29

කොළඹ

ජෝන් ඩොයිලි කාටත් හොරෙන් දින පොතක ලියා තැබූ අමුතු කතාවක්

සැණකෙලිය

මීට වසර සියයකට පමණ පෙර මහ වන මැද සිදුවූ රසකතා බොහෝය. ඒවා කාලයත් සමඟ මිනිසුන් සමගම වැළලී ගිහින්ය. එහෙත් තවමත් ඉතිරිව ඇති කතා කිහිපයකි. මේ එවැන්නකි.

මෙරට ජනතාවගේ ජාතික සිරිත් වනාහි තේරුමක් නැති වල්බූත ලෙසින් ගණන් ගන්නා අය හා එකඟ වීමට අපට නොසිතෙයි. රටේ සාමය හා නිරෝගී බව රැකීමට මහත් සේ ඉවහල් වෙන ජාතික සිරිත් රාශියක් දැන් යටපත්වෙමින් පවතී. ඉන් කිහිපයක් සිංහල අවුරුදු හා සබඳ ඒවාය.

දුගී දුප්පතුන් මෙන්ම රජුන් විසිනුත් ඉටු කැරුණු අවුරුදු සිරිත් නිසා සතුරන් මිතුරු වූ, පවුල් ගම් රටවල් අතර භේද පවා නැතිව සාමය මතු වූ අවස්ථා මෙ රට ඉතිහාසයෙහි යටපත් ව ඇත්තේය. මා මේ ලිපියෙන් පෙන්වා දෙන්නට අදහස් කරන්නේ දැනට අවුරුදු එකසිය හතළිස් හතකට (147) ඉහත දී මහනුවර මඟුල් මඬුවේදී කෙරුණු සිංහල අවුරුදු උත්සවයකට ඉංගී්‍රසි රජය ද අනුබල දී ඊට සහභාගි වූ අන්දමය. සිංහලය අරාජික වූවාට පසු පත් වුණු උඩරට පළමු වන ඉංගී්‍රසි ඒජන්ත තැන වූ ඩොයිලි මහතාගේ දින පොතෙහි සඳහන් මේ විස්තරය ගැන විමසා බලනු මැනවි.

සවස පහට මඟුල් මඩුවේදී අදිකාරම්වරුන් දෙදෙනා හමුවීමි. හෙට රජගෙදර දී පැවැත්වෙන සිංහල අවුරුදු චාරිත්‍රයක් ඉටු කිරීමේ උත්සවයට කටයුතු සංවිධානය කෙළෙමි.

“රාත්‍රි නවයට නාථ දේවාලයට ගොස් පැය භාගයක් (එහි) ගත කෙළෙමි. අදිකාරම්වරුන් දෙදෙනා සහ අනෙක් ප්‍රධානීහු එහි රැස්ව බෙහෙත් දියර පිළියෙල කර වූවෝය. එම බෙහෙත් දියර මැටි බඳුන්හි ලා හෙට (අප්‍රේල් 11 වැනිදා) උදෑසන මහනුවර හා පිට පළාත්වල පන්සල්වලටත් අදිකාරම්වරුන් දෙදෙනාගේ වලව්වලටත් යවනු ලැබේ.”

“බෙහෙත්ගේ මුහන්දිරම් සහ එහි සේවකයන් 25ක් 30ක් පමණ එහි සිටියෝය. සමහරු බෙහෙත් ද්‍රව්‍ය වංගෙඩියක ලා කෙටූ අතර ඇතැමෙක් ඒවා තැම්බූහ. පහළොස් දෙනෙක් අණ්ඩාකාර කවයක අයුරින් බිම හිඳගෙන කොළ වර්ග හා බෙහෙත් ද්‍රව්‍ය තෝරා වෙන් කර පමණට සංයෝග කළහ. එම වතුර මුට්ටියක ලා ඒවායේ කටවල් කෙසෙල් කොළවලින් වසා ඒ මත රෙදි කෑලි තබා පටියකින් බැඳ ඉටියෙන් ම්‍රද්‍රාව (සීල්) තැබූහ.”

එක මුට්ටියක වූයේ ඉඹුල් කොළ තම්බා ගත් වතුරය. ශ්ලෝකයක් අනුව, බෙහෙත් ද්‍රව්‍ය තම්බා පිළියෙල කළ මිශ්‍රණය අනෙකෙහි විය. සන්නාලියන් දෙදෙනෙක් කොඳගම් (රෙදි පටිවලින් සදන වියනක් වැනි සැරසිල්ලකි) මසමින් සිටියෝය. කොහොඹ හා කොළොං කොළත් නෙලුම් මලුත් ඒවායෙහි එල්ලන ලදී. කොඳගම් හිසට උඩින් ද පයට පියුම්ද තබා නැකැත එළැඹි කල්හි හිසෙහි හා හේලෙහි (එම බෙහෙත් දියර) ගල්වනු ලැබේ. රාත්‍රි 9.30ට ආ පසු ආවෝය. උෂ්ණ වූ දීප්තිමත් දවසකි. අද.

අවුරුදු එළඹිණ. කලින් පිළියෙල කළ බෙහෙත් දියර කුඩා මුට්ටි දෙක බැගින් හැම පන්සලකටම යවන ලද්දේ හේවිසි සහිත පෙරහරෙනි. උදේ 11ට මුට්ටි හයක් මට එවන ලදී. ඒ සමඟ කොඳගමක් සහ පියුම් ද විය.

සවස 6.30ට ඇහැලේපොළ මඟුල් මඩුවට පැමිණියේය. ඊට පසු අදිකාරම්වරුන් දෙදෙනා සහ සෙසු ප්‍රධානීහු පැමිණියෝය. සංග්‍රහාදී වේලාව පෑතැටියෙන් සොයා ගැන බලා ප්‍රකාශ කරන ලද්දේ ගණිතයා විසිනි. නැකැත් වේලාව හැඟවීමට නාථ දේවාලයෙහි හෙවිසි නාද විය. එක දිසාවනියට දෙක බැගින් කොඩිතුවක්කු වෙඩි මුර අටක් තබන ලදී. (මඟුල් මඩුවට ආ) සියලු දෙනා “කන්තස්නයන” පැය දක්වා පැය හතරයි තුන් කාලයක් එහි ම නතර වූහ. දවස හමාර වූ විට (යළිත් වරක්) නාථ දේවාලයෙහි හේවිසි නාද විය.”

“රිදී පෝච්චියක් හා තවත් රිදී බඳුන් රාශියක් සුදු රෙදි ඇතුරුණු මේසයක් මත තැන්පත් කොට තිබිණි. උඩ සීලිමේ කොඳගමක් එල්ලා, බිම නෙලුම් මල් අතුරා, මේසයේ නැඟෙනහිර පැත්තෙහි ඉටිපන්දම් දෙකක් තබන ලදී. ඇහැලේපොළ උත්සව චාරිත්‍රය ආරම්භ කෙළේය. ආදිකාරම්වරුන් දෙදෙනා හා සෙසු ප්‍රභූහු තම තරාතිරම් අනුව, ඉඹුල්කොළ වතුර හා බෙහෙත් දියර මුට්ටි දෙකෙන් ගෙන කරන ලද මිශ්‍රණයෙකි. තම අත් ඔබා නළලෙහි තවරා ගත්හ. කොඳගම යටින් හා පියුම් උඩින් යෙමින් පිරිසුදු දියෙන් (අත්) සෝදා ගත්හ. ඊට පසු විසිර ගියහ.”

ඩොයිලි පවසන මේ චාරිත්‍රය ඉටුවන්නට ඇත්තේ අද පරණ අවුරුද්ද වශයෙන් සැලකෙන දිනයෙහිය. 1815 අප්‍රේල් 12 වැනිදා පොතෙහි සඳහන් කර ඇති අන්දමට 13 සහ 14 දිනවල දී අවුරුදු කෑම බීම (භෝජන සංග්‍රහ) පැවැත්වීමෙහි එකල ජනතාව යෙදුණු බව පෙනේ. මේ දෙදිනෙහි ඔවුන් තම වැඩකටයුතු, රැකී රක්ෂා අතහැර විවේකයෙන් කල් යැවූ බවද එහි සඳහන්ය.

රොබට් නොක්ස් සිංහල අවුරුදු උළෙල සිංහලයන්ගේ උසස් උත්සවයක් හැටියට පෙන්වා දී නැත්තේ කුමක් නිසා දැයි සොයා බැලිය යුතුය. සිංහල අවුරුදු සමයෙහි දී අං ඇදීම වැනි සෙල්ලම්හි යෙදෙන බව සඳහන් කර ඇතත් ඊට වැඩි විස්තරයක් කර නැත්තේ එකලදී (1670 පමණේ දී) මේ අවුරුදු උත්සවයට මුල් තැනක් නොලැබි නිසා විය හැකිය. වෙසක්, ඇසළ, පොසොන් හා දුරුතු උත්සවවලටය එකල දී මුල් තැන ලැබී ඇත්තේ. සිංහල අවුරුදු නමැති මේ උත්සවය ගැන අන් හැමට ඉහළින් සලකන්නට පුරු වූයේ වඩුග රජුන් (ඉන්දියානුවන්)ගේ බලපෑම ඇති වූවාට පසුව යැයි පිළිගැනීමට ඉඩ තිබේ. කෙසේ නමුත් එය දැන් සංස්කෘතික අංගයක් වී ඇත්තේය.

සිංහල අවුරුදු උළෙල හා සබඳ වූ තවත් බොහා් සිරිත් ඇත්තේය. ඒ සියල්ල පරණ අවුරුදු සිරිත් හා අලුත් අවුරුදු සිරිත් යැයි දෙකොටසකට බෙදිය හැකිය. ඉන් වැඩි හරියක් තවම ජනප්‍රියව පවතී. උඩරට අෑත පිටිසරබද පැවැති නමුත් දැන් නැති වී ගොස් ඇති පරණ අවුරුදු චාරිත්‍රයක් මෙසේය. මහ ගෙදරින් වෙන්වී ගොස් සිටින දූ දරු ආදීන් පරණ අවුරුදු දා රෑ මහ ගෙදරට පැමිණ පවුලේ ප්‍රධානියා වෙත ගොස් දෙපතුලෙහි තෙල් ගා වැන්ද යුතුය. ඉන් පසු, ඔවුනට සංග්‍රහ සඳහා පිසුණු වෑංජන බත් ආදිය ලොකු භාජනයකට දමා අනා ගුළිකොට තමා වටා හිඳුවා එකාට බත් ගුළිය බැගින් දෙන්නේ එම ප්‍රධානියා. එය කා ඉවර වී නැඟිට ගොස් බඩ පිරෙන තුරු කෑමෙන් බිමෙන් පසු වයස් ප්‍රමාණ අනුව වැඳීම් හා ආශීර්වාද ලැබීම් කෙරේ. මේ චාරිත්‍රය කුමන හේතු නිසා වුව දැන් අභාවයට ගොස් ඇත.

මරණයක් වැනි කිල්ලකට අසු වුවහොත් මේ කිසිම චාරිත්‍රයක් ඉටු කිරීම නරකයැයි තද විශ්වාසයක් වමත් පවතින ප්‍රදේශ ඇත. දේවාල භූමිය වුව කිල්ලකට අසුවුවහොත් එම දෙවොලෙහි අවුරුදු සිරිත් ඉටු කැරුම තබා එහි ‍ෙදාර වුව නො අරිනු ලැබේ. එවැනි දෙයක් 1815 අප්‍රේල් 11 වැනිදා සිදු වූ බව ඩොයිලිගේ දින පොතෙහි සඳහන්ය. බල්ලන්ට වෙඩි තමා මැරීමක් නිසා නාථ, පත්තිනි හා විෂ්ණු දේවාලයෙහි ද ‍ෙදාරවල් තෙ දිනක් ම වසා දමා ඒ දෙවොල් ඇතුළෙහි අවුරුදු චාරිත්‍ර කිසිවක් ඉටු නො කළ බව ඩොයිලි පවසයි. පෙර සඳහන් පරිදි බෙර ගසන්නට ඇත්තේ දේවාලයෙන් පිටත දී බව පැහැදිලිය. අවුරුදු උත්සව කටයුතු කිල්ලට පවා අසු නොවී දෙවියනට හා ග්‍රහයනට පක්‍ෂපාතව, ළැදිව, ඉතාම පිරිසුදු ලෙස පැවැත්විය යුතුය යන ඇදහීම හා පින් වැඩවල යෙදීම නිසා සිංහල අවුරුදු උළෙල ජාතික පමණක් නොව ආගමික ලක්‍ෂණයන්ගෙන් ද යුක්ත වේ.

සුලක්ඛන ජයවර්ධන

ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි ආරම්බ වන ලකුණු

භුතයෙක්ගේ ගැටී පාසැල් බස් රථය අනතුරේ - දරුවන් 11ක් රෝහලේ

ඇපල් අද කරන්න යන විශේෂ වැඩේ

බැඳුම්කර වංචාවට ඇලෝසියස් අත්අඩංගුවට

සෞඛ්‍ය සේවා අඩපන වෙන ලකුණු - හෙද නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
හිටපු මහබැංකු නි.අධිපති පී.සමරසිරි ඇතුළු 4ක් අත්අඩංගුවට

මාලිංග සෙල්ලම් කරන අවසන් ජාත්‍යන්තර තරඟය ගැන හෙළිකරයි

2020 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20

08:57 AM Mar 25 2019

වැස්සට දියවුණු ලංකාවේ හීන

08:17 AM Mar 25 2019

වැරදි වැඩ කරලා ආයේ ආපු වෝනර්ත් පරාදයි, පොඩි කට්ටියට මුම්බායි පරාදයි

07:55 AM Mar 25 2019

ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි ආරම්බ වන ලකුණු

පලස්තීන හමුදා ගාසා තීරය ඔස්සේ  ඊශ්‍රායලය දක්වා එල්ල කරන

02:45 PM Mar 25 2019

තායිලන්ත මැතිවරණයෙන් මිලිටරි හිතවාදී පක්ෂයක් ඉදිරියට

10:56 AM Mar 25 2019

ට්‍රම්ප් නිර්දෝෂයි - මියුලර් වාර්තාවෙන් හෙළිවේ

09:18 AM Mar 25 2019

ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ගයන්ත කී කතාව

එක්සත් ජාතික පක්ෂයේ  ඉදිරි ජනාධපතිවරණ අපෙක්ෂකයා පිළිබඳව

01:52 PM Mar 25 2019

මෛත්‍රි expire වේගෙන යන්නේ. expire වුණ දේවල් කෑවොත් බඩේ අමාරැව හැදෙනවා ඒ නිසා expire භාණ්ඩ අලෙවියෙන් අයින්කරන්න ඕනේ

10:39 AM Mar 25 2019

එජාපයවත් පොහොට්ටුවවත් ජනාධිපති අපේක්ෂකයාව තීරණය කරලා නැහැ.

08:53 AM Mar 25 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-03-22
CARTOON ::: 2019-03-21
CARTOON ::: 2019-03-20

විල්පත්තු ප්‍රශ්නය

ජගත් වනාන්තර දිනය ලෙස ‘මාර්තු 21’ නම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි. මේ දිනය නිමිත්තෙන් පොළොන්නරුව අරලගංවිල වෙහෙරගල විද්‍යාලයේ පැවැති උත්සවයට සහභාගි වූ පරිසර ඇමැතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබුණේ  ලංකාව තුළ වාර්ෂිකව සිදුවන වන විනාශයට අනුව දැනට තිබෙන වනාන්තර ටික හෝ රැක නොගතහොත් තව අවුරුදු 15කින් පමණ රට කාන්තාරයක් වනු ඇති බවය. යුද්ධය පැවැති කාලයේ උතුරේ වනාන්තර ටික ප්‍රභාකරන් රැකගත්තද දූෂිත දේශපාලනඥයන්, ඇතැම් රජයේ නිලධාරීන් හා දැව ජාවාරම්කාරයන් හා නීති විරෝධීව වැඩ කරන ව්‍යාපාරිකයන් එකතුවී දකුණේ වනාන්තර ටික විනාශ කළ අතර ඉතුරු වී තිබෙන සියයට 28ක වනාන්තරවලින් 20ක් පමණ උතුරේ තිබෙන්නේ ඒ නිසා බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබිණි.ජනාධිපතිවරයාගේ මේ කතාව සහතික ඇත්තය. ගෙවත්තේ පැළයක් වත් සිටුවන්නේ නැති ඊනියා පරිසර ලෝලීන්, බඩගෝස්තරවාදී පරිසරවේදීන්, දූෂිත දේශපාලනඥයන් සහ ජාතිවාදී දේශප්‍රේමියන් වනාන්තර ඇතුළු පරිසරය සුරැකීම ගැන මහ ඝෝෂා කරද්දී වසරින් වසර ‘වනාන්තර’ ක්‍ෂය වෙමින් යන්නේ වනසතුන්ටද විනාශය අත්කර දෙමිනි. යුද්ධය අවසන් වීමෙන් පසු උතුරේ වනාන්තරවලටත් කට්ටිය අත තැබුවේ ප්‍රභාකරන්ලා නැති බව දන්නා නිසාය. මේ දිනවල ‘විල්පත්තුව’ වන විනාශය බරපතළ ලෙස කතා කිරීමට පටන් ගෙන ඇත. ‘විල්පත්තුව  සංරක්ෂිතය කපා දමා මුස්ලිම් ජාතිකයන්ට ගම්මාන හදා දී ඇති බව එල්ල වී ඇති බරපතළ චෝදනාවය.මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ මේ චෝදනාව ඇතුළු පරිසර විනාශය ගැන බරපතළ චෝදනා පරිසරවේදීන්ගෙන් එල්ල විය. එහෙත් බරපතළ ලෙස ‘විල්පත්තුව‘ ගැන චෝදනාව එල්ල වීමට පටන් ගත්තේ සිරිසේන - වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව බලයට පැමිණි පසුය. ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් විල්පත්තුවට ගොස් වන විනාශය ගැන මාධ්‍යයට කතා කළහ. මාධ්‍යයද විල්පත්තුව විනාශ කරලා යැයි ප්‍රවෘත්තිවලින් රටටම අනාවරණය කළේය. මුස්ලිම් අන්තවාදයක් ගැනද මෙහිදී කියවිණි. වරින්වර උඩ එමින් යළි යට යමින් තිබූ ‘විල්පත්තු’ කතාව මේ දිනවල යළි උඩටම පැමිණ ඇත.පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇමැති රිෂාඩ් බදියුදීන්ගෙන් ඉකුත් 22දා විමසා තිබුණේ විල්පත්තු වන රක්ෂිතයේ සිදුවී ඇතැයි කියන වන විනාශය පිළිබඳවය. එහිදී ඇමැතිවරයා අවධාරණය කර තිබුණේ එල්ටීටීඊ ප්‍රහාර නිසා පදිංචි නිවාස අතහැර ගිය මුස්ලිම් ජනතාව ලක්ෂ තුනක් නැවත පදිංචි කිරීම ඇමැති බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් පත්කළ කමිටුවේ අනුමැතිය මත ආරම්භ කළ බවත්, පසුව සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ජනාධිපති කාර්ය සාධක මණ්ඩලයේ මෙහෙයවීමෙන් නැවත පදිංචි කිරීම් අඛණ්ඩව කරගෙන ගිය බවත්ය.අනුරාධපුර, පුත්තලම දිස්ත්‍රික් දෙක අතරේ විල්පත්තුව වන සංරක්ෂණය තිබෙන අතර මන්නාරම සීමාවේ පරණ මුස්ලිම් ගම්මාන 22ක්, කජුවත්ත නමින් සිංහල ගම්මානයක් හා කතෝලික ගම්මානයක්ද තිබී ඇත.වල්බිහි වී තිබූ මේ ගම්මාන යුද්ධයෙන් පසු වන සංරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබුණු අතර බැසිල් රාජපක්ෂ කමිටු නිර්දේශ මත යළි ජනතාව පදිංචි කිරීම ආරම්භ කර තිබේ. මේ ප්‍රදේශ ‘වනජීවී’ ප්‍රදේශ නොවන අතර විල්පත්තුව රක්ෂිතයට අයිති නැති බවත් පැවැසේ. එහෙත් බරපතළ ලෙස චෝදනා එල්ල වී ඇත්තේ විල්පත්තුව රක්ෂිතය විනාශ කර ඇති බවටය. ප්‍රශ්නය වන්නෙ අදාළ බලධාරීන් මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා නිරවුල් පිළිතුරක් නොදීමය.මේ ඉඩම් යළි ලබාදීමේදී පරිසර ඇමැතිවරයාව සිටි අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ පැරණි ගම් රක්ෂිතයට එකතු නොකළ බවය. එහෙත් ඇමැති බදියුදීන් ප්‍රකාශ කර තිබුණේ ඊට වෙනස් කතාවකි. ඔහුට අනුව වන සංරක්ෂණ ප්‍රදේශ ගූගල්  සිතියමක් ආධාරයෙන් නම් කරන විට ජනතාව පදිංචිව සිට නැත. පැරැණි ගම්වල යළි පදිංචි කිරීමේ මුවාවෙන් අවසර ලබාදුන් ඉඩම් ප්‍රමාණයට වඩා ඉඩම් හා වනය එළිපෙහෙළි කර අල්ලාගෙන ඇති බව බදියුදීන් මහතාට එල්ල වන චෝදනාවය. ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ තමා විල්පත්තුව වන රක්ෂිතය විනාශ කළ බව ඔප්පු කළොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සූදානම් බවය. මේ ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසද හෙතෙම ඉල්ලීමක් කර ඇත. අදාළ පදිංචි කිරීම් සම්බන්ධව විගණකාධිපතිවරයාගේ වාර්තාවක් ලැබී ඇති අතර ආංශික අධිකරණ කාරක සභාවට එය ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳව සෙවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව තවමත් එළියට පැමිණ නැත.වහා කළ යුත්තේ අදාළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ‘විල්පත්තුව‘ ප්‍රශ්නය ගැන පැහැදිලි පිළිතුරක් රටට ලබාදීමය. නොඑසේ නම් වන්නේ වන විනාශය, පාරිසරික ප්‍රශ්නය, මුස්ලිම් අන්තවාදය, සිංහල ජාතිවාදය එකට කැලතී නැති ප්‍රශ්නයක් රට තුළ නිර්මාණය වීමය. නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරොවෙන් කැපීමට ඉඩතැබිය යුතු නැත. සිංහල-දමිළ ගැටුම මෙන් සිංහල - මුස්ලිම් ගැටුමකට අනාගතයේ ඉඩ නොතැබීමට කවුරු කවුරුත් පරිස්සම් විය යුතුය.
වීඩියෝ