඉන්දියාවට පලායෑම ආරම්භ විය. මෙහිදී ඉන්දියානු ආණ්ඩුවේ පෙලඹවීම මත 1985 ජූලි 13 වැනිදා වර්තමාන ප්‍රශ්න අරබයා දෙරට අතර සාකච්ඡාවක් තිම්පු නුවරදී පවත්වන ලදී. ඊට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මලණුවන් වූ එච්.ඩබ්ලිව්. ජයවර්ධන සමඟ නියෝජිත පිරිසක් සහභාගි වූහ. එච්.එල්. ද සිල්වා, එස්.එල්. ගුණසේකර දෙමළ සටන්කාමීන්ගේ නියෝජිත පිරිසක්ද සහභාගි වූහ. තිම්පු සාකච්ඡාවලදී එකඟතාවට පැමිණි එකම වගන්තිය වූයේ රට තුළ සිටින සියලුම දෙමළ ජනයාට පුරවැසිභාවය හා මානව හිමිකම් සඳහා ඇති අයිතිය පිළිගැනීම පමණි.

ඉන් අනතුරුව 1986 ජනවාරි 15 ඉන්දියානු පුරවැසිභාවය ඉල්ලුම් කරන ජනයා ලියාපදිංචි කිරීම ආරම්භ කළ අතර ඒ සඳහා 5,06,000 දෙනකුගේ ඉල්ලීම් ඉදිරිපත් විය. 94,000කට ලංකාවේ පුරවාසිභාවය පිරිනැමීමට ලංකාණ්ඩුව එකඟ විය.

“ඉන්දියානු සම්භවයක් සහිත තැනැත්තන් සඳහා පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ පනත” 1986 ජනවාරි 31 පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත විය. එමඟින් රටක් නැති ජනයා පිළිබඳ ප්‍රශ්නය නෛතික වශයෙන් විසඳුණේය.

රටක් නැති ජනයාගේ ප්‍රශ්නය ලංකාව තුළ කේවල් කෙරුණේ කිසිම මානුෂික පසුබිමක නොවේ. තමන් උපන් බිමේ ජීවත් වීමේ අයිතිය ඔවුන්ට අහිමි විය. ඔවුන් ඒ වන විටත් ලංකාවේ ජාතික නිෂ්පාදනයේ වැඩිම පංගුව වෙනුවෙන් ශ්‍රමය වගුරමින් සිටි බව අමතක නොකළ යුතුය. තමන්ව ආගන්තුක රටකට පිටත්කර යවනු ලැබීමට ජනයා එකඟ කරවන ලද්දේ බලහත්කාරය පදනම් කර ගෙනය. එම ක්‍රියාදාමයේ අභ්‍යන්තර කතාව ඇමරිකාවේ වහල් ජනයා මුහුණ දුන් ඛේදවාචකයට නොදෙවැනිය. එහෙත් එහි සංවේදී පාර්ශ්වය ගැන කිසිවකු සටහන් තබා නැත. කිසිදු කලා නිර්මාණයක් බිහිවී නැත. කතා කළා නම් ඒ ඉතාමත් අඩු වෙනි. 1977, 1981, 1983 අපට දෙමළ ජනයා ගැන කෙසේ වෙතත් ඔවුන්ගේ කනකර ආභරණ, එළුවන්, කුකුළන් ගැන මතක් විය. දැන් අපි ඔවුන්ට රුපියල් 1000 දෛනික වැටුප නොදී ඉන්නට හැකිතාක් පණ්ඩිත කතා කියමින් සිටිමු.


ශි්‍රයානි අජන්තා විතාන

ගබ්සාව ඔබේ දරුවා කුස තුළ ඝාතනය කිරීමක්

ගහන්න මරන්න කොටන්න නොදී මුස්ලිම් පවුල් රැක්ක සිංහල කෙල්ල

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 අත්හිටුවයි

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී
කුරුණෑගල මුස්ලිම් වෛද්‍යවරයෙකුගේ වත්කම් ගැන සැකයක්

ලෝක කුසලාන පුහුණු තරඟයේ පළමු තරඟයෙන් පකිස්තානයට ලැජ්ජාවක් - ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයක් ලෙස පකිස්තානය ස

09:44 AM May 25 2019

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී

09:19 AM May 25 2019

ලෝක කුසලානෙට ගියපු කෝලි ගැනයි අනිත් ඉන්දියානු ක්‍රීඩකයෝ ගැනයි ටෙන්ඩුල්කාර් කියපු සැර කතාව

08:51 AM May 24 2019

ඉන්දියාවේ පෞද්ගලික පන්තියක හටගත් ගින්නකින් සිසුන් 19 මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරට් නගරයේ පෞද්ගලික උපකාරක පන්

09:42 AM May 25 2019

එංගලන්ත අගමැතිනිය ඉල්ලා අස්වේ

02:58 PM May 24 2019

ඇමරිකා එක්සත් ජනපදයට ටොනාඩෝවක්- 3ක් මරුට

12:26 PM May 24 2019

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

 මවුලවිතුමා ඔබේ පසුබිම ගැන සඳහන් කළොත්?මම සමස්ත ලංකා ඉස්ලාම

10:18 AM May 25 2019

මනුෂ්‍ය ඝාතනයකට ගන්න පිහිය රත්තරන් ද ? යකඩ ද ? බුද්ධික පතිරණගෙන් පිළිතුරක්

12:00 PM May 24 2019

මෝදිගේ ප්‍රතිපත්ති ගැන තැබූ විශ්වාසය නැවත තහවුරු වුණා

09:02 AM May 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-24
CARTOON ::: 2019-05-23
CARTOON ::: 2019-05-22

මැතිවරණ ශිෂ්ටත්වයේ ඉන්දියානු පාඩම

ඉන්දියාවේ 17 වැනි ලෝක් සභා මහ මැතිවරණය අවසන් විය. නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ. ලෝක් සභාවේ සමස්ත ආසන සංඛ්‍යාව වූ ආසන 542න් තනි පක්ෂයක් ලෙස ආසන 303ක් දිනාගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වී ඇත. අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා නරේන්ද්‍ර මෝදිට බහුතර ආසන 31ක්ම හිමිව තිබේ. භාරතීය ජනතා පක්ෂයද ඇතුළත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලබාගත් මුළු ආසන සංඛ්‍යාව 353කි. ඉන්දීය ලෝක් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව නරේන්ද්‍ර මෝදි පහසුවෙන්ම ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවනු ඇත. රාහුල් ගාන්ධිගේ ඉන්දීය ජාතික කොංග්‍රසයට දිනාගත හැකි වූයේ ආසන 52ක් පමණි. ඔවුන්ද ඒකාබද්ධව සිටින එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දිනාගත් ආසන සංඛ්‍යාව 92කට සීමා වී තිබේ. ශක්තිමත් ආණ්ඩුවක් බිහිවීම හේතුවෙන් ඉන්දීය කොටස් වෙළෙඳපොළ වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කළ බවද මාධ්‍ය වාර්තා කළේය. ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී දේශය ලෙස සැලකෙන ඉන්දියාවේ මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 900කි. ඡන්දය සඳහා තරග වැදුණු දේශපාලන පක්ෂ සංඛ්‍යාව 2,000කි. අපේක්ෂකයන් 8,000කි. ඡන්ද විමසීම් අප්‍රේල් 11 සිට 19 දක්වා දින 8ක් අදියර කිහිපයකින් පැවැත්විණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී  ලංකාවේ ජනපති, අගමැති මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක් කර තිබිණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණයේ රහස පිළිබඳව ලොව පුරා දේශපාලන විශ්ලේෂකයන් විවිධ මත ප්‍රකාශ කර තිබේ. ඒ ඉන්දියාව නවීන තාක්ෂණය ඔස්සේ වේගයෙන් සංවර්ධනය කරා ගමන් කිරීම ප්‍රබල හේතුවක් ලෙස වැඩි පිරිසක් පෙන්වා දෙති. අන්තර්ජාලය හරහා රජය සමඟ ගනුදෙනු කිරීමට අවකාශය විවර වීමත් කිසිම රජයේ නිලධාරියකුට අල්ලස් නොදී අන්තර්ජාලය හරහා රජයේ ලියකියවිලි ලබාගැනීමට පුරවැසියාට අවස්ථාව ලැබීමත් මෝදි පාලනය ජනප්‍රිය වීමට ප්‍රබල හේතුවකි. නීති විරෝධීව බදු නොගෙවා ආදායම් සඟවාගෙන සිටින ධනපතියන්ගේ මුදල් සංසරණයට එක්කිරීම සඳහා මෝදි පාලනය එරට භාවිත වූ මුදල් නෝට්ටු වර්ග කිහිපයක් අවලංගු කිරීමටද පියවර ගත්තේය. වංචා - දූෂණ සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමද ජනතා පක්ෂයේ ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය ඉහළ යෑමට හේතු විය. ඒ සියල්ලටමත් වඩා නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයේ රැල්ල ඉහළ නැඟීමට ආසන්නතම හේතුව වූයේ පාකිස්තාන් දේශසීමාව උල්ලංඝනය කරමින් පාකිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කළ ගුවන් නියමු අභිනන්දන් වර්තමාන් විසින් ඇති කළ සමාජ බලපෑමය. අභිනන්දන් යළි නිරුපද්‍රිතව ඉන්දියාවට පැමිණීම ඉක්මනින් සංවේදී වන ඉන්දියානුවන් තුළ මහත් උන්මාදයක් ජනිත කළේය. ඔහු ජාතික වීරයකු වූ අතර නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට එහි අස්වැන්න නෙළාගත හැකි වූයේය. මෙවර ඉන්දීය මැතිවරණයෙන් ශ්‍රී  ලංකාවේ අපට ඉගෙන ගන්නට බොහෝ පාඩම් තිබේ. එතෙක් පැවැති මැතිවරණ සම්ප්‍රදායන් පිටුදකින්නට ඉන්දීය ආණ්ඩුව සමත් වී ඇත. මැතිවරණ ව්‍යාපාරය තුළ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිත නොකිරීමට පොදු එකඟතාවක් ඇති කරගෙන තිබූ අතර එය සාර්ථක වී තිබිණි. ඉන්දියාව තරම් දේශපාලන නායකයන්ගේ අහස උසට කටවුට් ගසන රටක් ලොවෙත් නැත. එහෙත් මෙවර මැතිවරණයේදී පෝස්ටර් හෝ දැන්වීම් පුවරු දක්නට නොතිබූ අතර කිසිදු වාහනයක අපේක්ෂකයන්ගේ දැන්වීම් දක්නට නොවීය. මහාමාර්ග මත ඡන්ද අපේක්ෂකයන්ගේ අංක හෝ ලකුණු සිතුවම් කර නොතිබීමද මෙවර දකින්නට තිබූ විශේෂත්වයකි. එසේම මැතිවරණ වකවානුවේ නියත ලෙස වාර්තා වන ගැටුම් හා මරණද මෙවර අවම වූයේය. ඉන්දියාවට සෑම විෂයයක් සඳහාම ජාතික ප්‍රතිපත්තියක් හා දැක්මක් තිබේ. ඉන්දියාව පුරා ප්‍රදර්ශනය වන මහත්මා ගාන්ධිගේ රූපයෙන් සංකේතවත් වන්නේ එම ඉන්දියානු පිළිවෙතය. ආණ්ඩු මාරු වනු ඇත. එහෙත් ඉන්දියාව ඉදිරියට ගමන් කරන්නේ එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේය. අපේ අසල්වැසි යෝධයා අභිමානවත් ශිෂ්ටාචාරයක් කරා වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර අපේ නායකයෝ සකලවිධ දුර්ගුණයන් වැලඳ ගනිමින් රටත් ජනතාවත් පරිහානිය කරා ගෙන යමින් සිටිති.
වීඩියෝ