31

කොළඹ

නවතම පුවත්

නෙතට රසඳුනක් වන් රුසිරු සිත්තම් මැවූ නුවර යුගයේ සිත්තරුන්ගේ රස රහස් මෙන්න

සැණකෙලිය

මහනුවර යුගයේ සිත්තම් හි විශිෂ්ට ලක්ෂණයක් වන්නේ මූලික වර්ණ පටිපාටියක් උපයෝගි කරගැනීමය. මේවා ගැඹුරු වර්ණ මෙන් පැතලි වර්ණ ද විය. චිත්‍රවල ඉතා විසිතුරු ලෙසත් ප්‍රාණවත් ලෙසත් නොනවතින රේඛා යොදා ඇත. රේඛාව පිළිබඳ ශිල්පියාට තිබූ දැනීම අසීමිතය. වස්තු නිරූපණය, වර්ණ සංයෝජනය හා කලා කෞශල්‍යය අතින් ඒ යුගයේ සිතියම් තරම් විසිතුරු වූත් කාලානුරූප වූත් චිත්‍ර විරලය. 

සුදු (ඕදාත), රතු (ලෝහිත), කහ (පීත), පච්ච (හරිත), කළු (කාළ - අඳුන් දැලි), නිල් (නිල්) යන ප්‍රධාන වර්ණ කිහිපය චිත්‍ර ඇඳීම සඳහා උපයෝගි කරගන්නා ලදී. චිත්‍ර ඇඳීමේදී මේ වර්ණයන් වෙනස් විධියකින් මිශ්‍ර කිරීමෙන් හා යෙදීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා තිබේ. දෙගල්‍ෙදාරුවේ සිතියම් පිළිබඳ පරීක්ෂණයක් කිරීමෙන් මේවා පැහැදිලි කරගත හැකි වෙයි. 

කතාවේ විවිධ අවස්ථා ස්වාභාවික ලෙස නිරූපණය කිරීමේ හැකියාව මේ ශිල්පීන්ට තිබිණි. මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායේ එන අඛණ්ඩ කථන ක්‍රමය මේ චිත්‍රයන්ගෙන් හොඳින් පැහැදිලි වේ. එක් එක් ජවනිකාවකින් මතුවන සියුම් රසය නරඹන්නාට නිරායාසයෙන්ම ලැබෙන තරම් මේ චිත්‍ර සරලය. 

මේ කාලයට අයත් තලාවේ මාරස්සන විහාරයේ “තේමීය ජාතකය” චිත්‍රය සලකා බලතොත් බිත්තියේ දිගටම බලා යන්නේ නැතිව එක තැන සිට චිත්‍ර පේළි බැලීමට පිළිවන් වන සේ එය චිත්‍රයට නඟා ඇත. ඒ චිත්‍ර අතිශයින් ප්‍රාණවත්ය. චිත්‍ර ඇඳ ඇත්තේ එක් එක් තීරුවේය. තීරු දෙකක් අතර විස්තර ලිවීමට කුඩා තීරුවක් ඉතිරි කර ඇත. සමහර විහාරවල එසේ තීරුවක් ඉතිරි කර නැත. කතාව පැහැදිලි කිරීමට චිත්‍රය ඇතුළේම දිගැටි කොටුවක් ඉතිරි කර එහි විස්තරය ලියා ඇත. ඒ පැරණි ක්‍රමයකි. චිත්‍රය ඇතුළත සැරසිලි අලංකාර මල් යෙදුවා සේම කිසිත් නොලියූ කොටස් ද ඉතිරි කර ඇත. ඒ චිත්‍රයේ ගැළපීම සඳහාය. 

බිත්තියේ හරස් අතට එක පේළියේ එක රේඛාවකට සිටින සේ මිනිස් රූපත් අනෙක් රූපත් යෙදීම මේ යුගයේ සම්ප්‍රදාය වූයේය. මේ රේඛාව භූමිය හැටියට සලකන ලදී. බොහෝ දෙනාගේ කල්පනාව මේ ශිල්පීන්ට දිග පළල මිස ගැඹුර පිළිබඳ හැඟීමක් හෝ වැටහීමක් නොතිබුණු බවය. එය වැරදි බව මේ චිත්‍රයෙහි රූප ගැළපීම ගැන හැඟීමක් ඇති කෙනකුට පෙනී යා යුතුය. රූප එක එක පිටිපසට සිටින සේත් පැත්තෙන් මුවා වන සේත් ඇඳ තිබේ. 

කතාවක් විස්තර කිරීමේදී බිත්තියේ එක් තීරුවක් වශයෙන් ඇඳගෙන ගිය නමුත් ගොඩනැඟිල්ලේ හැඩරුවට අනුවත් චිත්‍ර කැටයම් යොදා ඇත. වියන් චිත්‍ර දෙස බැලුවත් පෙනෙන්නේ කොතරම් හොඳට චිත්‍රයක් වශයෙන් ඒවායේ ගැළපීම ඇති කර තිබේ ද යන වගය. 

පැරණි විහාර කර්මාන්තයට ගත් සායම් වර්ග තනාගත් හැටි පැරණි සිත්තර පවුල්වල “කුලප්‍රවේණි” හැටියට තවමත් අතින් අතට යමින් පවුල් අතරම පවතී. 

පොළොවෙන් හාරාගත් මැටි හා ගුරුගල්වලින් (ඛනිජ ද්‍රව්‍ය) නොයෙක් පැහැයේ ස්වාභාවික වර්ණ තනා ගන්නා ලදී. ඒ ඒ ප්‍රදේශවලින්ම අමුද්‍රව්‍ය සොයා ගැනීම නිසා එක් එක් ප්‍රදේශයේ පාටේ පැහැය වෙනස් විය. මාතර පළාතේ රත් පැහැය නුවර පළාතේ රත් පැහැයෙන් වෙනස් වේ. බදුල්ල පළාතේ ඇත්තේ තවත් රතකි. මේ ආකාරයෙන් කොළ ආදී පාටත් වෙනස් විය. 

සමහර ප්‍රදේශවල ඉතා අගනා සායම් වර්ග තිබිණි. නිල් පැහැය පසු කලකදී ඇඳීම සඳහා යොදාගත් බව ඇතැම් දෙනාගේ මතයයි. ආදි කාලේ අපේ රටේ නිල් පාට නොතිබුණු බව ඔවුන්ගේ මතයයි. එහෙත් සීගිරියේ පවා නිල් පාට අදත් දකින්නට තිබේ. 

නිලගම ගමේ කන්දේ නිල් මැටි වර්ගයක් තිබේ. සමහර පළාත්වල නිල් පාට ලබා ගත්තේ අවරිය ගසෙනි. තවත් සමහර පළාත්වල “පල්ගස්” වලින් නිල් පැහැය ලබාගෙන ඇත. “නිල්ගසේ” නමින් ප්‍රසිද්ධ සියඹලා කොළ වැනි කොළ සහිත ගස් වර්ගයකින් නිල් පාට සාදාගෙන තිබේ. නිල්ගස් කලකට පෙර මාතලේ ප්‍රදේශයේ තිබිණි. මේ කොළ යුෂ උණුකර අරක්කුවලින් පදම්කර ප්‍රයෝජනයට ගෙන තිබේ. 

සුදු පාට සඳහා ගත්තේ මකුළු මැටිය. මකුළු මැටි වෙල් ආශ්‍රයෙන් කඳු ආශ්‍රයෙන් පොළොවෙන් ලබාගත හැකිය. ළිං හාරන විට වෙල් ආශ්‍රයේ මකුළු ගුළි පෙනේ. මකුළු ගුළියේ කබොල්ල කහ පාටයි. කබොල්ල අස්කර සුදු පාට කොටස ගැනීමෙන් මේ සුදු පැහැය සාදා ගත හැකිය. 

මහනුවර කාලයේ චිත්‍ර ඇඳීම සඳහා හොඳ මකුළු ලබාගත්තේ පදියපැලැල්ලෙනි. හොඳ මකුළු ගැන පදියපැලැල්ල අදත් ප්‍රසිද්ධයි. දඹුල්ලේ නයාකුඹුර නම් ගමේ මකුළු තිබේ. දඹුල්ලේ වැඩට මකුළු ගෙන ඇත්තේ නයාකුඹුරෙනි. පහත රට ශිල්පීහු පවා පදියපැලැල්ලේ මකුළු ගැන දැන සිටියහ. ‍ෙදාඩම්දුව කන්දේත් හොඳ මකුළු තිබිණි. චිත්‍ර බොහෝ කලක් ආරක්ෂා වූයේ හොඳ මකුළු නිසාය. මකුළු බාල වූවොත් චිත්‍ර වැඩිකල් ආරක්ෂා වන්නේ නැත. මකුළු දිරායයි. මාතලේ කන්දපල්ල කෝරලයේ “පිටවල” ගමේ ද හොඳ මකුළු තිබේ. මකුළු බාල වූවොත් ගොකටු පාට සමඟ මිශ්‍ර කිරීමත් අමාරුය. 

මකුළු දියකර පෙරා සුදු පාට සාදාගන්නා නොයෙක් ක්‍රම ශිල්පීහු දැනගෙන සිටියහ. බිතුසිතුවම් සඳහා බොහෝ සෙයින්ම පාට ඇඹරුවේ දිවුල් මැලියම් සමඟය. වතුරට ඔරොත්තු දිය යුතු තැන්වලට ‍ෙදාරන තෙලෙන් පාට ඇඹරීම සිරිත විය. 

සාමාන්‍ය වැඩවලදී පොල්කටු අඟුරු ‍ෙදාරන තෙලෙන් අඹරා කළු පාට සාදා ගන්නා ලදී. පරණ කොහොල්ලෑ, පාන්කඩ කැකුණ තෙල්, හල්දුම්මල එකට අඹරා අව්වේ වේළා පිරිසුදු වළඳක දමා ගිනි අවුළුවා නැවුම් ඇතිළියකින් වසා තැබීමෙන් පසු එකතු වන දැලිවලින් කළු පාට සාදා ගන්නා ලදී. මේ පාටට කළු අඳුන යැයි කියනු ලැබේ. 

දිවුල් ලාටු, කැප්පිටියා ලාටු පාට ඇඹරීම සඳහා භාවිත කෙරිණි. මේ හැම පාටක්ම ස්ථිර වීම සඳහා ඒවාට බදුල්ල කිරි මිශ්‍ර කරන ලදී. 

රතු පාට සඳහා ගත්තේ සාදිලිංගම්, රත්මල් කැකුළු අඹරා ගැනීමෙනි, පොළොන්නරුවේ තිවංක පිළිමගේ අසල තිරුවාණා ගල් සමඟ ඇති මැටි, මහනුවර කුණ්ඩසාලේ විහාරය අසල ඇති රතු මැටි, කොයි පළාතෙත් වගේ කඳු කපන තැන්වල කණ්ඩිවල ඇති රතු මැටි පෙරා ගැනීමෙන් රතුපාට සාදාගන්නා ලදී. මේ කණ්ඩි කපන තැන්වලින් නොයෙක් පාට මැටි ලැබේ. 

මේවායින් පාට පෙරා ගැනීමට එදා ශිල්පීහු දැන සිටියහ. 

කහ පාට සඳහා ගත්තේ “ගොකටු” මැළියම් ය. දඹුලු කැලේ ගොකටු වැවේ. රබර් ගසේ මෙන් පොත්ත තුවාල කිරීමෙන් කිරි ලබාගත හැකිය. කහ පාට සෑදුවේ මැළියම් එකතු කොට පිරිසුදු කිරීමෙනි. වැඩි වශයෙන් කහපාට සාදාගත්තේ දුනුමාලෙ නම් වරකාපොළ අසල ගමකින්ය. කැලණි විහාරයේ වැඩේට කහ පාට ගත්තේ මේ ස්ථානයෙනි. 

බිත්ති බඳින්නත් පිළිම හදන්නත් විශේෂ බදාමයක් අවශ්‍ය විය. ඒ බදාමයට පරණ හුඹස් මැටි, මකුළු මැටි, ගල්හුනු, වැලිදලවැලි, පොල්කොහු, ඉඹුල් පුළුන්, රොන්මඩ, බෙලිකටු හුනු, බොර පස්, කහට පොතු ඉස්ම, දවුල් කුරුඳු කොළ ඉස්ම, ගොඩපර ඉස්ම මේවා ප්‍රමාණයට ගෙන කුරුම්බා වතුරෙන් අනාගන්නා ලදී. 

පිළිම සාදන විට දහයියා, දහයියා අළු, උක්හකුරු ආදියත් ගැනීම එදා සිරිතය. මේවා බදාමයට සාදා ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩි පමණට වනේ ලා කොටා පොළොවේ දෙතුන් දිනක් වළ දා පල් කරන ලදී. 

පිළිම සෑදීමේ තවත් ක්‍රමයක් තිබිණි. පරණ හුඹස් මැටි, මධ්‍යම ප්‍රමාණයේ හලාගත් වැලි, හීන් පොල් කොහු, කොහු බත්, ඉඹල් පුළුන්, දහයියා අළු, හුණු සහ ඉඳුණු ඇඹුල් කෙසෙල් ගෙඩි වනේ ලා කොටා කස පැණින් අනා පොළොවේ පදම් වෙන්ට තබා වැඩට ගන්නා ලදී. සියුම් බදාම සඳහා ගන්නේ ගොඩපර සහ දවුල් කුරුඳු කොළ ඉස්මය. ගස් බෙල්ලන්ගේ කටු පුලුස්සා මතුපිට බදාමයට යොදා ගන්නා ලදී. 

මහනුවර ගංගාරාමයේ බිත්ති අඟල් 42ක් ගනකමය. ජාති සියල්ලම ඒ බදාමේ තිබිණි. මතුපිට බදාමයට උක්හකුරු, පොල් පැණි ආදිය ගෙන තිබේ. කුරුණෑගල පළාතේ නුවර කන්දේ කැඩුණු පිළිමවල වී පොතු දැකිය හැකිය. ඒවා ගලින් කළ ඒවා සේ පෙනේ. 

මේ බිත්ති මත අඳින ලද චිත්‍ර ආරක්ෂා වීමට ඒ මත වලිත්තියක් යොදන ලදී. ඒ චිත්‍ර මෙපමණ කල් ආරක්ෂා වූයේ චිත්‍ර මත ගා ඇති වලිත්තියේ හොඳකම නිසාය.

වලිත්තිය සාදා ගත්තේ ‍ෙදාරණතෙල් දුම්මලත් සමඟ එකට මඳ ගින්නේ උණුකර පෙරා ගැනීමෙනි. මෙහිදී පදම දැන ගැනීම ඉතා වැදගත්ය. පදම දැන ගැනීම සඳහා ගුරුවරයා සමඟ වැඩ කළ යුතුය. 

අෑත අතීතයේ සිට මේ රටේ පැවැති සිරිතක් වන්නේ චිත්‍ර මත ‍ෙදාරණ තෙල් වලිත්තිය යෙදීමය. වලිත්තිය ගාන්නේ අතින් ය. 

මහනුවර දිසාවේ මැදවල විහාරයේ 14 වැනි සියවසට අයත් තඹ සන්නසේ මෙසේ සඳහන් වේ. 

“ඉඟුල් මකුල් ආදී වෛති විටි වේලක් ගෙන්වා සිතියම් පටන්ගෙන උඩුමාලේ වැඩිහිටි පිළිම තුන්නමක් හා වියත් සිත්තම් හා බිත්තියේ එකදාස් එකසිය අසූනවක් පිළිම අදවා, යටමාලේ මිලීතොරණ සහිත වජ්‍රාසනාරූඪව වැඩ උන් පිළිම සාමීන් ඇතුළු වූ ශක්‍ර, බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර, සුයාම සන්තුෂිතාදී දේවතා රූප හා විජම්වතාර දේශනා දම්සක් පැවතුම් සූත්‍රාදී නොයෙක් දේශනා කළ තැන් හා නාලාගිරි දමනාදී දමන හා අටජාතකාදි නොයෙක් ජාතක කතා හා සත්සති ඉන්දසාල ගුහාදි නොයෙක් අපූර්ව වූ චිත්‍ර කර්මාන්ත කිහිප අවුරුද්දකින් සමෘද්ධ වූ පසු ...” ඒ “සිතියම්” කළේ කෙසේ ද යනු මෙයින් පැහැදිලි වේ. 

කීර්ති ශ්‍රී  රාජසිංහ රජු (1747 - 1782) කාලයේදී විහාරයේ කටු කොහොල් හරවා එදා ලිව් සන්නසේ මෙසේ සඳහන් කර තිබේ. 

“..................... එහි මිලීතොරණ සහිත වජ්‍රාසනාරූඪව වැඩහුන් පිළිම සාමීන් ඇතුළු වූ බ්‍රහ්ම, සුයාම, සන්තුෂිතාදී දේවතා රූප හා ශාරිපුත්‍රාදී මහාශ්‍රාවක රූප පත්තිනි හා උරග ජාතක විශ්වන්තරාදී ජාතක තුෂිත භවනයෙහි වැඩහුන් මෛත්‍රි රූප හා නොයෙක් වර්ණ සමලංකෘත වියත් සිත්තම් ආදීන් නිමවා උභය පාර්ශ්වයෙහි කඩිග හස්තෝපලක්ෂිත වූ රූප යුග්මයක් හා නානාවර්ණ චිත්‍ර කර්මාන්තයෙන් බබුළුවා......”

මේ සන්නස දැක බලා එහි වූ චිත්‍ර කර්මාන්ත ගැන හැබෑ අවබෝධයක් ලැබිය හැකි වේ. 

මැදිවක පල්ලේවෙල විහාරයේ “ටැම්පිට විහාරයක්” කරවා දුන් තුඩපතේ මෙසේ සඳහන් වේ. 

“බිත්ති සිත්තම් වියත් සිත්තම් තීන්දු කරවා හපු අරටුවලින් මකර තොරණක් මෙසේම පිළිම වහන්සේලා තුන් නමකුත් වැඩ සිද්ධ කරවා මීට බරපැන් කළ කුලීවලට හරක් තුන් බානකුත් වී විසි අමුණකුත් ඇතුළුව මුදලෙන් පිළියම් කරවා කියවාපු දේත් පනම් ‍ෙදාළොස්දාහක වග කළ කුලී දීලා. නේත්‍ර පූජා සිද්ධ කරවන දවසදී සිත්තර නයිදෙට ආයිත්තම් වන පිණිස දීපු දේට වගනම් රිදී හතකට ඉඩවෙට්ටු කිං මැංගියයි රිදී තුනකට සුදු තුප්පොට්ටියයි මෙසම තොප්පියයි වී දහමුණයි ඇතුළු වූ මීට සේන්දු පනම් අටසිය හතළිහයි.................. මේ ඇර ............... මෙම විහාරෙට පූජාකළ දේට වගනම් අටපිරිකරයි තිර දෙකයි පිරිමි හිර දෙන්නයි ගෑනු හිරයි එළහරක් බානයි මෙකී දේ පූජා කරමි............”

ඒ කාලයේ සිත්තරකුට එක විහාරයක වැඩකර දැක්වූ විට පරම්පරාවක් ජීවත් වෙන්න ශිල්පියාට ඉඩකඩම් ලැබේ. අදත් ඒ පරම්පරාවල බොහෝ දෙනා රැකෙන්නේ රජවාසලින් ලැබුණු ඉඩකඩම්වලින්ය. 

මහනුවර සෙංකඩගල ගංගාරාම රජමහ විහාරයේ සලපිළිම වහන්සේට අමුණු අසූ තුනක ගොඩමඩ ඉඩම් පූජා කර තිබේ. ශිලා ලිපියේ සෙල් පිළිමය පාට කිරීම පිළිබඳව සඳහන් වන්නේ මෙසේය. 

“...... මහ සල පිළිම සාමීන් සලක්ෂර කර සියලු විවර ජාති හිඟුල පරිකම් හා දිශාමානාවයව රන් පතින් වසා අවට පංජවිධ වර්ණ සිතියම් කර..........”

යනුවෙනි.

එහි චිත්‍ර ශිල්පීන් ගැන ද සඳහන් වේ.

“................. උදාරතර පූජෝත්සවයෙන් එහි තකොත් මිලනය කොට චිත්‍රකාරාදීන්ට දුකමන සමි.......... තන අවිඥානක වස්තු පුදනයෙන් සිත් සතුටු කරවා පින්ගෙන............”

1786 දී රාජාධිරාජසිංහ රජු දෙහිගම විහාරය පිළිසර කරවා එයට ගිය වියදම් මෙසේ සඳහන් කර ඇත්තේය. 

“මහගබඩාවෙන් සැපයූ ද්‍රව්‍ය හා වැඩකරුවන්ගේ ආහාරය පිණිස දෙන ලද වී අමුණු තිහට අමතරව මසු 1300ක් වැයකර ඇති බව ප්‍රතිසංස්කරණ කටයුතු මේ මේවායි සඳහන් වෙනවා. බුද්ධ රූප සියයක් රහත් රූප දෙතිසක් හා බිත්තිවල අනෙක් දේ සිත්තම් කිරීම සහ නව රියන් ගල්දාගැබක් බැන්ද බවත්ය”

මැදවල විහාරයේ ප්‍රතිසංස්කරණයට ද්‍රව්‍යවලට හා කුලිය පණම් 15,600ක් විය. 1593 දී උල්ලදුපිටියේ රාජේශ්වර හිත්තර ආචාරීන්ට දෙන ලද සන්නසක මේ කරුණු සඳහන් වෙනවා. 

“ශක වර්ෂ 1515ක් වූ වෙසක් මස පුර පසළොස්වක ලත්.... විමලධර්මසූරිය මහ රජතුමා පින් ලබාගෙන ............... උල්ලදුපිටියේ පිහිටි ................ ඉඩමක් සහ හේන් තුනක් කිසිදු අරෝවියවුලක් නැතිව භුක්ති විඳින සේ රාජේශ්වර හිත්තර ආචාර්යාට දෙවා වදාරණ ලදී. 

සිත්තරුවන්ට ජීවත් වීමේ අමාරුවක්, දුෂ්කර කමක් එදා තිබුණේ නැත. යම් රටක ජාතික කලාවෙන් පෙන්වන්නේ ඒ ජාතියේ ශේ්‍රෂ්ඨත්වයයි. සභ්‍යත්වයයි. ඒ ජාතියේ ජනතාවගේ රසඥභාවයි. අපේ මේ විහාර බිත්තිවල ඇත්තේද අපේ ජාතික කලාවයි. 

සුභානි එම්. ආරච්චිගේ

ගබ්සාව ඔබේ දරුවා කුස තුළ ඝාතනය කිරීමක්

ගහන්න මරන්න කොටන්න නොදී මුස්ලිම් පවුල් රැක්ක සිංහල කෙල්ල

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 අත්හිටුවයි

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී
කුරුණෑගල මුස්ලිම් වෛද්‍යවරයෙකුගේ වත්කම් ගැන සැකයක්

ලෝක කුසලාන පුහුණු තරඟයේ පළමු තරඟයෙන් පකිස්තානයට ලැජ්ජාවක් - ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයක් ලෙස පකිස්තානය ස

09:44 AM May 25 2019

වරක් වැටි දෙවරක් නැගිට්ට සිංහයන් සාර්ථක ආරම්භයක් ගනී

09:19 AM May 25 2019

ලෝක කුසලානෙට ගියපු කෝලි ගැනයි අනිත් ඉන්දියානු ක්‍රීඩකයෝ ගැනයි ටෙන්ඩුල්කාර් කියපු සැර කතාව

08:51 AM May 24 2019

ඉන්දියාවේ පෞද්ගලික පන්තියක හටගත් ගින්නකින් සිසුන් 19 මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරට් නගරයේ පෞද්ගලික උපකාරක පන්

09:42 AM May 25 2019

එංගලන්ත අගමැතිනිය ඉල්ලා අස්වේ

02:58 PM May 24 2019

ඇමරිකා එක්සත් ජනපදයට ටොනාඩෝවක්- 3ක් මරුට

12:26 PM May 24 2019

සහරාන් ඉන්න කාලේ වෙඩි තියලා මරන්න අවසර ඉල්ලුවා

 මවුලවිතුමා ඔබේ පසුබිම ගැන සඳහන් කළොත්?මම සමස්ත ලංකා ඉස්ලාම

10:18 AM May 25 2019

මනුෂ්‍ය ඝාතනයකට ගන්න පිහිය රත්තරන් ද ? යකඩ ද ? බුද්ධික පතිරණගෙන් පිළිතුරක්

12:00 PM May 24 2019

මෝදිගේ ප්‍රතිපත්ති ගැන තැබූ විශ්වාසය නැවත තහවුරු වුණා

09:02 AM May 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-24
CARTOON ::: 2019-05-23
CARTOON ::: 2019-05-22

මැතිවරණ ශිෂ්ටත්වයේ ඉන්දියානු පාඩම

ඉන්දියාවේ 17 වැනි ලෝක් සභා මහ මැතිවරණය අවසන් විය. නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ. ලෝක් සභාවේ සමස්ත ආසන සංඛ්‍යාව වූ ආසන 542න් තනි පක්ෂයක් ලෙස ආසන 303ක් දිනාගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වී ඇත. අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා නරේන්ද්‍ර මෝදිට බහුතර ආසන 31ක්ම හිමිව තිබේ. භාරතීය ජනතා පක්ෂයද ඇතුළත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලබාගත් මුළු ආසන සංඛ්‍යාව 353කි. ඉන්දීය ලෝක් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව නරේන්ද්‍ර මෝදි පහසුවෙන්ම ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවනු ඇත. රාහුල් ගාන්ධිගේ ඉන්දීය ජාතික කොංග්‍රසයට දිනාගත හැකි වූයේ ආසන 52ක් පමණි. ඔවුන්ද ඒකාබද්ධව සිටින එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දිනාගත් ආසන සංඛ්‍යාව 92කට සීමා වී තිබේ. ශක්තිමත් ආණ්ඩුවක් බිහිවීම හේතුවෙන් ඉන්දීය කොටස් වෙළෙඳපොළ වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කළ බවද මාධ්‍ය වාර්තා කළේය. ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී දේශය ලෙස සැලකෙන ඉන්දියාවේ මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 900කි. ඡන්දය සඳහා තරග වැදුණු දේශපාලන පක්ෂ සංඛ්‍යාව 2,000කි. අපේක්ෂකයන් 8,000කි. ඡන්ද විමසීම් අප්‍රේල් 11 සිට 19 දක්වා දින 8ක් අදියර කිහිපයකින් පැවැත්විණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී  ලංකාවේ ජනපති, අගමැති මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක් කර තිබිණි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණයේ රහස පිළිබඳව ලොව පුරා දේශපාලන විශ්ලේෂකයන් විවිධ මත ප්‍රකාශ කර තිබේ. ඒ ඉන්දියාව නවීන තාක්ෂණය ඔස්සේ වේගයෙන් සංවර්ධනය කරා ගමන් කිරීම ප්‍රබල හේතුවක් ලෙස වැඩි පිරිසක් පෙන්වා දෙති. අන්තර්ජාලය හරහා රජය සමඟ ගනුදෙනු කිරීමට අවකාශය විවර වීමත් කිසිම රජයේ නිලධාරියකුට අල්ලස් නොදී අන්තර්ජාලය හරහා රජයේ ලියකියවිලි ලබාගැනීමට පුරවැසියාට අවස්ථාව ලැබීමත් මෝදි පාලනය ජනප්‍රිය වීමට ප්‍රබල හේතුවකි. නීති විරෝධීව බදු නොගෙවා ආදායම් සඟවාගෙන සිටින ධනපතියන්ගේ මුදල් සංසරණයට එක්කිරීම සඳහා මෝදි පාලනය එරට භාවිත වූ මුදල් නෝට්ටු වර්ග කිහිපයක් අවලංගු කිරීමටද පියවර ගත්තේය. වංචා - දූෂණ සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමද ජනතා පක්ෂයේ ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය ඉහළ යෑමට හේතු විය. ඒ සියල්ලටමත් වඩා නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයේ රැල්ල ඉහළ නැඟීමට ආසන්නතම හේතුව වූයේ පාකිස්තාන් දේශසීමාව උල්ලංඝනය කරමින් පාකිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කළ ගුවන් නියමු අභිනන්දන් වර්තමාන් විසින් ඇති කළ සමාජ බලපෑමය. අභිනන්දන් යළි නිරුපද්‍රිතව ඉන්දියාවට පැමිණීම ඉක්මනින් සංවේදී වන ඉන්දියානුවන් තුළ මහත් උන්මාදයක් ජනිත කළේය. ඔහු ජාතික වීරයකු වූ අතර නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට එහි අස්වැන්න නෙළාගත හැකි වූයේය. මෙවර ඉන්දීය මැතිවරණයෙන් ශ්‍රී  ලංකාවේ අපට ඉගෙන ගන්නට බොහෝ පාඩම් තිබේ. එතෙක් පැවැති මැතිවරණ සම්ප්‍රදායන් පිටුදකින්නට ඉන්දීය ආණ්ඩුව සමත් වී ඇත. මැතිවරණ ව්‍යාපාරය තුළ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිත නොකිරීමට පොදු එකඟතාවක් ඇති කරගෙන තිබූ අතර එය සාර්ථක වී තිබිණි. ඉන්දියාව තරම් දේශපාලන නායකයන්ගේ අහස උසට කටවුට් ගසන රටක් ලොවෙත් නැත. එහෙත් මෙවර මැතිවරණයේදී පෝස්ටර් හෝ දැන්වීම් පුවරු දක්නට නොතිබූ අතර කිසිදු වාහනයක අපේක්ෂකයන්ගේ දැන්වීම් දක්නට නොවීය. මහාමාර්ග මත ඡන්ද අපේක්ෂකයන්ගේ අංක හෝ ලකුණු සිතුවම් කර නොතිබීමද මෙවර දකින්නට තිබූ විශේෂත්වයකි. එසේම මැතිවරණ වකවානුවේ නියත ලෙස වාර්තා වන ගැටුම් හා මරණද මෙවර අවම වූයේය. ඉන්දියාවට සෑම විෂයයක් සඳහාම ජාතික ප්‍රතිපත්තියක් හා දැක්මක් තිබේ. ඉන්දියාව පුරා ප්‍රදර්ශනය වන මහත්මා ගාන්ධිගේ රූපයෙන් සංකේතවත් වන්නේ එම ඉන්දියානු පිළිවෙතය. ආණ්ඩු මාරු වනු ඇත. එහෙත් ඉන්දියාව ඉදිරියට ගමන් කරන්නේ එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේය. අපේ අසල්වැසි යෝධයා අභිමානවත් ශිෂ්ටාචාරයක් කරා වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර අපේ නායකයෝ සකලවිධ දුර්ගුණයන් වැලඳ ගනිමින් රටත් ජනතාවත් පරිහානිය කරා ගෙන යමින් සිටිති.
වීඩියෝ