29

කොළඹ

ලෝකයේ ළාබාලතම ගවේෂණාත්මක පරිසර ලියන්නා සොයා මව්බිම ගිය ගමන

පාරදිගේ

සරල සුන්දර පුංචිම පුංචි පවුලක්. ඒ නිසා වෙන්නැති සමනලයන් බත්කූරන් ඔවුන්ගේ ජීවිත වටා පියාසැලුවේ. ඒ සතුන් මේ පුංචි පවුල රැගෙන ගිය දුරක මහත. එයයි වැදගත්. ඔවුන් කියන දෙය ලියා තබන්නට පමණයි මම මනාප. ඔවුන් කියාවි තමන්ගේ පුතු ලොව ළාබාලම ලියන්නා වූ හැටි.

පියාගේ මැදිහත්වීම - 

පුංචි දවස්වල ඒ කියන්නේ මෙයාට අවුරුදු 2 1/2- 3ක් වෙද්දී වත්තේ පිටියේ ඉන්න ගෙම්බෝ අල්ලගෙන ඇවිත් ඇඳ යට තියා ගන්නවා. තණකොළ ජාති ගෙනත් දෙනවා. මම අහනවා මොකද ඔය කරන්නේ කියලා. එතකොට එයා ගෙම්බෝ ගැන නොකියා කියනවා සත්තුන්ට ජීවත් වෙන්න ඔක්සිජන් ඕන කියලා. පස්සේ තමයි මම දන්නේ එය ගෙම්බෝ අල්ලගෙන ඇවිත් ඒ සතුන්ව නිරීක්ෂණය කරනවා කියලා. මම එයාට නොතේරෙන්න සත්තු ටික වත්තට අතහැරලා දානවා. එයා පුංචි කාලේ සත්තුන්ගේ පිහාටු ඇහිඳින්න ආසයි. අවුරුදු 3- 3 1/2 වෙද්දී සත්තුන්නෙ පිහාටු 100ක් විතර එකතු කරලා පුංචි ටින් එකක තැන්පත් කරගෙන තිබුණා. එයාම තමයි මට කිව්වේ සත්තුන්ට කෑමයි වතුරයි දෙන්න හට්ටි දෙකක් ලෑස්ති කරන්න කියලා. මම ඒක නොකර හිටියාම කෑ කොස්සන් ගහලා අඬන්න ගන්නවා. බිස්කට් පැකට් එකක් ගෙනත් දුන්නත් ඒකෙන් භාගයක් සත්තුන්ට. සාමාන්‍යයෙන් මෙයා අනෙක් 

ළමයින්ට වඩා වෙනස්. එදත් මම හිතුවේ එහෙම. මුලින්ම එයාට ඕන වුණා දෙහිවල සත්තුවත්ත බලන්න යන්න. අඬන්න වැලපෙන්න ගත්තා. සත්තු වත්තට එක්ක යන්න කියලා. ඒ කාලේ වයිෆ් වැඩ කළේ මුලතිව්වල. මම කාර්යබහුල කෙනෙක් වුණත් ඒ රාජකාරි පැවරුණේ ආපසු මටමයි. දෙහිවල යන්න ඕන කියලා ඇඬුවම උදේ පාන්දර බස් එකේ දෙහිවල එක්කගෙන ගියා. සත්තු වත්තට ඇතුළු වුණේ උදේ 8.15ට. 6.30 වෙනකම් සත්තු වත්තේ ඇවිද්දා. පුතා ගාව පොඩි සටහන් පොතක් තිබුණා. සත්තු වත්තේ එයා දැකපු සත්තුන්ගේ තොරතුරු හැම එකක්ම ලියා ගත්තා. ගෙදර ඇවිදින් කරන්නේ එයා දැකපු සතුන්ගේ කටු සටහනක් අඳින එක. කීප පාරක් අපි දෙහිවල ගියා. ලයිට් කණුවක හරි සතෙක් දැක්කොත් ඒ සතාව නිරීක්ෂණය කරලා ගෙදර ඇවිදින් අඳිනවාමයි. ඔය විදියට සත්තු 200ක විතර කටු සටහන් ගොඩක් පුතා ගාව තිබුණා. 

මවගේ මැදිහත්වීම - 

පුතා පුංචි කාලේ ඉඳලම කියවනවා. රෑ එළිවෙනකම් කියවන්න ලැබුණොත් ඒකත් කරාවි. ඒ නිසා අපි බය වුණා. කියවන්න එපා කියලා කිව්වේ නැති වුණත් මවුපියන් හැටියට ඒකට පුංචි පුංචි බාධා ඇති කළා. ඊට පස්සේ එයා ඇඳ යට රිංගලා කියවන්න ගත්තා. කොට්ට උර අස්සේ පොත් හංගගෙන කියවන්න ගත්තා. පුතා ගොඩක් හැදුණේ තාත්තා එක්ක. වේයන්ගොඩ ස්ටේෂන් එකට එන අනුරාධපුර කෝච්චියේ මම නඟින්නේ මාස 6ක පොඩි අත දරුවෙක්ව තාත්තා අතේ තියලා. ඒ කාලේ හරිම පුදුමයි. හැබැයි ඒ කැප කිරීම්වලට අද අපිට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. 

පුතාගේ මැදිහත්වීම -

ඔහු සිනාසෙයි.

පියාගේ මැදිහත්වීම -

දැන් දිගටම පුතා සත්තු ගැන සටහන් ලියනවා. ඒ සටහන් විසික් කරලා දානවා. ඔය කාලේ තමයි සත්තුගේ රූප සටහන් බිත්තිවල අඳින්න ගත්තේ. මේ දවස්වල අපි මේ ගෙදර උඩ කොටසේ හිටියේ. දවසක් පල්ලෙහා ඇරලා බලද්දී අලුත් බිත්තිවල ඩයිනෝසිරස්ලා, එක එක සත්තු පාට කරලා.  එයාගේ උසට හරියන හැම තැනකම චිත්‍ර ඇඳලා. මම එතැනදී තේරුම් ගත්තා එයාට මූලික එයා දකින ලෝකය එහෙම නැත්නම් පරිසරය කියලා. පාසලේ අධ්‍යාපනය කටයුත්තකදී වෙනත් විෂයක් ගැන දෙයක් ලියන්න කිව්වොත් එයා කැරකිලා එන්නේම ඩයිනෝසරස්ලා, කුරුල්ලෝ ජාති ගාවට. ඕක මට කීප වතාවක් පාසලේ ගුරුවරුත් කිව්වා. 

පුතා හැම දවසකම අඬනවා ආයේ පාරක් දෙහිවල යන් කියලා. ඒක ප්‍රායෝගික නැහැනේ. අපේ ගෙවල් ගාව තමයි ලංකාවේ කුඩාම ජාතික වනෝද්‍යානය වන හොරගොල්ල ජාතික වනෝද්‍යානය පිහිටලා තියෙන්නේ. අක්කර 34ක භූමියක්. පුතා අඬද්දී හැම දාම දෙහිවල එක්කගෙන  යන්න බැරි හින්දා මම ඉඩ පාඩුවක් ලැබුණ හැම වෙලාවකම පුතාව අරගෙන හොරගොල්ල ජාතික වනෝද්‍යානයට ගියා. විස්කෝතු පැකට් එකක් වතුර බෝතලයක් අරගෙන තමයි උදේ 8.15 වෙද්දී වනෝද්‍යානයට යන්නේ. ආපසු එළියට එන්නේ හවස 6.30ට විතර. වනෝද්‍යානය තුළට ගියාම පුතාට මාවත් අමතකයි. එයා තනියම යන්න ගන්නවා. ආරක්ෂක නිලධාරින් කළුවර වැටෙද්දී අපිව හොයන්න ගන්නවා. ඒත් පුතා වනෝද්‍යානයෙන් එළියට එන්න බැහැ කියලා අඬනවා. මම ගෙදර ඉන්නවා නම් අපේ පවුලේ හැමෝම වගේ දන්නවා මම එදාට පුතත් එක්ක හොරගොල්ල කැලේ කියලා. එක සතියේ තුන් හතර පාර හොරගොල්ල කැලේට ගිය අවස්ථාව තිබුණා. පුතාගේ අම්මා කියනවා ඔයාලා දෙන්නාව එහේ පදිංචි කරනවා කියලා. 

මවගේ මැදිහත් වීම -

මේ දෙන්නා කොයි වෙලේත් හොරගොල්ල වනෝද්‍යානයේමයි. අක්කර 34ක් පුරා ඇවිදිනවා කියන එක ලේසි නැහැනේ. ඒ හින්දා මම බනිනවා පුතාට පයින් යන්න දෙන්න එපා කියලා. එතකොට තාත්තා කියනවා මෙයා කවමදාවත් වඩාගෙන යන්න දෙන්නේ නැහැ කියලා. පුතා පරිසරයට ආදරෙයි. ඔන්න ඔය කාලේ තමයි පුතාව පාසල් දාන්න අපි ලෑස්ති වුණේ. හැබැයි යම් යම් ගැටලු කිහිපයක් නිසා පුතාට පාසල් නැති වුණා. මම විදුහල්පතිවරු කීප දෙනෙක්ගෙන් ඉල්ලා සිටියා මගේ පුතාව පාසලට ඇතුළත් කර ගන්න කියලා. පුතාගේ තියෙන විශේෂ දක්ෂතා මම ඒ අයට පෙන්නුවා. නමුත් ඒ අය හැමෝම කිව්වේ පුංචි ළමයි කොහොමත් පුංචි කාළෙදි දක්ෂයි කියලා විතරයි. අන්තිම පුතාව වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයට එක්ක ගිහින් එහි විදුහල්පතිතුමාට කිව්වා මගේ පුතාව පෞද්ගලිකව සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන්න මම දන්නවා පුතා ඒකෙන් සමත් වෙනවා කියලා. 

පියාගේ මැදිහත්වීම-

දවසක් හොරගොල්ල කැලෙන් එළියට ඇවිල්ලා බලද්දී කැමරාව වනෝද්‍යානයේ දාලා ඇවිත්. පුතාට කැමරාවෙන් වැඩක් නැහැ. වැදගත් කැමරාව ඇතුළේ තියෙන ෆොටෝ. කණවැල අල්ලාගෙන අපි දෙන්නා කළුවරේම ආයෙත් පාරක් ගියා. ගිහිල්ලා තමයි කැමරාව හොයා ගත්තේ. සත්තු ගැන පුතා හැමෝගෙන්ම ප්‍රශ්න කරනවා. එක දවසක් හොරගොල්ලේ වනෝද්‍යානයේ වන අඩවි නිලධාරියෙක් එක්ක පුතා වාදෙට පැටලුණා. බෝඩ් එකක දාලා තිබුණා කැහිබෙල්ලෙක්ගේ රූපයක්. සතාව නම් කරලා තිබ්බේ පිලිහුඩුවා කියලා. පුතා කිව්වා ඒ සතා කැහිබෙල්ලා කියලා. දැන් එතැන ලොකු වාදයක්. පුතා සතාගේ හොට මෙහෙමයි. තටු මෙහෙමයි. කකුල් මෙහෙයි කියලා වාදය දික් ගස්සනවා. වැඩිහිටියෙක්නේ. මං පුතාව කෙනිත්තුවා. ආ ඇයි ඔයා මාව කොනිත්තන්නේ කියලා පුතා ආයේ පාරක් වාදෙට පැටලෙනවා. ආයෙ දවසක යද්දී අර නිලධාරියා ඉන්නවා. පුතා බෑග් එකේ තිබුණු සත්තු ගැන ලියැවුණා ලොකු පොතක් අරගෙන කැහිබෙල්ලයි පිලිහුඩුවයි ගැන ආයේ පාරක් වාද කරන්න ගත්තා. සමනලයෙක් දැක්කොත් එයා කියනවා මේ සමනලයාගෙන් වර්ග 4ක් ලංකාවේ ඉන්නවා. ලෝකේ 254ක් ඉන්නවා. 

ඒ සමනලයා මෙහෙමයි කියලා. සාමාන්‍යයෙන් ඇස් මානයේ දකින සත්තු අපි එක එක සත්තු විදියට නම් කළත් එයා කවදාවත් ඒක  විශ්වාස කරන්නේ  නැහැ. ඒ සතාව මුලින්ම අඳිනවා කටු සටහනක් විදියට. ඊට පස්සේ සතා ගැන තොරතුරු හොයනවා. විශේෂයෙන්ම අන්තර්ජාලයෙන්. එහෙම හොයලා බලලා අපි කිව්ව නමයි සතාගේ හැඩහුරුකමයි සමාන කරලා බලනවා. එහෙම තමයි දේවල් තේරුම් ගන්නේ. මම ඉංග්‍රීසි විෂය ගැන බාහිර කථිකාචාර්යවරයෙක්. මොනවා හරි අපැහැදිලි තැනක් සත්තු ගැන තිබුණොත් දුවගෙන එනවා. මාත් එක්ක කවුරු හිටියත් වැඩක් නැහැ. අපැහැදිලි තැන පුතාට එවෙලේම පැහැදිලි කර ගන්න ඕනෑ.  දැනට අවුරුදු 2 ක් විතර පුතා මේ වැඩේ දිගටම කළා. පුතාගේ සත්තු එකතුවේ ලංකාවේ සත්තු විතරක් නෙවෙයි පිටරට සත්තු පවා ඉන්නවා. එහෙම අපිළිවෙළ දෙයක් පිළිවෙළකට ගනිමුයි කියලා මම පුතාට යෝජනා කළා. 

දැන් පුතා ඒ වැඩේ කරන්න අරගෙන. ගිරාමලිත්තා, කොණ්ඩඋකුස්සා, මලිත්තා, බට්ටිච්චා කුරුල්ලෝ ලොකු ගාණක් පුතා ගාව හිටියා. අන්තිමට පොත ලියලා අහවර කරලා බැලුවම ඒ පොතේ ඉන්නවා හොර කැලේ ඉන්න කුරුල්ලොයි නැති කුරුල්ලොයි. මම පුතාට කිව්වා ඔයාගේ විෂයය අධ්‍යයනය හොර කැලේ එක්ක සිදු කරපු හින්දා හොර කැලේ ඉන්න සත්තු විතරයි වෙනමම ගන්න කියලා. ඒ සත්තුන්ව පුතා වර්ගීකරණය කළා. සිවුපාවුන් උරගයන්, වර්ගීකරණය කරද්දී ප්‍රශ්න ඇති වුණේ නැහැ. මාළු වර්ග වර්ගීකරණය කරද්දී කීප වතාවක් හොරගොල්ල ජාතික වනෝද්‍යානයට යන්න වුණා. එහෙ ගියාම පුතා මට කියනවා පොකුණුවල ඉන්න සත්තු දැලක් දාලා උඩට අරගෙන එයාට පෙන්වන්න කියලා. මම පුතාට කියනවා අපි දෙන්නාවම හිරේ දාවි කියලා. ඒක නම් කරන්න බැහැ කියලා. ඒක ඇහිලා එතැනට හිටිය නිලධාරියෙක් උදවු කළා. හොරකැලේ ඉන්න සත්තු අන්තිමට එයාගෙ යාළුවෝ. සත්තුන්ගේ වර්ගය, දාන බිත්තර ප්‍රමාණය, බිත්තරවලට අවශ්‍ය උෂ්ණත්වය, ඒ සතුන්ගේ විද්‍යාත්මක නාමය පවා පුතා දන්නවා.

මවගේ මැදිහත්වීම - 

ඔය කාලේ දිගටම කියවන්න ගත්තා. ඒක පිස්සුවක් වගේ. අපි බය වුණා. ඒත් පුතා කරන්නේ මොකක්ද කියන එක ගැන අපි හෙවිල්ලෙන් හිටියා විතරයි. බාධා කළේ නැහැ. දවසක් පුතාගේ පාසලේ තිබුණු පොත් ප්‍රදර්ශනයකදී පුතාට පොතක් මිලට ගන්න ඕනෑ වෙලා. පොත රුපියල් 900 ගාණක්. ඒත් තාත්තා අතේ තිබිලා තියෙන්නේ රුපියල් 600 ගාණක්. පුතාට ඒ පොත ඕනමයි කියලා අඬන්න අරගෙන. තාත්තා අර ප්‍රදර්ශන කුටිය කරපු අයට පින්සෙණ්ඩු වෙලා පොත වෙන් කරගෙන පහුවදාට මිලට ගන්න. ඒ පොත මිලට ගන්න දවසේ පුතා නැඟිට්ටේ උදේ පාන්දර 5.15ට විතර. 6.00 වෙද්දී ඇඳගෙන පාසල් යන්න ඕනෑ කියලා කෑ කොස්සන් ගහනවා. සාමාන්‍යයෙන් පුතා ගොඩක් රෑට නිදි මරාගෙන කියවන නිසා අවදි වෙන්නේ පරක්කු වෙලා. ඒ එයාගේ හැටි. ඒත් පොතක් ගන්න යන්න දවසක නම් උදේ පාන්දර නැඟිටිනවා. පොඩි දරුවා හින්දා අපි ලොකු බලපෑමක් කරන්නේ  නැහැ. එයාට එයා කැමැති දෙයක් කරන්න අපි නිදහස දීලයි තිබුණේ. 

පියාගේ මැදිහත්වීම -

පුතා පොත ලියද්දී අන්තර්ජාලය පිරික්සලා දැන ගත්තා ඇමෙරිකාවේ අවුරුදු 9 ළමයෙක් ලියපු පොතක් ගැන. ඒක චැප්ටර් බුක් එකක්. වචන 1500යි. පුතා මට කියනවා තාත්තේ ඒ අක්කගේ පොතේ වචන 1500යි. මට වඩා වයසින් වැඩියි. වයසින් අඩු මම ඒ අක්කට වඩා ගොඩක් ලියලා තියෙනවා. පුතා එහෙම කිව්වාට පස්සේ පුතා ලියපු පොත මම ටයිප් සෙටින් කළා. පොතේ චැප්ටර් 5යි. වචන 6500යි. දවසක පුතාගෙ පාසලේ විදුහල්පතිතුමා අයි.කේ. කරුණාතිලක මහත්තයා අපේ ගෙදර ආවා. ගෙදර ඇවිදින් පොත දැකලා මට කිව්වා විෂය කරුණු හොඳට තියෙන හින්දා පොත ප්‍රින්ට් කරන්න කියලා. පුතා පොත්වලට ආදරය වග මමත් දන්නවානේ. ඒ හින්දා විදුහල්පතිතුමා කිව්ව දේ ගැන මම සැලකිලිමත් වුණා. ගූගල් ආයතනය විසින් ලෝකයේ ළාබාලතම ලියන්නිය විදියට හඳුනාගෙන හිටිය ඇමෙරිකාවේ ගැහැනු දරුවට ඒ වෙන කොට වයස 9යි. පුතාට වයස අඩුයි. මේ ගැන පුතා කිව්වාම මම ඒක ලොකුවට ගත්තේ නැහැ. ආපසු පාරක් පුතාම මට කිව්වා තාත්තෙ මගේ පොත ගූගල් එකට දාමු කියලා. මම කිව්වා උත්සාහ කරමු කියලා. මම කතා කළා ටෙලිකොම් එකට.

 ඒ අය ගාව පොතක් ගූගල් එකට ඇක්සෙප්ට් කරන්නෙ කොහොම කියලා දැනුමක් නැහැ. මම ටෙලිකොම් සභාපති ගාවට පවා ගියා. ඒත් ප්‍රතිචාර නැහැ. ඒ අය කියනවා එහෙම දෙයක් කවමදාවත් ඒ අය කරලා නැහැ  කියලා. ඒ වෙලාවේ අපිට උදවු කරන්න මගේ ගෝලයෙක් වුණ සචින්ත ප්‍රියන්ත ඉදිරිපත් වුණා. එයා දැනගෙන ඉන්නවා ගූගල් සම්බන්ධයෙන් ඉන්න හැකර් කෙනෙක්ව. එයා කියලා තියෙනවා ගූගල් එකට දෙයක් ඇක්සෙප්ට් කරනවා නම් මෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් ලියන්න ඕන කියලා. අපි ලියන සොෆ්ට්වෙයාර් එක ගූගල් ආයතනය ඇක්සෙප්ට් කරන්න ඕන කියලා. අපි මුලින්ම රිපෝට් එකක් සබ්මිට් කළාට ගූගල් ආයතනය ඒ රිපෝට් එක ඇක්සෙප්ට් කළේ නැහැ. දවස් 4 තිස්සේ අපි අප් ලෝඩ් කළා. ඒ දවස්වල පාන්දර 4-5 වෙනකම් අපි වැඩ කළා. එක දවසක් උදේ පාන්දර අපි සබ්මිට් කරපු එක ගූගල් එකේ ෆෝමැට් වෙනවා යන්ග්ර්ස් රිසර්ච් කියලා. 

සචින්ත කිව්වා වැඩේ හරි වැඩේ හරි සර් කියලා. සචින්ත කිව්වේ ගූගල් එක අපේ රිපෝට් එක ඇක්සෙප්ට් කරන්න යන්නේ කියලා. දවස් 4-5ක් ගූගල් එක කාලය අරන් තිබුණා. මෙයාට ලෝකෙ ඉන්න ළාබාලම කෙනා කියලා. ඊට පස්සේ ගූගල් එක පළ කළා යං රිසර්ච් එන්වයර්මන්ට් ශ්‍රී  ලංකා කියලා. අපි ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න ගත්තා. මම සත්තුන්ගේ විද්‍යාත්මක නාමයන් දන්නේ නැහැ.  පුතා ඉන්න වෙලාවට කොපිය හදලා ඒක සබ්ලිමන්ට් කළා. ඔන්න එතකොට ගූගල් එක කියනවා මේකේ ඉංගී්‍රසි බරපතළ වැඩියි කියලා. ඇක්ටින් වොයිස් 60යි. පැසිව් වොයිස් 40 විදියට ඕන කියලා. පුතා ලියන්නේ හරිම වචන. ඒක හරියන්නේ නැහැ. 

ගූගල් එක ඒ තරමටම සොයා බැලීම් සිදු කරනවා. දවස් 2ක් යන කොට පුතා ලියපු පොත් දෙක ගූගල් එකේ දැම්මා. දැන් වැඩේ හරි. ඒත් වැඩේ ලස්සන නැහැ. පුතා කිව්වා මොඩිෆයි කරමු තාත්තේ කියලා. මොඩිෆයි කළා විතරයි පොත් දෙක වහලා දැම්මා. ඒකට හේතුව ඇඩ්මින්ඩ් පාස්වර්ඩ් පුතා විසින් වෙනස් කරපු එක. අපි බලාපොරොත්තු අතහැරියා. මෙන්න ආයේ පැය 12කට විතර පස්සේ යංගර් රිසර්ච් එන්වයිමන්ට් කියලා එනවා. ඒකෙ එක අකුරක් ඇඩ්මින් විසින් වෙනස් කළොත් මුළු රිසර්ච් එකම බ්ලොක් කරනවා. ඇමෙරිකාවේ දුව හදපු සයිට් එකට වඩා අපේ එක ලස්සනයි. මේක දැන ගෙන එක එෆ්.එම්. ආයතනයක් මැදිහත් වෙලා ඩවුන්ලෝඩ් කරන්න යද්දී ගූගල් ආයේ පාරක් අපිව බ්ලොක් කළා. පින්තූර එකක්වත් පෙන්වන්නේ නැහැ. අගෝස්තු 30 තමයි අපේ පුතා ලෝකයේ ළාබාලම ලියන්නා කියලා ගූගල් එක අපට දැන්වූවේ.

මවගේ මැදිහත්වීම - 

පුතාගේ දැනුම ගැන මට පුදුමයක් නැහැ. ඒත් මට බයක් තියෙන්නේ, මොකද පුතා මේ මඟ දිගේ ඉස්සරහට ගියොත් කොහෙන් නතර වෙයිද කියලා කියන්න බැහැ. මේ වගේ දැනුමක් වැරැදි පාරක ගියොත් කවදාවත් ඒක නිවැරැදි කර ගන්න බැරි වේවි. ඒ නිසා අපි හැම වෙලේම පුතා ගැන අවධානයෙන්  ඉන්නේ. 

පුතාගේ මැදිහත් වීම - 

ඔහු සිනාසෙයි. කිසිවක් නොකියයි. කියැවීමටම තැත දරයි. 


කතාව පින්තූර - ප්‍රභාත් අත්තනායක 

විශේෂ ස්තුතිය - වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ජයග්‍රාහී ආරියරත්න මහතාට  


ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි ආරම්බ වන ලකුණු

භුතයෙක්ගේ ගැටී පාසැල් බස් රථය අනතුරේ - දරුවන් 11ක් රෝහලේ

ඇපල් අද කරන්න යන විශේෂ වැඩේ

බැඳුම්කර වංචාවට ඇලෝසියස් අත්අඩංගුවට

සෞඛ්‍ය සේවා අඩපන වෙන ලකුණු - හෙද නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
හිටපු මහබැංකු නි.අධිපති පී.සමරසිරි ඇතුළු 4ක් අත්අඩංගුවට

මාලිංග සෙල්ලම් කරන අවසන් ජාත්‍යන්තර තරඟය ගැන හෙළිකරයි

2020 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20

08:57 AM Mar 25 2019

වැස්සට දියවුණු ලංකාවේ හීන

08:17 AM Mar 25 2019

වැරදි වැඩ කරලා ආයේ ආපු වෝනර්ත් පරාදයි, පොඩි කට්ටියට මුම්බායි පරාදයි

07:55 AM Mar 25 2019

ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි ආරම්බ වන ලකුණු

පලස්තීන හමුදා ගාසා තීරය ඔස්සේ  ඊශ්‍රායලය දක්වා එල්ල කරන

02:45 PM Mar 25 2019

තායිලන්ත මැතිවරණයෙන් මිලිටරි හිතවාදී පක්ෂයක් ඉදිරියට

10:56 AM Mar 25 2019

ට්‍රම්ප් නිර්දෝෂයි - මියුලර් වාර්තාවෙන් හෙළිවේ

09:18 AM Mar 25 2019

ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ගයන්ත කී කතාව

එක්සත් ජාතික පක්ෂයේ  ඉදිරි ජනාධපතිවරණ අපෙක්ෂකයා පිළිබඳව

01:52 PM Mar 25 2019

මෛත්‍රි expire වේගෙන යන්නේ. expire වුණ දේවල් කෑවොත් බඩේ අමාරැව හැදෙනවා ඒ නිසා expire භාණ්ඩ අලෙවියෙන් අයින්කරන්න ඕනේ

10:39 AM Mar 25 2019

එජාපයවත් පොහොට්ටුවවත් ජනාධිපති අපේක්ෂකයාව තීරණය කරලා නැහැ.

08:53 AM Mar 25 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-03-22
CARTOON ::: 2019-03-21
CARTOON ::: 2019-03-20

විල්පත්තු ප්‍රශ්නය

ජගත් වනාන්තර දිනය ලෙස ‘මාර්තු 21’ නම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි. මේ දිනය නිමිත්තෙන් පොළොන්නරුව අරලගංවිල වෙහෙරගල විද්‍යාලයේ පැවැති උත්සවයට සහභාගි වූ පරිසර ඇමැතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබුණේ  ලංකාව තුළ වාර්ෂිකව සිදුවන වන විනාශයට අනුව දැනට තිබෙන වනාන්තර ටික හෝ රැක නොගතහොත් තව අවුරුදු 15කින් පමණ රට කාන්තාරයක් වනු ඇති බවය. යුද්ධය පැවැති කාලයේ උතුරේ වනාන්තර ටික ප්‍රභාකරන් රැකගත්තද දූෂිත දේශපාලනඥයන්, ඇතැම් රජයේ නිලධාරීන් හා දැව ජාවාරම්කාරයන් හා නීති විරෝධීව වැඩ කරන ව්‍යාපාරිකයන් එකතුවී දකුණේ වනාන්තර ටික විනාශ කළ අතර ඉතුරු වී තිබෙන සියයට 28ක වනාන්තරවලින් 20ක් පමණ උතුරේ තිබෙන්නේ ඒ නිසා බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබිණි.ජනාධිපතිවරයාගේ මේ කතාව සහතික ඇත්තය. ගෙවත්තේ පැළයක් වත් සිටුවන්නේ නැති ඊනියා පරිසර ලෝලීන්, බඩගෝස්තරවාදී පරිසරවේදීන්, දූෂිත දේශපාලනඥයන් සහ ජාතිවාදී දේශප්‍රේමියන් වනාන්තර ඇතුළු පරිසරය සුරැකීම ගැන මහ ඝෝෂා කරද්දී වසරින් වසර ‘වනාන්තර’ ක්‍ෂය වෙමින් යන්නේ වනසතුන්ටද විනාශය අත්කර දෙමිනි. යුද්ධය අවසන් වීමෙන් පසු උතුරේ වනාන්තරවලටත් කට්ටිය අත තැබුවේ ප්‍රභාකරන්ලා නැති බව දන්නා නිසාය. මේ දිනවල ‘විල්පත්තුව’ වන විනාශය බරපතළ ලෙස කතා කිරීමට පටන් ගෙන ඇත. ‘විල්පත්තුව  සංරක්ෂිතය කපා දමා මුස්ලිම් ජාතිකයන්ට ගම්මාන හදා දී ඇති බව එල්ල වී ඇති බරපතළ චෝදනාවය.මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ මේ චෝදනාව ඇතුළු පරිසර විනාශය ගැන බරපතළ චෝදනා පරිසරවේදීන්ගෙන් එල්ල විය. එහෙත් බරපතළ ලෙස ‘විල්පත්තුව‘ ගැන චෝදනාව එල්ල වීමට පටන් ගත්තේ සිරිසේන - වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව බලයට පැමිණි පසුය. ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් විල්පත්තුවට ගොස් වන විනාශය ගැන මාධ්‍යයට කතා කළහ. මාධ්‍යයද විල්පත්තුව විනාශ කරලා යැයි ප්‍රවෘත්තිවලින් රටටම අනාවරණය කළේය. මුස්ලිම් අන්තවාදයක් ගැනද මෙහිදී කියවිණි. වරින්වර උඩ එමින් යළි යට යමින් තිබූ ‘විල්පත්තු’ කතාව මේ දිනවල යළි උඩටම පැමිණ ඇත.පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇමැති රිෂාඩ් බදියුදීන්ගෙන් ඉකුත් 22දා විමසා තිබුණේ විල්පත්තු වන රක්ෂිතයේ සිදුවී ඇතැයි කියන වන විනාශය පිළිබඳවය. එහිදී ඇමැතිවරයා අවධාරණය කර තිබුණේ එල්ටීටීඊ ප්‍රහාර නිසා පදිංචි නිවාස අතහැර ගිය මුස්ලිම් ජනතාව ලක්ෂ තුනක් නැවත පදිංචි කිරීම ඇමැති බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් පත්කළ කමිටුවේ අනුමැතිය මත ආරම්භ කළ බවත්, පසුව සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ජනාධිපති කාර්ය සාධක මණ්ඩලයේ මෙහෙයවීමෙන් නැවත පදිංචි කිරීම් අඛණ්ඩව කරගෙන ගිය බවත්ය.අනුරාධපුර, පුත්තලම දිස්ත්‍රික් දෙක අතරේ විල්පත්තුව වන සංරක්ෂණය තිබෙන අතර මන්නාරම සීමාවේ පරණ මුස්ලිම් ගම්මාන 22ක්, කජුවත්ත නමින් සිංහල ගම්මානයක් හා කතෝලික ගම්මානයක්ද තිබී ඇත.වල්බිහි වී තිබූ මේ ගම්මාන යුද්ධයෙන් පසු වන සංරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබුණු අතර බැසිල් රාජපක්ෂ කමිටු නිර්දේශ මත යළි ජනතාව පදිංචි කිරීම ආරම්භ කර තිබේ. මේ ප්‍රදේශ ‘වනජීවී’ ප්‍රදේශ නොවන අතර විල්පත්තුව රක්ෂිතයට අයිති නැති බවත් පැවැසේ. එහෙත් බරපතළ ලෙස චෝදනා එල්ල වී ඇත්තේ විල්පත්තුව රක්ෂිතය විනාශ කර ඇති බවටය. ප්‍රශ්නය වන්නෙ අදාළ බලධාරීන් මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා නිරවුල් පිළිතුරක් නොදීමය.මේ ඉඩම් යළි ලබාදීමේදී පරිසර ඇමැතිවරයාව සිටි අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ පැරණි ගම් රක්ෂිතයට එකතු නොකළ බවය. එහෙත් ඇමැති බදියුදීන් ප්‍රකාශ කර තිබුණේ ඊට වෙනස් කතාවකි. ඔහුට අනුව වන සංරක්ෂණ ප්‍රදේශ ගූගල්  සිතියමක් ආධාරයෙන් නම් කරන විට ජනතාව පදිංචිව සිට නැත. පැරැණි ගම්වල යළි පදිංචි කිරීමේ මුවාවෙන් අවසර ලබාදුන් ඉඩම් ප්‍රමාණයට වඩා ඉඩම් හා වනය එළිපෙහෙළි කර අල්ලාගෙන ඇති බව බදියුදීන් මහතාට එල්ල වන චෝදනාවය. ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ තමා විල්පත්තුව වන රක්ෂිතය විනාශ කළ බව ඔප්පු කළොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සූදානම් බවය. මේ ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසද හෙතෙම ඉල්ලීමක් කර ඇත. අදාළ පදිංචි කිරීම් සම්බන්ධව විගණකාධිපතිවරයාගේ වාර්තාවක් ලැබී ඇති අතර ආංශික අධිකරණ කාරක සභාවට එය ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳව සෙවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව තවමත් එළියට පැමිණ නැත.වහා කළ යුත්තේ අදාළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ‘විල්පත්තුව‘ ප්‍රශ්නය ගැන පැහැදිලි පිළිතුරක් රටට ලබාදීමය. නොඑසේ නම් වන්නේ වන විනාශය, පාරිසරික ප්‍රශ්නය, මුස්ලිම් අන්තවාදය, සිංහල ජාතිවාදය එකට කැලතී නැති ප්‍රශ්නයක් රට තුළ නිර්මාණය වීමය. නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරොවෙන් කැපීමට ඉඩතැබිය යුතු නැත. සිංහල-දමිළ ගැටුම මෙන් සිංහල - මුස්ලිම් ගැටුමකට අනාගතයේ ඉඩ නොතැබීමට කවුරු කවුරුත් පරිස්සම් විය යුතුය.
වීඩියෝ