31

කොළඹ

වාජීකරණය අස්සේ මත් පෙති පැතිරේ

පාරදිගේ

ඔහු ආරක්ෂක අංශයේ සේවයේ නිරත වූවෙක්. එතරම් වයසක් නොවූවත් දැනටම ඔහුගේ සේවා කාලය වසර පහළොවකට වැඩිය. රජයේ ආරක්ෂක අංශය තුළ කිසියම් වගකිවයුතු තනතුරක් දරන්නකු වන ඔහුට තමන් යටතේ සේවය කරන්නකුගේ යම් වෙනසත් පෙනෙයි. කලක් ඉතා වගකීමෙන් රාජකාරි කළ ඔහු දැන් ඒ පිළිබඳ කිසිදු උනන්දුවක් හෝ කැපවීමක් නැත.

වෙනස ඇත්තේ මානසිකව පමණක් නොවේ. එය ඉතා ප්‍රබල ලෙස ශාරීරිකව ද බලන අත ශරීරය ඉතා කෙටි කලකදී දුර්වලව ගොස් ඇත. අද ඉතා සුළු දෙයටත් වෙහෙසට පත්වන කලකට පෙර ඉතා ශක්තිමත් හා ක්‍රියාශීලී පුද්ගලයකු වූ මෙම තරුණ නිලධාරියා ඉතා වේගයෙන් බර අඩුවී දුර්වල පෙනුමැත්තකු බවට පත්ව ඇත. කොටින්ම මේ පුද්ගලයා සපුරාම වෙනස් පුද්ගලයෙකි. ඔහුගේ තත්ත්වය දකින පෙර කී නිලධාරියා ඔහුව පසෙකට ගනී.

ක්‍රමයෙන්ම කථාව දිගහැරේ. මේ ප්‍රේමයක ප්‍රතිඵලයකි. එහෙත් අමරදේවයන් කී පරිදි නොකා නොබී දුක් වින්ද අතීතය සිහිපත් කරවන විරහව මත ගොඩනැඟුණු විප්‍රලම්භ ශෘංගාරයේ ප්‍රතිඵලයක් නොව උත්කර්ෂයට ගිය ප්‍රේමයේ ඵලයකි. අවිවාහක මේ නිලධාරියාට වයස විසිතුනක් වන විට අගනුවර ආශ්‍රිතව සේවයට පැමිණ කෙටි කලකින්ම ගෙන්දගම් පොළොවේ ආනුභාවය හා ආනිශංසයේ මහිමයෙන් රති කෙළියට පිටියක් ලැබී ඇත. වාසනාවකට හෝ අවාසනාවකට මෙම ඉනිම ක්‍රීඩා කිරීමට ලැබී ඇත්තේ පළපුරුදු ක්‍රීඩිකාවකි. නවක ක්‍රීඩකයා ඉදිරියේ අති ප්‍රබල අභියෝගයකි.

එනම් ලකුණු අතර රැඳී සිටිමින් නොදැවී කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩා කළ යුතුය. එසේ නොවුවහොත් ඔහු ප්‍රේක්ෂකාගාරයෙනුත් ඔබ්බට විසිවී ක්‍රීඩාවෙන් සමු ගැනීමට සිදුවන ඇත. එනිසා ක්‍රීඩාවේ බලය ජවය හා ශක්තිය වෙනුවෙන් හෙතෙම උත්තේජක හෝ භාවිත කර ජවය උපදවා ගැනීමට සිදුවේ. මේ වර්තමානයේ විවිධාකාර ලිංගික දුබලතා හා සම්බන්ධ ඔෟෂධ වෙළෙඳපොළේ මූලික පසුබිමයි. සැබැවින්ම මෙරට විවිධාකාර ලිංගික දුබලතා සහිත පුද්ගලයන් පිළිබඳ දැක්වීමට නිශ්චිත සංඛ්‍යා ලේඛන කිසිදු පුද්ගලයකු හෝ ආයතනයක් සතුව නොමැති සේම කිසිදු කලෙක ඒ පිළිබඳ නිවැරදි දත්ත රැස් කිරීමට කිසිවකුටත් අවස්ථාවක් නොලැබෙනු ඇත්තේ “මට අහවල් ලෙඩේ තිබෙනවා” යයි හෙළි කිරීමට තරම් බොහෝ දෙනා ඉදිරිපත්වන තත්ත්වයක් අප සංස්කෘතිය තුළ නොපවතින හෙයිනි.

මේ වනවිටත් මෙරට ලිංගික ගැටලු පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුවී නැත. ඉහත තත්ත්වය තුළම වන අතර විශේෂයෙන්ම සමාජ රෝග වැනි තත්ත්වයකදී රෝග ලක්ෂණ ඔඩුදිවීමෙන් පසු හෝ පිළිගත් වෛද්‍යවරයකු වෙත යෑමට රෝගීන් පෙලඹුණද නැත. ඉන් මෙපිට මේ ගැටලුවලට වෛද්‍යවරයකු වෙත යෑම මෙරට සමාජය අනුව සලකන්නේ විළි ලැජ්ජාවට පාත්‍ර වීමක් වශයෙනි. විශේෂයෙන්ම එසේ වෛද්‍යවරයකු වෙත යෑමට බිය මුසු ලැජ්ජාව ඇති ‘රෝග‘ අතරින් ප්‍රධානය.

එමෙන්ම ලිංගික හැකියාව උපදවා ගැනීමට සමත් ඔසුවක් ඇතිනම් ඇතැම් ‘රෝගීන්ට’ එය දිව ඔසුවක් වනු ඇත. කොහොමත් මෙරට ඇති ඔෟෂධවලින් බොහොමයකට වෛද්‍ය නිර්දේශයක් අවශ්‍යය. නමුත් හිසරදයට ගන්න පැරසිටමෝල් වර්ගයේ පෙත්තකට එය අවශ්‍ය නැත. එමෙන්ම හිසරදයටත් එහා ගිය මේ හිතරදය සමඟ ගතයුතු ඔසු සොයා බැලීමට ඉඩකඩ ඕනෑ තරම් ඇත.

කොහොමටත් මෙය ව්‍යාපාරිකි ඒ තුළ ඇත්තේ යම් අහිංසක හොරකමක් මෙන්ම යම් උතුම් මෙහෙවරක්ද විය හැකිය. කොහොමත් මේ මානසික ප්‍රතිකාරයක්ද විය හැකිය. නමුත් සියලු ප්‍රතිකාර එසේ අහිංසක මානසික ප්‍රතිකාර නොවීම ගැටලුවකි. ලිංගේන්ද්‍රියේ ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නය ඉන් ප්‍රධානය. මෙයට පිළිගත් වෛද්‍යවරයකුගෙන් බොහෝ විට ලැබෙන පිළිතුර වන්නේ මෙබඳු ගැටලුවක් රෝගයක් නොවන බවත් එය මතු වන්නේම තවත් පුද්ගලයකු සමඟ සංසන්දනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බවය.

එහෙත් මෙබඳු පිළිතුරක් රෝගියකුගේ සිත අස්වසාලීමට කිසිසේත් නොසෑහේ. මීට පිළිතුරු බටහිර හෝ දේශීය වෙළෙඳසල්වල විවිධ මුහුණුවරයන්ගෙන් ඉදිරිපත් වේ. මේවා ගුළි කල්ක, ආලේපන සිට පෙති හා ස්ප්‍රේ වර්ග දක්වා වෙනස් පරාසයන්ගෙන් හමුවේ.  අන්තර්ජාලය පුවත්පත් ආදී ඕනෑම මාධ්‍යයක මෙම පිළිතුර ඇති අතර එවැනි  තමන් විසින් ලබාගෙන පිළිතුර දක්වන්නේ වැඩිවන අඟල් ගණන හා වැඩිපුර වැඩෙන කාල පරාසය පැය ගණන් ලෙස සංඛ්‍යාත්මකව දක්වමිනි.

කොහොමටත් ලිංගිකත්වය ස්වාභාවික ක්‍රියාවලියකි. එහි කුණුහරුපයක් හෝ අමු අරුමයක් නැත. නමුත් මෙම ක්‍රියාවලියම මිනිසා ශිෂ්ටාචාරගත වීම යැයි කියන තත්ත්වයට පත්වීමෙන් පසු තම බලය හා ජවය දැක්වීමේ ශක්ති ප්‍රවාහයක් ලෙස භාවිත කිරීමෙන් මේ වාජීකරණය ඇරඹේ. කොහොමටත් පැරණි දේශීය හා ආයුර්වේද වෙදකම්වල වාජීකරණ ක්‍රම අතර ඒවා තමන් තුළ පවතින ශක්තිය මතුකර ගන්නා සිරුරට හානිකර නොවන ස්වාභාවික සත්කාරයන් වන අතර, නූතනයේ එය කාබයිට් ගසා පලතුරු ඉදවීමට මෙන්ම තවත් විකෘතියක් බවට පත්ව ඇත.

කෙසේ වෙතත් මෙම බෙහෙත් හදන ක්‍රමය හරි අපූරුය. බොහෝවිට ස්වාභාවික හා ආයුර්වේද ප්‍රතිකාර ලෙස ඉදිරිපත් කිරීම පහසු වන්නේ එය අඩු තාක්ෂණික තත්ත්වයන් යටතේ තැනිය හැකි බැවිනි. අවශ්‍ය ද්‍රව්‍ය ඉතා පහසුය. ජින්සෙන් රටඉඳි, මී පැණි, හාතාවාරිය වැල්පෙනෙල මෙකී නොකී ඔෟෂධ වර්ග ලැයිස්තුවෙන් තමන්ට පහසුවෙන් සපයාගත හැකි ද්‍රව්‍ය මුලින්ම රැස්කර ගැනේ. එහිදී ජින්සෙන් වැන්නක් ලේසියෙන්ම හැලීයෑමේ ඉරණමට ලක්වුවත් එය ඔෟෂධය ගැන දැක්වීමේදී ඉදිරිපත් කිරීමට හැකිනම් රෝගී ජනතාවගේ ඉමහත් ප්‍රතිචාරයක් මෙන්ම බලාපොරොත්තු සහගත නෙත් ඒ වෙත යොමුකර ගත හැකිය. ඉන්පසු තැපැල් පෙට්ටියක් වෙන්කරගෙන පුවත්පත් දැන්වීම් මඟින් රෝගී ජනතාව සුවපත් කර මුසපත් කිරීමේ සත්කාර්යය ඇරඹිය හැකිය.

කෙසේ වෙතත් වර්තමානයේ මේ කටයුත්තට පහසු වී ඇත්තේ අන්තර්ජාලය හරහාය. පුවත්පත් දැන්වීම් ... ඕනෑතරම් අන්තර්ජාලයේ ක්‍රම ඇත. අතීතයේ තැපැල් පෙට්ටියක් වෙනුවට දැන් නිවෙසටම පැමිණ කුරියර් පහසුකම මඟින් මෙම මහඟු ඔසු රෝගියාගේ සුරතටම තිළිණ කරවීමට තරම් වෙදැදුරන් කාරුණික වී සිටී. මෙම ක්‍රමය ඉතා පහසුය. නිවෙසටම බෙහෙත වඩී. එමෙන්ම ලැජ්ජා බය දෙකද මනාව සුරැකේ. වෛද්‍යවරයා ඉදිරිපිට ඇඳිවත පහත් කළ යුතු නොවේ. අවශ්‍ය වන්නේ තමාට ඇති රෝගය තමාම නිශ්චය කර ගැනීම හා අවශ්‍ය මුදල තිබීමය. බෙහෙත ලබා ගැනීමේදී උපරිම රහස්‍යභාවය රැකගැනීම වැදගත් නිසා ඇතැම් විටෙක මේ පාර්සලය ලැබෙන්නේ තම නියම පදිංචි ලිපිනයට නොවිය හැකිය. ගෙදර අය පවා මෙබඳු පාර්සලයක් දැකීම රෝගියාව ලොවට හෙළිදරව් වීමකි.

මේ පහළ මට්ටමේ රෝගීන්ගේ ප්‍රතිකාර විධි ක්‍රම වුවද ඉහළ සමාජ හා ආර්ථික මට්ටමක සිටින ‘රෝගීන්ගේ’ තත්ත්වය මීට වෙනස්ය. ඔවුන් බොහෝ විට විශ්වාසය තබන්නේ විදේශයෙන් ආනයනය කරනු ලබන සුපිරිතම බෙහෙත් වර්ග පිළිබඳවය. එබඳු බෙහෙත් වර්ගවල නම් ලැයිස්තුවක්ම පවතින අතර මේවා ඉහළ සමාජ ස්ථරයේ බොහෝ දෙනා අතර ඉතා විවෘත කතිකාවන්ට බඳුන් වූ ඒවාය.

විශේෂයෙන්ම ඉහළ මෙම සමාජ ව්‍යුහය තුළ නිලය, ධනය හා බලය සමඟ නිරායාසයෙන්ම තමන් වෙතට ගලාගෙන එන ලිංගකත්වය කළමනාකරණය කර ගැනීමට නම් එම ශක්තිය උපදවාගත හැකි ක්‍රමවේදයන් ඉතා අත්‍යවශ්‍යය. කොහොමටත් වාජීකරණයන් යන සංකල්පය පහළ වන්නේම මෙම සමාජ තළයට අයත් වූ රජවරුන් හා සිටුවරුන් ඇසුරිනි. තම අන්ත--පුරය නඩත්තු කරගෙන යෑමට රජුට තම සාමාන්‍ය බලය අසාමාන්‍ය කර ගැනීමේ සුපිරි රහස් හා ක්‍රමවේදයක් අවශ්‍ය වන්නට ඇත. රජුට සිය අවශ්‍යතා ඇතුවා හෝ නැතුවා හෝ අන්ත--පුරයක් තබා ගැනීම යනු පිරිමිකමේ සංකේතයකි. ගමේ ආරච්චිලට අතීතයේ කොටු පැනීමට නිල බලයෙන්ම හැකියාව තිබිණි.

කොහොමටත් ලිංගිකත්වය යනු බලයේ සංකේතයකි. එම බලය අහිමි වූවන් එය කෙසේ හෝ ලබාගත යුතුය. එය සෘජුව වක්‍ර ක්‍රමවලින් ලොවට ප්‍රකාශ කිරීම හා ප්‍රදර්ශනය කිරීම මඟින් තම සමාජ බලය තහවුරු කරගත යුතුය. මේ තහවුරුව නිර්මාණය කර ගැනීමට විවිධ බලගතු ඔසුවල පිහිට පැතූ ප්‍රභූ පිරිස් හා වරියන්ට සිදුවූ බව කියන ඇතැම් සිදුවීම්වල ඇත්ත නැත්ත අප නොදන්නා නමුදු මෙරට ජනතාවගේ ජනශ්‍රැතිය තුළ උපහාසය මෙන්ම තමන්ට නැති ඔවුන්ට ඇති ඒ සැප පිළිබඳ ඊර්ෂ්‍යාව මුසු හැඟීමකින් යුක්තව නිමවූ රස කතා අදටත් ජීවමානය.

කොහොමටත් ආතල් කැඩීම පාපකර්මයකි. ඒ නිසා මෙම ඔෟෂධ භාවිත කර යම් වින්දනයක් ලබාගැනීමට අවශ්‍ය ජවය ජනිත කර ගැනීම වරදක් නොවේ. කෙසේ වෙතත් එහි අතුරු ආබාධ ගැනද සිතිය යුතුය. විශේෂයෙන්ම නිසි රෝග නිශ්චයකින් තොරව මෙන්ම මේ රෝගය ඇතැයි යන උපකල්පනය මත පමණක් පදනම්ව සිදු කෙරෙන මේ ඊනියා ප්‍රතිකාර මඟින් සිදුවන එක් දෙයක් වන්නේ ශරීරයේ රුධිර ගමනාගමනය වේගවත් කිරීමයි. ලිංගික උත්ප්‍රේරණය යනු රුධිර සංසරණය හා බැඳී පවතින්නක් නිසා එය වේගවත් කළ යුතුය.

එහෙත් මේ වේගවත් කිරීම මඟින් ලිංගික උතතේජනය පමණක් නොව රුධිර පීඩනය හා හෘදයාබාධ තත්ත්වයන්ද උත්ප්‍රේරණය විය හැකිය. මෙහි අවසාන ප්‍රතිඵලය මරණය විය හැකිය. මහගම සේකරයන් කී පරිදි රමණය හා මරණය එකිනෙකට සමගත කරමින් රමණය අතරතුරම මරණය ළඟා කරගත්තාවුන්ද නැතුවා නොවේ. මීට හේතුව සැබවින්ම නැති ලෙඩක් වෙනුවෙන් බෙහෙත් ගැනීමයි. තමන්ට ඇති ලිංගික ශක්තිය පිළිබඳව තෘප්තිමත් නොවී වඩාත් ඉහළ බලයක් ලබාගැනීමට මෙම ඔෟෂධ භාවිත කිරීම ඔවුන් සිදුකර තිබේ. 

මීට අමතරව මුලදී කී ආරක්ෂක අංශ නිලධාරියාට මෙන්ම මුලින් ලැබෙන ශක්තිය වෙනුවට පසුව ඇතිවන ශක්තිය දුබල තත්ත්වයට පත්වීමේ අවසාන ප්‍රතිඵලය ලෙස අවසානයේ ලිංගිකත්වය පමණක් නොව සාමාන්‍ය කායික ශක්තියද පිරිහී ගිය පුද්ගලයකු බවට පත්වීමට ඉඩ ඇත. එමෙන්ම මෙම ලිංගික උත්තේජකවලට හුරුවූවකුට එම බෙහෙත් භාවිතයෙන් තොරව ඊට පෙර පැවති සාමාන්‍ය ලිංගික ශක්තිය හෝ නැතිව ගොස් එම ඔෟෂධවලට වහලකු වීමට ඉඩකඩ විවර වේ.

ඇතැම් ලිංගික උත්තේජක ක්‍රියාත්මක වන්නේ ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය ඉක්මවා ගොස් අධි ක්‍රියාකාරිත්වයක් ගොඩනැඟෙන අයුරිනි. බොහෝ විට මේ ඔෟෂධ සමඟ මත්පෙති හෝ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේදී ඒවායේ රසායනිකයන් එකිනෙක ප්‍රතික්‍රියා කරමින් ඉතා භයානක ලෙස ශරීරයේ අභ්‍යන්තරය හා බාහිරින් ඒ වෙනස්කම් අහිතකර ලෙස පෙළගැසේ.

ඕනෑම රෝගියකුට ඊට අදාළ ඔෟෂධය ලබා ගැනීමට අයිතියක් ඇත. එය ලොව පිළිගත් මූලික මූලධර්මයකි. එහෙත් ඒ අයිතිය තුළම එක් පසෙකින් මුදල් පමණක් අරමුණු කර ගනිමින් ජීවිතය අවදනෙමේ තබමින් බේත් වෙළෙන්දන් පිරිසක් නඩත්තු කරමින් සිටිති. අනෙක් පැත්තෙන් තම ජීවිතයේ සතුට උත්කර්ෂයට නංවාගැනීමට අවශ්‍ය ශක්තිය නොමැති වීම නිසා පීඩාවට පත්ව සිටින පිරිසකුත් අතර ගනුදෙනුවේ අවසාන ප්‍රතිඵලය රමණීය නිමේෂයක් වෙනුවට මරණීය නිමේෂයකි. එහි ප්‍රතිඵලය වෙනස් කිරීමට කටයුතු කළ යුතුය.

කෙසේ වෙතත් මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භක නිමේෂයේ සිටම ලිංගිකත්වය කෙරෙහි මිනිසා තුළ වූ අසීමිත කුතුහලයත් ඒ පිළිබඳව වූ නොසන්සඳෙන පිපාසයත් පවතින තාක් කල් විවිධ වෙළෙඳනාම හා ඔෟෂධ නාම යටතේ පෙළ ගැසී වඩාත් වැඩි සුඛ විහරණයක් වෙනුවෙන් මිනිසා වෙහෙසෙන තාක්කල් මේ ගැටලුව නොවිසඳෙනු ඇත. වෙනත් අයුරකින් කිවහොත් මිනිසා තම ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය කරගෙන යන තාක්කල් සුඛාන්තයක් බලාපොරොත්තුවෙන් සිහින දැක අරධා ඛේදාන්තයක් වීම පිළිබඳව අනුවේදනීය පුවත් හිඟ නොවනු ඇත.


වගීෂ කරුණානායක


ගබ්සාව ඔබේ දරුවා කුස තුළ ඝාතනය කිරීමක්

ගහන්න මරන්න කොටන්න නොදී මුස්ලිම් පවුල් රැක්ක සිංහල කෙල්ල

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 අත්හිටුවයි

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී
කුරුණෑගල මුස්ලිම් වෛද්‍යවරයෙකුගේ වත්කම් ගැන සැකයක්

ලෝක කුසලාන පුහුණු තරඟයේ පළමු තරඟයෙන් පකිස්තානයට ලැජ්ජාවක් - ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයක් ලෙස පකිස්තානය ස

09:44 AM May 25 2019

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී

09:19 AM May 25 2019

ලෝක කුසලානෙට ගියපු කෝලි ගැනයි අනිත් ඉන්දියානු ක්‍රීඩකයෝ ගැනයි ටෙන්ඩුල්කාර් කියපු සැර කතාව

08:51 AM May 24 2019

ඉන්දියාවේ පෞද්ගලික පන්තියක හටගත් ගින්නකින් සිසුන් 19 මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරට් නගරයේ පෞද්ගලික උපකාරක පන්

09:42 AM May 25 2019

එංගලන්ත අගමැතිනිය ඉල්ලා අස්වේ

02:58 PM May 24 2019

ඇමරිකා එක්සත් ජනපදයට ටොනාඩෝවක්- 3ක් මරුට

12:26 PM May 24 2019

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

 මවුලවිතුමා ඔබේ පසුබිම ගැන සඳහන් කළොත්?මම සමස්ත ලංකා ඉස්ලාම

10:18 AM May 25 2019

මනුෂ්‍ය ඝාතනයකට ගන්න පිහිය රත්තරන් ද ? යකඩ ද ? බුද්ධික පතිරණගෙන් පිළිතුරක්

12:00 PM May 24 2019

මෝදිගේ ප්‍රතිපත්ති ගැන තැබූ විශ්වාසය නැවත තහවුරු වුණා

09:02 AM May 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-24
CARTOON ::: 2019-05-23
CARTOON ::: 2019-05-22

මැතිවරණ ශිෂ්ටත්වයේ ඉන්දියානු පාඩම

ඉන්දියාවේ 17 වැනි ලෝක් සභා මහ මැතිවරණය අවසන් විය. නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ. ලෝක් සභාවේ සමස්ත ආසන සංඛ්‍යාව වූ ආසන 542න් තනි පක්ෂයක් ලෙස ආසන 303ක් දිනාගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වී ඇත. අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා නරේන්ද්‍ර මෝදිට බහුතර ආසන 31ක්ම හිමිව තිබේ. භාරතීය ජනතා පක්ෂයද ඇතුළත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලබාගත් මුළු ආසන සංඛ්‍යාව 353කි. ඉන්දීය ලෝක් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව නරේන්ද්‍ර මෝදි පහසුවෙන්ම ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවනු ඇත. රාහුල් ගාන්ධිගේ ඉන්දීය ජාතික කොංග්‍රසයට දිනාගත හැකි වූයේ ආසන 52ක් පමණි. ඔවුන්ද ඒකාබද්ධව සිටින එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දිනාගත් ආසන සංඛ්‍යාව 92කට සීමා වී තිබේ. ශක්තිමත් ආණ්ඩුවක් බිහිවීම හේතුවෙන් ඉන්දීය කොටස් වෙළෙඳපොළ වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කළ බවද මාධ්‍ය වාර්තා කළේය. ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී දේශය ලෙස සැලකෙන ඉන්දියාවේ මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 900කි. ඡන්දය සඳහා තරග වැදුණු දේශපාලන පක්ෂ සංඛ්‍යාව 2,000කි. අපේක්ෂකයන් 8,000කි. ඡන්ද විමසීම් අප්‍රේල් 11 සිට 19 දක්වා දින 8ක් අදියර කිහිපයකින් පැවැත්විණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී  ලංකාවේ ජනපති, අගමැති මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක් කර තිබිණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණයේ රහස පිළිබඳව ලොව පුරා දේශපාලන විශ්ලේෂකයන් විවිධ මත ප්‍රකාශ කර තිබේ. ඒ ඉන්දියාව නවීන තාක්ෂණය ඔස්සේ වේගයෙන් සංවර්ධනය කරා ගමන් කිරීම ප්‍රබල හේතුවක් ලෙස වැඩි පිරිසක් පෙන්වා දෙති. අන්තර්ජාලය හරහා රජය සමඟ ගනුදෙනු කිරීමට අවකාශය විවර වීමත් කිසිම රජයේ නිලධාරියකුට අල්ලස් නොදී අන්තර්ජාලය හරහා රජයේ ලියකියවිලි ලබාගැනීමට පුරවැසියාට අවස්ථාව ලැබීමත් මෝදි පාලනය ජනප්‍රිය වීමට ප්‍රබල හේතුවකි. නීති විරෝධීව බදු නොගෙවා ආදායම් සඟවාගෙන සිටින ධනපතියන්ගේ මුදල් සංසරණයට එක්කිරීම සඳහා මෝදි පාලනය එරට භාවිත වූ මුදල් නෝට්ටු වර්ග කිහිපයක් අවලංගු කිරීමටද පියවර ගත්තේය. වංචා - දූෂණ සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමද ජනතා පක්ෂයේ ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය ඉහළ යෑමට හේතු විය. ඒ සියල්ලටමත් වඩා නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයේ රැල්ල ඉහළ නැඟීමට ආසන්නතම හේතුව වූයේ පාකිස්තාන් දේශසීමාව උල්ලංඝනය කරමින් පාකිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කළ ගුවන් නියමු අභිනන්දන් වර්තමාන් විසින් ඇති කළ සමාජ බලපෑමය. අභිනන්දන් යළි නිරුපද්‍රිතව ඉන්දියාවට පැමිණීම ඉක්මනින් සංවේදී වන ඉන්දියානුවන් තුළ මහත් උන්මාදයක් ජනිත කළේය. ඔහු ජාතික වීරයකු වූ අතර නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට එහි අස්වැන්න නෙළාගත හැකි වූයේය. මෙවර ඉන්දීය මැතිවරණයෙන් ශ්‍රී  ලංකාවේ අපට ඉගෙන ගන්නට බොහෝ පාඩම් තිබේ. එතෙක් පැවැති මැතිවරණ සම්ප්‍රදායන් පිටුදකින්නට ඉන්දීය ආණ්ඩුව සමත් වී ඇත. මැතිවරණ ව්‍යාපාරය තුළ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිත නොකිරීමට පොදු එකඟතාවක් ඇති කරගෙන තිබූ අතර එය සාර්ථක වී තිබිණි. ඉන්දියාව තරම් දේශපාලන නායකයන්ගේ අහස උසට කටවුට් ගසන රටක් ලොවෙත් නැත. එහෙත් මෙවර මැතිවරණයේදී පෝස්ටර් හෝ දැන්වීම් පුවරු දක්නට නොතිබූ අතර කිසිදු වාහනයක අපේක්ෂකයන්ගේ දැන්වීම් දක්නට නොවීය. මහාමාර්ග මත ඡන්ද අපේක්ෂකයන්ගේ අංක හෝ ලකුණු සිතුවම් කර නොතිබීමද මෙවර දකින්නට තිබූ විශේෂත්වයකි. එසේම මැතිවරණ වකවානුවේ නියත ලෙස වාර්තා වන ගැටුම් හා මරණද මෙවර අවම වූයේය. ඉන්දියාවට සෑම විෂයයක් සඳහාම ජාතික ප්‍රතිපත්තියක් හා දැක්මක් තිබේ. ඉන්දියාව පුරා ප්‍රදර්ශනය වන මහත්මා ගාන්ධිගේ රූපයෙන් සංකේතවත් වන්නේ එම ඉන්දියානු පිළිවෙතය. ආණ්ඩු මාරු වනු ඇත. එහෙත් ඉන්දියාව ඉදිරියට ගමන් කරන්නේ එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේය. අපේ අසල්වැසි යෝධයා අභිමානවත් ශිෂ්ටාචාරයක් කරා වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර අපේ නායකයෝ සකලවිධ දුර්ගුණයන් වැලඳ ගනිමින් රටත් ජනතාවත් පරිහානිය කරා ගෙන යමින් සිටිති.
වීඩියෝ